දෙසැ­ම්බර් මාසයේ කළු ඇඳ කත­ර­ගම වඳින යාප­නයේ අයි­ය­ප්පර් සාමිලා | Page 2 | සිළුමිණ

දෙසැ­ම්බර් මාසයේ කළු ඇඳ කත­ර­ගම වඳින යාප­නයේ අයි­ය­ප්පර් සාමිලා

මේ අරුම පුදුම පිරිස මේ විශේ­ෂිත ඇඳු­මත් සමඟ දක්නට ලැබෙන්නේ වර්ෂ­ය­කට එක් වතා­වක් පමණි. එසේ දකි­න්නට ලැබෙ­න්නේද දෙසැ­ම්බර් මාසයේ මුල් සතියේ සිට ජන­වාරි මාසයේ මැද දක්වා පම­ණකි. ඉන් පසුව මේ පුද්ග­ලයන් සමා­ජයේ සුපු­රුදු ලෙස ජීවත් වූවත් ඔවුන් කාල වර්න ඇඳුම් ඇඳ සිටිනු දකි­න්නට ලැබෙන්නේ නැත.

ඔවුහු කාල­වර්ණ ඇඳු­මින් සැරසී මාල­යක් ගෙලේ බැඳ­ගත් දා පටන් සාමි­ව­රුන්ය. නිකම්ම නිකන් සාමි­වරු නොව ‘අයි­ය­ප්පර් සාමි වරුන්ය’. ‘අයි­ය­පර්’ යනු කත­ර­ගම දෙවි­යන්ගේ සහෝ­ද­ර­යෙකු ලෙස සැල­කෙයි. ඒ අනුව අයි­ය­ප්පර් යනුද දෙවි­යෙකි. මේ දෙවි­යන් වෙනු­වෙන් මාස­යක් තිස්සේ කැප­වන පිරිස අයි­ය­ප්පර් සාමි­වරු වෙති. මේ දින­වල මුළු උතුරු ප්‍රදේ­ශය පුරාම කළු පැහැති ඇඳු­මින් සැර­සෙන අයි­ය­ප්ප­ර්සාමී නමින් හදු­න්වන පිරි­සක් සිටිති. (මේ අය සිටින්නේ උතුරේ පම­ණක් යැයි මා විශ්වාස කළත් මේ මෑත­කදී කඩ­වත නග­ර­යේද අයි­ය­ප්පර් සාමි කෙනෙකු සිටිනු දැක ගන්නට ලැබිණි. ඔහු ඇතැම් විට උතුරේ සිට කිසි­යම් අව­ශ්‍ය­තා­ව­ක් සඳහා කඩ­ව­තට ගොස් සිටි­යේ­දැයි සිත­න්න­ටද පුළුවන.) කෙසේ වෙතත් ඔවුන් හින්දු පූජ­ක­ව­රුන් නොවූ­වත් ඔවුන්ගේ ආග­මෙහි එක් කොට­සක් වෙනු­වෙන් දින ගණ­නා­ව­කට ඔවුන්ගේ ජීවි­තය හා ආත්මය අයි­ය­ප්පර් දෙවි­යන් උදෙසා කැප කළ පිරි­සකි.

මේ අව­ස්ථා­වේදී වවු­නි­යාවේ ගණේ­ෂ­පු­රම් ප්‍රදේ­ශයේ ගුණ­සී­ලන් ඥාන­ප්‍ර­කාශ් මුලින්ම විස්තර කළේ මේ අයි­ය­ප්පර් දෙවි­යන් පිළි­බ­ද­වය.

“අයි­ය­ප්පර් දෙවි­යන් කියන්නේ කත­ර­ගම දෙවි­යන්ගේ සහෝ­ද­ර­යෙක් කියලා විශ්වා­ස­යක් තියෙ­නවා. මේ දෙවි­යන්ගේ විශා­ලම කෝවිල පිහිටා තිබෙන්නේ ඉන්දි­යාවේ කේරල ප්‍රාන්තයේ. මේ දෙවි­ය­න්ගෙන් හින්දු බැති­ම­තුන්ට විශාල පිහි­ටක් ආධා­ර­යක් තියෙන නිසා පුළු­වන් අය ඒ දෙවි­යන්ට බාර වෙලා කේර­ලයේ තියෙන මහ දේවා­ල­යට අවු­රු­ද්ද­කට සැර­යක් යනවා. මේ අවු­රුද්දේ ජන­වාරි මාසේ තමයි ඒ අයි­ය­ප්පර් කෝවිලේ වාර්ෂික මංග­ල්ලය තියෙන්නේ. අපි ඊට දවස් දෙක තුන­කට කළින් එහෙ යන්න ඕනෑ. වාර්ෂික මංග­ල්ල­යට යන්න කැමති උද­විය කෝවිලේ උත්ස­ව­යට මාස එක­හ­මා­ර­කට කළින් දෙවි­යන්ට බාර වෙන්න ඕනෑ. එහෙම බාර වුණාම ඒ අයට මස් මාළු කන්න බැහැ. මළ ගෙව­ල්වල යන්න බැහැ. වෙනත් කිල්ලට අහු­වෙන තැන් වලට යන්න බැහැ. රා අරක්කු සිග­රට් වගේ දේවල් පාවිච්චි කරන්න තහ­නම්. කේර­ලයේ කෝවි­ලට ගිහින් ආපහු ඇවිත් ගමේ තියන කෝවි­ලට ගිහින් බාර ඔප්පු කරන තුරුම වෙනදා අඳින සාමාන්‍ය ඇදුම් අඳින්න අපට බැහැ. ගමේ කෝවි­ලට බාර වුණු දවසේ ඉදලා අපි කළු ඇදුම් අඳින්නේ. සෙරෙප්පු සපත්තු දාන්න තහ­නම්. වෙන වෙන විච්චූර්ණ කරන්න බැහැ. කේරළේ අයි­ය­ප්පර් දේවා­ල­යට ගිහින් බාර ඔප්පු කරලා ඇවිත් ගමේ කෝවි­ලේදී බාර නිද­හස් කර­නවා. මෙයින් අපට විශාල පිහි­ටක් ආශි­ර්වා­ද­යක් තියෙ­නවා. අයි­ය­ප්පර් සාමී­ව­රුන්ට මස් මාළු අනු­භව කිරීම තහ­නම්. ඒ වුණත් මස් මාළු අලෙවි කිරී­මට පුළු­වන්.”

ඥාන ප්‍රකාශ් පව­සන අන්ද­ම­ටම කළු ඇදුම් ඇද­ගෙන ඔවුන්ගේ සියලු දෛනික ජීව­නෝ­පාය මාර්ග­යන් ඒ අන්ද­ම­ටම සිදු කර­මින් අයි­ය­ප්පර් සාමීලා උතුරු ප්‍රදේ­ශය පුරා ඇවි­දිති. මේ දින­වල ඔවුන් වැඩි වශ­යෙන් ඇවි­දින්නේ ඉන්දි­යා­වට යාමට අවශ්‍ය වීසා පහ­සු­කම් සලසා ගැනීම පිණි­සය. එක් අයි­ය­ප්පර් සාමී­ව­ර­යෙක් එළ­වළු වෙළෙඳාම් කරද්දී තවත් සාමි­ව­ර­යෙක් වාහන වලට හුළං පුර­ව­මින් සිටිනු දක්නට ලැබුණි. මේ ආදී වශ­යෙන් ඔවුන් දෛනි­කව සිය රැකි­යා­වල නිරිත වේ. රැකි­යා­වෙන් ලැබෙන කීයක් හෝ ඔවුන් ඉතිරි කර ගන්නේ ඉන්දි­යා­වට යාම සඳ­හාය. ඉන්දි­යාවේ කෝවි­ලට යාමට නොහැකි අය බාර හාර වී ඉන්දි­යා­වට යන පිරි­සට පඬුරු ලබා­දී­මත් උදව් උප­කාර කිරී­මත් සිදු කරන බවත් මේ සාමි­ව­රුන් කියා සිටි­යේය. අතර මඟදී හමු­වන පිරිස් ඔවුන්ට සාමී යනු­වෙන් ආම­න්ත්‍ර­ණය කරණ අතර එසේ ආම­න්ත්‍ර­ණය කරණු ලබන අයට ඔවුන් සිය දකුණු අත ඔහුගේ හද­වත මත තබා පෙරළා ආශි­ර්වාද කරයි.

ඉන්දි­යාවේ කේරල ප්‍රාන්තයේ පිහිටි අයි­ය­ප්පර් කොවි­ලට ගොස් ආපසු පැමි­ණී­මෙන් පසුව මේ

තැනැ­ත්තන්ගේ සාමී­ත්ත්වය ඉවත්ව යන්නේ ඉබේය. ඉන් පසුව ඔවුන්ට කිසි­වෙ­කුත් සාමී යන නමින් ආම­න්ත්‍ර­ණය නොක­රයි. හරි­ය­ටම මෙය බුදු දහමේ තාව­කා­ලික පැවිද්ද මෙන් ක්‍රියා­වකි. මීට පෙර කාල­යේදී කාන්තා­වන්ට කුමන හෝ හේතු­වක් මත­වත් අයි­ය­ප්පර් කෝවි­ල­කට යාමට නොහැ­කිය. ඒ නිසා කාන්තා­වන්ට මාල දමා කළු ඇදුම් ඇඳ­ගෙන ගෙන අයි­ය­පර් සාමි කෙනෙක් විය නොහැක. ඇය චන්ද්‍රන් සෙල්ව­රාණී සාමි­ව­රිය මේ ගැන මෙසේ විස්තර කළාය.

“ඉස්සර කාලේ කාන්තා­වන්ට මේ මාල දාලා කලු ඇදුම් ඇඳලා සාමි කෙනෙක් වෙන්න දුන්නේ නැහැ. ඒ විත­රක් නෙමෙයි ඒ කෝව­ල­කට යන්න දුන්නෙ­වත් නැහැ. කාන්තාවෝ මේ සම්බ­න්ධ­යෙන් ලොකූ ඉල්ලී­මක් කළා. ලංකාවේ කාන්තා­වන්ට වඩා මේ ඉල්ලීම කළේ ඉන්දි­යාවේ කේර­ළයේ කාන්තා­වනි. ඒ ඉල්ලපු සෑම වාර­ය­ක­දිම අයි­ය­ප්පර් කෝවිලේ බාර­කාර මණ්ඩ­ලය එක එක හේතුන් කියලා කාන්තා­වන්ට අව­ස්ථාව දුන්නේ නෑ. මෙහෙම ගිහින් අව­සා­නෙදි ඉන්දීය රජය හරහා මේ ප්‍රශ්න­යට බල­පෑම් ආවා. දැන් අවු­රු­ද්ද­කට කළින් කාන්තා­වන්ට මේ සදහා අව­සර ලැබුණා. උතුරේ කාන්තා­වන් කේර­ළයේ අයි­ය­ප්පර් කෝවි­ලට යන්න බාර වෙලා මාල දාලා කලු ඇදුම් ඇන්දේ මේ සැරේ තමයි. මේ කෝවි­ලට යන්නත් ඒ විදි­හට සාමි කෙනෙක් වෙන්නත් කාන්තා­වන්ට අව­සර දීමේදී පිරි­මින්ට වඩා විශේෂ නීති­රීති ගොඩාක් පන­වලා තියෙ­නවා.මුල්ම නීතිය තමයි වයස අවු­රුදු පණස් පහට වඩා වැඩි වෙන්න ඕනේ. වයස එහෙම වැඩි වුණත් මාස් ශුද්ධිය තව­මත් පව­තින අයට යන්න බැහැ. ඒක නතර වෙලාම තියෙන්න ඕනේ.

මාල දැම්ම දවසේ ඉදලා ඉන්දි­යා­වට ගිහින් බාරය ඔප්පු කරලා එන­කල් ගෙදර ස්වාමි­යත් එක්ක අඹු­සැ­මි­යන් විදි­හට ජීවත් වෙන්න තහ­නම්. මේ වගේ නීති ගොඩාක් එක්ක තමයි කාන්තා­වන්ට අයි­ය­ප්පර් කෝවි­ල්ව­ලට යන්න අව­ස­ර­යත් ඉන්දි­යාවේ මහ කෝවි­ලට යන්න­ටත් අව­සර ලබලා දීලා තියෙන්නේ.

ඉස්සර මේ අයි­ය­ප්පර් කෝවිල් උතුරු පළාතෙ තිබුණේ ඉතාම අඩු­වෙන්. දැන් විශාල පිරි­සක් අයි­ය­ප්පර් සාමිලා වෙලා ඉන්දි­යා­වට යන නිසා වවු­නි­යා­වෙත් ලොකූ කෝවි­ලක් තිය­නවා. මේ කෝවිලේ පූජාව තිය­නවා මේ දව­ස්වල ඒ පූජ­වට දැන් කාන්තා­ව­න්ටත් යන්න පුලු­ව­න්කම තිය­නවා. මගෙ ජීවිතේ පළ­වෙනි වතා­වට තමයි සාමි­ව­රි­යක් වුණේ. ඒත්මට දැන් තේරෙ­නවා මේකේ විශාල බල­යක් හාස්ක­මක් තිය­නවා කියලා.මොකද මේ කාල­යේදී අපි හොර බොරු කරන්නේ නෑ. මස් මාලු කන්නේ නෑ. අයි­ය­ප්පර් දෙවි­යන් වෙනු­වෙන්ම ජීවිතේ කැප කර­ලයි තියෙන්නේ.”

ඇතැම් අව­ස්ථා­වල අයි­ය­ප්පර් සාමිලා සමා­ජය තුළ අප­හ­සු­තා­වට ලක්වෙති. මහ­මග සිටින පොලී­සිය ඔවුන්ව නව­ත්තන්නේ ඔවුන්ගේ ඇදුම සහ ලොකු මාලය දකින විට විශාල සැක­යක් ඇති­වන බැවිනි. ඉතා සූක්ෂ­මව විමසා බලන විට බොහෝ පූජ­ක­ව­රුන්ට වඩා ගුණ ධර්ම­යන් රැසක් ඔවුන් මේ මාස­යක කාලය

තුළ ඔවුන්ගේ ජීවි­තය තුළ වගා කර ගනිති. මීට වසර දෙක­කට ඉහත සිට මේ අයි­ය­ප්පර් සාමි­වරු තවත් හේතු­වක් නිසා පීඩා විදිති.යාප­නයේ ක්‍රියා­ත්මක ආවා කල්ලියේ සාමා­ජි­ක­යින් ලෙස මේසා­මි­වරු දෙස බලන ආර­ක්ෂක අංශ ඔවුන්ව නතර කොට පරීක්ෂා කොට යවනු ලබයි. එසේ කළ පසුව ඒ සාමි­වරු ආපසු යන්නේ සාමිගේ දකුණු අත ඔහුගේ පපුව මත තබා හිස නමා ආශී­ර්වාද කිරී­මෙන් පසු­වය.

අවු­රු­ද්ද­කට වරක් ජන­ස­මා­ජ­යට පැමි­ණෙන මේ අයි­ය­පර් සාමි­වරු පිළි­බ­දව සමා­ජය දැනු­වත් කිරීමේ වැඩ සට­හ­නක් මුලින්ම සංස්කෘ­තික අමා­ත්‍යං­ශ­යෙන් සිදු­විය යුතුය. ඊළ­ගට සිදු­විය යුත්තේ ඔවුන්ගේ ශීල­යට හා ගරු­ත්ව­යට හානි නොවන අන්ද­මට සමා­ජ­යෙන් සැල­කිලි ලැබෙන ක්‍රම­යක් සකස් වීමයි.

 

Comments