දිවියෙන් සමුගත් ශ්‍රී ලනිපයේ බල කණුව | සිළුමිණ

දිවියෙන් සමුගත් ශ්‍රී ලනිපයේ බල කණුව

ශ්‍රී ලංකාවේ 20 වැනි අග්‍රා­මා­ත්‍ය­ව­රයා වූ දි.මු. ජය­රත්න මහතා පසු­ගි­යදා අභා­ව­ප්‍රාප්ත විය. මේ, ක්‍රියා­කාරි දේශ­පා­ල­න­ඥ­යකු වශ­යෙන් ඒ මහ­තාගේ දේශ­පා­ල­නික - සමාජ භූමි­කාව පිළි­බඳ සිදු කරන මත­කා­ව­ර්ජ­න­යකි.

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ­ත­ම­යාගේ නික්ම­යෑ­ම­ඔහු අග්‍රා­මා­ත්‍ය­ව­රයා සිටි කාල­ව­ක­වා­නු­වේදී සම­රනු ලැබූ වර්ෂ 2600 ශ්‍රී සම්බු­ද්ධත්ව ජයන්ති උත්ස­වය උදෙසා දි.මු. ජය­රත්න මහතා විශාල අනු­ග්‍ර­හ­යක් දැක්වූ­යේය. කෘෂි­කර්ම හා වන සම්පත් අමා­ත්‍ය­ව­ර­යාව සිටි කාල­ව­ක­වා­නුවේ මෙරට කෘෂි­ක­ර්මා­න්තය වෙනු­වෙන් ව්‍යාපෘති රාශි­යක් දියත් කිරී­මට හෙතෙම සමත් විය.

1931 වර්ෂයේ ජූනි 4 වැනි දින ගම්පො­ළදී උපත ලද දි.මු. ජය­රත්න මහතා පාසල් අධ්‍යා­ප­නය ලැබුවේ ගම්පොළ දොළුව මහා විද්‍යා­ල­යෙනි. උසස් අධ්‍යා­ප­නය සඳහා පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ල­යට ඇතු­ළත් වූ අතර තුරුණු දි.මු. ජය­රත්න, ඒ විශ්ව­වි­ද්‍යා­ල­යෙන් කලා උපා­ධි­ධා­රි­යක්ද හිමි කර­ගත් හේ මුලින්ම ගුරු­ව­ර­යකු ලෙසින්ද පසුව තැපැල් ස්ථානා­ධි­ප­ති­ව­ර­යකු ලෙසින්ද කට­යුතු කළේය.

දි.මු. ජය­රත්න මහතා ක්‍රියා­කාරී දේශ­පා­ල­න­යට පිවි­සියේ 1951 වර්ෂ­යේය. ඒ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ දහ­තු­න්වැනි සාමා­ජි­කයා වශ­යෙන් එහි සාමා­ජි­ක­ත්වය ලබ­මිනි.

1970 මහා මැති­ව­ර­ණ­යේදී ගම්පොළ මැති­ව­රණ කොට්ඨා­ස­යෙන් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යකු ලෙස පාර්ලි­මේ­න්තු­වට පිවි­සී­මත් සමඟ එතුමා දේශ­පා­ලන කර­ළියේ කැපි­පෙ­නෙන චරි­ත­යක් බවට පත් වේ. 1989 වර්ෂයේ මහ­නු­වර දිස්ත්‍රි­ක්ක­යෙන් නැවත පාර්ලි­මේ­න්තු­වට පත් වූ ජය­රත්න මහතා එවර මහ­නු­වර දිස්ත්‍රි­ක්කයේ ප්‍රමු­ඛයා බවට පත් විය.

දිමු ජය­රත්න මහ­තාට ප්‍රථම වරට අමාත්‍ය ධුර­යක් හිමි වන්නේ 1994 වර්ෂ­යේය. ඒ පොදු පෙර­මුණු රජය හිටපු ජනා­ධි­ප­තිනි චන්ද්‍රිකා කුමා­ර­තුංග මැති­නිය විසින් ඉඩම්, කෘෂි­කර්ම හා වන සංර­ක්ෂණ අමා­ත්‍ය­ව­රයා පත් කිරී­මත් සම­ඟිනි. ඉන් පසු එතුමා විවිධ විෂ­යන් යටතේ කැබි­නට් අමාත්‍ය ධුර හෙබ­වීය. ඒ අතර කෘෂි­කර්ම, ආහාර හා සමූ­ප­කාර, තැපැල් හා විදුලි සංදේශ, උඩ­රට සංව­ර්ධන, තැපැල් සහ විදුලි සංදේශ ග්‍රාමීය ආර්ථික සහ වැවිලි කර්මාන්ත යන කැබි­නට් අමාත්‍ය ධුර ප්‍රධාන වේ.

2010 මහා මැති­ව­ර­ණ­යේදී එක්සත් ජනතා නිද­හස් සන්ධා­නය ලද ජය­ග්‍ර­හ­ණ­යෙන් පසු දි.මු. ජය­රත්න මහතා ශ්‍රී ලංකා ප්‍රජා­තා­න්ත්‍රික සමා­ජ­වාදි ජන­ර­ජයේ 20 වැනි අග්‍රා­මා­ත්‍ය­ව­රයා ලෙස දිවු­රුම් දුන්නේය.

අද වන විට දෙස් විදෙස් සංචා­රක ආක­ර්ෂ­ණය දිනා­ගන්නා අම්බු­ළු­වාව බහු-සංස්කෘ­තික මධ්‍ය­ස්ථා­නය ඉදි කරනු ලැබුවේ දි.මු. ජය­රත්න මහ­තාගේ සිතෙහි තිබූ දීර්ඝ­කා­ලීන බලා­පො­රො­ත්තු­වක් මල්ඵල ගැන්වී­මකි.

ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ වර්ත­මා­නයේ ජීව­මා­නව සිටි ජ්‍යෙෂ්ඨ­තම සාමා­ජික‍යා වූ මෙතුමා අභා­ව­ප්‍රාප්ත වන තෙක්ම එහි උප­දේ­ශ­ක­ව­ර‍යකු ලෙස කට­යුතු කළේය.

ශ්‍රී ලංකා දේශ­පා­ලන භූමි­යෙහි නිහ­ත­මානි ගුණ ප්‍රකට කළ පරි­ණත දේශ­පා­ල­න­ඥ­යකු වශ­යෙන් නිහඬ සේවා­වක් සිදු කළ අත්දැ­කීම් බහුල ක්‍රියා­කාරි චරි­ත­යක් වූ දි.මු. ජය­රත්න මහතා මෙරට දේශ­පා­ල­න­යට පිවි­සෙන නව­ක­යන්ට ආද­ර්ශ­වත් චරි­ත­යකි. ඒ මහ­තාගේ වියෝව මෙරට දේශ­පා­ල­නයේ ක්ෂේත්‍ර­ය­ටත් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­ය­ටත් පිරි­මැ­සිය නොහැකි පාඩු­වකි.

අසූ අට වසක් ආයු වලඳා අභා­ව­ප්‍රාප්ත වූ හිටපු අග්‍රා­මාත්‍ය දි. මු. ජය­රත්න මැති­තු­මන්ට අපි නිවන් සුව පතමු!

ටිෂානි ශෂි කුමාරි

Comments