ජනා­ධි­ප­ති­ව­ර­ණයේ ප්‍රති­ඵ­ලය අභි­මා­න­වත් ශ්‍රී ලංකා­වක් උදෙසා ය | Page 2 | සිළුමිණ

ජනා­ධි­ප­ති­ව­ර­ණයේ ප්‍රති­ඵ­ලය අභි­මා­න­වත් ශ්‍රී ලංකා­වක් උදෙසා ය

 

මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණය කර­ළි­යට ආවේ ම බොහෝ වෙන­ස්කම් ඇති කර­මිනි. දේශ­පා­ලන ක්ෂේත්‍රය තුළ ක්‍රමයේ වෙන­සක් (system change) පිළි­බඳ ව කතා­බ­හක් ගොඩ­නැඟී තිබුණු පරි­ස­ර­යක් තුළ මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණය ප්‍රකා­ශ­යට පත් වන විට ද ඒ කතා­බ­හට පිට­ස්තර ව ක්‍රමයේ වෙන­සක් සඳහා සමා­ජය සූදා­නම් වෙමින් සිටියේ ය. සාම්ප්‍ර­දා­යික දේශ­පා­ලන විද්ව­තුන්ගේ සිස්ටම් චේන්ජ් දැක්මේ වප­ස­රි­යෙන් ඔබ්බට ගිය ඒ වෙනස සාම්ප්‍ර­දා­යික ‍දේශපා­ලන විද්ව­තුන්ගේ අව­ධා­න­යට යොමු වූයේ නැත. එහෙත් රට ම රටේ සමස්ත ජන­තාව ම ක්‍රමයේ වෙන­සක් ප්‍රාර්ථනා කර­මින් සිටියෝ ය.

 

1948 ඩොමී­නි­යන් තත්ත්වයේ නිද­හ­සක් ලැබූ දා සිට වසර 70කටත් අධික කාල­යක් තිස්සේ අඩු වැඩි වශ­යෙන් වෙනස් වෙමින් ආ අපේ රට 1977 දී යළි යට­ත්වි­ජි­ත­යක් බවට පත් කර­මින් ඇති වූ දේශ­පා­ලන විකෘ­තියේ වේද­නා­ත්මක ප්‍රති­ඵල භුක්ති විඳි­මින් සිටියේ ය. 2015 ඉතා ම සැල­සුම් සහ­ගත කුම­න්ත්‍ර­ණ­යක් මඟින් බල­යට පත් කරන ලද ඊනියා යහ­පා­ලන ආණ්ඩුව ඉතා ම සූක්ෂ්ම ව සහ දැනු­ම්වත් ව රට යළි යට­ත්වි­ජි­ත­යක් බවට පත් කිරීමේ කොන්ත්‍රා­ත්තුව ඉටු කර­න්නට පටන් ගත්තේ ය. එහි ප්‍රති­ඵල ඉතා භයං­කර වූ අතර රටේ සමස්ත ව්‍යූහය ම අමෙ­රි­කානු අධි­රා­ජ්‍ය­වාදී වුව­ම­නා­වන්ට සරි­ලන පරිදි වේග­යෙන් වෙනස් වෙමින් තිබිණි. මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණය කර­ළි­යට ආවේ තත්වය මෙසේ තිබිය දී ය.

ආර­ම්භයේ සිට ම එය ක්‍රමයේ වෙන­සක ලකුණු පහළ කළේ ය. ඊට කලින් පැවැති ජනා­ධි­ප­ති­ව­රණ සිය­ල්ලට වඩා මෙවර වෙන­සක් ඇති බව රටට ම පෙනිණි. ඒ වෙනස විවෘත සමා­ජ­යට දකි­න්නට ලැබුණු පළමු අව­ස්ථාව වූයේ නාම යෝජනා දුන් අපේ­ක්ෂ­ක­යන්ගේ ලැයි­ස්තු­වයි. මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූ අපේ­ක්ෂ­ක­යන් අතර බලයේ සිටින හෝ හිටපු හෝ ජනා­ධි­ප­ති­ව­රුන් හෝ අග­මැ­ති­ව­රුන් හෝ විපක්ෂ නාය­ක­වරු නොවූහ. ප්‍රධාන අපේ­ක්ෂ­ක­යන් යැයි සැල­කිය හැකි වූ තිදෙනා ම පළමු වරට ජනා­ධි­ප­ති­ව­ර­ණ­ය­කට ඉදි­රි­පත් වන අය වූ අත­රින් දෙදෙ­නෙක් දසක දෙක­කට ආසන්න කාල­යක් පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් ලෙස කට­යුතු කළ පළ­පු­රුදු දේශ­පා­ල­න­ඥ­යන් වූ අතර හිටපු ජනා­ධි­ප­ති­ව­ර­ය­කුගේ පුත්‍රයා වූ ඉන් එක් අයෙක් වර්ත­මාන ආණ්ඩුවේ ඇමැ­ති­ව­ර­යෙක් ද, ඔහුගේ පක්ෂයේ නියෝජ්‍ය නාය­කයා ද විය. අනෙක් අපේ­ක්ෂ­කයා ඔහු නියෝ­ජ­නය කළ පක්ෂයේ නාය­කයා විය.

 

ප්‍රධාන අපේ­ක්ෂ­කයෝ තිදෙනා

 

ප්‍රධාන අපේ­ක්ෂ­ක­යන් අතර සිටි තුන් වැන්නා දේශ­පා­ල­න­යට නව­ක­යෙක් විය. වච­නයේ පරි­ස­මාප්ත අර්ථ­යෙන් ම පාර්ලි­මේන්තු දේශ­පා­ල­න­යට නව­ක­යකු වූ ඔහු අඩු ම වශ­යෙන් ප්‍රාදේ­ශීය සභා­වක වත් මන්ත්‍රී­ව­ර­යකු වී නොසිටි අතර කිසි දාක මැති­ව­ර­ණ­ය­කට තරග කර තිබුණේ ද නැත. ඔහු හිටපු රාජ්‍ය සේව­ක­යකු හා රාජ්‍ය නිල­ධා­රි­යෙක් විය. අවු­රුදු විස්ස­කට අධික හමුදා සේවයේ විශිෂ්ට සේවා වාර්තා­වක් ඔහු සතු වූ අතර, අව­රුදු දහ­ය­කට ආසන්න කාල­යක් අමා­ත්‍යාංශ ලේක­ම්ව­ර­යකු ලෙස ඔහු කට­යුතු කර තිබුණේ ය. ඒ අව­රුදු දහ­ය­කට ආසන්න කාලයේ පළමු අවු­රුදු පහේ දී ආර­ක්ෂක ලේක­ම්ව­රයා ලෙස කට­යුතු කළ ඔහු අපේ රට වෙළා­ගෙන තිබූ කුරිරු යුද්ධය නිමා කර සමස්ත දේශයේ ම ජන­තා­වගේ ආර­ක්ෂාව සහ­තික කර­න්නට පුරෝ­ගාමී නාය­ක­ත්වය දුන් අන­භි­බ­ව­නීය රාජ්‍ය නිල­ධා­රියා ලෙස ඉති­හා­ස­යට එක් වී සිටියේ ය. ඔහුගේ දෙවැනි ධූර කාලය තුළ දී නාග­රික සංව­ර්ධන ලේක­ම්ව­රයා ලෙස ද කට­යුතු කර­මින් කොළඹ නග­රය ලෝකයේ ශීඝ්‍ර­යෙන් දියුණු වන නගර අත­රින් පළමු වැන්න බවට පත් කර­න්නට ඔහුට හැකි වී තිබිණි.

ගෝඨා­භය රාජ­පක්ෂ නම් වූ ඒ දේශ­පා­ලන නව­කයා තමන්ට ලේසි­යෙන් ම පරා­ජය කළ හැකි පුද්ග­ලයා යැයි අනික් අපේ­ක්ෂ­කයෝ දෙදෙනා ම ප්‍රසි­ද්ධියේ කියා සිටියෝ ය. ඔහු දේශ­පා­ලන නව­ක­යකු වීම නිසාත් තම තමන්ගෙ කඳ­වුරු විසින් ඔහුගේ නම ඉදි­රියේ ගොනු කර තිබූ චෝදනා ගොන්නක් නිසාත් ඔහු ඉතා පහ­සු­වෙන් පරා­ජය කළ හැකි වනු ඇතැයි ඔවුන් ගණන් බල­න්නට ඇති බව සිතිය හැකි ය. එහෙත් ඒ නව­කයා සතු වූ විශිෂ්ට සේවා වාර්තාව සහ ඒ ඔස්සේ රටේ ජන­තා­වගේ හද­වත් තුළ ගොඩ­නැඟී තිබුණු ඔහුගේ දැවැන්ත ප්‍රති­රූ­පය ඔවුහු දෙදෙනා ම නොස­ලකා හැරියෝ ය. ඔවුන් දෙදෙනා එනම් යූඇ­න්පියේ අපේ­ක්ෂ­කයා වූ සජිත් ප්‍රේම­දාස සහ ජනතා විමුක්ති පෙර­මුණේ අපේ­ක්ෂ­කයා වූ අනුර කුමාර දිසා­නා­යක තමන්ගේ අනිකා හෙවත් පොදු සතුරා ලෙස ගෝඨා­භය රාජ­පක්ෂ තෝරා ගෙන තිබිණි. එහෙත් ගෝඨා­භය ජනා­ධි­ප­ති­ව­රණ සටන ආරම්භ කරන විටත් සිටියේ ඔවුන් දෙදෙ­නාට ම ළඟා විය නොහැකි තරම් ඉදි­රි­යෙනි.

 

දේශ­පා­ලන නව­කයා

මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූ අපේ­ක්ෂ­ක­යන් අත­රින් ගෝඨා­භය රාජ­පක්ෂ ඉදි­රි­යෙන් සිටියේ තම විශිෂ්ට සේවා වාර්තාව නිසා පම­ණක් ම නොවේ. ඔහු මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූ අපේ­ක්ෂ­ක­යන් අත­රින් වැඩි ම උග­ත්ක­මක් තිබූ අපේ­ක්ෂ­කයා ද විය. පාකි­ස්තා­නයේ, ඉන්දි­යාවේ සහ අමෙ­රි­කාවේ සිය විෂ­යා­නු­බද්ධ පාඨ­මාලා රැසක් හදාරා තිබූ ඔහු කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ පශ්චාද් උපා­ධි­ධා­රි­යෙක් ද වූයේ ය. ඔහුගේ ප්‍රධාන ප්‍රති­වා­දියා වූ සජිත් ප්‍රේම­දාස සාමාන්‍ය පෙළ විභා­ගය වත් සමත් නොවූ අයකු බව ඒ වන විටත් අනා­ව­ර­ණය වී තිබිණි. ඔවුන් තිදෙනා අත­රින් අවම වශ­යෙන් රැකි­යා­වක් හෝ කර තිබුණේ ගෝඨා­භය රාජ­පක්ෂ පමණි. පැවැති ආණ්ඩුවේ ප්‍රබල ම ඇමැ­ති­ව­ර­යකු වූ සජිත් ප්‍රේම­දාස මහ­ජන මුදල් කෝටි ගණ­නින් වැය කර රට පුරා දැවැන්ත ප්‍රචා­ර­යක් දෙමින් පවත්වා ගෙන ගිය නිවාස සංව­ර්ධන වැඩ­පි­ළි­වෙළ පුස්සක් බව ඔහු නාම යෝජනා දෙන්න­ටත් පෙර රට හමුවේ අනා­ව­ර­ණය වී තිබුණේ ය. ඔහු සිය පියා­ණන් වූ හිටපු ජනා­ධි­පති ආර්. ප්‍රේම­දා­සගේ වැඩ­පි­ළි­වෙළ ක්‍රියා­ත්මක කරන බව කිය­මින් රට පුරා ගිය නමුත් ඒ පියා­ණන්ගේ ඉති­හා­සය මේ රට අමු සොහො­නක් බවට පත් කළ අඳුරු භීෂණ යුග­යක් බව ජන­තා­වගේ මත­කයේ තිබිණි.

අපේ­ක්ෂ­ක­යන් තිදෙනා අතර තුන්වැන්නා වූ අනුර කුමාර දිසා­නා­යක මේ මහ පොළොවේ යථා­ර්ථ­යෙන් බොහෝ ඈතින් ඇති අහසේ ලඹ දෙන සමා­ජ­යක් ගැන කිය­මින් සිය ජනා­ධි­ප­ති­ව­රණ ව්‍යාපා­රය පවත්වා ගෙන ගියේ ය. එහෙත් ඔහු තමා වටා ගොනු කර ගෙන සිටි ඊනියා සිවිල් සමාජ බල­වේග වෙනු­වෙන් සිය පක්ෂයේ ඉති­හා­ස­යෙන් උපන් පක්ෂ අන­න්‍ය­තාව බිලි දී එක්තරා ලුම්පන් ප්‍රති­රූ­ප­ය­කට ආරූඪ වී සිටි බව ඔහුට නොතේ­රුණා විය හැකි ය. එහෙත් ඒ පක්ෂයේ ඉති­හා­ස­යත් පක්ෂයේ පද­න­මත් දන්නා සියලු දෙනා ඔහු ඒ විසු­ළු­කාරී ස්වාභා­වය දැක්කෝ ය. සමා­ජය ඔහු දුටුවේ ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යකු ලෙස නොව යූඇ­න්පියේ සහා­යක කණ්ඩා­ය­මක නියෝ­ජි­තයා ලෙසිනි. දෙවැනි මනා­පය සජිත් ප්‍රේම­දා­සට දෙන්නැයි තමා හෝ තම සන්ධා­නය කියන්නේ නැතැයි ඔහු රටේ ජනා­ත­වට කියන විට මුල් වටයේ දී ඔහුගේ කඳ­වුරේ ඇතැ­මුන් එසේ කී බව ජන­තා­වට අම­තක වී ඇතැයි ඔහු සිතුවා විය හැකි ය. එහෙත් ඒ වන විට පෙර­හැර ගොස් තිබුණේ ය.

 

කඳ­වුරු දෙකක සට­නක්

මෙවර ජනා­ධි­ප­ති­ව­රණ සටන ඉතා ම පැහැ­දිලි ලෙස කඳ­වුරු දෙක­කට බෙදී තිබිණි. ඒ කඳ­වුරු දෙක හොරුන්ගේ කඳ­වුර සහ හොරුන් නොවන කඳ­වුර යනු­වෙන් අනුර කුමාර දිසා­නා­යක විග්‍රහ කළේ සිය පැරැණි දේශ­පා­ලන න්‍යාය වූ මාක්ස්වා­දය අනුව ද නැත්නම් අලුත් න්‍යාය වන සමාජ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය අනුව දැයි ඔහු පැහැ­දිලි කළේ නැත. ඇත්ත වශ­යෙන් ම මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණය පැහැ­දිලි කඳ­වුරු දෙකක් අතර සට­නක් විය. ඒ කඳ­වුරු දෙක ජාතික කඳ­වුර සහ විජා­තික කඳ­වුර බව අනු­ර­ටත් සජි­ත්ටත් නොතේ­රු­ණාට නැත්නම් නොතේ­රුණා වගේ හිටි­යාට මුළු රට ම දැන සිටියේ ය. ඒ කඳ­වුරු දෙක නිර්මා­ණය කරන ලද්දේ අන් කිසි­වකු නොව 2015 බල­යට ආ යහ­පා­ලන ආණ්ඩුව විසිනි. ආණ්ඩුවේ ප්‍රධා­නියා වූ අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ ද ඔහුගේ ගජ­මි­තුරු කණ්ඩා­යම ද ඉතා පැහැ­දිලි ලෙස ම මේ රට විජා­ති­ක­ක­ර­ණ­යට ගොදුරු කර­මින් සිටියෝ ය. එක් අත­කින් අමෙ­රි­කාව සහ බට­හිර බල­ව­තුන්ගේ න්‍යාය පත්‍ර අනුව ක්‍රියා­ත්මක වෙමින් සිටි ආණ්ඩුව අනික් අතින් මේ රටේ සමාජ සංස්කෘ­තික හර පද්ධ­ති­යට එරෙහි ව සංවි­ධා­නා­ත්මක ව ක්‍රියා­ත්මක වෙමින් සිටියේ ය.

මේ සියල්ල සිදු වූයේ රටේ ජන­තා­වගේ කැමැ­ත්තට, අභි­ලා­ෂ­යන්ට සහ චින්ත­න­යට එරෙහි ව බව ආණ්ඩුවේ නායක කාර­කා­දීන් මෙන් ම ඔවුන්ගේ පරි­වාර බල­වේග ද දැන සිටියේ ය. ආණ්ඩුව පර­ගැති කණ්ඩා­ය­මක් විසින් මෙහෙ­ය­ව­මින් සිටි නමුත් ඒ තුළ සිටි ජාතික යැයි කියා ගත් කිසිදු නාය­ක­යකු ඊට එරෙහි වූයේ නැත. වැද­ගත් ම කාර­ණය වූයේ මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වූ සජිත් ප්‍රේම­දාස මේ සියල්ල හමුවේ නිෂ්ක්‍රීය භූමි­කා­වක් රඟ­ද­ක්ව­මින් සිටී­මයි. සජිත් ප්‍රේම­දාස ගෙවී­ගිය අවු­රුදු හත­රක කාලයේ දී ජාතික වශ­යෙන් වැද­ගත් කිසි දු කාර­ණ­යක දී වච­න­යක් වත් නොකී, එවැනි අවස්ථා මඟ­හැර සිටි පුද්ග­ල­යකු වීමයි. ඔහු සෑම විට ම තමා නියෝ­ජ­නය කරන හම්බ­න්තොට දිස්ත්‍රි­ක්කයේ තමාගේ දේශ­පා­ලන හිත­ව­තුන්ට නිවාස ණය දීම, යූඇන්පී පවු­ල්වල දරු­වන්ට ව්‍යාජ රැකියා පත්වීම් ලබා දීම ආදී අති­ශ­යින් ම සිල්ලර දේශ­පා­ලන ව්‍යපෘ­ති­යක නියැළී සිටියේ ය. ඔහු කිසි දු අව­ස්ථා­වක ජාතික නාය­ක­ය­කුගේ ලක්ෂණ පෙන්නුම් කළේ නැත.

ජනා­ධි­ප­ති­ව­ර­ණය මුළු­ම­නින් ම ජාතික හා විජා­තික කඳ­වුරු දෙකේ සට­නක් වූ නමුත් යූඇන්පී අපේ­ක්ෂ­කයා එ් බව­වත් දැන සිටියේ දැයි සැක සහිත ය. ජාතික කඳ­වුරේ ප්‍රශ්න ගැන එහි අභි­ලා­ෂ­යන් ගැන ඔහු සිය වේදිකා මත දී කතා කළේ ද තමාගේ සුපු­රුදු සිල්ලර ආක­ල්ප­යෙනි. ඔහුට ඒවා ගැන හැඟී­මක් තබා දැනී­මක් වත් අව­බෝ­ධ­යක් වත් තිබුණේ නැත. එහෙත් ඔහුගේ පිටු­ප­සින් විජා­තික කඳ­වුර අවි අමෝ­රා‍ ­ගෙන සට­නට අව­තීර්ණ වී සිටියේ ය. ඔවුන්ගේ න්‍යාය පත්‍රය අදෘ­ශ්‍ය­මාන ව ක්‍රියා­ත්මක වෙමින් තිබුණේ ය. අව­සාන මෙහොතේ දෙමළ ජාතික සන්ධා­නය තමන්ට සහ­යෝ­ගය දෙන්නට තීර­ණය කළ අව­ස්ථාවේ දී වත් ඔහු ඒ ගැන යථා­වාදී ව දකි­න්නට සමත් වූයේ නැත. ඔහුට දෙමළ ඡන්ද ටික එකතු කර දෙන මු­වා­වෙන් අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ අව­සන් මොහො­තේත් ඔවුන්ගේ කඳ­වුරේ න්‍යාය පත්‍රය ක්‍රියා­ත්මක කර­මින් සිටියේ ය. සජිත් ඒ කිසි­වක් නොදැන දෙමළ ඡන්ද ඔස්සේ තමාගේ ජනා­ධි­පති සිහි­නය සැබෑ වන බව විස්වාස කළා විය හැකි ය. මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී දෙමළ හා මුස්ලිම් ඡන්ද තීර­ණා­ත්මක සාධ­කය නොවන බව ඔහු නොදැන සිටි­යාට ඔහුගේ පක්ෂයේ නාය­කයා වූ අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ දැන සිටියේ ය. ඒ නිසා ම සජිත් පර­දින බව ද රනිල් දැන සිටියේ ය. එහෙත් රනිල්ට එය ප්‍රශ්න­යක් නොවූ අතර සිය දේශ­පා­ලන ළැදි­යාව අනුව අව­සන් මොහො­තේත් කට­යුතු කර­න්නට ලැබීම ගැන ඔහු තෘප්ති­මත් වූ බවට සැක­යක් නැත.

ඔවුන්ගේ කඳ­වුරේ තත්ත්වය එසේ වෙද්දී පොදු­ජන පෙර­මුණේ අපේ­ක්ෂ­කයා වූ ගෝඨා­භය රාජ­පක්ෂ සිය දැක්ම සහ වැඩ­පි­ළි­වෙළ ගැන ජන­තාව හමුවේ විස්තර කර­මින් සිය ජනා­ධි­ප­ති­ව­රණ ප්‍රචා­රක ව්‍යාපා­රය ගෙන යමින් සිටියේ ය. ඔහුගේ ඡන්ද ව්‍යාපා­රය කැපී පෙනෙන වෘත්තීය මට්ටමේ එකක් විය. පෝස්ටර්, බැනර්, පොලි­තීන් ඒ ඡන්ද ව්‍යාපා­රයේ නොවී ය. ඉඳ­හිට ප්‍රාදේ­ශිය මට්ටමේ රැස්වී­මක දෙකක එවැනි දෙයක් දක්නට ලැබුණ ද ඒ බව දැන ගත් වහා ම ඒවා නව­ත්ව­න්නට ඔහු කට­යුතු කළේ ය. ඔහුගේ කතා­වල ප්‍රති­වාදී අපේ­ක්ෂ­ක­යාට එල්ල කෙරුණු අප­හාස උප­හාස හෙළා­දැ­කීම් නොවී ය. සිය ස්ථාව­රය ඉතා පැහැ­දිලි ව ජන­තාව හමුවේ කියා සිටි ඔහු ක්‍රියා­වෙන් එය සනාථ කර­මින් ඡන්ද ව්‍යාපා­රය ගෙන ගියේ ය.

 

අභි­යෝ­ගය

 

ජනා­ධි­ප­ති­ව­රණ ප්‍රති­ඵ­ලය රට ම කලින් දැන සිටි එකක් විය. ගෝඨා­භය රාජ­පක්ෂ රටේ අති බහු­තර ජන­තා­වගේ අපේ­ක්ෂාව යථා­ර්ථ­යක් බවට පත් කර­මින් ශ්‍රී ලංකාවේ හත් වැනි විධා­යක ජනා­ධි­ප­ති­ව­රයා ලෙස පසු­ගිය සඳුදා දිවු­රුම් දුන්නේ ය. එය කිසි­ව­කු­ටත් වැළැ­ක්විය නොහැකි ව තිබූ අනි­වා­ර්ය­යක් විය. එහෙත් ඒ ප්‍රති­ඵ­ල­යත් සමඟ පැහැ­දිලි ව පෙනෙන බර­ප­තළ අන­තු­රක සේයා­වක් දකි­න්නට තිබේ. නව ජනා­ධි­ප­ති­ව­රයා සිය තන­තු­රෙහි දිවු­රුම් දී කළ කතාවේ දී ම ඒ අන­තුර ගැන කතා කළේ ය. සම­ස්ත­යක් ලෙස ගත් කල රටේ දෙමළ හා මුස්ලිම් ජන­තා­ව­ගන් බහු­ත­රය ඡන්දය දී ඇත්තේ ඔහුට විරුද්ධ ව ය. ඔහුට විරුද්ධ ව ඡන්දය දීමෙන් අද­හස් වන්නේ රටේ බහු­තර ජනතා අභි­ලා­ෂ­යන්ට විරුද්ධ ව ඒ ජන­තා­වගේ මතය ප්‍රකාශ වී ඇති බව ය.

උතුරේ දෙමළ ජන­තාව බෙදු­ම්වාදී දේශ­පා­ලන නාය­ක­යන් විසින් අව­භා­විත කර­මින් සිටින්නේ අද ඊයේ සිට නොවේ. එය දිගු­කා­ලීන දුෂ්ට දේශ­පා­ලන ව්‍යාපා­ර­යකි. එය රටට ම අහි­ත­කර බව පැහැ­දිලි කර­න්නට ඉති­හා­ස­යෙන් ඕනෑ තරම් උදා­හ­රණ ගත හැකි ය. එහෙත් දැන් අප මුහුණ දී සිටින අභි­යෝ­ගය එය නොවේ. රට උදෙසා රටේ අනා­ග­තය උදෙසා නව ජනා­ධි­ප­ති­ව­රයා විසින් ක්‍රියා­ත්මක කර­න්නට සැල­සුම් කර ඇති වැඩ­පි­ළි­වෙළ සාර්ථක කර ගැනීම සඳහා රටේ සමස්ත ජන­තා­වගේ දාය­ක­ත්වය ලබා ගන්නේ කෙසේ ද යන්නයි.

 

රට වෙනස් කළ හැකි නාය­කයා

 

තමාට ඡන්දය දුන් හා නොදුන් සියලු ජන­තා­වගේ ජනා­ධි­ප­ති­ව­රයා තමා බව අභි­නව ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ සිය මංගල කතාවේ දී ඉතා පැහැ­දිලි ව ප්‍රකාශ කළේ ය. සැබැ­වින් ම අපේ රටේ ජාතික සංව­ර්ධ­නය උදෙසා ක්‍රියා­කාරී දාය­ක­ත්වය ලබා ගත යුතු දෙමළ සහ මුස්ලිම් ජන­තාව දිනා ගැනීම නව ජනා­ධි­ප­ති­ව­රයා හමුවේ ඇති ප්‍රධාන අභි­යෝ­ග­යක් වෙයි. ඔහු ඊට කැප වන්නට සූදා­නම් බව ඔහුගේ කතාවේ දී කී දේව­ලින් පෙනෙ­න්නට තිබේ. සැබැ­වින් ම එය එසේ විය යුතු ය. ජනා­ධි­ප­ති­ව­රයා ඒ වෙනු­වෙන් ගන්නා ක්‍රියා මාර්ග­ව­ලට රටේ බහු­තර ජන­තා­වගේ කොන්දේසි විර­හිත සහ­යෝ­ගය ලැබිය යුතුව තිබේ.

අපි රටක් ලෙස කාල­කන්නි බෙදු­ම්වා­දය වෙනු­වෙන් බොහෝ වන්දි ගෙවා ඇත්තෙමු. ඊට එක් හේතු­වක් වූයේ අපේ රටේ කලින් කල බිහි වූ නාය­ක­යන් අනු­ග­ම­නය කළ ප්‍රති­ප­ත්ති­වල තිබූ දුර්ව­ලතා ය. බලය ලබා ගැනීම සඳ­හාත් ලබා ගත් බලය ආරක්ෂා කර ගැනීම සඳ­හාත් කල්ලි කණ්ඩා­ය­ම්ව­ලට දේශ­පා­ලන හා ආර්ථික වශ­යෙන් කප්පම්, දොළ පිදේනි, වර­දාන දෙන්නට පසු­ගිය කාලයේ හිටපු සෑම නාය­ක­ය­කුට ම පාහේ සිදු විය. එය වෙනස් කළ යුතු ය. නව ජනා­ධි­ප­ති­ව­යාට ඒ ගැන ඉතා පැහැ­දිලි දැක­මක් තිබෙන බව ඔහුගේ ඡන්ද ව්‍යාපා­රය ආර­ම්භයේ දී ම ප්‍රත්‍යක්ෂ කර පෙන්වූයේ ය. කිසිදු බෙදු­ම්වාදී දේශ­පා­ලන පක්ෂ­යක් හෝ කණ්ඩා­ය­මක් හෝ තමාගේ කඳ­වු­රට වද්දා නොගැ­නී­මට ඔහු පිය­වර ගත්තේ ය. ඔහුගේ ජය තහ­වුරු කර­න්නට එක් ප්‍රධාන සාධ­ක­යක් වූයේ ඔහුගේ ඒ තීර­ණ­යයි.

දැන් ඔහු ‍මේ රටේ ජනා­ධි­ප­ති­ව­රයා ය. ඔහු මෙතෙක් පැවැති ක්‍රමය වෙනස් කිරීම ජනා­ධි­ප­ති­ව­රණ ව්‍යාපා­රය ආරම්භ‍යේ දීම ප්‍රායෝ­ගික ව ක්‍රියා­ත්මක කර පෙන්වූයේ ය. ඔහු ජනා­ධි­පති තන­තුරේ දිවු­රුම් දුන් දා පටන් කට­යුතු කර­මින් සිටින ආකා­ර­යෙන් ද පෙන්ව­මින් සිටින්නේ ක්‍රමය වෙනස් කිරී­මට තමාගේ ඇති අවංක අභි­ලා­ෂය හා සූදා­න­මයි. සැබැ­වින් ම ඔහු මේ රට වෙනස් කරන නාය­කයා වනු ඇතැයි ඔහුට ඡන්දය දුන් ජන­තාව මෙන් ම නොදුන් ජන­තාව ද විශ්්වාස කරන බවට සැක­යක් නැත. විසි­එක් වැනි සිය­වස තුළ ලෝකය ඉදි­රියේ අභි­මා­න­යෙන් නැඟී සිටින ශ්‍රී ලාංකි­කයා නිර්මා­ණය කිරීම නව ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ඒකා­යන කාර්ය­භා­ර­යයි.

Comments