‘බෙරහඬ’ අද එල්ෆින්ස්ටන් රඟහලේදී | සිළුමිණ

‘බෙරහඬ’ අද එල්ෆින්ස්ටන් රඟහලේදී

ප්‍රවීණ නාට්‍යවේදී දිවංගත බන්ධුල ජයවර්ධනයන් විසින් රචනා කරන ලද ‘බෙරහඬ’ නාට්‍යයේ නව නිෂ්පාදනය අද (24) එල්ෆින්ස්ටන් රඟහලේදී බන්ධුල ජයවර්ධනගේ 16 වෙනි ගුණ සැමරුම වෙනුවෙන් වේදිකාගත කෙරේ.

ආරාධිත පිරිස සඳහා එළිදැක්වෙන ‘බෙරහඬ’ නාට්‍ය දර්ශනය නිතීඥ ඩග්ලස් සිරිවර්ධ‍නගේ නිෂ්පාදනයක් වන අතර ජයනාත් බණ්ඩාර, මාදිනී මල්වත්ත, චමින්ද මැදගෙදර, අරවින්ද පාදුක්ක, හර්ෂණ ජයතිලක, අමිල බාලසූරිය, සමන් ඒකනායක, ඉන්දික ජයසිංහ, වාසනා බණ්ඩාර, චලිත ඒෂාන්, අනුර විතානාච්චි, රංග ලක්මාල්, නිල්නයන ඒකනායක, ඇන්ටන් ජූඩ්, ජයනාත් බණ්ඩාර, සචිත්‍රි වික්‍රමසූරිය, ඉරේෂා චන්ද්‍රමාලි, චතුරි කුමාරි, සුජානි මේනකා, රංගනයෙන් දායක වෙයි. රංජිත් බාලසූරිය සංගීතය මෙහෙයවන මෙහි අංග රචනය වසන්ත විට්ටහච්චිගෙනි. ‘බෙරහඬ’ වෙස් නිර්මාණය මහාචාර්ය ලයනල් බෙන්තරගෙන් වන අතර බන්ධුල ජයවර්ධනයන් පිළිබද ගුණ සැමරුම් දේශනය සම්මානනීය රංගවේදී ශ්‍රියන්ත මෙන්ඩිස් විසින් පවත්වනු ලබයි.

 

Comments