ශ්‍රී ලාංකේය ගායක-ගායිකා සංගමය හිටපු ජනපතිට උපහාර පුදකරයි | Page 2 | සිළුමිණ

ශ්‍රී ලාංකේය ගායක-ගායිකා සංගමය හිටපු ජනපතිට උපහාර පුදකරයි

ශ්‍රී ලාංකේය ගායක - ගායිකා සංගමය විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට උපහාර පුදකිරීමේ උත්සවයක් පසුගිය 04 වනදා ජනාධිපති මන්දිරයේදී. ගායක ගායිකාවන් එකසියපනස් දෙනකුගේ පමණ සහභාගිත්වයෙන් පැවැත්විණ.

මෙවන් වූ උපහාරයක් එතුමන් වෙත පුදකරන්නට යෙදුණේ වයෝවෘද්ධ ගායක - ගායිකාවන්ට ජීවිතාන්තය දක්වා විශ්‍රාම වැටුපක් ලබාදීම සඳහා මූලික වී, අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා දීම සම්බන්ධයෙනි. පුරා හෝරා හතරකට ආසන්න කාලයක් පැවැති මෙම සුහද හමුව ගායක - ගායිකාවන් රැසකගේ ගීත ගායනයෙන්ද ඔපවත් විය. ගායක - ගායිකා සංගමයේ වත්මන් සභාපති ජානක වික්‍රමසිංහ, ලේකම් රොහාන් ද සිල්වා සභාව අමතන්නට යෙදුණ අතර විවිධ රසකතාවන්ගෙන් ද අඩුවක් නොවිණ. අවසානයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි. මෙම උත්සවය සම්භන්ධීකරණය කරන ලද්දේ ජනාධිපති සම්බන්ධීකාරක ලේකම් සනත් වීරසූරිය මහතා විසිනි. මේ එම උත්සවය අවස්ථාවේ දී ගත් ඡායාරූප කිහිපයකි.

ඡායාරූප අනුග්‍රහය

ජනාධිපති මාධ්‍ය අංශය

Comments