සුදු භීෂ­ණයේ කළු සෙව­ණැලි එළි­දැ­ක්වීම හෙට ගාල්ලේදී | සිළුමිණ

සුදු භීෂ­ණයේ කළු සෙව­ණැලි එළි­දැ­ක්වීම හෙට ගාල්ලේදී

ප්‍රවීණ මාධ්‍ය­වේ­දී­යකු ගත්ක­තු­ව­ර­යෙකු වන සුග­ත­පාල මෙන්ඩිස් මහතා විසින් රචිත “සුදු භීෂ­ණයේ කළු සෙව­ණැලි“ කෘතිය ගාලු මහ­ජන ක්‍රීඩා මණ්ඩ­ප­යේදී හෙට 25 වැනිදා සඳුදා පස්වරු 3.00ට එළි දැක්වේ.

උත්සව සභාවේ මුල­සුන ආචාර්ය බද්දේ­ගම සමිත හිමි­පා­ණන් වහන්සේ හොබ­වන අතර ප්‍රධාන දේශ­නය කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ ශ්‍රීපාලි මණ්ඩ­පයේ මණ්ඩා­ධි­පති ආචාර්ය ටියු­ඩර් වීර­සිං­හ­යන් විසින් සිදු කරයි.

මීට අම­ත­රව රුහුණු විශ්ව­වි­ද්‍යා­ලයේ වෛද්‍ය පීඨා­ධි­පති ළමා­රෝග විශේ­ෂඥ වෛද්‍ය මහා­චාර්ය වසන්ත දේව­සිරි, ප්‍රවීණ ගත්ක­තු­වර ජ්‍යෙෂ්ඨ පුව­ත්පත් කලා­වේදී ආචාර්ය ධර්මන් වික්‍ර­ම­රත්න යන මහ­ත්වරු දේශන පව­ත්වති.

Comments