රුව­න්මැලි සෑයේ කොත පැල­ඳීම හෙට | Page 2 | සිළුමිණ

රුව­න්මැලි සෑයේ කොත පැල­ඳීම හෙට

 

රුව­න්මැලි මහා සෑර­දුන්ගේ නව චූඩා මාණි­ක්‍යය සහ පාදම පැල­ඳ­වීමේ මහා පුණ්‍යෝ­ත්ස­වය හෙට (25) පස්ව­රුවේ සිදු කෙරේ. පස්වරු 5.00 ට ආරම්භ වන මෙම පින්කම පැවැ­ත්වෙන්නේ අට‍ම­ස්ථා­නා­ධි­පති ආචාර්ය පල්ලේ­ගම සිරිනිවාස නාහි­මි­පා­ණන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් සහ රුව­න්මැලි මහා සෑයේ විහා­රා­ධි­කාරි පල්ලේ­ගම හේම­ර­තන නාහි­මි­පා­ණන්ගේ සහ­භා­ගි­ත්ව­යෙනි.

කොත නිරා­ව­ර­ණය කිරීමේ උත්ස­වය 26 වැනි අඟ­හ­රු­වාදා පෙර­ව­රුවේ පැවැත්වේ. රුව­න්මැලි මහා සෑයට නව චූඩා මාණි­ක්‍ය­යක් පැල­ඳ­වීමේ මහඟු කාර්යය මෙවර සිදු කෙරෙන්නේ වසර 80 කට පසු­වය.

Comments