ජාති ආගම් භේද­යෙන් තොරව රට ගොඩනඟන්න එක්වන්න | සිළුමිණ

ජාති ආගම් භේද­යෙන් තොරව රට ගොඩනඟන්න එක්වන්න

 

ක්ෂ විපක්ෂ ජාති ආගම් භේද­ය­කින් තොරව රට ගොඩ­නැ­ඟීමේ ක්‍රියා­ව­ලි­යට ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ප්‍රමුඛ රජ­යට සහාය දෙන්නැයි නාරා­හේ­න්පිට අභ­යා­රා­මා­ධි­පති පූජ්‍ය මුරු­ත්තෙ­ට්ටුවේ ආනන්ද හිමියෝ් ලක්වා­සී­න්ගෙන් ඉල්ලීමක් කරති.

ඉකුත් වසර පහක කාලය තුළ මෙරට ආර්ථික, සමා­ජීය, දේශ­පා­ලන ඇතුළු අංශ ගණ­නා­වක් ඔස්සේ කඩාවැටුණු බවත් මේ රට ගොඩ ගැනීම සඳහා සිය­ලු ජන­තාව ඊට එක් වෙමින් කට­යුතු කළ යුතු කාල­යක් එළැඹී ඇති බවත් උන්ව­හන්සේ පෙන්වා දෙති.

විශේ­ෂ­යෙන් ම රටේ ආර­ක්ෂාව ‍බිඳවැටී තිබූ යුග­යක ත්‍රස්ත ප්‍රහාර ක්‍රියා­ත්මක වෙමින් තිබූ යුග­යක නිමාව තැබී­මට ජන­තාව ගෝඨා­භය රාජ­පක්ෂ මහතා සමඟ එක්වූ බවත් මේ නිවැ­රදි තීන්දුව තුළින් ඉතා කෙටි කාල­ය­කදී මේ රට යහ­පත් යුග­යක් කරා ගමන් කරනු ඇතැයි ද ආනන්ද හිමියෝ පැව­සූහ.

Comments