චෝදනා බොරු | Page 2 | සිළුමිණ

චෝදනා බොරු

නා­ධි­ප­ති­ව­ර­ණ­යේදී සජිත් ප්‍රේම­දාස මහතා ජය­ග්‍ර­හ­ණය කිරීමේ වැඩ­පි­ළි­වෙළ අඩාළ කළ බවට එල්ල වන චෝදනා තමා ප්‍රති­ක්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග­මැති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පව­සයි.

ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා සජිත් ප්‍රේම­දාස මහතා ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා වශ­යෙන් යෝජනා කරනු ලැබුවේ ද තමා විසින් බව වික්‍ර­ම­සිංහ මහතා අව­ධා­ර­ණය කර සිටී. සෙසු පක්ෂ­වල මතය ද සජිත් ප්‍රේම­දාස මහතා ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා බවට පත් කිරි­මට හේතු වූ බව ඔහු පෙන්වා දෙයි.

මෙම යාන්ත්‍ර­ණය හා සිරි­කොත එම වැඩ­ක­ට­යුතු කළ බවට තමාට සහ­තික විය හැකි බවත් මැති­ව­ර­ණය අඩ­පණ කළා යැයි පැව­සෙන චෝදනා තමා­ගෙන් හෝ තමා විසින් නිර්මා­ණය කරන ලද යාන්ත්‍ර­ණය තුළින් සිදු නොවූ­වක් බවත් වික්‍ර­ම­සිංහ මහතා කියයි.

Comments