ගෝඨා­භ­යට ඔට්ටු අල්ලා ‍කෝටි 500ක් දිනාගනී | Page 3 | සිළුමිණ

ගෝඨා­භ­යට ඔට්ටු අල්ලා ‍කෝටි 500ක් දිනාගනී

 

නා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ජය­ග්‍ර­හ­ණය කරන බවට මුදල් සහ දේපළ ඔට්ටු ඇල්ලූ ව්‍යාපා­රි­ක­යන් පිරි­සක් රුපි­යල් කෝටි 500කට අධික මුද­ලක් දිනා ඇතැයි වාර්තා වේ. දිව­යිනේ විවිධ පළාත් කේන්ද්‍ර කරගනි­මින් ‌ෙම් ඔට්ටු ඇල්ලීම සිදු කර ඇති අතර ගාල්ල, මාතර, කුරු­ණෑ­ගල, කොළඹ, කළු­තර ඇතුළු නගර රැසක ව්‍යාපා­රි­ක­යන් මේ සඳහා සහ­භාගි වී ඇත.

මෝටර් රථ, මැණික්, ස්වර්ණා­භ­රණ, ඉඩම් ඇතුළු තවත් ව්‍යාපාර රැසක නියැ­ළෙන ව්‍යාපා­රි­ක­යන් මෙම ඔට්ටු ඇල්ලීම සිදු කර ඇති බවත් බොහෝ ඔට්ටු රුපි­යල් කෝටි පහ ඉක්මවූ ඒවා බවත් කියති. මුද­ල්ව­ලට අම­ත­රව සුඛෝ­ප­භෝගි මෝටර් රථ, නිවාස, වෙළෙඳසැල් සහ බස් රථ බල­පත්‍ර ඔට්ටු­වට තබා ඇතැයි පැවසේ.

Comments