
රාජ්‍ය අංශයේ සියලු රැකියා ලබා දීමේ විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත. ඒ අනුව එක් එක් ප්‍රදේශවල රැකියා ලබා දීමේදී අඩු ආදායම් ලාභීන්ට සුදුසුකම් මත ප්‍රමුඛත්වය දැක්වීමටද ජනාධිපතිවරයා තීරණය කර ඇත.
ඉහළ අධ්‍යාපන සුදුසුකම් සපුරා ඇති අය සාමාන්‍ය රැකියාවලට පත් කිරීම මඟින් එම රාජකාරිය ඔවුන්ගෙන් නිසියාකාරව ඉටු නොවන බවත් ජනාධිපතිවරයා විසින් පෙන්වා දී ඇත.
එසේම විශේෂ නිපුණත්වයක් අවශ්‍ය නැති රැකියා ඇබෑර්තු සියලු මැති ඇමැතිවරුන්ට බෙදී යන ආකාරයට ලබා දීමේ ක්රමයක්ද ඇරැඹීමට ජනාධිපතිවරයා සැලසුම් කර තිබේ.
යම් පුරප්පාඩුවක් ඇති වූ විට අදාළ ඇමැතිවරයාගේ ආසනයේ ජනතාවට පමණක් රැකියා ලබා දෙනවා වෙනුවට සියලු මැති ඇමැතිවරුන්ට එම රැකියා බෙදී යන පරිදි රැකියා අවස්ථා ලබා දීමට කටයුතු කෙරෙනු ඇත.
පළාත්වල ඇති පුරප්පාඩු ජනාධිපති ලේකම් කාර්යාලයට දැනුම් දීම මඟින් සෑම මන්ත්‍රීවරයකුටම තම ප්‍රදේශවාසී ජනතාවට ඒ හරහා සෙත සැලසිය හැකි බව ජනාධිපතිවරයාගේ විශ්වාසය වී ඇත.