ජාතික ආර­ක්ෂා­වට ඔච්චම් කිරීමේ අව­සන් ප්‍රති­ඵ­ල­යයි මේ | සිළුමිණ

ජාතික ආර­ක්ෂා­වට ඔච්චම් කිරීමේ අව­සන් ප්‍රති­ඵ­ල­යයි මේ

 

 

ව ජනා­ධි­ප­ති­ව­රයා තේරී පත්වී­මෙන් අන­තු­රුව ගතවූ දින කිහි­පය තුළ මේ රටේ ඉදිරි ගමන සඳහා තබන ලද නව පිය­වර සම්බ­න්ධ­යෙන් විශේෂ කතා­බ­හ­කට ලක්වුණා. ඇතැම් තීරණ ඉති­හා­සයේ කිසිදු ජනා­ධි­ප­ති­ව­ර­යකු ලෙස ගෙන නැති තීරණ නිසා මෙය සැබෑ වෙනසක් ලෙස ජන­තාව අතර කතා බහට ලක්වුණා. මෙවැනි තීන්දු ප්‍රායෝ­ගික කළ හැකිද කියලා ඇතැ­මුන් තර්ක කර­නවා.

ඉතා පැහැ­දි­ලි­වම කළ නොහැකි කිසිදු තීර­ණ­යක් අර­ගෙන නැහැ .මා දකින ගෝඨා­භය කියලා මම වෙනම පත්‍රි­කා­වක් අපේ ප්‍රදේ­ශයේ බෙදා හැරියා. මම එතු­මාව දැක්කේ නිර්ව්‍යාජ ලෙස රටට ජාති­යට ආද­රය කරන, සංස්කෘ­ති­යට ආද­රය කරන කෙනෙක් විදි­යට. තමන්ගේ ජිවි­තයේ පර­මා­ර්ථය; උපන් බිමට උප­රිම මෙහෙ­වර කිරීම කියලා අපි එතුමා තුළින් දැක්කා.

එතුමා සරල චාම් වෙනත් පුද්ග­ලික පිරි­වැය ප්‍රති­ලාභ ලබා­ගන්න පෞද්ග­ලික න්‍යාය පත්‍ර­යක් නැති කෙනෙක් කියලා අපි එතුමා පිළි­බඳ ව දැන සිටියා. ජාතික න්‍යාය පත්‍ර­යක් පම­ණයි එතු­මාට තියෙන්නේ. ජනා­ධි­පති කර්ය මණ්ඩ­ලය අඩු කිරීම, ජනා­ධි­පති ආර­ක්ෂක අංශ රථ පෙළ­හැර දෙකක් දක්වා අඩු කිරීම, ගමන් බිමන් වලදී මහ­ජ­න­තා­වට අව‍හිර වන අාකා­ර­යට මාර්ග බාධක නොයෙ­දීම, පාර­වල් වසා තැබීම, රජයේ ආය­ත­න­වල නිල රාජ්‍ය ලාංඡ­නය පම­ණක් යෙදීම, ජාතික ගීය සියලු ජන­වර්ග විසින් සිංහ­ල­යෙන් පම­ණක් ගායනා කිරී­මට තීර­ණය කිරීම, වඩාත් සුදුසු වෘත්තීය නිපු­ණතා සහිත නිළ­ධා­රින් රාජ්‍ය තන­තු­රු­ව­ලට පත් කිරීම යනාදී ලෙස නව දිශා­න­ති­යක් රටට ලෝක­යට පෙන්නලා පූර්වා­ද­ර්ශ­යක් ලබාදී තිබෙ­නවා.

 

ඉතා සුළු අමාත්‍ය මණ්ඩ­ල­යක් කැබි­නට් අමාත්‍ය මණ්ඩල ලෙස පත් කිරී­මට ජනා­ධි­ප­ති­ව­රයා තීර­ණය කර තිබෙ­නවා. ඒ අනුව ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් කැප වී කට­යුතු කළ ඇතැම් මන්ත්‍රී­ව­රුන්ට අසා­ධා­ර­ණ­යක් වෙන්නේ නැද්ද.?

අපිට කෙටි කාල පරි­ච්ඡේ­ද­යක් තියෙන්නේ. නිත්‍ය කැබි­නට් මණ්ඩ­ල­යක් අවු­රුදු පහක කාලය සීමා­ව­කට පත් කර­ගත හැක්කේ පාර්ලි­මේන්තු මහ මැති­ව­ර­ණ­යෙන් පසු­වයි. මහ මැති­ව­ර­ණය මාර්තු, අප්‍ර­යෙල් කාලය තුළ පැවැ­ත්වෙ­නවා.

ඒ අන්තර් කාලය තුළ භාර­කාර ආණ්ඩු­වක අලුත් විශේෂ ව්‍යාපෘති සඳහා නොව එදි­නෙදා පව­ත්වා­ගෙන යෑමේ කට­යුතු සහ අනා­ග­තයේ කිරී­මට බලා­පො­රොත්තු වෙන ව්‍යාපෘති සැලැ­සුම් කර­ගැ­නි­මයි කුඩා කැබි­නෙ­ට්ටු­වට පැවැ­රෙන්නේ. ඒ නිසා ඒ මාස තුන හත­රක කාල­යක් විශාල කැප­වී­ම­කින් කට­යුතු කළ යුතුයි. පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­ය­කින් පසුව අමා­ත්‍යංශ පිහි­ටුවූ විට වග­කීම් නිසි ලෙස ඉටු­කි­රි­මට හැකි­වෙයි මේ කෙටි කාලය තුළදි. දැනට මාස තුන­කට සිමා කිරී­මට තමයි කට­යුතු කරන්නේ.

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට පෙර එතුමා වැඩි අව­ධා­න­යක් යොමු කරලා තිබුණේ රටේ ආර­ක්ෂාව සම්බ­න්ධ­වයි. ඉදි­රියේ දි ඒ පිළිබදව ගැනී­මට නියමිත තීරණ සම්බ­න්ධ­යෙන් කතා කළ­හොත්? ඒ වගේම ඇතැ­මුන් කිය­නවා ජාතික ආර­ක්ෂාව ඇති­ක­ර­නවා කියලා කියන්නේ එතුමා විසින් මිලි­ටරි පාල­න­යක් ඇති කිරි­මට පිය­වර ගැනී­මක් කියලා.?

ජාතික ආර­ක්ෂාව කියන්නේ තමන්ගේ ආරක්ෂා සලසා ගැනීම. එය තනි­ත­නි­වම පුර­වැ­සි­යන්ට කර­ග­න්නට බැහැ . ඕනෑම රජ­යක් පව­ත්වා­ගෙන යාමට නිල යුද හමු­දා­වක්, නාවුක හමු­දා­වක්, ගුවන් හමු­දා­වක්, පොලි­සි­යක් අව­ශ්‍ය­යයි. ඒවා ලෝක‍යේ කොහේ­වත් පෞද්ග­ලි­කව පව­ත්වා­ගෙන යන්නේ නැහැ. බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්ට බැරි­නම් එතැ­නින් එහාට අ‍ාර්ථික දියු­ණු­වක් ගැන කතා කරලා වැඩක් නැහැ. එ් නිසා යහ­පා­ලන රජ­යට වැර­දුණේ ජාතික ආර­ක්ෂා­වට ඔච්චම් කරපු නිසා. යොදා තිබුණ බැරි­ය­ර්ව­ලට පයින් ගැහුවා. මෙයින් වුණේ රටේ ආර­ක්ෂාව බිඳ වැටී­මයි. බුද්ධි අංශ නිල­ධා­රින් සිර­ගත කළා; ඔවුන්ට කන් දුන්නේ නැහැ. ජාතික ආර­ක්ෂා­වට ඔච්චම් කිරිමේ අව­සන් ප්‍රති­ඵ­ලය නිරා­වුද අහිං­සක මිනි­සුන් සිය­ග­ණ­නක් ඝාත­නය වීමයි.

 

මේ වන විට විශ්‍රා­මික හමුදා නිළ­ධා­රීන් ආර­ක්ෂක අංශයේ නිල­තල වලට පත් කිරීම මෙරටේ මිලි­ටරි පාල­න­යක් ඇති කිරීමේ පළමු පිය­වර බවට ඇතැ­මුන් තර්ක කර­නවා?

ඒ චෝදනා අපිට අදාළ නැහැ.

ඔබට මතක ඇති, උතුරු නැගෙ­න­හිර ඇතැම් හමුදා නිල­ධා­රීන් මාරු­වීම් ලබා ඒ වගේම විශ්‍රාම ගොස් නැවත පැමි­ණෙන විටත් ඒ ප්‍රදේ­ශ­වල දෙමළ ජන­තාව හඩා වැළ­පෙන අයුරු. මේ තියෙන්නේ සිවිල් පාල­න­යක්;හමුදා පාල­න­යක් නොවෙයි. ඉතා පැහැ­දි­ලි­වම ‍රටේ ජන­තාව මේ නිල­ධා­රීන්ට ආද­රය කර­නවා. ජන­තාව මෙවර බොරු පොරොන්දු දේශ­පා­ල­න­යට හසු­වුණේ නැහැ.

 

රටේ ආර­ක්ෂාව මෙන්ම ජනතා කේන්ද්‍රීය ආර්ථි­ක­යක් ගොඩ නැඟීම එතු­මාගේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නයේ ඇති තවත් වැද­ගත් යෝජ­නා­වක් නේද? ඒ සම්බ­න්ධ­යෙන් ඉදි­රි­යේදි ගනු ලබන තීන්දු තීරණ කෙබඳු ද?

දින­ප­තාම නාය යමින් පැවතුණ ආර්ථි­ක­යට ක්ෂණික ව සහන සැල­සීය යුතුයි. අවශ්‍ය අංශ­ව­ලට හැකි උප­රිම සහය ලබා දෙමින්, ආර්ථි­ක­යට විශේ­ෂ­යෙන්ම හුස්ම­ගැ­නී­මට සැල­සී­මයි පළමු ‍පියවරේදී සිදු විය යුතු වෙන්නෙ.

 

මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණයේ ජනා­ධි­පති අපේක්ෂ­කයා පත් කර­ගැ­නී­මේදී විශේ­ෂ­යෙන් ඡන්දය ලබා දී ති‍බුණේ, මෙරට අති බහු­ත­ර­යක් වන සිංහල බෞද්ධ ජන­තාව. සුළු ජාතීන් සිටින රට­කට මෙවැනි දේශ­පා­ලන තීන්දු­වක් ලැබීම එත­රම් සුබ­දා­යක නොවන බව ඇතැම් දේශ­පා­ලන විචා­ර­ක­යන්ගේ අද­හස වී තිබෙ­නවා?

ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය කියන්නේ රටේ බහු­ත­රයේ කැමැත්ත මත කෙරෙන පාල­න­ය­කට. බහු­ත­රය ඉතා විශාල ජන­ව­ර­මක් ලබා දුන්නාම ඒ බහු­ත­ර­යට අනුව කට­යුතු කිරී­මයි ප්‍රජා­ත­න්ත්‍ර­වාදී රටක ලක්ෂ­ණය. බහු­ත­ර­යක් වන හැට නම ලක්ෂ­යක් ඡන්දය ප්‍රකාශ කර තියෙ­නවා. එ් බහු­තර මත­ය­කට කට­යුතු කිරී­මයි විය යුතු.

බහු­ත­රය කව­දා­වත් කියලා නැහැ; සුළු ජාතීන් ලංකා­වෙන් පන්නා දමන්න කියලා. ඒ බහු­ත­රය කියලා තියෙන්නේ එක රටක්; එකම නිති­යක් යටතේ කට­යුතු කරන්න කියලා. අන­වශ්‍ය ලෙස මේ රටේ මහ ජාතිය බිත්ති­යට හේත්තු කරලා පීඩ­න­ය­කට පත් වෙන­කොට ඔවුන් සම­ගි­යෙන් සමා­දා­න­යෙන් ජීවත් වීමට අවශ්‍ය නිසා ඔවුන්ට ඇති මහ ශක්තිය පෙන්නුම් කළා; ඔවුන් සුළු ජාතීන්ට ඒ සඳහා ආරා­ධනා කිරී­ම­කුයි මේ කළේ.

එහි කිසිදු වැරැ­ද්දක් අපි දකින්නේ නැහැ. ජාති­වාදී නාය­ක­යන් මේ වන විට තීන්දු කරලා තියෙ­නවා සාකච්ඡා මාර්ග­යෙන් ඔවු‍න්ගේ ගැටලු විසඳා ගන්නට පුළු­වන් කියලා. ජාති­යක් ලෙස ප්‍රශ්න විස­දන්නේ නැහැ. සුළු ජාති­යට තියෙන ප්‍රශ්න, මහ‍ ­ජා­ති­ය­කට තියන ප්‍රශ්න කියලා බෙදා වෙන් කරන්නේ නැහැ. සියලු ජන­තා­වගේ ප්‍රශ්න එක හා සමාන ප්‍රශ්න . දුප්ප­ත්කම මන්ද පෝෂ­ණය විරැ­කියා ව ඔක්කො­ටම පොදුයි. මේ ‍රටේ සෛව­රී­භා­ව­යට පට­හැනි කිසිදු ගිවි­සු­ම­කට ඉදි­රි­යේදී ඇති කරන්නේ නැහැ . ජාති­වා­ද­යෙන් තොර රටක් ඉදි­රි­යේදි ගොඩ­නැ­ඟී­මට ජන­තාව මහ­මැ­ති­ව­ර­ණ­යේ­දිත් සුදා­නම් වෙලා ඉන්නවා. අපි සුදා­නම් ද කියන එකයි ඔවුන් බලා­ගෙන සිටියේ. රටට අවශ්‍ය දිශා­න­තිය ජන­තාව ‍තෝරාගෙන අව­සා­නයි.‍

 

මෙවර ජනා­ධි­පති මැති­ව­ර­ණ­යේදි ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් වැඩි ම ඡන්ද ප්‍රමා­ණ­යක් හෝමා­ගම මැති­ව­රණ බල ප්‍ර‍දේශ­යෙන් ලැබී තිබුණා. එයට හේතුව ලෙස ඔබ දකින්නේ කුමක්ද?

මේ ප්‍රදේ­ශයේ වාසය කරන්නේ සිංහල බෞද්ධ ජන­තා­වයි. මේ යහ­පා­ල­නය ආරම්භ කරපු දිනය පටන් මංගල සම­ර­වීර වැනි වග­කි­ව­යුතු ඇමැ­ති­ව­රුන් කියපු කතා ජන­තා­වට මතක තියෙ­නවා. මෙය සිංහල බෞද්ධ රටක් නොවන බව ඒ අය කියන්න පටන් ගත්තා. අන්ත­වා­දය, බෙදු­ම්වා­දය, දිරි­ග­න්වන සිංහල බෞද්ධ කිතු­ණු­වන්ට, රටට ආද­රය කරන මිනි­සුන්ට එළව එළවා පහර දෙන තත්ත්ව­යක් අපේ රටේ ඇති වුණා. එයයි මෙයට හේතු වුණ කාර­ණය. විහා­ර­ධි­පති භික්ෂූන් වහන්සේ අප­වත් වුණාම අදා­හ­නය පිළි­බ­ඳ­වත් ප්‍රශ්න මතු වුණා. රටේ නාහි­මි­වරු අත්අ­ඩං­ගු­වට ගත්තා. පින් කැට සීල් කළා. මහ සංඝ­ර­ත්න­යට හිරි­හැර කළා. ඩොලර් කාක්කන්, ජාවා­රම් කරු­වන්, අප­හාස උප­හාස කරන්න පටන් ගත්තා. රණ­විරු දඩ­යම ජයට ම කර­ගෙන ගියා. පාස්කු ප්‍රහා­ර­යෙන් පසු ව රජ­යට ජාතික අාර­ක්ෂාව, මුදලේ අගය ආරක්ෂා කරන්න බැරි බව ජන­තාව දැන­ගෙන හිටියා. ස්වජා­තික කෘෂි­ක­ර්මය ආර­ක්ෂාව සංස්කෘ­තික හර පද්ධ­තින් ආරක්ෂා කළ නොහැකි බව දැන සිටියා.

ඒ පිළි­බඳ ව අව­බෝ­ධ­යක් ජන­තා­වට තිබුණා. අපි විශේ‍ෂ­යෙන් මහන්සි වෙලා මුළු කාලය පුරාම මේ පිළි­බඳ ව ජන­තාව දැනු­වත් කළා. මහින්ද රාජ­පක්ෂ යුග­යේදි හෝමා­ගම ප්‍රදේශ­යට ඉතා දැවැන්ත සංව­ර්ධන ව්‍යාපෘති ලබා දී තියෙ­නවා. යහ­පා­ලන සමයේ එයට අලගු තිය­න්න­වත් කිසිදු දෙයක් ලැබී තිබුණේ නැහැ. එක්සත් ජාතික පාක්ෂි­කයෝ පවා දැන සිටියා කිසිදු දෙයක් මේ පළා­තට ලැබුණේ නැහැ කියලා.

එහි ප්‍රති­ඵ­ල­යක් වුණේ; සමස්ත ශ්‍රීලං­කාවේ හෝමා­ගම ආස­න­යෙන් ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට එක්ලක්ෂ හය­ද­හ­ස­ක­ටත් අධික ඡන්ද ප්‍රමා­ණ­යක් ද හැට හය දහ­ස­කට ආසන්න වැඩි ඡන්ද ප්‍රමා­ණ­ය­කුත් සිය­යට හැට අටක ඡන්ද ප්‍රති­ශ­ත­ය­කුත් ලබා­ගැ­නී­මට හැකි‍වී­මයි. මේ නිසා ජනා­ධි­ප­ති­ව­රණ ඉති­හා­සයේ වාර්තා­වක් තියන්න හෝමා­ගම ජන­තා­වට පුළු­වන් වුණා.

Comments