ඡන්ද­යට දින තුන­කට පෙර බැසිල් කී අනා­වැ­කිය | සිළුමිණ

ඡන්ද­යට දින තුන­කට පෙර බැසිල් කී අනා­වැ­කිය

ශ්‍රී ලංකාවේ ළාබා­ලම දේශ­පා­ලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ මේ වන විට රටේ පාලන බලය අල්ලා හමා­රය. ඒ පසු­ගිය 16 වැනි දා පැවැත්වූ හත්වන විධා­යක ජනා­ධි­ප­ති­ව­රයා තෝරා පත් කර ගැනීමේ මැති­ව­ර­ණ­යෙන් සිය ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා ලෙස හිටපු ආර­ක්ෂක ලේකම් ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ඉදි­රි­පත් කර ඡන්ද 6,924,255 සහ සිය­යට 52.25ක ප්‍රති­ශ­ත­යක් ලබා­ග­නි­මිනි. වසර තුනක් වැනි කෙටි කාල­ය­කදී ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ රටේ පාලන බලය ඇල්ලුවේ කෙසේද යන්න විමසා බැලිය යුතුය.

 

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ උපත සිදු වන්නේ විමල් ගීග­නගේ මහතා නාය­ක­ත්වය දැරූ ශ්‍රී ලංකා ජාතික පෙර­මුණ සහ අපේ ශ්‍රී ලංකා නිද­හස් පෙර­මුණ නම් දේශ­පා­ලන පක්ෂ­යෙනි. වර්ත­මා­නයේ රටේ දැවැ­න්තම දේශ­පා­ලන පක්ෂය වන එහි නිර්මා­තෘ­ව­රයා සහ ජාතික සංවි­ධා­ය­ක­ව­රයා හිටපු ආර්ථික සංව­ර්ධන ඇමැති බැසිල් රෝහණ රාජ­පක්ෂ මහ­තාය. පොහො­ට්ටුව සිය නිල ලාංඡ­නය කර ගත් ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ නිල වශ­යෙන් ආරම්භ කරන්නේ 2016 වසරේ නොවැ­ම්බර් 06 වැනිදා බත්ත­ර­මුල්ල නෙළුම් මාවත පක්ෂයේ ප්‍රධාන කර්යා­ල­යේ­දීය. පක්ෂයේ සභා­ප­ති­ව­රයා ලෙස හිටපු ඇමැ­ති­ව­ර­යකු සහ නීති විශා­ර­ද­යකු වන ජී.එල් පීරිස් මහතා කට­යුතු කරන අතර පක්ෂයේ ලේක­ම්ව­රයා ලෙස නිතීඥ සාගර කාරි­ය­ව­සම් මහතා කට­යුතු කරයි. අංක 1316 නෙළුම් මාවත , ජය­න්ති­පුර බත්ත­ර­මුල්ල පක්ෂයේ ප්‍රධාන කර්යා­ලය පිහි­ටුවා තිබේ.

එක්සත් ජාතික පක්ෂ­යෙන් ඉවත් වී එස්.ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩා­ර­නා­යක මහතා සහ ඩී.ඒ රාජ­පක්ෂ මහතා ඇතුළු කණ්ඩා­ය­මක් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය බිහි කළා සේ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ බිහි වන්නේ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිද­හස් සන්ධා­නයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් සහ එහි ක්‍රියා­කා­රීන්ගේ එක­මු­තු­වෙනි. 2015 වසරේ පැවැති ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් මහින්ද රාජ­පක්ෂ මහතා නොසිතූ ලෙස පරා­ජ­යට පත් වීමෙන් පසුව එතුමා වටා ගොනුව තිබු ජනතා ආක­ර්ෂ­ණය මුල් කොට­ගෙන ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ බිහි විය. 2015 අගෝස්තු මාසයේ පැවැති මහා මැති­ව­ර­ණ­යට එක්සත් ජනතා නිද­හස් සන්ධා­නය මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ මැති­ව­රණ මෙහෙ­යුම් නාය­ක­ත්ව­යෙන් තරග කළ අතර ඒ වන විට මාස අටක් වැනි කෙටි කාල­ය­කදී පිරි­හී­මට පත් වී තිබු යහ­පා­ලන ආණ්ඩුව පරා­ජය කිරීමේ හැකි­යාව පෙනෙ­න්නට තිබිණි. නමුත් එව­කට ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා එ.ජ.නි.ස ජය­ග­ත්තද මහින්ද රාජ­පක්ෂ මහ­තාට අග­මැ­ති­කම නොදෙන බව වැනි ප්‍රකාශ කිරී­මත් , එක්සත් ජනතා නිද­හස් සන්ධා­නයේ සහ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ ප්‍රධාන ලේක­ම්ව­රුන් ඉවත් කිරීම නිසා මහා මැති­ව­ර­ණ­යේදී එක්සත් ජනතා නිද­හස් සන්ධා­න­යට ලබා­ගත හැකි වුයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී ධුර 96 ක් පමණි.

එතැන් පටන් ශ්‍රී ලංකාවේ පස් වැනි විධා­යක ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා වටා ගොඩ නැඟී තිබු ජනතා බල­වේ­ගය ඉල්ලා සිටියේ නව දේශ­පා­ලන පක්ෂ­යක් බිහි කර රටේ පාලන බලය අල්ලා රට වේග­වත් සංව­ර්ධන මාව­ත­කට සහ රටේ ආර­ක්ෂාව තහ­වුරු කරන ලෙසය. නව දේශ­පා­ලන ව්‍යාපා­ර­යක් බිහි කිරීමේ වග­කීම මහින්ද රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­තුමා විසින් බාර දෙනු ලැබුවේ සිය සොයුරු බැසිල් රෝහණ රාජ­පක්ෂ මහ­තා­ටය. එහි වග­කීම එතුමා අකු­ර­ටම ඉටු කළේය. සැබ­වින්ම මහින්ද රාජ­පක්ෂ මැති­තුමා වටා ගොඩ නැඟී තිබු ජනතා ආක­ර්ෂ­ණය ක්‍රමා­නු­කූ­ලව සංවි­ධා­නය කර හත් වැනි විධා­යක ජනා­ධි­පති බිහි කිරීමේ ක්‍රියා­දා­මයේ තිරය පිටු­පස මහ මොළ­කරු බැසිල් රාජ­පක්ෂ මහ­තාය.

යහ­පා­ලන ආණ්ඩුව විසින් නොයෙ­කුත් අභූත චෝදනා ගොනු කර­මින් බැසිල් රාජ­පක්ෂ මහතා වරින් වර සිර­ගත කරන ලදී. සිපිරි ගෙද­රදී එතුමා ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ නිල ලාංඡ­නය වන පොහො­ට්ටුව ලකුණ නිර්මා­ණය කළේය. පක්ෂයේ නම ලෙස ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ ලෙස නම් කෙරිණි. සිපිරි ගෙද­රින් එළි­යට පැමිණි බැසිල් රාජ­පක්ෂ මහතා එක්සත් ජනතා නිද­හස් සන්ධා­නය වටා එක් වී සිටි මහින්ද රාජ­පක්ෂ මහතාට ආද­රය කළ සාමා­ජි­ක­යින්, පළාත් පාලන ආය­තන මන්ත්‍රී­ව­රුන්, සභා­ප­ති­ව­රුන්, පළාත් සභා මන්ත්‍රී­ව­රුන් සහ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් එක් කර ගනි­මින් ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ දැවැන්ත දේශ­පා­ලන ව්‍යාපා­ර­යක් බවට පත් කිරීමේ බාර දුර වග­කීම කරට ගත්තේය. නෙළුම් මාවත පක්ෂ මුල­ස්ථා­නයේ සිට සිය සංවි­ධාන කට­යුතු ආරම්භ කළ එතුමා රට වටා යමින් මහින්ද රාජ­පක්ෂ මහතාට ආද­රය කළ ක්‍රියා­කා­රීන් සමඟ පක්ෂ­යට සාමා­ජි­ක­යන් බඳ­වා­ග­නි­මින් ශාඛා සමිති පිහිටු වීමේ කට­යුත්ත මුලින්ම ආරම්භ කළේය. ඉන් පසුව පක්ෂයේ වෘත්තීය සමිති ව්‍යාපා­ර­යට නාය­ක­ත්වය දෙමින් පක්ෂ­යට ශක්ති­මත් වෘත්තීය සමිති ව්‍යාපා­ර­යක් බිහි කිරීමේ වග­කීම හිටපු කම්කරු ඇමැ­ති­ව­ර­යකු වූ ගාමිණී ලොකුගේ මහතාට භාර කෙරිණි.

මහින්ද රාජ­පක්ෂ මහතාගේ වෘත්තීය සමිති අධ්‍ය­ක්ෂ­ක­ව­රයා වු නීතීඥ සුමිත් විජේ­සිංහ මහ­තාත් දිවං­ගත හේම­සිරි ජය­ලත් මහ­තාත් පක්ෂයේ වෘත්තීය සමිති ව්‍යාපා­රය ගොඩ නැඟී­මට කැප වුහ. වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රග­ති­ශීලී සේවක සංග­මය, ගුරු සංග­මය, රාජ්‍ය සේවා වෘත්තීය සමිති සංග­මය, වතු සංග­මය, නීතීඥ සංග­මය, උපා­ධි­ධාරී සංග­මය, ගොවි සංගම්, ධීවර සංගම්, නිද­හස් කලා සන්ධා­නය, පොදු­ජන මාධ්‍ය සංවි­ධා­නය ආදී වශ­යෙන් අද වන විට රටේ දැවැ­න්තම වෘත්තීය සමිති ව්‍යාපා­ර­යට සතුව ඇත්තේ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ වටාය. ඒ සියලු වෘත්තීය සමිති නාය­ක­යන් සමඟ සෘජුව ගනු­දෙනු කර­මින් බැසිල් රාජ­පක්ෂ මහතා සහ ගාමිණී ලොකුගේ මහතා වෘත්තීය සමිති ව්‍යාපා­ර­යට නාය­ක­ත්වය දෙති.

2016 වසරේ පොදු­ජන පෙර­මුණ බිහි කිරී­මෙන් පසුව අලු­යම එක දෙක වන තුරු බැසිල් රාජ­පක්ෂ මහතා නෙලුම් මාවත කාර්යා­ලයේ රැඳී සිටි­මින් පක්ෂය ශක්ති­මත් කළේය. යළිත් උදෑ­සන අට වන විට නෙලුම් මාව­තට එන එතුමා පක්ෂය ගොඩ නැඟී­මට දිවා රෑ නොබලා මහන්සි විය. 2018 වසරේ පළාත් පාලන මැති­ව­ර­ණය වසර දෙකක් ප්‍රමාද වී පව­ත්වන්නේ එවැනි පසු­බි­ම­ක­දීය. අතැ­මුන් පොහො­ට්ටුව පාර දිගේ ඇවි­ද්ද­වන බව කියද්දී පළාත් පාලන මැති­ව­ර­ණ­යේදී ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ මෙරට පළාත් පාලන ආය­තන 340න් ආය­තන 239ක බලය අත්පත් කර­ගන්නේ කිසි­වෙ­කුත් නොසිතූ පරිදි විශිෂ්ට ජය­ග්‍ර­හ­ණ­යක් ලබ­මිනි.

පළාත් පාලන මැති­ව­ර­ණය ව්‍යාපා­ර­යට ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ නොපෙ­නෙන නාය­කයා ලෙස මහින්ද රාජ­පක්ෂ මහතා සිය ශක්තිය ලබා දුන්නේය. බැසිල් රාජ­පක්ෂ මහතා පක්ෂයේ සංවි­ධාන යාන්ත්‍ර­ණය නිසි පරිදි ක්‍රියා­ත්මක කළේය. එතැන් පටන් දෙස් විදෙස් කවු­රුත් පොහො­ට්ටුව දෙස බලා සිටි­යේය. 2019 වසරේ ඔක්තෝ­ම්බර් 11 පැවැති පක්ෂයේ ප්‍රථම මහ­ජන සමු­ළු­වේදී මහින්ද රාජ­පක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ නාය­ක­ත්ව­යට පත් විය. ඒ සම­ඟම 2019 ජනා­ධි­ප­ති­ව­ර­ණයේ පක්ෂයේ අපේ­ක්ෂ­කයා ලෙස සිය සොයුරු ගෝඨා­භය රාජ­පක්ෂ මහතා නම් කෙරිණ. එතැන් පටන් ආරම්භ කළ මැති­ව­රණ ව්‍යාපා­රය පසු­ගිය 16 වැනිදා නිමා වූයේ මේ රටේ ළාබා­ලම දේශ­පා­ලන පක්ෂයෙන් මෙරට හත්වන විධා­යක ජනා­ධි­ප­ති­ව­රයා ලෙස ගෝඨා­භය රාජ­පක්ෂ මහතා පත් වෙමින් වැඩි ඡන්ද ලක්ෂ 13කට වඩා ලබා­ග­නි­මිනි.

එක්සත් ජාතික පක්ෂය සිය මැති­ව­රණ ව්‍යාපා­රය ආරම්භ කළේ රාජ­ප­ක්ෂ­ව­රුන් මැද­මූ­ලන නිවසේ හතර කොනේ එල්ලන බව කිය­මිනි. ඒ තර­ම­ටම එ.ජා.පය මැති­ව­රණ ජය­ග්‍ර­හ­ණය ගැන පුර­සා­රම් දෙඩු­වේය. නමුත් ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට දින දෙක­කට පෙර කොළඹ තරු හෝට­ල­ය­කදී පැවැති අව­සන් මාධ්‍ය හමු­වට පසුව බැසිල් රාජ­පක්ෂ මහතා මාධ්‍ය­වේ­දීන් හමුවේ කීවේ ජනා­ධි­ප­ති­ව­ර­ණය වැඩි ඡන්ද ලක්ෂ 13ත් 15ත් අතර ප්‍රමා­ණ­ය­කින් ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ජය­ගන්නා බවය. එය සබෑ­වක් බවට පත් විය. ජ්‍යෙති­ෂ­වේ­දීන් පවා ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට රාජ­යෝ­ග­යක් නැති බව කියද්දී මැති­ව­ර­ණය ජය­ගන්නා ඡන්ද ප්‍රමා­ණය හරි­ය­ටම බැසිල් රාජ­පක්ෂ මහතා කීවේය. ජ්‍යොති­ෂ­වේ­දීන්ට වඩා නිවැ­රැදි අනා­වැකි කිය­න්නට බැසිල් රාජ­පක්ෂ මහතා සමත් විය. ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජය­ග්‍ර­හණ පිටු­පස සිටින මහ මොළ­කරු ලෙස බැසිල් රාජ­පක්ෂ මහතා හැඳි­න්වීම වර­දක් නොවන්නේ ඒ නිසාය. එසේම ශ්‍රී ලංකාවේ පස් වැනි විධා­යක ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා වටා ගොඩ නැඟුණ ජනතා පවුර නැත­හොත් ජනතා ආකර්ෂ­ණය නොව­න්නට අද ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ නම් පක්ෂ­යක් නැති බවද කිව යුතු­මය.

 

Comments