අලුත් ඇමැතිවරුන්ට ජනපති දුන් පණිවුඩය | Page 2 | සිළුමිණ

අලුත් ඇමැතිවරුන්ට ජනපති දුන් පණිවුඩය

සු­ගිය සතියේ පැවැති ජනා­ධි­ප­ති­ව­ර­ණ­යෙන් විශිෂ්ට ජය­ග්‍ර­හ­ණ­යක් ලැබූ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ගෝඨා­භය රාජ­පක්ෂ මහතා 18 වැනි සඳුදා දිවු­රුම් දීමෙන් අන­තු­රුව ජනා­ධි­පති ධූරයේ රාජ­කාරි ඇර­ඹීය. නව පත්වීම් කීප­යක් සිදු කළ නව ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා මුහුණ දුන් පළමු අභි­යෝ­ගය වූයේ 15 දෙන­කු­ගෙන් සම­න්විත නව ඇමැති මණ්ඩ­ලය පත්කර ගැනී­මයි. නව අග්‍රා­මාත්‍ය වශ­යෙන් මහින්ද රාජ­පක්ෂ මහතා 21 වැනි බ්‍රහ­ස්ප­තින්දා දිවු­රුම් දුන් අතර 15 දෙනෙ­කුට සීමා වූ නව ඇමැති මණ්ඩ­ලය දිවු­රුම් දෙනු ලැබුවේ 22 වැනි සිකු­රාදා ය. නව කැබි­නට් මණ්ඩ­ලය මතු දැක්වේ.

 

මහින්ද රාජ­පක්ෂ මහතා - මුදල්, ආර්ථික හා ප්‍රති­පත්ති සංව­ර්ධන, බුද්ධ ශාසන, සංස්කෘ­තික හා ආග­මික කට­යුතු, නාග­රික සංව­ර්ධන ජල සම්පා­දන හා නිවාස පහ­සු­කම්

නිමල් සිරි­පාල ද සිල්වා මහතා - අධි­ක­රණ, මානව හිමි­කම් හා නීති ප්‍රති­සං­ස්ක­රණ

ආරු­මු­ගම් තොණ්ඩ­මන් මහතා - ප්‍රජා සවි­බල ගැන්වීම් හා වතු යටි­තල පහ­සු­කම් සංව­ර්ධන

දිනේෂ් ගුණ­ව­ර්ධන මහතා - විදේශ සබ­ඳතා, නිපු­ණතා සංව­ර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබ­ඳතා

ඩග්ලස් දේවා­නන්ද මහතා - ධීවර හා ජලජ සම්පත්

පවිත්‍රා වන්නි­ආ­රච්චි මහ­ත්මිය - කාන්තා හා ළමා කට­යුතු සහ සමාජ ආර­ක්ෂණ, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය

බන්දුල ගුණ­ව­ර්ධන මහතා - තොර­තුරු සහ සන්නි­වේ­දන තාක්ෂණ, උසස් අධ්‍යා­පන, තාක්ෂණ හා නවෝ­ත්පා­දන

ජනක බණ්ඩාර තෙන්න­කෝන් මහතා - රාජ්‍ය පරි­පා­ලන, ස්වදේශ කට­යුතු, පළාත් සභා සහ පළාත් පාලන

චමල් රාජ­පක්ෂ මහතා - මහ­වැලි, කෘෂි­කර්ම, වාරි­මාර්ග හා ග්‍රාමීය සංව­ර්ධන, අභ්‍ය­න්තර වෙළෙඳ ආහාර සුර­ක්ෂි­ත­තාව හා පාරි­භෝ­ගික සුබ­සා­ධන

ඩලස් අල­හ­ප්පේ­රුම මහතා - අධ්‍යා­පන, ක්‍රීඩා හා තරුණ කට­යුතු

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා - මාර්ග හා මහා­මාර්ග, වරාය හා නාවික කට­යුතු

විමල් වීර­වංශ මහතා - කුඩා හා මධ්‍ය පරි­මාණ ව්‍යාපාර හා ව්‍යව­සාය සංව­ර්ධන සහ කර්මාන්ත සහ සැප­යුම් කළ­ම­නා­ක­රණ

මහින්ද අම­ර­වීර මහතා - මගී ප්‍රවා­හන කළ­ම­නා­ක­රණ, විදු­ලි­බල හා බල­ශක්ති

එස්.එම්. චන්ද්‍ර­සේන මහතා - පරි­සර හා වන­ජීවී සම්පත් ඉඩම් හා ඉඩම් සංව­ර්ධන

රමේෂ් පති­රණ මහතා - වැවිලි කර්මාන්ත හා අප­න­යන කෘෂි­කර්ම

ප්‍රසන්න රණ­තුංග මහතා - කාර්මික අප­න­යන හා ආයෝ­ජන ප්‍රව­ර්ධන සංචා­රක හා ගුව­න්සේවා

 

නව අමාත්‍ය මණ්ඩ­ලය දිවු­රුම් දීමෙන් පසුව උත්සව සභාව ඇමතූ නව ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා, ජන­තාව වෙනු­වෙන් උප­රිම අන්ද­මින් සිය හැකි­යාව යොදවා මහ­ජන බලා­පො­රොත්තු ඉටු කළ යුතු බව අමා­ත්‍ය­ව­රුන්ට පැව­සුවේ සුව­හ­සක් ජන­තා­වගේ ප්‍රාර්ථනා මල් පුබු­දු­වා­ල­මිනි.

නව අමාත්‍ය මණ්ඩ­ලය ඉදි­රියේ ඇති අභි­යෝග ජය ගැනී­මට අවශ්‍ය බවත් ජන­තාව ඡන්දය ලබා­දුන්නේ විශාල බලා­පො­රො­ත්තු­වක් ඇතිව බැවින් මහ­ජන බලා­පො­රොත්තු ඉටු කළ යුතු බවත් සඳ­හන් කළ නව ජනා­ධි­ප­ති­ව­රයා, පසු­ගිය කාලයේ පැවැති දේශ­පා­ලන සංස්කෘ­තිය කෙරෙහි ජන­තා­වගේ අප්‍ර­සා­ද­යක් පැවැති නිසා එම දේශ­පා­ලන සංස්කෘ­ති­යෙන් ඉව­තට පැමිණ අලුත් යුග­ය­කට යා යුතු බවත් සිය නව කැබි­නට් මණ්ඩ­ල­යට දන්වා සිටියේ ය. ඒ සඳහා ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය ක්‍රියා­ත්මක කිරී­මට නව අමාත්‍ය මණ්ඩ­ලයේ සහය බලා­පො­රොත්තු වන බව නව ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා පැව­සීය.

මෙය අලුත් යුග­යක හොඳ ආර­ම්භ­යක් බව සඳ­හන් කළ යුතු ය. බොහෝ දෙනෙ­කුට දේශ­පා­ල­නය පිළි­කුල් සහ­ගත වූවේ දහ­ස­කුත් පොරොන්දු ලබාදී බල­යට පැමිණි පසුව දේශ­පා­ල­න­ඥ­යන් ජන­තාව අම­තක කර දමන නිසා ය. ජන­තා­වගේ ඡන්ද­යෙන් පාර්ලි­මේ­න්තු­වට යන දේශ­පා­ල­න­ඥ­යන් ජන­තා­වට පිටු­පාන විට ඔවුන්ගේ සිත් තුළ ඇති­වන්නේ දුකකි‍; කල­කි­රී­මකි; වේද­නා­වකි. ‘සහ­රාන්ට තිබුණේ පාර්ලි­මේ­න්තු­වට ගිහින් බෝම්බය පුපු­රුවා ගන්න” යනු­වෙන් ජනතා හඬත් මතු වූයේ ද එ් නිසා ය. එහෙත් මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී එසේ කියූ ජන­තාව ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට ඡන්දය දුන්නේ ඔහු පව­තින ජරා­ජීර්ණ දේශ­පා­ලන සංස්කෘ­තියේ නියෝ­ජි­ත­යෙක් නොවූ බැවිනි. දේශ­පා­ලන වේදි­කා­වට ආග­න්තු­ක­යෙක් වූව ද ඔහුගේ නාය­ක­ත්වය කෙරෙහි ජන­තාව විශ්වා­සය තැබූහ. එ් නිසා ම ජන­තාව ඡන්දය දී ඔහු ජය­ග්‍ර­හ­ණය කර­වීය. එහෙත් ඔහු ජය­ග්‍ර­හ­ණ­යෙන් උදම් වූයේ නැත. ඔහු දේශ­පා­ලන සංස්කෘ­තිය කෙරෙහි ජන­තාව තුළ පව­තින අප්‍ර­සා­දය අව­බෝධ කර ගෙන එය වෙනස් කිරී­මට සූදා­නම් වී සිටියි. ජන­තා­වගේ බලා­පො‍රොත්තු ඉෂ්ට කිරී­මට සැරසී සිටියි. අලුත් යුග­ය­කට පිය­වර තැබී­මට සිය නව කැබි­නට් ඇමැ­ති­ව­රුන්ට ඇර­යුම් කර සිටියි.

ඒ අත­ර­වා­ර­යේදී නව අමාත්‍ය මණ්ඩ­ල­යට සභා­ප­ති­ව­රුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් කර ගැනීම සඳහා උප­දෙස් දුන්නේ නව දේශ­පා­ලන සංස්කෘ­තියේ පළමු පිය­වර වශ­යෙනි. දැනට පාඩු ලබ­මින් භාණ්ඩා­ගාර මුද­ල්ව­ලින් යැපෙන ආය­තන සාර්ථ­කව ගෙන යෑමට සභා­පති හා අධ්‍ය­ක්ෂ­ව­රුන් පත් කිරී­මේදී ඊට සුදු­සු­කම් ලත්, දැනු­මක් ඇති අය පත් කළ යුතු බව නව ජනා­ධි­ප­ති­ව­රයා සඳ­හන් කළේ ය. මීට පෙර අව­ස්ථා­ව­ලදී සම­හර ආය­ත­න­වල මුල් පුටු­වට පත්වූයේ ඇමැ­ති­ව­ර­යාගේ ඥාති­යෙකි. ඔහුට අදාළ විෂය පථය සම්බ­න්ධ­යෙන් මූලික දැනී­මක් හෝ සුදු­සු­ක­මක් නැත. ඔහුට ඇති එකම සුදු­සු­කම ඇමැ­ති­ව­ර­යාගේ ඥාති මිත්‍ර සම්බ­න්ධ­තා­වයි. එයින් සිදු වූයේ බොහෝ ආය­තන පාඩු ලබන ආය­තන බවට පත්වී­මයි; අකා­ර්ය­ක්ෂම ආය­තන ලෙස හංවඩු ගැසී­මයි. එහෙත් ආය­ත­නයේ අදාළ විෂය පථය ගැන දැනු­මක් හා ඊට අදාළ සුදු­සු­කම් සැපිරූ පුද්ග­ල­යන් සභා­පති සහ අධ්‍ය­ක්ෂ­ව­රුන් ලෙස පත් කිරී­මෙන් එ් ආය­තන කාර්ය­ක්ෂම හා ලාභ ලබන ආය­තන බවට පරි­ව­ර්ත­නය කර­ගත හැකි ය. ඒ සඳහා නව ජනා­ධි­ප­ති­ව­රයා කදිම පිය­ව­රක් ගෙන තිබේ. ඒ තේරීම් මණ්ඩ­ල­යක් හරහා මෙම පත්වීම් ලබා­දී­මයි. අමා­ත්‍ය­ව­රයා සභා­පති ඇතුළු අධ්‍ය­ක්ෂ­ව­රුන්ගේ නාම ලේඛ­න­යක් තේරීම් මණ්ඩ­ල­යට ඉදි­රි­පත් කළ යුතු ය. එවිට අදාළ ආය­ත­නයේ විෂය පථ­යට ගැළ­පේද යන්න විම­ර්ශ­නය කෙරේ. පත්වීම් සිදු කරනු ලබන්නේ ඊට පසු­වය.

අමා­ත්‍යාං­ශ­වල රාජ්‍ය ඇමැ­ති­ව­රුන් පත් කිරීම හෙට දිනයේ සිදු කිරී­මට අපේ­ක්ෂිත ය. රාජ්‍ය ඇමැ­ති­ව­රුන් පත් කිරී­මට පෙරම, නව අමාත්‍ය මණ්ඩ­ලය දිවු­රුම් දුන් මොහොතේ ම රාජ්‍ය ඇමැ­ති­ව­රුන් සම්බ­න්ධ­යෙන් ඇමැ­ති­ව­රු­න්ගෙන් ඉල්ලී­මක් කිරී­මට නව ජනා­ධි­ප­ති­ව­රයා අම­තක කළේ නැත. ඒ රාජ්‍ය අමා­ත්‍ය­ව­රුන්ට නිය­මිත කාර්යය කිරී­මට සහය ලබා­දෙන ලෙස ය. මීට පෙර අවස්ථා කීප­ය­ක­දීම ඇමැති සහ රාජ්‍ය ඇමැ­තිගේ ගැටුම් අපි දැක ඇත්තෙමු. බොහෝ විට ජන­තාව රාජ්‍ය ඇමැ­ති­ව­ර­යාව දැන ගන්නේ ඇමැ­ති­ව­රයා විදෙ­ස්ගත වූ විට­යදී ය. නැත­හොත් ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා පැවසූ ආකා­ර­ය­ටම රාජ්‍ය ඇමැ­ති­ව­රුන් මෙතෙක් සිදු කළේ අත්සන ගැසීම පමණි. එය එසේ නොවිය යුතු බව ජනා­ධි­ප­ති­ව­රයා අව­ධා­ර­ණය කළේ ය. ඇතැම් විට අදාළ අමා­ත්‍යාං­ශයේ අභි­වෘ­ද්ධිය පිණිස හොඳ අද­හස් සහ යෝජනා රාජ්‍ය අමා­ත්‍ය­ව­රයා සතුව තිබිය හැකි ය. අමා­ත්‍යාං­ශයේ අභි­වෘ­ද්ධි­යෙන් රටේ ප්‍රග­තිය ළඟා කර ගැනීම සඳහා රාජ්‍ය ඇමැ­ති­ව­රුන්ගේ කාර්යය ඉටු කිරී­මට ඇමැ­ති­ව­රුන් සහය දිය යුතු බව ජනා­ධි­ප­ති­ව­රයා අව­ධා­ර­ණය කළේ එබැ­විනි.

එමෙන් ම නව අමාත්‍ය මණ්ඩ­ලය දිවු­රුම් දුන් මොහොතේ ජන­පති කළ කතා­වේදී රැකියා සඳහා බඳවා ගැනී­මේදී නව ප්‍රති­ප­ත්ති­යක් ප්‍රකා­ශ­යට පත් කළේ ය. එය බොහෝ දෙනෙ­කුගේ සතු­ටට කාර­ණ­යක් වනවා නො අනු­මා­නය. ඒ නිපු­ණ­ත්ව­යක් අවශ්‍ය නොවන ඇබෑර්තු සඳහා තෝරා ගැනී­මේදී ඉහළ අධ්‍යා­ප­න­යක් නොමැති, දුප්ප­ත්ක­මෙන් පහළ සිටින අය පත් කිරී­මය. ඇතැම් විට ඉහළ අධ්‍යා­ප­න­යක් ලැබූ ඇතැම් අය රජයේ රැකි­යා­ව­කට පිවි­සීමේ වුව­ම­නාව නිසාම කම්කරු රැකි­යා­ව­ලට ඇතුළු වන ආකා­රය අප විසින් දැක ඇත. එහෙත් ඔවුන් එම රැකි­යා­වල නිරත වන්නේ කැමැ­ත්තෙන් නොවේ. ඔවුන්ගේ ඊළඟ අර­මුණ ඉහළ යෑම හෝ වැටුප් වර්ධක හිමි­කර ගැනීම පමණි. ඉහළ අධ්‍යා­ප­න­යක් තිබෙන අය නිපු­ණ­ත්ව­යක් අවශ්‍ය නොවන රැකියා සඳහා පත් කිරීම නුසු­දුසු බව ජනා­ධි­ප­ති­ව­රයා අව­ධා­ර­ණය කරන්නේ එබැ­විනි. එහෙත් ඉහළ අධ්‍යා­ප­න­යක් නොලද අය තම ‍උගත්ක­මට සරි­ලන රැකි­යා­වක් ලැබීමේ ප්‍රීති­යෙන් සිය සේවය ලබා­දෙති‍. එමෙන් ම දුප්ප­ත්කම නිසාම ඔවුන්ට රජයේ රැකි­යා­වක් මාසික වේත­න­යක් ලැබීමේ ප්‍රීති­යෙන් රැකි­යාව කෙරෙහි ඇප කැප වී සේවය කරනු ඇත. නිපු­ණ­ත්ව­යක් අවශ්‍ය නොවන රැකියා ඇබෑර්තු පිර­වී­මේදී ඇමැ­ති­ව­රයා එය සිදු නොකර පුර­ප්පාඩු තිබේ නම් පම­ණක් ඒ විස්තර ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යට දැනුම් දෙන ලෙස ප්‍රකාශ කළ ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ඊට අදාළ ප්‍රදේ­ශ­යෙන් තෝරා පුර­ප්පාඩු පිර­විය හැකි බව සඳ­හන් කළේ පෙර සිදුවූ වැරදි නැවත සිදු නොවී­මට වග බලා ගනි­මිනි. සුදුසු අයට සුදුසු රැකියා නොලැ­බී­මෙන් ඇති­වන තරුණ අස­හ­නය වැනි සමාජ ගැටලු මෙම ක්‍රම­යෙන් වළක්වා ගත හැකි ය‍.

19 වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­න­යට අනුව ඇමැති මණ්ඩ­ලය පත් කිරී­මට සීමා­වක් පනවා ඇති බැවින් ඒ අනුව ඇමැ­ති­ව­රුන් පත් කළ යුතු බව සඳ­හන් කළ ජනා­ධි­ප­ති­ව­රයා තෝරා­පත් කළ නව අමාත්‍ය මණ්ඩ­ල­යට සුබා­ශිං­ස­නය කර­මින් රට ගොඩ නැංවීම සඳහා ඔවුන්ගේ සහය අපේක්ෂා කරන බව ද පවසා සිය සංක්ෂිප්ත කතාව නිමා කළේ නව දේශ­පා­ලන සංස්කෘ­ති­යක ආර­ම්භ­යක් පිළි­බඳ පැහැ­සර බලා­පො­රොත්තු ජනතා සිත් සතන් තුළ සනි­ටු­හන් කර­මිනි.

Comments