වෙන්දේසි දැමූ ඩයනා කුමරියගේ ඇඳුම | සිළුමිණ

වෙන්දේසි දැමූ ඩයනා කුමරියගේ ඇඳුම

ඩයනා කුමරියගේ ඇදුමක් වෙන්දේසියට එක් කිරීමට සූදානම් වේ.

1985 වසරේ දී ඩයනා කුමරිය, අමෙරිකා ජනාධිපති රොනල්ඩ් රේගන් සහ ඔහුගේ බිරිද නැන්සි රේගන් විසින් ධවල මන්දිරයේ පැවැත්වූ රාත්‍රී භෝජන සාදයකට තද නිල් පැහැති මෙම ඇඳුමෙන් සැරසී සිටි බව වාර්තාවේ.

එම රාත්‍රී භෝජන සංග්‍රහයේදී ඩයනා කුමරිය සෙසු අමුත්තන් සමඟ නර්තනයක නිරතවූ බව සදහන්ව ඇත.

එසේම වේල්ස් කුමරිය කිහිප වතාවක්ම මෙම ඇදුමෙන් සිටි බව ද සදහන් වේ. එය අමෙරිකා ඩොල්ර් 325,000ත් 450,000ත් අතර මුදලකට වෙන්දේසි වෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙරී ටේලර් වෙන්දේසි සමාගම විසින් දෙසැම්බර් 09 වනදා මෙම වෙන්දේසිය සිදු කිරීමට නියමිතය.

මෙම වෙන්දේසියට ඩයනාගේ ඇඳුම් ආයිත්තම් කට්ටලයේ තවත් ඇඳුම් දෙකක් ඇතුළත් වේ.

Comments