'Seylan වෙතින් දිව­යින පුරා mPOS යන්ත්‍ර 15,000 ක්! | සිළුමිණ

'Seylan වෙතින් දිව­යින පුරා mPOS යන්ත්‍ර 15,000 ක්!

සෙලාන් බැංකුවේ දීප­ව්‍යාප්ත ජංගම ගෙවීම් භාර­ගැ­නීමේ යන්ත්‍ර හෙවත් MPOS යන්ත්‍ර සංඛ්‍යාව මේ වන­විට 15,000 ඉක්මවා ඇත. ඒ අනුව සෙලාන් බැංකුව දැන් මෙරට MPOS සේවා­වන් අතර වෙළ­ඳ­පොළ ප්‍රමු­ඛයා බවට පත්වී සිටී. මෙරට කුඩා හා මධ්‍යම පරි­මාණ ව්‍යාපාර වලට වේග­යෙන් පුළුල් වන ඩිජි­ටල් ආර්ථි­කයේ දොරටු විවර කර­දීම උදෙසා මෙම සේවාව මගින් සුවි­ශාල මෙහෙ­ව­රක් ඉටුවේ.

රට තුළ සුර­ක්ෂිත, පහසු සහ මුදල් භාවිතා නොවන ආර්ථික ක්‍රම­යක් ප්‍රච­ලිත කිරීමේ අර­මු­ණින් සෙලාන් බැංකුව විසින් 2016 වස­රේදී‘Seylan MPAY’ සේවාව ආරම්භ කරන ලදි. එම සේවාවේ පහ­සුව සහ ලාභ­දායී බව නිසා ආර­ම්භයේ සිටම එය පාරි­භෝ­ගි­ක­යන් අතර අති­ශ­යින් ජන­ප්‍රිය විය.

Comments