Excon-2019 කාර්මික ප්‍රද­ර්ශ­න­ය දෙසැ­ම්බර් 10 - 14 දක්වා | සිළුමිණ

Excon-2019 කාර්මික ප්‍රද­ර්ශ­න­ය දෙසැ­ම්බර් 10 - 14 දක්වා

ලොව අති නවී­න­තම ඉදි­කි­රීම් තාක්ෂ­ණික යන්ත්‍රෝ­ප­ක­රණ සහ උපාංග හඳු­න්වා­දෙන ඉන්දි­යාවේ විශා­ල­තම කාර්මික ප්‍රද­ර්ශ­න­යක් වන දෙසැ­ම්බර් 10 - 14 දක්වා පැවැ­ත්වෙන Excon 2019 ට සහ­භාගී වන ලෙස ඒ ගැන උන­න්දු­වක් ඇති ශ්‍රී ලාංකික ඉදි කිරීම් අංශයේ නිරත වූවන්ට සංවි­ධා­ය­කයෝ ආරා­ධනා කරති.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩ­ලය සහ ඉන්දීය කාර්මික සම්මේ­ල­නය පසු­ගි­යදා කොළඹ ටාජ් සමුද්‍රා හෝට­ලයේ දී මාධ්‍ය සාක­ච්ඡා­වක් පැවැ­ත්වීය.

ඒ අව­ස්ථාවේ දී අද­හස් ප්‍රකාශ කළ එක්ස්කොන් 2019 ප්‍රද­ර්ශ­නයේ අන්ත­ර්ජා­තික කාර්ය සාධන ප්‍රව­ර්ධන නායක සහ ටෙරෙක්ස් ඉන්දියා පුද්ග­ලික සමා­ගමේ කළ­ම­නා­කාර අධ්‍යක්ෂ ජයි­දීප් ශේකර් මෙසේ කීවේය, "මෙය එක්ස්කොන් කාර්මික ප්‍රද­ර්ශ­නයේ දස­වන අදි­ය­රයි. මේ වසරේ අපගේ තේමාව ස්මාර්ට් අයි­ටෙක් නෙක්ස්ට් ජෙන­රේ­ෂන් ඉන්දියා ඇට් 75 යන්නයි". දකුණු ආසියා කලා­පයේ යටි­තල පහ­සු­කම් වේග­යෙන් සංව­ර්ධ­නය කිරී­මට අනා­ගත තාක්ෂ­ණය සහ නවෝ­ත්පා­දන ඒවා නිෂ්පා­ද­නය කරන නිෂ්පා­ද­ක­යන් විසින්ම ප්‍රද­ර්ශ­නය කරනු ලැබීම එක්ස්කොන් ප්‍රද­ර්ශ­නයේ දී ඊට සහ­භාගී වන්නන්ට දැක­බලා දැන කියා ගත හැකියි.

මේ අව­ස්ථා­වට සහ­භාගී වූ ඉන්දීය මහ­කො­ම­සා­රිස් කාර්යා­ලයේ ආර්ථික අංශයේ ප්‍රධානී සුජා කේ. මෙනන් මහ­ත්මිය ප්‍රකාශ කළේ විදේශ රටක ඉන්දි­යාව සිදු­ක­රන වැඩිම ඉදි­කි­රීම් ප්‍රමා­ණ­යක් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ බවයි.

වර්ග අඩි මිලි­යන තුනක භූමි ප්‍රදේ­ශ­යක පැවැ­ත්වෙන, ප්‍රද­ර්ශ­ක­යන් 1250ක් සහ චීනය, ජර්ම­නිය, ඉතා­ලිය, දකුණු කොරි­යාව, ශ්‍රී ලංකාව, තුර්කිය, එක්සත් රාජ­ධා­නිය සහ අමෙ­රි­කාව ඇතුළු රට­වල් 25ක සමා­ගම් 350ක් සහ­භාගී වන මේ ප්‍රද­ර්ශ­න­යට ඉන්දීය ඉදි­කි­රීම් උප­ක­රණ නිෂ්පා­ද­ක­යන්ගේ සංග­මය ප්‍රධාන හවු­ල්ක­රු­වකු වේ. මේ ගැන උන­න්දු­වක් දක්වන අයට මෙම ප්‍රද­ර්ශ­න­යට සහ­භාගී වීමට අව­ස්ථාව ඇත.

ඡායා­රූප - සුදම් ගුණ­සිංහ

Comments