CLC ගම්පොළ ශාඛාව අලුත් තැන­කට | සිළුමිණ

CLC ගම්පොළ ශාඛාව අලුත් තැන­කට

කොම­ර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් (CLC) සමා­ගමේ ගම්පොළ ශාඛාව පසු­ගි­යදා අංක 180 A, නුවර පාර, ගම්පොළ යන ලිපි­නයේ පිහිටි නව ගොඩ­නැ­ගි­ල්ල­කට ගෙන­යනු ලැබිණි.

ගම්පොළ ප්‍රදේ­ශ­වාසී ජන­තා­වගේ මූල්‍ය අව­ශ්‍යතා රැස­කට පරි­පූර්ණ විස­ඳුම් සප­ය­මින් 2014 වසරේ දෙසැ­ම්බර් මාස­යේදී පිහි­ටු­වන ලද CLC ගම්පොළ ශාඛාව, මේ වන­විට ලීසිං, ණය, කාලීන තැන්පතු හා ඉස්ලා­මීය බැංකු සේවා සඳහා ප්‍රදේ­ශය තුළ මහත් ජන­ප්‍රි­ය­ත්ව­යක් දිනා­ගෙන සිටී.

ගම්පොළ CLC ශාඛාව 2019 වසරේ හොඳම කාර්ය­ඵල සාධ­න­යක් සහිත CLC ශාඛා­වට හිමි රන් සම්මා­නය ද (B කාණ්ඩයේ) හිමි­ක­ර­ග­ත්තේය. “නව ශාඛා ගොඩ­නැ­ගි­ල්ල­කට පිවි­සීම හරහා පාරි­භෝ­ගික ජන­තා­වට පහ­සු­කම් රැසක් අත්ක­ර­දී­මට අපට හැකිවී තිබෙ­නවා. නව රන් ණය සේවා­වක් හඳු­න්වා­දී­මට හැකි­වී­මත්, රථ­වා­හන නැවැ­ත්වීමේ පහ­සු­ක­මත් ඒ අත­රින් කැපී­පෙ­නෙ­නවා” යනු­වෙන් ගම්පොළ CLC ශාඛා කළ­ම­නා­කරු අසේල විජේ­කෝන් මහතා පැව­සීය.

Comments