AASL ව්‍යාපා­රික කාර්ය­ක්‍ෂ­ම­තාව වැඩි කිරී­මට IFS Applications 10 මෘදු­කාං­ගය | Page 2 | සිළුමිණ

AASL ව්‍යාපා­රික කාර්ය­ක්‍ෂ­ම­තාව වැඩි කිරී­මට IFS Applications 10 මෘදු­කාං­ගය

Airport Aviation (Sri Lanka) Ltd. (AASL) සමා­ගම සිවිල් ගුවන් තොටු­පොළ කළ­ම­නා­කා­රී­ත්වය සහ සංව­ර්ධ­නය පිළි­බඳ නීත්‍ය­නු­කූල බලය හිමි ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආය­ත­න­යක් වන අතර ගුවන් තොටු­පොළ මූල්‍ය කට­යුතු, සැප­යුම් දාම, නඩත්තු කට­යුතු ඇතුළු තවත් බොහෝ­ම­යක් ව්‍යාපාර පරි­පා­ලන කට­යුතු වඩාත් විධි­මත්ව කර­ගෙන යාම සඳහා IFS Applications™ 10 මෘදු­කාං­ගය භාවි­ත­යට ගැනී­මට AASL සමා­ගම තීර­ණය කොට ඇති බවට ජාත්‍ය­න්තර මෘදු­කාංග සමා­ග­මක් වන IFS සමා­ගම ප්‍ර්‍රකාශ කරයි.

AASL සමා­ගමේ විධා­යක අධ්‍යක්‍ෂ, සංජීව විජේ­රත්න මහතා මේ පිළි­බඳ අද­හස් දක්ව­මින් මෙසේ කියා සිටි­යේය. ” IFS මෘදු­කාං­ගය හරහා අපගේ මෙහෙ­යුම් කට­යු­තු­වල කාර්ය­ක්‍ෂ­ම­තාව වර්ධ­නය කර­ගැ­නී­මට හැකි­යාව ලැබීම මෙන්ම ගුව­න්ග­මන් හා ආර­ක්‍ෂක ක්‍ෂේත්‍ර­යන්ට සම්බන්ධ අන්ත­ර්ජා­තික මට්ටමේ ERP සැප­යුම් සමා­ග­මක් සමඟ එක්ව කට­යුතු කර­න්නට ලැබීම ද අපට ඉම­හත් සතු­ටක්. IFS මෘදු­කාං­ගය හරහා අපට ඉතා කාර්ය­ක්‍ෂම හා කඩි­නම් සේවා­වක් සප­ය­න්නට අව­කාශ ලැබෙනු ඇතැයි අප විශ්වාස කර­නවා.”යනුෙ­වනි.

AASL සමා­ගමේ ප්‍ර්‍රධාන ගුවන් තොටු­පො­ළ­වල් දෙකක් වන බණ්ඩා­ර­නා­යක ජාත්‍ය­න්තර ගුවන් තොටු­පොළ (BIA) සහ මත්තල රාජ­පක්‍ෂ ජාත්‍ය­න්තර ගුවන් තොටු­පොළ (MRIA) මෙන්ම රත්ම­ලාන, මඩ­ක­ළ­පුව සහ යාප­නය යන අන්ත­ර්ජා­තික ගුවන් තොටු­පො­ළ­වල් සඳහා ද IFS 10 මෘදු­කාං­ගය හඳුන්වා දීමට නිය­මි­තය.

Comments