හේලිස් මැදි­හත් වීමෙන් ‘ලොට් පෝලිෂ්’ ශ්‍රී ලංකා­වට සෘජු ගුවන් ගමන් අර­ඹයි | සිළුමිණ

හේලිස් මැදි­හත් වීමෙන් ‘ලොට් පෝලිෂ්’ ශ්‍රී ලංකා­වට සෘජු ගුවන් ගමන් අර­ඹයි

හේලිස් අනු­බ­ද්ධිත, හේලිස් ඒවි­යේ­ෂන් සමා­ගම දේශීය විකු­ණුම් නියෝ­ජ­තයා (General Sales Agent - GSA) වශ­යෙන් කට­යුතු කරන, 1929 සිට ගුවන් ගමන් ක්ෂේත්‍රයේ අත්දැ­කීම් ඇති ජාත්‍ය­න්තර ලොට් පෝලිෂ් ජාලයේ, වර්සෝ - ශ්‍රී ලංකා පළමු ඍජු ගුවන් ගමන් සේවය පසු­ගි­යදා ආරම්භ කෙරිණි.

ඒ අනුව, වෝර්සෝ සිට ශ්‍රී ලංකාව දක්වා වූ ඍජු ගුවන් ගමන් ඇරැඹූ ලොට් පෝලිෂ් ගුවන් සේවය පසු­ගි­යදා බණ්ඩා­ර­නා­යක ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පොළ වෙත පැමිණි අතර, එය 2020 මාර්තු දක්වා සති­ය­කට ගුවන් ගමන් වාර තුනක් බැගින් ක්‍රියා­ත්මක වනු ඇත.

ශ්‍රී ලංකාවේ බිඳ වැටී තිබෙන සංචා­රක ප්‍රව­ර්ධ­න­යට අත්වැ­ලක් වෙමින්, සංචා­රක කාල සීමා­වේ දී යුරෝපා සංචා­ර­ක­යින්ට ශ්‍රී ලංකාව, අංක එකේ ගම­නා­න්තය බවට පත් කිරීම අර­මුණු වේ.

මෙම අව­ස්ථා­වට එක්වූ ලොට් පෝලිෂ් ගුවන් සේවයේ ප්‍රධාන වාණිජ නිළ­ධාරී මයි­කල් ෆිජොට් මහතා අද­හස් දක්ව­මින්, ”ලොට් පෝලිෂ් ගුවන් සේවයේ අප පුළුල් සංචා­රක කර්මා­න්ත­යක් සඳහා සෘජු ගුවන් ගමන් අර­ඹ­මින් අපගේ දේශීය හවු­ල්ක­රු­වන් හා එක්වන්න ලැබීම ඇත්තෙන්ම සතු­ටට කාර­ණ­යක්. ආසි­යාවේ නැර­ඹිය යුතුම ස්ථාන­යක් වන ශ්‍රී ලංකාව වෙත සති­ය­කට සෘජු ගුවන් ගමන් වාර 03 ක් අප සල­සුම් කර තිබෙන අතර මෙය සංචා­ර­ක­යින්ගේ පැමි­ණීම වැඩි­වී­මට හේතු­වක් වනු ඇතැයි අප බලා­පො­රොත්තු වනවා. එමෙන්ම ශ්‍රී ලාංකි­ක­යින්ට ද පෝල­න්ත­යට හෝ වෙනත් ඕනෑම යුරෝපා රට­කට මෙන්ම අප විසින් ගුවන් සේවා සප­යනු ලබන අනෙ­කුත් ඕනෑම රට­කට සුව පහ­සු­වෙන් යාමට අපගේ ගම­නාන්ත රැුසක් ඇති ලොට් පෝලිෂ් ගුවන් සේවය අව­ස්ථාව උදා­කර දෙනවා”යැයි පැව­සීය.

ශ්‍රී ලංකා­වට පැමිණි මෙම පළමු සෘජු ගුවන් ගමන සමඟ ලොට් පෝලිෂ් ජාලය විසින් මෙහ­ය­වනු ලබන ආසි­යාවේ හය­වැනි දිගු දුර ගම­නා­න්තය බවට ශ්‍රී ලංකාව පත්වන අතර හේලීස් ඒවි­යේ­ෂන් මෙහි දේශීය විකු­ණුම් නියෝ­ජි­තයා General Sales Agent -GSA& වශ­යෙන් ලොට් පෝලිෂ් සමඟ සහ­යෝ­ගී­ත්ව­යෙන් කට­යුතු කරනු ලබයි. ශීත සෘතු­වත් සමඟ ඇරැ­ඹෙන සංචා­රක සමයේ දී ලොට් පෝලිෂ් ගුවන් සේවය, 2020 මාර්තු දක්වා සති­ය­කට සෘජු ගුවන් ගමන් වාර 03 ක් වෝර්සෝ සිට කොළඹ දක්වා පියා­සර කිරී­මට නිය­මි­තව ඇත.

මේ පිළි­බඳ අද­හස් දැක්වූ හේලීස් සමු­හයේ සභා­පති සහ ප්‍රධාන විධා­යක නිළ­ධාරී මොහාන් පණ්ඩි­තගේ මහතා, ‘‘ලොට් පෝලිෂ් ගුවන් සේව­යෙන් ශ්‍රී ලංකා­වට පැමිණි පළමු කණ්ඩා­යම ශ්‍රී ලංකා වාසි අප සැමත් හේලීස් ඒවි­යේ­ෂන් කණ්ඩා­ය­මත් ඉතා­මත් උණු­සුම් ලෙස පිළි­ගනු ලබ­නවා. ඒ ව­ගේම අපගේ සුන්දර පාරා­දී­සය නැරැ­ඹී­මට තෝරා­ගැ­නීම පිළි­බ­ඳ­වත් අප ඔබ සැමට බෙහෙ­වින් ස්තුති­වන්ත වන අතර ශ්‍රී ලංකාවේ උණු­සුම් ආග­න්තුක සත්කා­රය පිළි­බඳ අත්දැ­කීම් ඔබට කිසි­දි­නක අම­තක නොවනු ඇතැයි අප බලා­පො­රත්තු වෙනවා. එව­ගේම ලංකාව සමඟ සම්බ­න්ධ­තා­වය තව­දු­ර­ටත් වැඩි­දි­යුණු කිරී­මට සහ අපගේ දේශීය සංචා­රක හා ආග­න්තුක සත්කාර අංශ­යට පිළි­ගැ­නී­මක් ලබා දීමට සහය වීම පිළි­බ­ඳව සමස්ත සංචා­රක ක්ෂේත්‍රය වෙනු­වෙන් ලොට් පෝලිෂ් කණ්ඩා­ය­මට අපි ස්තූති­වන්ත වෙමු, ”යැයි පැව­සීය.

වාර්ෂි­කව මිලි­යන 1.8 ක පමණ මගීන් පිරි­සක් යුරෝ­පය සහ කොළඹ අතර ගමන් කරනු ලබයි.ලොට් තම නවී­න­තම ගුවන් යානා භාවිත කර­මින් 2018 වර්ෂ­යේ දී මිලි­යන 9 කට අධික මගීන් පිරි­ස­කට තම තම ගුවන් සේවය සපයා ඇති අතර 2019 වසර අව­සන් වන විට මිල­යන 10 ක ඉල­ක්ක­යක් සපු­රා­ලී­මට බලා­පො­රොත්තු වෙයි.ලොට් ගුවන් සේවය වෝර්සෝ සිට මහ­ද්වීප තුනක් හරහා ගම­නාන්ත 111 කට වැඩි ප්‍රමා­ණ­යක් වෙත වඩාත් කාර්ය­ක්ෂම සහ පහසු ගුවන් සේව­යක් සප­යයි.

Comments