සීඩම් රෝහලින් දියවැඩියා රෝගීන්ට වට්ටම් සහිත පැකේජයක් | Page 2 | සිළුමිණ

සීඩම් රෝහලින් දියවැඩියා රෝගීන්ට වට්ටම් සහිත පැකේජයක්

2018 වසරේ 24% දක්වා කොළඹ දිස්ත්‍රි­ක්කයේ දිය­වැ­ඩියා රෝගීන්ගේ ප්‍රති­ශ­තය ඉක්ම ගොස් ඇති බව වාර්තා වේ. දිය­වැ­ඩි­යාව තිබේ­දැයි හඳු­නා­ගැ­නීම සඳහා නිරා­හා­රව ගන්නා රුධිර පරී­ක්ෂා­වේදී (FBS) රුධිර සීනි ප්‍රමා­ණය 100 mg/dl 125 mg/dl අතර තිබේ නම් ඔවුන් පූර්ව දිය­වැ­ඩි­යාව ඇති පිරිස වන අතර, 126 mg/dlට වඩා වැඩි නම් ඔවුහු දිය­වැ­ඩියා රෝගීහු වේ. HbAlc පරී­ක්ෂ­ණයේ 5.7 – 6.5 දක්වා අග­යක් තිබේ නම් ඔවුන් පූර්ව දිය­වැ­ඩියා රෝගීන් වන අතර, 6.5ට වඩා වැඩි අග­යක් පවතී නම් දිය­වැ­ඩියා රෝගීන් ලෙස හඳු­නා­ගත හැකිය.

ඖෂධ ගැනීම පම­ණක් දිය­වැ­ඩි­යාව පාල­න­යට ප්‍රමා­ණ­වත් නොවේ. ඊට සම­ගා­මීව පෝෂ­ණ­වේ­දි­ය­කුගේ උ‍පදෙස් පරිදි ආහාර පාල­නය, දින­පතා ව්‍යායා­ම්වල යෙදීම ආදි චර්යා එක හා සමා­නව තිබිය යුතුය. දිය­වැ­ඩියා රෝගීන් සඳ­හාම වෙන් වූ කොළඹ නොරිස් කැනල් පාරේ පිහිටි සීඩම් රෝහල මඟින් දිය­වැ­ඩි­යාව හරි­යා­කා­රව පාල­නය කිරීම සඳහා දිය­වැ­ඩි­යාව සහ අන්ත­රා­සර්ග රෝග පිළි­බඳ විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන් කණ්ඩා­ය­ම­ක­ගෙන් සැදුම් ලත් කණ්ඩා­ය­මක් මඟින් නව­තම ප්‍රති­කාර ක්‍රම­යක් දියත් කර තිබේ. එසේම පෝෂ­ණ­වේ­දීන් විසින් ලබා­දෙන නීරෝගි ආහාර රටා­වත්, භෞත­චි­කි­ත්ස­ක­වේ­දීන් විසින් ලබා­දෙන ව්‍යායාම් රටා­වත් මෙයට ඇතු­ළත් වේ.

ලෝක දිය­වැ­ඩියා දිනය නිමි­ත්තෙන් නොරිස් කැනැල්හි පිහිටා ඇති සීඩම් රෝහ­ලෙන් නොවැ­ම්බර් 14–31 දක්වා දිය­වැ­ඩි­යාව ඇතුළු විවිධ පරී­ක්ෂණ සඳහා දිය­වැ­ඩියා නිර්ණ පැකේ­ජ­යක් විශේෂ වට්ටම් සහි­තව රෝගීන්ට ලබා ‍ගත හැකිය.සීඩම් රෝහල මඟින් දිය­වැ­ඩි­යාව හඳු­නා­ගැ­නී­මත් දිය­වැ­ඩි­යාව නිසා මතු විය හැකි සංකු­ලතා හඳු­නා­ගැ­නී­මට සිදු කරන කොලො­ස්ට­රෝල්, මූත්‍ර ආසා­දන, වකු­ගඩු අක­ර්ම­ණ්‍යය වීම පිළි­බඳ පරී­ක්ෂණ මෙන්ම පාද පරී­ක්ෂා­වද ඉතා සහ­න­දායි මිල­කට වට්ටම් සහි­තව සීඩම් රෝහ­ලෙන් සිදු කර­ගත හැකිය.

Comments