ලයිෆ් ස්ටයිල් ෆියෙස්ටා 2019 නොවැ­ම්බර් 22, 23 සහ 24 BMICH හිදී | Page 2 | සිළුමිණ

ලයිෆ් ස්ටයිල් ෆියෙස්ටා 2019 නොවැ­ම්බර් 22, 23 සහ 24 BMICH හිදී

සිංගර් ශ්‍රී ලංකා සමා­ගම වාර්ෂි­කව සංවි­ධා­නය කරනු ලබන වසරේ දැවැ­න්තම වෙළෙඳ ප්‍රද­ර්ශ­නය වන ‘සිංගර් ලයිෆ් ස්ටයිල් ෆියෙස්ටා’ අඛ­ණ්ඩ­වම නව වන වර­ටත් නව­තම විශේ­ෂාංග රැසක් සම­ඟින් නොවැ­ම්බර් මස 22 සිට 24 දක්වා තෙදින පුරා BMICH හි සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක ශාලා පරි­ශ්‍ර­යේදි ඉදි­රි­පත් කිරී­මට සියලු කට­යුතු සංවි­ධා­නය කොට ඇත. සෑම වස­ර­කම ජාත්‍ය­න්තර වශ­යෙන් ජන­ප්‍රිය නිෂ්පා­දන සිය වෙළෙඳ නාම ලැයි­ස්තු­වට එක්කර ගන්නා සිංගර් සමා­ගම මෙව­රත් ලොව හොඳම වෙළෙඳ නාම 50 අතර රැඳි ජෝන් ඩියර් සහ යුරෝ­පයේ ජන­ප්‍රි­ය­තම ගෘහ උප­ක­රණ වෙළෙඳ නාම­යක් වන ඉන්ඩෙ­සිට් ඇතුළු සුපිරි වෙළෙ­ඳ­නාම 50කට අධික ප්‍රමා­ණ­ය­කට අයත් ගෘහ උප­ක­රණ සිය ගණ­නක් ප්‍රද­ර්ශ­න­යට එක්කර ඇත.

සිංගර් ශ්‍රී ලංකා අලෙවි අධ්‍යක්ෂ කුමාර සම­ර­සිංහ මහ­තාගේ සංක­ල්ප­යක් මත 2011 වස­රේදී ප්‍රථම වරට ආරම්භ කෙරුනු ‘සිංගර් ලයිෆ් ස්ටයිල් ෆියෙස්ටා’ ප්‍රද­ර්ශ­නය අද වන විට ශ්‍රී ලංකාවේ එක් දිනක් තුළ වැඩිම පිරි­සක් පැමි­ණෙන වසරේ දැවැ­න්තම ප්‍රද­ර්ශ­නය බවට වාර්තා ගතවී ඇත.

Comments