
නයින්වෙල්ස් රෝහල් වෛද්‍ය රසායනාගාරය ශ්‍රී ලංකා ප්‍රමිතකරණ මණ්ඩලයේ ISO සහතික ලත් වෛද්‍ය රසායනාගාරයක් ලෙස පිළිගැණුනු අතර මෙමඟින් රෝගීන්ට තමන්ගේ වෛද්‍ය රසායනාගාර වාර්තාවන් පිළිබඳ ඉතා ඉහළ නිරවද්‍යභාවයක් ලබා ගැනීමට අවකාශ හිමිවනු ඇත. වෛද්‍ය/සායනික රසායනාගාර සඳහා ප්‍රමිතකරණ යෝජනා ක්‍රමය හඳුන්වා දෙනු ලබන්නේ ISO 15189 – 2012 ප්‍රමිතීන්ට අනුව වන අතර නයින්වෙල්ස් රෝහලට මෙම ප්‍රමිතකරණය හිමිවී ඇත්තේ සායනික ව්‍යාධිවේදය, සායනික ජෛවරසායන සහ රසායනික ව්‍යාධිවේදය සහ රක්තවේදය යන ක්ෂේත්රයන්ට අදාළ රසායනාගාර පරීක්ෂණයන් සඳහාය.
ISO 15189 – 2012 අන්තර්ජාතික ප්‍රමිති තත්ත්වයන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ වෛද්‍ය රසායනාගාර සඳහා අනුමැතිය ලබා දීමේ නෛතික බලය ශ්‍රී ලංකා ප්‍රමිතකරණ මණ්ඩලය සතුවනවා.