කොරි­යාවේ E9 pay මුදල් සම්ප්‍රේ­ෂණ සේවා­වෙන් ආබා­ධිත රණ­වි­රු­වන්ට සෙත | සිළුමිණ

කොරි­යාවේ E9 pay මුදල් සම්ප්‍රේ­ෂණ සේවා­වෙන් ආබා­ධිත රණ­වි­රු­වන්ට සෙත

දකුණු කොරි­යාවේ රැකියා කරන ශ්‍රී ලාංකි­ක­යන්ගේ මහ­ගෙ­දර ලෙස හැඳි­න්වෙන E9 pay යනු, ලොව ප්‍රකට මුදල් සම්ප්‍රේ­ෂණ ආය­ත­න­යකි.

එසේම එය, දකුණු කොර­ියාවේ ලියා­ප­දිංචි ප්‍රථම FinTech මුදල් සම්ප්‍රේ­ෂණ ආය­ත­න­යයි. ශ්‍රී ලංකාව මෙන් ම, ඇමෙ­රිකා එක්සත් ජන­ප­දය, ජපා­නය, චීනය ඇතුළු රට­වල් 22කට සිය සේවය සප­යයි.

2019 මැයි මස නිකුත් වූ Financial Supervisory Services වාර්ෂික වාර්තා­වට අනුව, බැංකු නොවන මුදල් ප්‍රේෂණ ආය­තන හරහා ශ්‍රී ලංකා­වට සිදු­වන මුදල් ප්‍රේෂ­ණ­ව­ලින් 70%ක් වැනි ප්‍රමා­ණ­යක් E9 pay හරහා සිදු­ක­රන බව­ටද වාර්තා විය.

හුදෙක් මුදල් ප්‍රේෂ­ණ­යට පම­ණක් සීමා නොවී, රට අභ්‍ය­න්තර බැංකු අතර මුදල් හුව­මා­රුව.... රට තුළ ජංගම දුර­ක­ථන රී චාර්ජ් කිරීම සහ ශ්‍රී ලංකාව ඇතුළු රට­වල් 22ක පෙර ගෙවුම් දුර­ක­ථන රී චාර්ජ් කිරීම වැනි සේවා රැසක් E9 pay හරහා සිදුවේ.

මීට අම­ත­රව E9 pay ආය­ත­නය හා සම්බන්ධ වී ඇති නීති උප­දේ­ශන සේවාව හරහා, දකුණු කොරි­යාවේ වාසය කරන ශ්‍රී ලාංකි­ක­යන්ගේ නීති­මය ගැටලු සහ වීසා ගැටලු වැනි කාරණා සඳහා ද ඔවුන් සිය පාරි­භෝ­ගික සේවා මධ්‍ය­ස්ථා­නය මඟින් සම්බන්ධ වේ. එප­ම­ණ­කින් නොනැ­වතී, කොරි­යාව පුරා පිහිටි වෙහෙර විහාර පිංකම් සඳහා ද, වෛද්‍ය සායන පැවැ­ත්වීම මඟින්ද එහි වෙසෙන ශ්‍රී ලාංකි­ක­යන් වෙත ඔවුන් සිය දාය­ක­ත්වය සප­යයි.

E9 pay සමාජ සත්කාර අත­රට එක්වූ අලුත් ම ව්‍යාපෘ­තිය ලෙස, ‘එතෙර පවුර’ හැඳි­න්විය හැක. මේ හරහා, සර­ණක් අවැසි ශ්‍රී ලාංකි­ක­යන් වෙත අවශ්‍ය උදව් උප­කාර සිදු කෙරේ. ඒ අනුව, ඔවුන්ගේ පළමු ව්‍යාපෘ­තිය වූයේ, දඹුල්ල ප්‍රදේ­ශයේ දිළිඳු පවු­ල­කට නිවෙ­සක් සාදා දීමයි. මීට අම­ත­රව, ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේ­ශ­වල උදව් අවැසි ළමා නිවාස සහ පූජ­නීය ස්ථාන සඳහා උදව් උප­කාර කිරීම ද දුෂ්කර පළාත් හි පාසල් සඳහා උදව් කිරීම ද E9 pay වෙතින් සිදුවේ.

ඔවුන්ගේ මීළඟ ව්‍යාපෘ­තිය වූයේ, යුද්ධ­යෙන් ආබා­ධිත වූ රණ­වි­රු­වන් සඳහා උදව් උප­කාර කිරී­මයි. එහි පළමු පිය­වර ලෙස පසු­ගි­යදා, ගෝල්ෆේස්, ලයිට් හවුස් හෝට­ල­යේදි දිස්ත්‍රික් මට්ට­මින් තෝරා ගත් ආබා­ධිත රණ­වි­රු­වන් කිහි­ප­දෙ­න­කුට නවීන තාක්ෂ­ණ­යෙන් යුතු රෝද පුටු, සනී­පා­ර­ක්ෂක උප­ක­රණ සහ මුදල් ආධාර පිරි­නැ­මී­මක් සිදු­විය.

‍ෙම් සඳහා E9 pay ශ්‍රී ලංකාවේ සන්නාම තානා­පති වෙනුර පෙරෙරා, E9 pay විදේ­ශීය ප්‍රව­ර්ධන කළ­ම­නා­කරු සම­ය­මන්ත්‍රී ඉඳු­නිල්, කළ­ම­නා­කරු (ශ්‍රී ලංකා) තාරුක විජේ­සිංහ සහ අලෙවි කළ­ම­නා­කරු ඉසුරු ද සිල්වා ඇතුළු විශාල පිරි­සක් සහ­භාගි විය. ඔවුන් කොරි­යාවේ සිට මෙර­ටට මුදල් එවන සියලු ශ්‍රමි­ක­යන් සහ E9 pay සියලු සාමා­ජි­ක­යන්ගේ නියෝ­ජ­න­යක් විය.

“කොරි­යාවේ E9 pay හරහා විනා­ඩි­යක් ඇතු­ළත ලංකාවේ ඕනෑම බැංකු ගිණු­ම­කට මුදල් එවිය හැකියි. මේ හරහා අප සමා­ග­මට යම් ලාභ­යක් ලැබෙ­නවා. එම ලාභ­ය­යයි අප මේ ලංකාවේ දුප්ප­තුන් නඟා සිටු­වීම වෙනු­වෙන් වැය කරන්නේ. අප මේ රණ­වි­රු­වන් වෙනු­වෙන් තැබුවේ එක් පිය­ව­රක් පම­ණයි. මෙතැන් පටන්, කොරි­යාවේ රැකියා කරන සියලු තරුණ තරු­ණි­යන් අපේ මේ සද්කාර්ය සඳහා අත්වැල් බැඳ­ග­න්නවා. ශ්‍රී ලාංකික අපට නිද­හසේ ජීවත් වන්නට ඉඩ­හ­සර දී සිය අත් පා දෑස් පූජා කළ ඔවුන්ට පුංචි කෘත­ගුණ දැක්වී­මක් පම­ණයි මේ. ඉදි­රි­යේදි මේ කාර්යය තව තවත් පුළුල් ලෙස අප ව්‍යාප්ත කර­නවා...” යි ඉසුරු ද සිල්වා මහතා පැව­සීය.

සමාජ ශෝධ­ක­යකු සහ ආකල්ප ප්‍රව­ර්ධ­ක­යකු ලෙස මෙරට නමක් දිනා සිටින වෙනුර පෙරේරා මහ­ත්මාද, E9 pay සන්නාම තානා­ප­ති­ව­රයා ලෙස කොරි­යාව සහ ශ්‍රී ලංකාව වෙත මේ කට­යුතු සම්බ­න්ධී­ක­ර­ණ­යෙ­හිලා විශාල මෙහෙ­ව­රක් ඉටු කරන අතර, ඉදි­රි­යේදී E9 pay සහ කොරි­යාවේ වෙසෙන ශ්‍රී ලංකාවේ ශ්‍රමි­ක­යන් එක්වී මේ සද්කා­ර්යන් තව තවත් පුළුල් කිරී­මට කට­යුතු කරන බව හේ පැව­සීය.

 

Comments