කෑෂ්වැ­ගන් ශ්‍රී ලංකා වෙතින් කුරු­ණෑ­ගල පාසල් දෙක­කට පරි­ත්‍යාග | සිළුමිණ

කෑෂ්වැ­ගන් ශ්‍රී ලංකා වෙතින් කුරු­ණෑ­ගල පාසල් දෙක­කට පරි­ත්‍යාග

ලෝක ළමා දිනය පද­නම් කර ගනි­මින් කෑෂ්වැ­ගන් ශ්‍රී ලංකා ආය­ත­නය කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්කයේ නික­වැ­ර­ටිය අධ්‍යා­පන කොට්ඨා­සයේ පිහිටි ග්‍රාමීය පාසල් දෙකක් වන කුඹු­ක්වැව මහා විද්‍යා­ලය සහ හීලෝ­ගම මහා විද්‍යා­ලය සඳහා පරි­ත්‍යාග රැසක් සිදු කිරීම වෙනු­වෙන් උත්ස­ව­යක් පසු­ගි­යදා එම පාස­ල්වල පැවැ­ත්විණි. එහිදී කෑෂ්වැ­ගන් ශ්‍රී ලංකා ආය­ත­නය පරි­ග­ණක කාම­ර­යක් අලු‍ත්වැ­ඩියා කර, නව පරි­ග­ණක සහ පරි­ග­ණක පුටු පිරි­නමා, තූර්ය වාදක කණ්ඩා­ය­මට සංගීත භාණ්ඩ සහ පාසල් උප­ක­රණ පරි­ත්‍යාග කර, පාසල් දරු­වන්ට සහ පාසල් කාර්ය මණ්ඩ­ල­යට එදින උදෑ­සන ආහා­රය සහ තෑගි පාර්සල් ලබා දුන්නේය. ව්‍යාපා­රික කට­යු­තු­ව­ලට අම­ත­රව දුෂ්කර ග්‍රාමීය පාසල් දරු­වන් වෙනු­වෙන් සිදු කළ මෙම සමාජ මෙහෙ­වර පාසල් දෙකේම විදු­හ­ල්ප­ති­ව­රුන්ගේ, ගුරු මණ්ඩ­ලයේ, දෙම­ව්පි­යන්ගේ සහ දරු දැරි­යන්ගේ ප්‍රශං­සා­වට ලක් වූ අතර ඔවුන්ගේ ස්තූති­යද කෑෂ්වැ­ගන් කාර්ය මණ්ඩ­ල­යට පුද කෙරුණි.

“නවීන ලෝක­යට පිවි­සෙන හැම කෙනෙ­කු­ටම පරි­ග­ණක දැනුම අත්‍ය­වශ්‍ය දෙයක්. නමුත් දුෂ්කර පාස­ල්වල දරු­වන්ට මේ පරි­ග­ණක දැනුම ලබා ගැනීම අභි­යෝ­ග­යක් වෙලා තියෙ­නවා. ඒ නිසා එම දරු­වන්ට ආය­ත­න­යක් වශ­යෙන් අපට හැකි අයු­රින් පහ­සු­කම් ලබා දෙමින් සහය වෙන්න ගත්ත උත්සා­හ­යක් හැටි­යට මේ ව්‍යාපෘ­තිය හඳු­න්වන්න පුළු­වන්ග” කෑෂ්වැ­ගන් ශ්‍රී ලංකා ප්‍රධාන විධා­යක නිල­ධාරි සමිල ප්‍රනාන්දු මහතා පැව­සීය.

Comments