2020 රට හමුවේ ඇති අභියෝග | සිළුමිණ

2020 රට හමුවේ ඇති අභියෝග

ජනා­ධි­ප­ති­ව­ර­ණය මේ වන­විට අව­සන් වී ඇත. හෙට අනිද්දා වන විට නව ජනා­ධි­ප­ති­ව­රයා දිවුරුම් දෙනු ඇත. ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක මූලික අපේ­ක්ෂාව ප්‍රජා­ත­න්ත්‍ර­වා­දීව ජනතා පර­මා­ධි­ප­ත්‍යය තහ­වුරු කර පුර­වැ­සි­යා­ගෙන් බහු­ත­රය කැමති නාය­ක­ත්වය වෙත රට පාල­නය කිරීමේ වග­කීම පැව­රී­මය. මෙතෙක් සමා­ජය විසින් ගොඩ­න­ගා­ගත් සිවිල් අයි­ති­වා­සි­කම් හා පුර­වැසි අපේ­ක්ෂා­වන් තිබේ. අධි­ක­ර­ණයේ ස්වාධී­න­ත්වය, තොර­තුරු දැන­ගැ­නීමේ අයි­තිය, ස්වාධීන රාජ්‍ය සේව­යක් ස්ථාපිත කිරීම සඳහා ඇති කළ කොමි­ස­න්සභා, සංහි­ඳි­යාව ඇති කිරීම හා ආර්ථික විස­ම­තා­වය අවම කිරීම සම්බ­න්ධ­යෙන් ගනු ලැබූ සාධ­නීය පිය­වර ගණ­නා­වක් ඒ අතර වේ. නව ජනා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් රට අපේක්ෂා කරන්නේ කුමක් ද යන්න යළිත් විම­සී­මට ලක් කරන්නේ ඒ අපේ­ක්ෂා­වන් තුළ පිහි­ට­මිනි. මේ රටේ පිළි­ගත් බුද්ධි­ම­තුන් හා සිවිල් ක්‍රියා­කා­රි­ක­යින් කිහිප දෙනෙක් හා සිළු­මිණ කළ සංවා­ද­යකි.

නීතිය රැකෙන්නේ  අධි­ක­ර­ණයේ  ස්වාධී­න­ත්වය මතයි

නීතිඥ එස්. ජී. පුංචි­හේවා

කවුරු ජනා­ධි­ප­ති­ව­රයා වුණත් අධි­ක­ර­ණයේ ස්වාධී­න­ත්වය ආරක්ෂා කිරීම අති­ශය වැද­ගත් කාර­ණ­යක්.

ඒ ස්වාධී­න­ත්වය ආරක්ෂා නොක­රයි යන බියක් සම­හර අපේ­ක්ෂ­ක­යන් පිළි­බඳ තියෙ­නවා. සිය­ලුම අපේ­ක්ෂ­ක­යන් අධි­ක­ර­ණයේ ස්වාධී­න­ත්වය ආරක්ෂා කිරීම පිළි­බඳ පොරොන්දු ලබාදී තිබෙ­නවා. මේ වන­විට මැති­ව­ර­ණය පැවැ­ත්වී­මේදී මැති­ව­රණ ප්‍රචණ්ඩ ක්‍රියා­වල අඩු­වී­මක් දකින්න පුළු­වන්. ඒ වගේ ම නීතිය ඉතා ඉහ­ළින් ක්‍රියා­ත්මක වෙනවා. නීතිය රැකෙන්න අවශ්‍ය වෙන්නෙ අධි­ක­ර­ණයේ ස්වාධී­න­ත්වය. මැති­ව­රණ කොම­සා­රිස් නීතිය ක්‍රියා­ත්මක කළත් අධි­ක­ර­ණ­යට යාමෙන් පසු නැවත වෙනස් කරන තත්ත්ව­යට පත්වෙ­නවා. මෙවර ඒ තත්ත්වය අව­මයි. මැති­ව­රණ කොමි­සම ස්වාධී­නව වැඩ කරන බව දකින්න පුළු­වන්.

ඒ තත්ත්වය මැති­ව­රණ කොමි­සම විසින් ඇති කර­ගත්ත තත්ත්ව­යක් නොවෙයි. අධි­ක­ර­ණයේ ආර­ක්ෂාව ඔවුන්ට තිබෙ­නවා කියන විශ්වා­සය මත තමයි ඒ විදි­හට කට­යුතු කරන්නේ. ප්‍රචණ්ඩ ක්‍රියා අවම වීමට ප්‍රබ­ලම හේතුව තමයි ඒවා අධි­ක­ර­ණය වෙත ගියොත් නිද­හස් වීමේ නොහැ­කි­යාව. ඒ තත්ත්වය නිසා ස්වාධී­න­ත්ව­යක් තිබෙ­නවා. අධි­ක­ර­ණය කිසි­වෙ­කුට යටත් නොවී තීරණ ලබා­දීම, බල­පෑ­ම්ව­ලට යටත් නොවීම තමයි වැද­ගත් වෙන්නේ. අධි­ක­ර­ණය තමන්ගේ කට­යුතු නිසි ආකා­ර­යට සිදු කර­නවා නම් රටේ සෑම ආය­ත­න­යක් ම වගේ නිවැ­රැ­දිව ක්‍රියා කරන්න පෙල­ඹෙ­නවා. නීතිය සමඟ කට­යුතු කිරී­මේදී ඍජුව කට­යුතු කරන්න පුළු­වන්. සිය­ලුම රජයේ ආය­තන එම ක්‍රියා­ව­ලි­යට අනු­ගත වෙනවා.

එවිට මුළු පද්ධ­ති­යම යුක්ති සහ­ග­තව කට­යුතු කරන්න පෙල­ඹෙ­නවා. ඒ තත්ත්වය නිර්මා­ණය කිරීම සහ ආණ්ඩු­වෙන් ඒ සඳහා ලබා­දිය හැකි උප­රිම සහය ලබා­දෙන්න අනා­ගත ජනා­ධි­ප­ති­ව­රයා කට­යුතු කළ යුතුයි. සිය­ලුම රාජ්‍ය අංශ සඳහා රාජ්‍ය පරි­පා­ලන ක්‍රියා­ව­ලිය මාර්ග­යෙන් ඒ පිළි­බ­ඳව දැනුම් දිය යුතුයි. ඉහ­ළම නිල­ධා­රි­යාගේ පටන් සාමාන්‍ය ජන­තාව දක්වා යුක්ති සහ­ග­තව කට­යුතු කිරී­මට පෙල­ඹ­විය හැක්කේ අධි­ක­ර­ණයේ ස්වාධී­න­ත්වය ආරක්ෂා කිරී­මෙන් පම­ණයි.

 


 

ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය පිළි­බඳ අව­බෝ­ධ­යක් ඇති අය   කැබි­නට් මණ්ඩ­ල­යට බඳවාගත යුතුයි

සබ­ර­ගමු පළාත් ආණ්ඩු­කාර  ධම්ම දිසා­නා­යක

ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ආරක්ෂා කිරීම සම්බ­න්ධ­යෙන් ඉදි­රි­යට පත්වන ජනා­ධි­ප­ති­ව­ර­යාට අවංක වුව­ම­නා­වක් සහ හෘද සාක්ෂි­යක් පැව­තීම තමයි ප්‍රධා­නම කාර­ණය විදි­හට මම දකින්නේ. ඊළඟ කාර­ණය තමයි ඔහුට ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය පිළි­බඳ පුළුල් දැක්මක් තිබිය යුතුයි. රටක ක්‍රියා­ප­ටි­පා­ටි­මය වශ­යෙන් ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ක්‍රියා­ත්මක කිරීමේ ව්‍යුහ­යක් මෙන් ම දියුණු ශිෂ්ට සංස්කෘ­තික කාරණා ද මෙයට අව­ශ්‍යයි. සාමාන්‍ය ජන­තාව තමන්ගේ දෛනික ජීවි­ත­යේදී ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය පිළි­බඳ කෙත­රම් නැඹු­රු­වක් දක්ව­නවා ද කියන කාර­ණය වැද­ගත්.

අනෙක් කාර­ණය තමයි ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට අභි­යෝග කරන ආස­න්නම බල­වේග හඳු­නා­ගැ­නීම අති­ශ­යින් වැද­ගත්. බල­යට පත්වන ජනා­ධි­ප­ති­ව­රයා ඔවුන්ගේ කැබි­නට් මණ්ඩ­ල­යට ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය පිළි­බඳ අව­බෝ­ධ­යක් ඇති පිරිස බඳවා ගත යුතුය. එමෙන් ම අක්‍ර­මි­කතා හා විෂ­මා­චාර සම්බන්ධ පුද්ග­ල­යන්ට වග­කි­ව­යුතු ක්ෂේත්‍ර භාර නොදී­මට කට­යුතු කළ යුතුයි. විශේ­ෂ­යෙන් ම රටේ සම්පත් අව­භා­වි­තය, ආර්ථි­කය කඩා බිඳ දැමී­මට හේතු වූ සහ ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට එරෙහි ප්‍රච­ණ්ඩ­ත්වය මුදා­හළ පුද්ග­ල­යන් කැබි­නට් මණ්ඩ­ල­යට ද සම්බන්ධ කර නොගැ­නී­මයි කළ යුත්තේ.

ඒ වගේ ම ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට බාධා වන නෛතික ව්‍යුහ සහ ආය­ත­න­යික ව්‍යුහ ප්‍රති­සං­ස්ක­ර­ණය කළ යුතුයි. කිසිදු ආකා­ර­ය­කින් ප්‍රජා­ත­න්ත්‍ර­වාදී නොවුණු සෞඛ්‍යය, ප්‍රවා­හන, අධ්‍යා­පන හා වෙළෙ­ඳ­පොළ යන ප්‍රමුඛ ක්ෂේත්‍ර­යක් තුළ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ඇති කිරීම නව ජනා­ධි­ප­ති­ව­ර­යාට ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ආරක්ෂා කිරීම පිළි­බ­ඳව ඇති ප්‍රධා­න­තම අභි­යෝග ලෙස මම දකි­නවා.


දේශ­පා­ලන  විස­ඳු­ම­කින් මිස මිලි­ටරි ක්‍රම­ය­කින්  ජාතික ගැටලුව  විස­ඳන්න බැහැ

කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාරිණී  ප්‍රභා මනුරත්න

ඇත්ත­ටම ජාතික ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් අව­ධා­නය යොමු කරද්දී ඓති­හා­සික වශ­යෙන් අපට දෙමළ ජන­තාව ගැන ගැට­ලු­වක් ඇති වුණා. ඒ ගැට­ලු­වට අපි විස­ඳුම් ලබා­දුන්නේ මිලි­ටරි ක්‍රම­ය­කින්. දේශ­පා­ලන විස­ඳු­ම­කින් තොරව මිලි­ටරි ක්‍රම­ය­කින් ඒ ගැටලු විස­ඳන්න බැහැ. මම අද­හස් කරන විදි­හට යම්කිසි ක්‍රම­වත් දේශ­පා­ලන විස­ඳු­මක් දෙමළ ජන­තා­වට දුන්නේ නැති­නම් ජාතික ආර­ක්ෂා­වට ගැට­ලු­වක් වෙනවා.

ඒ වගේ ම ඒ ප්‍රශ්නය දීර්ඝ­කා­ලී­නව මතු­වෙන්නෙ ජාතීන් අතර ඇවි­ළෙන ප්‍රශ්න­යක් විදි­හට ඇත්ත­ටම පව­තින්නෙ දේශ­පා­ලන අර්බු­ද­යක්. නමුත් එය ඉස්මතු වෙන්නෙ සංස්කෘ­තික ගැට­ලු­වක් විදි­හට. එයට ලබා­දෙන්න අවශ්‍ය දේශ­පා­ලන විස­ඳු­මක්. එසේ නොමැ­තිව මිලි­ටරි විස­ඳුම්, සංස්කෘ­තික විස­ඳු­ම්ව­ලින් මේ ගැට­ලු­ව­ලට පිළි­යම් සොයන්න බැහැ. එය පළමු අභි­යෝ­ගය. දෙවන අභි­යෝ­ගය විදි­හට මම දකින්නේ රටේ පව­තින නීතිය සාමා­න්‍යය විදි­හට ක්‍රියා­ත්මක කරන්න ඕනේ. එක් එක් තැන්ව­ලදී නීතිය එක් එක් ස්වභා­ව­යක් තුළ ක්‍රියා­ත්මක නොවී එකම විදි­හට ක්‍රියා­ත්මක වෙනව නම් මහ­ජන ආර­ක්ෂාව ඇති කරන්න පුළු­වන්.

තුන්වන අභි­යෝ­ගය තමයි වර්ත­මා­නයේ ඇති­වෙලා තියන සංස්කෘ­තික නොම­නා­ප­කම් වගේ ගැටලු ඇති‍වීමේ ඉඩ­කඩ ලබා­නො­දීම. එම ගැටලු විස‍ඳෙන ආකා­රයේ දේශ­පා­ලන වැඩ­පි­ළි­වෙ­ළ­කට ගමන් කිරීම තමයි ජාතික ආර­ක්ෂාව සම්බ­න්ධ­යෙන් සිදු­කළ යුත්තේ.


ආර්ථික පරි­ව­ර්ත­නය මර්ද­න­කාරී ප්‍රවේ­ශ­ය­කින් සිදු කළ නොහැ­කියි

කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සුමිත් චාමින්ද

ලංකාවේ ආර්ථි­කය වර්ත­මා­නයේ පව­තින්නෙ බර­ප­තළ අර්බු­ද­යක් බව සියලු දෙනාම දන්නවා. ලංකාව තනි කරලා මේ සම්බ­න්ධ­යෙන් විම­ස­න­වාට වඩා ගෝලීය ආර්ථික අර්බු­දයේ ම කොට­සක් වශ­යෙන් දකින්න පුළු­වන්. නමුත් ලංකා­වට සුවි­ශේෂී තත්ත්ව­යක් ද මෙයට බල­පෑම් කළා. ලංකාවේ ආර්ථි­කය බර­ප­තළ පරා­යක්ත ආර්ථි­ක­යක් වශ­යෙන් ක්‍රියා­ත්මක වෙන්නේ. එය නිෂ්පා­දන ආර්ථි­ක­යක් නෙවෙයි. ණය මත පද­නම් වූ ආර්ථි­ක­යක්. විශේ­ෂ­යෙන් ම වෙළෙඳ හා මූල්‍ය ක්ෂේත්‍ර­වල බර­ප­තළ විදි­හට ගෝලීය මූල්‍ය ඒකා­ධි­කා­රීන්ට යටත් වෙලා ඉන්නෙ. මේ තත්ත්වය තුළ අපිට දැක­ගන්න පුළු­වන් ජනා­ධි­පති අපේ­ක්ෂ­ක­යන් බොහෝ දෙනෙ­කුගේ ප්‍රති­පත්ති ප්‍රකා­ශන තුළ සුබ­සා­ධ­නය සම්බ­න්ධ­යෙන් පොරොන්දු රාශි­යක් ඇතු­ළත් කරලා තියෙ­නවා. දුගී දුප්ප­ත්කම තුරන් කර­නවා. සුබ­සා­ධන කට­යුතු සිදු කර­නවා. කියන සියල්ල එහි ඇතු­ළත්‍. එහෙත් පව­තින ගැට­ලුව වන්නේ මේ ආර්ථික පරි­ස­රය තුළ ඔවුන්ගේ මේ යෝජනා ක්‍රියා­ත්මක කරන්න පුළු­වන් ද යන ගැට­ලුව. කවුරු බල­යට පත් වුවත් ඉතා දුර්වල පරා­යක්ත තත්ත්ව­යක පව­තින ශ්‍රී ලංකා ආර්ථි­කයේ හදි­සියේ මතු­වන ගැට­ලු­ව­ලට පිළි­යම් යොදන්න සිදු­වෙ­නවා. ප්‍රධාන පෙළේ අපේ­ක්ෂ­ක­යන් ඔවුන්ගේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­න­වල ඉදි­රි­පත් කරන්නේ මූලික වශ­යෙන් නව ලිබ­රල් රාමුව තුළ ක්‍රියා­ත්මක කරන ආර්ථික රටා­වක්. නමුත් එහි සමාජ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ඉල්ලීම් ද ඇතු­ළත් වන මිශ්‍ර ආර්ථික මොඩ­ල­යක්. ඔවුන්ගේ පොදු අද­හස වෙන්නෙ රාජ්‍ය අංශය හා පෞද්ග­ලික ව්‍යව­සා­ය­ක­ත්වය සම්බන්ධ කරන ලද මිශ්‍ර ආර්ථික ක්‍රම­ය­කට ගමන් කර­නව කියලා. අධ්‍යා­ප­නය, සෞඛ්‍ය සේවය හා දුගී භාවය නැති කිරී­මට ක්‍රියා­ක­රන බවත්, ඍජු විදේශ ආයෝ­ජන ශ්‍රී ලංකාව වෙත ආක­ර්ෂ­ණය කර­ගන්නා බවත් පුද්ග­ලික ව්‍යව­සා­යක් වර්ධ­නය කිරීම හා ඊට සම­ගා­මීව අධ්‍යා­පන ක්ෂේත්‍රයේ වෙන­ස්කම් ඇති කරන බව ප්‍රකාශ කර­නවා. මේ සිය­ල්ලම විවිධ වච­න­ව­ලින් කිව්වත් තිබෙන අද­හස සමා­නයි. එය කොත­රම් දුරට ප්‍රායෝ­ගි­කව ක්‍රියා­ත්මක කරන්න පුළු­වන්ද? යන්න වෙනම විම­සිය යුතුයි. ගුණා­ත්මක වශ­යෙන් මේ ප්‍රති­පත්ති මාලා­වන්හි විශේෂ වෙන­සක් නැහැ. ආර්ථි­ක­මය ප්‍රති­ප­ත්ති­ව­ලට වඩා සමා­ජ­මය සුබ­සා­ධන කට­යුතු සම්බ­න්ධ­යෙන් ප්‍රති­ප­ත්ති­වල තමයි වෙන­ස්කම් පව­තින්නේ.

ආර්ථික පරි­ව­ර්ත­නය ජාතික ආර­ක්ෂාව මුල් කර­ගත් ක්‍රියා­ව­ලි­ය­කින් හෝ මර්ද­න­කාරී ප්‍රවේ­ශ­ය­කින් සිදු කළ නොහැ­කියි. ඒ වගේ ම නව ලිබ­රල් රාමුව තුළ ක්‍රියා­ත්මක වන සාම්ප්‍ර­දා­යික පක්ෂ ක්‍රමය තුළ හිඳි­මින් සුබ­සා­ධ­නය ක්‍රියා­ත්මක කිරීම ඇත්ත­ටම අභි­යෝ­ග­යක්. පව­තින තත්ත්වය තුළ සුබ­සා­ධන ආර්ථි­ක­යක් යෝජනා කළත්, එය ප්‍රායෝ­ගි­කව ක්‍රියා­ත්මක කිරී­මට කිසිදු අපේ­ක්ෂ­ක­යෙ­කුට සම්පූ­ර්ණ­යෙන් හැකි­යාව තියෙ­නවා කියල මම විශ්වාස කරන්නෙ නෑ.

 


කලා­ත්මක ජීවි­ත­යක් නැති තැන සංස්කෘ­තික විඥා­න­යක්  ගොඩ­න­ැඟෙන්නේ නැහැ

දේශපාලන විචාරක විද­ර්ශන කන්නං­ගර

ශ්‍රී ලංකාවේ ඉදි­රි­යට බල­යට පත්වන ජනා­ධි­ප­ති­ව­රයා කවුරු වුණත් සිවිල් අයි­ති­වා­සි­කම් ආරක්ෂා කිරීම සම්බ­න්ධ­යෙන් ක්‍රියා­මාර්ග ගැනී­මේදී විධි­මත් ලෙස එය සිදු­කළ යුතුයි. සිවිල් අයි­ති­වා­සි­කම් ආරක්ෂා කරන්න කලින් සිවිල් අයි­ති­වා­සි­කම් නිවැ­රැ­දිව නිර්ව­ච­නය කර­ගන්න ඕනෙ. වර්ත­මා­නයේ සිවිල් අයි­ති­වා­සි­කම් කියල නිර්ව­ච­නය කරන්නෙ බහු­තර සිංහල ජන­තා­වගෙ අයි­ති­වා­සි­කම්. නමුත් සිදු­විය යුත්තේ උතුරු - නැ‍ඟෙන­හිර සමස්ත දෙමළ ජන­තා­වගේ හා මුස්ලිම් ජන­තා­වගේ අයි­ති­වා­සි­කම් ආරක්ෂා කිරී­මයි. දේශ­පා­ල­නය තුළ තිබෙන ජාතීන් අතර බෙදීම ඉවත් කළ යුතුයි. දේශ­පා­ල­න­යේදී එය භාවිත කරන්නේ ආන්තික ක්‍රියා­වක් විදි­හට. එහෙත් නැති­නම් ඍජු භාව­ය­කින් තොරව වාසිය පද­නම් කර­ගෙන. සිවිල් අයි­ති­වා­සි­කම් ආරක්ෂා කිරී­මට නම් මේ තත්ත්වය නැති කළ යුතුයි. ඊළ­ඟට මේ රටේ තිබෙන සංස්කෘ­තික ප්‍රශ්නය; ගතා­නු­ග­තික පසු­ගා­මී­ත්ව­යක් සමඟ කලාව ඇතුළෙ ජීවිතේ විඳින්න පුද්ග­ල­යාට අව­කා­ශ­යක් නැහැ. ඒ සඳහා අවශ්‍ය කාලය, විවේ­කය නැහැ. කලා­ත්මක ජීවි­ත­යක් ගොඩ­න­ගා­ගන්න තරම් පරි­ස­ර­යක් නොමැති තත්ත්ව­යක සංස්කෘ­තික විඥා­න­යක් ගොඩ­න­ගන්න බැහැ. ඒ නිසා මහ­ජ­න­තා­වගේ පොදු විඥා­නය සංස්කෘ­තිය තුළ සකස් කරන්න උත්සාහ කිරීම තමයි වැද­ගත්.‍ ඒ වගේ ම ජනා­ධි­ප­ති­ව­ර­යාට මේ කියන සංස්කෘ­තික පොදු විඥා­නය තිබීම අත්‍ය­ව­ශ්‍යයි.

ඒ වගේ ම සිවිල් සමා­ජය ඇතුළෙ කාන්තා­වන් වගේ ම අනෙක් සංස්කෘ­තික කණ්ඩා­ය­ම්ව­ලට පව­තින නිද­හස සිවිල් අයි­ති­වා­සි­කම් ආරක්ෂා කිරීම සම්බ­න්ධ­යෙන් අති­ශ­යින් ම වැද­ගත්. සමස්ත මහ­ජන අව­කා­ශය තුළ ස්ත්‍රිය­කට නිද­හසේ ජීව­ත්වීමේ පරි­ස­රය වගේ ම අනෙක් සංස්කෘ­තික කණ්ඩා­ය­ම්ව­ල­ටත් තමන්ගේ නිද­හස තුළ ජීව­ත්වීමේ පරි­ස­ර­යක් නිර්මා­ණය කිරීම තවත් අභි­යෝ­ග­යක් විදි­හට මම දකි­නවා.

අනෙක් වැද­ගත් කාර­ණය තමයි ආර්ථික ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ඇති කිරීම. ආර්ථි­කයේ ප්‍රති­ලාභ සෑම කෙනෙ­කු­ටම බෙදී­යාම සහ සෑම පුද්ග­ල­යෙ­කුම රටේ ආර්ථි­ක­යට සම්බන්ධ වීම වැද­ගත්. නව ලිබ­රල් ආර්ථි­ක­යක් කරා ගමන් කිරී­මට නව ජනා­ධි­ප­ති­ව­රයා කට­යුතු කළත් සිවිල් අයි­ති­වා­සි­කම් ආරක්ෂා කිරී­මට නම් ආර්ථික ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය සුර­ක්ෂිත කිරීම සිදු­කළ යුතු බවයි මගේ අද­හස.

 

සංවාද සටහන - ටිෂානි ශෂි කුමාරි

 

 

Comments