
මෑත කාලයේදී කැනඩාව විවිධ රටවලින් මිලියනයක් සංක්‍රමණිකයන් අපේක්ෂා කරමින් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවට විදෙස්ගත වීමට කැමති ප්‍රජාව අතර දැඩි ලෙස කතාබහට ලක්වූ කරුණක් විය. ඒ බව මුලින්ම හෙළි වන්නේ නයිජීරියාව, කෙන්යාව, සිම්බාබ්වේ, සැම්බියාව, ඝානාව හා පිලිපීනය ආදි රටවල් ඉලක්ක කරගෙන එම සංක්‍රමණිකයන් ආකර්ෂණය කරගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවට අන්තර්ජාලය පුරා සමාජ මාධ්‍ය තුළ ද පුවත්, ලිපි ආදිය පළ වීමත් සමඟය.
කැනඩාව සිය නව සංකමණික වැඩසටහන යටතේ විවිධ රටවලින් සංක්‍රමණිකයන් වාර්ෂිකව මිලියනයක් අපේක්ෂා කරන බවට එලෙස පැතිරුණු කතාබහ සත්‍යයක් නොවන බව කැනඩා රජය පවසයි. එහෙත් එවැනි පුවතක් පැතිරීමට හේතු වූ කරුණු විමසා බැලීමේදී කැනඩාවට සංක්‍රමණය වීමට අපේක්ෂිත අයකුට එක්තරා විදියකින් සතුටුදායක ආරංචියක් ගෙනදෙන්නක් බව පෙනී යන්නකි. මන්ද යත් කැනඩාවේ නව සංක්‍රමණික ප්‍රතිපත්තිය සංශෝධනය වී නව සුවිශේෂී සැලැස්මකට අනුව එරට අභියෝගවලට මුහුණදීම සදහා විදේශික සංක්‍රමණිකයන් මත ඔවුන්ගේ අනාගත අපේක්ෂා තබා තිබීම ය. එබැවින් වෙනදාට වඩා අතිවිශාල සංඛ්‍යාවක් විදේශික සංක්‍රමණිකයන් ගෙන්වාගෙන පුරවැසිභාවය ලබාදීමට කැනඩා රජයේ අපේක්ෂාව වීම ලොව සෙසු රටවලට සුබ ආරංචියක් වී තිබේ.
2017 වසරේදී දී කැනඩා රජය විසින් සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ඓතිහාසික බහු-අවුරුදු උපායමාර්ගික සැලැස්මක් සම්මත කරගත්තේය. එය කැනඩා රජය හදුන්වනු ලැබුවේ මෑත ඉතිහාසයේ වැඩිම අපේක්ෂිත සංක්‍රමණ මට්ටම මෙන්ම අතිශය සුවිශේෂී ආර්ථික සැලැස්මක් ලෙසත් ය. එම සුවිශේෂී සංක්‍රමණික සැලැස්ම වන්නේ 2017 වසරේ සිට 2020 දක්වා ක්‍රමානුකූලව කැනඩාවට එන සංක්‍රමණිකයන් මිලියනයක් දක්වා වර්ධනය කරගැනීමේ වැඩපිළිවෙළකි. වාර්ෂිකව අපේක්ෂිත සංක්‍රමණිකයන් වැඩි කරගැනීම මිස එක් වසරකට මිලියනයක් ආකර්ෂණය කරගැනීම ඉන් අදහස් නොවන බව කැනඩා රජය පවසයි. නව සැලැස්ම යටතේ අදාළ තෙවසර පුරා ආකර්ෂණය කරගැනීමට අපේක්ෂිත මුළු සංක්‍රමණිකයන් සංඛ්‍යාව මිලියනයක් බව කැනඩා රජය අවධාරණය කර සිටියි.
කෙසේවෙතත් පෙර අපේක්ෂා කළ තත්ත්වය තවදුරටත් වැඩි කරමින් පසුගිය වසර අවසානයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ 2019 සිට 2021 දක්වා ද එම සංක්‍රමණික සැලැස්ම තවදුරටත් ඉහළ අගයකට පත්කළ බවයි. ඒ අනුව 2021 වසර තුළ කැනඩාව අපේක්ෂිත සංක්‍රමණිකයන් ගණන 450000කි.
නව සංක්‍රමණික වැඩපිළිවෙළ සෙසු රටවලට ද තරමක විමතියට කරුණක් විය. ඕස්ට්‍රේලියාව, අමෙරිකාව ආදි රටවල් සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් දැඩි බාධක යොදමින් සීමා එල්ල කරන සමයක කැනඩාවේ එම තීරණයට හේතුවූ කරුණු සෙවීමට සෙසු රටවල් ද උත්සුක වූවකි. කැනඩාවේ පුරවැසියන් අමෙරිකාව ආදි රටවලට සංක්‍රමණය වීම ද එක් හේතුවක් බව ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ. එහෙත් කැනඩාවේ උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහත වැටීම, වයස්ගත ජනගහනය ඉහළ යෑම, සංක්‍රමණිකයන් කම්කරු ශ්‍රම බළකායට වැඩි වශයෙන් දායක වීම යනාදි කරුණු එම නව සැලැස්මට බලපෑ බව එරට රජය සදහන් කරයි.
කැනඩාවේ උද්ගතව ඇති එම නව අභියෝග සියල්ල ජයගැනීමට එරට රජය විදේශීය සංක්‍රමණිකයන් යොදාගැනීමට අපේක්ෂිතය. ඔවුන් අපේක්ෂා කරන සංක්‍රමණිකයන්ගෙන් 60%ක් වාණිජ සංක්‍රමණිකයන් විය යුතු බව කැනඩා රජයේ අදහසයි. වඩාත් හැකියා, දක්ෂතා ඇති උගත් සංක්‍රමණිකයන් වැඩි වශයෙන් කැනඩාව අපේක්ෂා කරමින් සිටියි.
2035 වන විට කැනඩා පුරවැසියන්ගෙන් මිලියන 5ක් විශ්‍රාම ගැනීමට නියමත වයසේ පසු වෙති. ඉන්පසුව එම වැඩිහිටියන් රැකබලා ගැනීම වෙනුවෙන් තවත් එවැනිම පිරිසකගේ ශ්‍රම දායකත්වය අවශ්‍ය වීම නිසා කැනඩා රජයට එම අභියෝගය තරමක් සංකීර්ණ මට්ටමක ඇත. 1971 වන විට කැනඩාවේ වැඩ කරන වයසේ පුද්ගලයකුට එක් වැඩිහිටි පුරවැසියකු වශයෙන් 6:6ක අනුපාතයක් ලෙස පැවතිණ. එහෙත් එය 2012 වනවිට 4:2ක් හා 2036 වනවිට 2:1ක් ලෙස පහළ යෑම වැඩිහිටි ජනගහනයේ බරපතළ ඉහළ යෑම තවදුරටත් පැහැදිලි කරයි. එබැවින් 2035 වසර වනවිට ජනගහන වර්ධන වේගය හා සම මට්ටමකින් සංක්‍රමණික ජනහගහනය ස්ථාපිත කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි.
කැනඩා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මිලියනයේ සංක්‍රමණික නව සැලැස්මට අදාළ වාර්තාව දෙස බැලීමේදී ඔවුන්ගේ ඉලක්කගත සංක්‍රමණික සංඛ්‍යාවන් දක්වා තිබේ. 2017 වසරේදී ලක්ෂ 3ක්, 2018 වසරේදී තුන්ලක්ෂ දසදහසක්, මේ වසරේදී තුන්ලක්ෂ තිස්දහසක් හා 2020 වන විට වාර්ෂික සංක්‍රමණ මට්ටම 340,000ක් ලෙසයි. නමුත් මෙම සංක්‍රමණිකයන්ගෙන් 60%ක් ඔවුන් ආර්ථික පන්තියේ සංක්‍රමණිකයන්ගේ පැමිණීම අපේක්ෂා කරයි. ඒ අනුව පසුගිය වසරේදී ඔවුන් වාණිජ පන්තියේ සංක්‍රමණිකයන් 191600ක් ඇතුළත් කරගෙන ඇත.
ලබන වසරේදී ඔවුන් ගෙන්වාගැනීමට අපේක්ෂා කරන 340000ක් වන සංක්‍රමණිකයන්ගෙන් වාණිජ පන්තියේ සංක්‍රමණිකයන්ගේ අපේක්ෂාව 195800කි. පවුල් එක් සාමාජිකයකු කැනඩාවට ගොස් පසුව සිය පවුලේ සෙසු සාමාජිකයන් පදිංචිය සදහා ගෙන්වා ගැනීමට දී තිබූ කාලසීමාව අවුරුදු දෙකේ සිට අවුරුද්දක් දක්වා අඩු කිරීමට කැනඩා රජය පසුගිය දෙසැම්බරයේදී කටයුතු කර තිබිණි. එමඟින් පවුල් පිටින් කැනඩාවේ පදිංචි කරවාගැනීම ඉහළ දැමීමට ඔවුන් අපේක්ෂා කරයි. ඒ අනුව මේ වසරේදී එවැනි පවුල් ඒකාබද්ධ කිරීම 88500ක් විය. ලබන වසරේ එම අපේක්ෂාව 91000ක් දක්වා වැඩි කර තිබේ. සරණාගත, දේශපාලන රැකවරණ හෝ මානුෂීය වශයෙන් කැනඩාවේ සංක්‍රමණිකයන් 49900ක් මේ වසරේදී ඇතුළත් කරගැනීමටත් ලබන වසරේදී 53200ක් එවැනි සංක්‍රමණිකයන් බදවා ගැනීමටත් කැනඩා රජය සැලසුම් කර තිබේ. කැනඩාවේ සරණාගත කවුන්සිලය ද එම සැලැස්ම පිළිගෙන ඇති අතර සරණාගතයන්ගේ ඉහළ යාම ඉදිරි වසර දෙක තුළ දක්වා ඇත්තේ 13%කින් හා 14%ක් බවය.
අධ්‍යාපනය සඳහා කැනඩාවට යන සංක්‍රමණිකයන් ද නව සැලැස්ම හමුවේ ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ. පසුගිය වසරේ දෙසැම්බර් වාර්තාවේ දැක්වෙන්නේ 2018 වන විට කැනඩාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ගේ සංඛ්‍යාව 570000ක් වන බවයි. නවතම වාර්තාවට අනුව අවසන් වර්ෂය තුළ විදෙස් සංක්‍රමණික සිසුන් හා සංචාරකයන් විසින් එරට ආර්ථිකයට එකතු කළ මුදල ඩොලර් බිලියන 31ක් ඉක්මවා තිබේ. එය එරට ආර්ථිකයේ යහපත් වර්ධනයකට මාර්ගය සලසා තිබේ. 2018 දත්තවලට අනුව එරටට ඇතුළත් කොටගත් විදෙස් සංක්‍රමණිකයන්ගෙන් 93%ක් ඉංග්‍රීසි හෝ ප්රංස භාෂා දැනුම ඇති අයයි.
කෙසේ වෙතත් නව වැඩපිළිවෙළ සමග 2017 වසරට වඩා පසුගිය වසරේදි කැනඩාවට පැමිණ තිබූ සංක්‍රමණිකයන්ගේ වර්ධනය 130%කි. 2017 හා 2018 වසර දෙකෙහි කැනඩාවේ ජනගහනය වර්ධනය සදහා විදෙස් සංක්‍රමණිකයන්ගේ දායකත්වය 80%ක් බලපෑ බවට එරට රජය පෙන්වා දෙයි. 2017 වසර වන විට එරටට පැමිණ සිටි වාණිජ පන්තියේ විදෙස් සංක්‍රමණිකයන්ගෙන් 56%කට පුරවැසිභාවය ලබාදුන් බව රජය පවසයි. ඔවුන්ට පුරවැසිභාවය ලබාදී ඇත්තේ කැනඩාවේ වසර 5ක් වාසය කිරීමෙන් අනතුරුව ය.
ඔවුන්ගේ ඉපැයීමේ සාමාන්‍යය 6%ක් වන අතර 15-24%ක සාමාන්‍යයක් ඇති ඉපැයීම් කරන වාණිජ පන්තියේ සංක්‍රමණිකයන් කැනඩාවේ පුරවැසියන්ට වඩා ඉපැයීම් කරන බවට ද කැනඩා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ නවතම වාර්තාවේ දැක්වේ. එමෙන්ම කැනඩා රජයේ නව වැඩපිළිවෙළ යටතේ සංක්‍රමණිකයන් ආකර්ෂණය කරගැනීම වෙනුවෙන් රජය නිකුත් කළ නවතම වාර්තාවට අනුව අවසාන වසරේදී කැනඩාව එරට සංචාරය සදහා විදේශිකයන්ගෙන් ලද අයදුම්පත් පන්කෝටි තිස්හත්ලක්ෂ එක්දහස් එකසිය හැටදෙකක් අනුමත කර ඇත.
කැනඩාවට වැඩියෙන්ම පුරවැසිභාවය සඳහා සංක්‍රමණය වන්නන් සිටින රටවල් අතර ඉහළින්ම සිටින්නේ ඉන්දියාවයි. ඉන්පසුව පිලිපීනය, චීනය, සිරියාව, අමෙරිකාව, පාකිස්ථානය, ප්රංසය නයිජීරියාව, එංගලන්තය, ඉරාකය ආදි රටවල සංක්රමණිකයෝ ය.
එම දත්ත සලකා බැලීමේ දී මේ වනවිට විදේශ සංක්‍රමණිකයන් අපේක්ෂාවෙන් සිටින කැනඩාවට යෑම පහසු කරලීම නිසා පෙර පැවති බොහෝ බාධා, කොන්දේසි ලිහිල් කර තිබේ. ඒ අනුව සංචාරක, අධ්‍යාපන, වාණිජ, පදිංචිය ආදී වර්ගීකරණ ඔස්සේ කැනඩාවට සංක්‍රමණය වීම සඳහා ඉල්ලුම් කළ හැකි වේ.
හැකියාවෙන් පිරිපුන්, දක්ෂතා ඇති, වැඩ කරන වයසේ පුද්ගලයන්ට කැනඩාවේ දොරටු පහසුවෙන් විවෘත කරගත හැකි වනු ඇත. එහෙත් කැනඩා රජයේ අවවාදය වන්නේ නව වැඩපිළිවෙළ හමුවේ බොහෝ වංචනිකයන් විවිධ සමාගම් අටවාගෙන විදේශීය සංක්‍රමණිකයන්ගේ සියලු ලිපිගොනු නිවැරදිව සකසාදෙන බවට, පුරවැසිභාවය ලබාදීමේ සියලු ලියකියවිලි සම්පූර්ණ කරදෙන බවට, සංක්‍රමණික උපදේශන සමාගම් ආදී වශයෙන් ව්‍යාජ ලෙස අන්තර්ජාලය තුළ ඔන්ලයින් කොල්ලකෑම් ද සිදු කරන බවයි.
එබැවින් අන්තර්ජාලය හෝ සමාජ මාධ්‍ය, ඊ-මේල් ආදියෙන් කැනඩාවේ සංක්‍රමණයට අවශ්‍ය තොරතුරු ලබාගැනීම, ලබාදීම ආදිය සිදු නොකරන ලෙසත් කැනඩා රජය දැනුම් දී සිටියි. ඒ සදහා විධිමත් මාර්ග පමණක් අනුගමනය කරන ලෙස කැනඩා රජය දැනුම් දී සිටියි.