සිළුමිණ ලග්න පලාපල‍ (නොවැම්බර් 17 සිට නොවැම්බර් 23 තෙක්) | සිළුමිණ

සිළුමිණ ලග්න පලාපල‍ (නොවැම්බර් 17 සිට නොවැම්බර් 23 තෙක්)

මේෂ

ක්‍රියා­ශී­ලිව වැඩ­ක­ට­යුතු කරන සති­යක්

ලග්නා­ධි­පති කුජ, බුධ හත්වැන්නේ සිටි­මින් ලග්නා­ධි­පති රවි, සිකුරු 8, ගුරු, ශනි, කේතු 9, සඳු, රාහු 3 ගෝච­රය වේ. එම ග්‍රහ පිහි­ටීම් අනුව සැල­කී­මේදී තම කට­යුතු කර­ගෙන යෑමේ දී ක්‍රියා­ශීලී ද වේ. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී සිය උත්සා­හය තුළ සාර්ථක කර ගනී. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් සැල­කී­මේදී ආදා­යම් ලැබුණ ද විය­දම් පක්ෂය පාල­නය කර­ගැ­නීම අසීරු වේ. මිල මුදල් සම්බන්ධ කට­ය­තු­වල දී ප්‍රවේ­සම් වන්න. ගෙද­ර­දොර කට­යු­තු­ව­ලදී මෙන්ම යුග දිවිය සම්බන්ධ කට­යු­තු­ව­ලදී ප්‍රවේ­සම් වන්න. විටෙක සම­ඟිය සාම­යට බාධා එල්ල විය හැකිය. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි සැල­කි­ලි­මත් වන්න. අධ්‍යා­පන අංශ­වල යම් යම් ප්‍රමා­දතා ඇතත් සිය උත්සා­හය තුළ අධ්‍යා­පන කට­යුතු සාර්ථක කර­ගනී. උෂ්ණා­ධික රෝග, මුත්‍ර දෝෂ, ඇස්වල දුර්ව­ලතා ඉස්මතු වනු ඇත.

ජය වර්ණය- රතු, අංකය 09, දිනය- සඳුදා

වෘෂභ

විය­දම් පාල­නය අසී­රුයි

ලග්නා­ධි­පති සිකුරු රවි හතේ වේ. ගුරු, ශනි, කේතු 8 වැන්නේ ය. කුජ, බුධ 6 සිටී. මෙය ලග්නාධි යෝග­යයි. බුධ 6, සිකුරු 7, ගුරු 8 වීමෙන්ය. එම කාල සීමාව තුළ තමාගේ වැඩ­ක­ට­යුතු ඉෂ්ට සිද්ධ කර ගැනී­මේදී බාධා අව­හි­රතා ඉස්මතු කළ හැකිය. අන්‍ය­යන්ගේ සහ­යෝ­ගය ඔබ බලා­පො­රොත්තු වන තර­මට නොලැබේ. මිල මුදල් ලැබුණ ද විය­දම් පක්ෂය පාල­නය කර­ගැ­නීම අසීරු වේ. මිල මුදල් සම්බන්ධ කට­යු­තු­වල දී බුද්ධි­මත් වන්න. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී ද එත­රම්ම යහ­පත් නොවේ. විටෙක සම­ඟි­යට සාම­යට බාධා එල්ල වනු ඇත. අධ්‍යා­පන ක්ෂේත්‍රයේ යෙදී සිටින අයට තාක්ෂ­ණික සහ ඉංජි­නේරු ක්ෂේත්‍ර­යන්ට අදාළ විෂ­ය­යන් තුළින් සාර්ථක වේ. ලේ දූෂ්‍යා­බාධ, උගුර, බෙල්ල ආශ්‍රිත පීඩා, උෂ්ණා­ධික රෝග, වාතා­බ­ධ­ව­ලින් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකු­රාදා

මිථුන

නිෂ්ඵල ගම­න්බි­මන්

ලග්නා­ධි­පති බුධ, කුජ සමග පූර්ව පුණ්‍ය­ස්ථා­න­යේය. රවි, සිකුරු 6 ද, සඳු, රාහු ලග්නයේ ද, ගුරු, ශනි, කේතු 7 ගමන් ගනී. එම පිහි­ටීම් ගැන සැල­කී­මේදී රාජ­කාරි කට­යුතු සම්බ­න්ධ­යෙන් නිෂ්ඵල ගම­න්බි­මන් ඇති වේ. වෘත්තීය සහ රැකියා අංශ­ව­ලදී උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලබයි. තාක්ෂ­ණික අංශ­ව­ලට ශුභ­දා­ය­කයි.

ආදා­යම් ලැබීම අතින් යහ­පත් වුවත් මිල මුදල් විය­දම් අධි­ක­වීම පෙන්වයි. විටෙක අලාභ හානි ඇති වේ. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­ව­ලදී ද තර­මක් ඉව­සී­මෙන් ද බුද්ධි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. දරු­වන්ගේ කට­යු­තු­වල දියු­ණු­වක් ලබයි. අධ්‍යා­පන අංශ­වල දී තාක්ෂ­ණික, පර්යේ­ෂණ කට­යු­තු­ව­ලට ශුභයි. චර්මා­ශ්‍රිත පීඩා, ඉකිලි, කිසිලි කැසීම්, ලේ දූෂ්‍යා­බා­ධ­වල දී ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- කොළ, අංකය- 05, දවස- බදාදා

කටක

විය­දම් අධි­කයි

ලග්නා­ධි­පති සඳු, රාහු 12 ද, ශනි, ගුරු, කේතු 06 ද, රවි, සිකුරු 5 ද, කුජ, බුධ 4 ගම­න්ගනී. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කී­මේදී මිල මුදල් සම්බන්ධ කට­යු­තු­වල දී ප්‍රවේ­සම් වන්න. නික­රුණේ මුදල් නාස්ති කිරී­ම්ව­ලට ඉඩ මතු කළ හැකිය. වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­ව­ලට පව­තින උන­න්දුව ධෛර්යය තර­මක් අඩු වේ. උත්සා­හය අව­ශ්‍යයි. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යුතු කර­ගෙන යෑමේ දී ඉතා ඉව­සී­මෙන් ද කල්ප­නා­කා­රීව ද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූ­ලතා ව්‍යාකූ­ලතා මතු කළ හැකි බැවිනි. දරු­වන්ගේ කට­යුතු උදෙසා කාල­යත් ධන­යත් ශ්‍රම­යත් වැය වේ. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට සිය උත්සා­හය සහ කැප­වීම තුළ සාර්ථක ප්‍රති­ඵල ලබයි. බඩ­වැල් ආශ්‍රිත පීඩා, පීනස් ගති, ලේ දූෂ්‍යා­බාධ යනා­දි­යෙන් ද ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා

සිංහ

තම තත්ත්වය උසස් වේ

ලග්නා­ධි­පති රවි, සිකුරු සමඟ 4 ය. කුජ, බුධ 3 ද, ගුරු, ශනි, කේතු 5 ද, සඳු, රාහු 11 ද ගෝච­රය වේ. එම ග්‍රහ ගෝච­රය සැල­කී­මේදී අලුත් මිතු­රන් හඳු­නා­ගැ­නී­මට පුළු­වන. බලා­පො­රොත්තු කිහි­ප­යක් ඉෂ්ට සිද්ධ කර­ගනී. වෘත්තීය සහ රැකී­රක්ෂා අංශ­ව­ලදී යහ­පත් සාර්ථක ප්‍රති­ඵල ලබයි. බාධා අව­හි­රතා ඇති වේ. විටෙක සිතට බයක් වේ. මිල මුදල් ලැබීම අතින් යහ­පත්ය. විවිධ අංශ­යන්ට යොමු වීමෙන් සාර්ථක වාසි ගෙන දේ. ආදා­යම් ලැබුණ ද මිල මුදල් විය­දම් අධික වේ. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යුතු සාමාන්‍ය අන්ද­මට සිදු වේ. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි තර­මක් අව­ධා­න­යෙන් සිටින්න. අධ්‍යා­පන ක්ෂේත්‍ර­වල දී පර්යේ­ෂණ කට­යු­තු­ව­ලට යහ­පත්ය. උෂ්ණා­ධික රෝග, උද­රා­ශ්‍රිත පීඩා, ලේ දූෂ්‍යා­බාධ, තුවාල පීඩා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා

කන්‍යා

දරු­වන්ගේ කට­යු­තු­වල දියු­ණු­වක්

ලග්නා­ධි­ප­ති­බුධ, කුජ සමග 2 ද, රවි, සිකුරු 3, ශනි, ගුරු, කේතු 4, සඳු, රාහු 10 සිටි. මෙම ග්‍රහ ගෝච­ර­යන් ගැන සැල­කී­මේදී වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­ව­ලදී යම් යම් ආකූ­ලතා ව්‍යාකූ­ලතා ඉස්මතු වුව ද සිය උත්සා­හය සහ කැප­වී­මෙන් සාර්ථක ප්‍රති­ඵල ලබයි. බලා­පො­රොත්තු ඉටු වේ. සිය උත්සා­හය සහ කැප­වීම තුළ සාර්ථක ප්‍රති­ඵල ලබයි. බලා­පො­රොත්තු ඉටු වේ. මිල මුදල් ලැබීම අතින් ශුභ­දා­යක වේ. වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට වාසි ලැබේ. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී සාමාන්‍ය අන්ද­මට සිදු වේ. දරු­වන්ගේ කට­යු­තු­වල දියු­ණු­වක් ලැබේ. අධ්‍යා­පන ක්ෂේත්‍ර­වල යෙදී සිටින අයට සිය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලබයි. හෘද­ගත පීඩා, රුධිර පීඩ­නය, උෂ්ණා­ධික රෝගා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- කොළ, අංකය-- 05, දිනය- බදාදා

තුලා

බාධා ඇත

ලග්නා­ධි­පති සිකුරු, රවි 2 ද, කුජ, බුධ ලග්නයේ ද, ගුරු, ශනි, කේතු 3 ද, සඳු, රාහු 9 ද ගම­න්ගනී. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කී­මේදී තමාගේ කට­යුතු කර­ගෙන යෑමේ දී විටින් විට බාධා අව­හි­රතා ඉස්මතු කළ හැකිය.

වෘත්තීය සහ රැකියා අංශ­වල වෙන­ස්කම් ඇති වේ. ආදා­යම් ලැබුණ ද විය­දම් පක්ෂය ඉහළ යයි. මිල මුදල් නාස්ති­වී­ම්ව­ලට ඉඩ පවතී. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­ව­ලදී සුළු බාධා ඉස්මතු වුව ද සාර්ථක ප්‍රති­ඵල ලබයි. දරු­වන්ගේ කට­යු­තු­වල දියු­ණු­වක් ඇති වේ. ඉගෙ­නී­ම්වල යෙදී සිටින අයට සිය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලබයි. උද­ර­ගත පීඩා, බඩ­වැල් ආශ්‍රිත රෝග ඇති කරයි.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකු­රාදා

වෘශ්චික

ගෙදර දොර වැඩ­ක­ට­යුතු හොඳින්

ලග්නා­ධි­පති කුජ, බුධ සමග 12 සිටී. සඳු, රාහු 8 ද, ගුරු- ශනි, කේතු 2 ද, රවි, සිකුරු ලග්නයේ ද සිටී. එම ග්‍රහ පිහි­ටීම් තුළ සැල­කීමේ දී තමාගේ වැඩ­ක­ට­යු­තු­ව­ලට බාධා ප්‍රමා­දතා ඇතත් සිය උත්සා­හය සහ කැප­වී­මෙන් වෘත්තීය සහ රැකියා කට­යු­තු­වල සාර්ථක ප්‍රති­ඵල ලබයි.

මිල මුදල් ලැබීම අතින් යහ­පත්ය. විවිධ අංශ­යන්ට යොමු වීමෙන් සාර්ථක ප්‍රති­ඵල ලබයි. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යුතු යහ­පත්ය. සම­ඟිය සාම­යට බාධා එල්ල නොවේ. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි අව­ධා­නය යොමු කළ යුතුයි. ඉගෙ­නීමේ කට­යු­තු­වල දී උත්සා­හය සහ කැප­වීම අව­ශ්‍යයි. ලේ දූෂ්‍යා­බාධ, උද­රා­ශ්‍රිත රෝග, බඩ­වැල් ආශ්‍රිත පීඩා­ව­ලින් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

ධනු

පර්යේ­ෂ­ණ­ව­ලට ශුභයි

ලග්නා­ධි­පති ගුරු, ශනි, කේතු ලග්න­යේය. ගුරු ලග්නයේ වීම හංස යෝග­යයි. රවි, සිකුරු 12 ද, කුජ, බුධ අය­ස්ථා­නයේ ද, සඳු, රාහු 7 ද ගෝච­රය වේ.

එම පිහි­ටීම තුළ වෘත්තීය සහ රැකියා අංශ­ව­ලදී යම් යම් බාධා අව­හි­රතා ඉස්මතු කළත් සිය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලබනු ඇත. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් විවිධ අංශ­යන්ට යොමු වීම තුළ සාර්ථක ප්‍රති­ඵල ලබයි. ගෙද­ර­දොර කට­යුතු යහ­පත්ය.

සම­ගිය සාමය සුර­ක්ෂිත වේ. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි අව­ධා­න­යෙන් සිටිය යුතුයි. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට අලූත් විෂ­ය­යන් ඉගෙ­නී­මට අව­ස්ථාව සැලසේ. උද­ර­ගත පීඩා, බඩ­වැල් ආශ්‍රිත පීඩා, අර්ශස් වැනි රෝගා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

මකර

ආර්ථික වාසි

ලග්නා­ධි­පති ගුරු, ශනි, කේතු 12 ද, රවි, සිකුරු අය­ස්ථා­නයේ ද, කුජ, බුධ 10 ද, සඳු, රාහු 6 ගෝච­රය වේ. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කී­මේදී වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී බාධා අව­හි­රතා ප්‍රමා­දතා එල්ල වුවත් සිය උත්සා­හය සහ කැප­වී­මෙන් සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. අන්‍ය­යන්ගේ සහ­යෝ­ගය උදා වේ. වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට ශුභයි. විවිධ අංශ­යන්ට යොමු වීමෙන් ආර්ථික වාසි ලැබේ. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම මවු­පි­යන්ගේ කට­යුතු සාමාන්‍ය අන්ද­මට සිදු වේ. දරු­වන්ගේ කට­යු­තු­වල දියු­ණු­වක් ලබයි. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට සිය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල ලබයි. උෂ්ණා­ධික රෝග, උද­රා­ශ්‍රිත පීඩා බල­පායි.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සෙන­සු­රාදා

කුම්භ

විය­දම් අධි­කයි

ලග්නා­ධි­පති ශනි, ගුරු, කේතු අය­ස්ථා­න­යේය. රවි, සිකුරු 10 ද, කුජ, බුධ 9 ද සිටී. එම කරුණු සියල්ල ගැන සැල­කීත්‍ම් දී වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­වල දී සුළු සුළු බාධා අව­හි­රතා ඇතත් ඒවා මැඬ­ප­ව­ත්වා­ගෙන තමාගේ කට­යුතු සාර්ථක කර ගනී. මිල මුදල් ලැබීම අතින් යහ­පත් වුවත් ඔබට මුදල් ඉතිරි කර­ගැ­නීම අප­හ­සුයි. විය­දම් අධි­කයි.

ගෙද­ර­දොර කට­යුතු ද යුග­දි­විය සම්බන්ධ කට­යුතු ද යහ­පත්ය. දරු­වන්ගේ කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යුතු උදෙසා කාලය යොමු වේ. ශරීර විඩාව ඇති වේ. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට පර්යේ­ෂණ කට­යු­තු­ව­ලට ශුභයි. උෂ්ණා­ධික රෝග, ලේ දූෂ්‍යා­බාධ, උද­රා­ශ්‍රිත රෝග ඇති වේ.

ජය වර්ණය-- නිල්, අංකය- 06, දිනය- සෙන­සු­රාදා

මීන

ඉක්මන් කෝප ගති පෙන්වයි

ලග්නා­ධි­පති ගුරු, ශනි, කේතු 10 ද, සඳු, රාහු 4 ද. කුජ, බුධ 8 ද, රවි, සිකුරු 9 ද ගෝච­රය වේ. මෙම ග්‍රහ ගෝච­ර­යන් ගැන සැල­කී­මේදී වෘත්තීය සහ රැකියා කට­යුතු කර­ගෙන යාමේ දී බාධා අව­හි­රතා ගැටලු මධ්‍යයේ තමාගේ කට­යුතු කර­ගැ­නී­මට සිදු වේ. ඉක්ම­නට කෝප­යට පත් වේ. සිත් තැවුල්, සිත් පීඩා වේ. ආර්ථික වශ­යෙන් කිසි­යම් සාර්ථක බවක් පෙන්නුව ද විය­දම් පක්ෂය පාල­නය කර ගැනීම අසීරු වේ. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­ව­ලදී කල්ප­නා­කාරී වන්න. නොඑසේ නම් ආකූ­ලතා මතු කළ හැක. සම­ගි­යට බාධා එල්ල විය හැකිය. දරු­වන්ගේ වැඩ­ක­ට­යුතු උදෙසා කාල­යත්, ධන­යත්, ශ්‍රම­යත් වැය වේ. අධ්‍යා­පන අංශ­ව­ලදී ඉතා උනන්දු වන්න. රුධිර පීඩ­නය, වාතා­බාධ, අන­තුරු පීඩා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

 

 

 

 

 

Comments