ශ්‍රමන්ත එළි­යට ගියාම අපට දුක හිතුණේ ඇයි? | සිළුමිණ

ශ්‍රමන්ත එළි­යට ගියාම අපට දුක හිතුණේ ඇයි?

 

 

හැම­දාම රටට මාතෘ­කා­වක් වූ සිර­ගෙ­දර , මරණ දඬු­වම ක්‍රියා­ත්මක වීම යන මාතෘකා සියල්ල යට යමින් ඡන්ද උණු­සුම වැඩි­වෙ­මින් තිබෙන මොහො­තක මරණ දඬු­වම හා ජනා­ධි­පති සමාව, රෝයල් පාර්ක් මිනී­මැ­රුම ගැන පසු ගිය දින කිහි­පය තුළ උණු­සුම් කතා­බහ ඇති විණි. ඒ රෝයල් පාර්ක් මිනී මැරුමේ චුදි­තයා වූ ජූඩ් ශ්‍රමන්ත ජය­මහ නිද­හස් කිරී­මත් සම­ඟය. ජනා­ධි­පති විශේෂ සමාව යටතේ මේ තැනැත්තා නිද­හස් කිරී­මත් සමඟ කල­බල වූයේ සිර­ග­තව සිටින මරණ දඬු­වම ලැබ සිටින සිර­ක­රු­වෝය.

 

රෝයල් පාර්ක් නඩුවේ චුදි­තයා නිද­හස් කර හමා­රය. දැන් ඒ ගැන විවේ­ච­නය කිරී­මෙන් හෝ කරුණු දැක්වී­මෙන් පලක් නැතැයි සිතේ.

“ඒක හරිම අසා­ධා­ණයි. අපිත් මරණ දඩු­වම නියම වූ අය. මම දැන් අවු­රදු ගණ­නා­වක් තිස්සේ ඉන්නේ. ඇයි අපි ගැන සලකා බලන්නේ නැත්තේ. අවු­රුදු විසි අටක් තිස්සේ ඉන්න අයත් ඉන්නවා කන්ඩෙම් වෙච්ච. අවු­රුදු ගණ­නා­වක් තිස්සේ මේ හිර­ගෙයි ඉන්න අපිත් කැම­තියි එළි­යට යන්න. අපේ ගෑනු දරුවෝ බලන්න. මේ සිද්ධිය හරිම අසා­ධා­ර­ණයි. දැන් අපේ කවු­රු­වත් කෑම ගන්නේ නෑ.

මර­ණිය දණ්ඩ­නය නියම වුණ දෙසිය හැත්තෑ පහක් ඉන්නවා බී 3 එකේ. එච් හෝල් එකේ 150ක් ඉන්නවා. එල් හෝල් එකේ 450ක් ඉන්නවා ඒ 3 එකේ 125ක්. මේ කවු­රු­වත් කෑම ගන්නේ නෑ වර්ජ­නය කරලා ඉන්නේ. ඉරිදා ඉදන් අපි කෑම වර්ජ­නය කරන්න ගත්තේ. සිර­කා­රයෝ හය දෙනෙක් වහ­ල­යට නැඟලා ඉන්නවා. නිද­හස් කර­නවා නම් අවු­රුදු ගණන් හිරේ ඉන්න ලෝකල් ( පත්තර කොළේ ඔතලා බොන සිග­රට්) එකක් වත් බීපූ නැති අය මෙහෙ ඉන්නවා. යහ­පත් කල්කි­රි­යා­වෙන් ඉන්න..“ පසු­ගි­යදා වැලි­කඩ හිර­ගෙ­දර පැවැති වර්ජ­නය ගැන සිර­ක­රු­වකු පැවැ­සුවේ එලෙ­සනි.

කතාව ඇත්තය. වැලි­කඩ සිර­ක­රුවෝ පම­ණක් නොව බුස්ස අගු­ණ­කො­ළ­පැ­ලැස්ස, බෝග­ම්බර සිර­ක­රු­වෝද මේ වර්ජ­න­යට එක් වුහ. ඔවුන් ඉල්ලුවේ අනෙක් සිර­ක­රු­වන්ට ද සාධා­රණ විසැ­දු­මකි. මේ විරෝ­ධ­තාව අත­ර­තුර සිර­ක­රු­වන් අට දෙනෙ­කුට බන්ධ­නා­ගාර කොම­සා­රිස් ජන­රා­ල්ව­රයා හමු වීමට අව­ස්ථාව ලැබිණි. එහි දි ජන­රා­ල්ව­රයා පවසා ඇත්තේ මෙයට අමා­ත්‍යාං­ශ­යෙන් සාධා­රණ විසැ­ඳු­මක් සවස් වන විට ලැබෙන බවය. ඒ අනුව පසුව අමා­ත්‍යාං­ශය විසින් දන්වා ඇත්තේ දිර්ඝ­කා­ලී­නව දඬු­වම් ලබන රැඳ­වි­යන් පිළි­බද වාර්තා­වක සප­යන ලෙසය.

රැඳ­වි­යන් සම්බ­න්ධව වාර්තා සැප­යීම සිර­ගෙ­ද­රට අලුත් දෙයක් නොවේ. ගෙවුණ කාලය තුළම සිර ගෙදර සිර­ක­රු­වන් පිළි­බඳ විවිධ වාර්තා සැප­යිණි. ඇතැම් විට සිර­ක­රු­වන්ගේ කල්කි­රි­යාව ගැන ඔවුන් සමත් වූ විභාග ආදිය දහම් පාඨ­මාලා හැදෑ­රිම හැකියා පිළි­බඳ විවිධ වාර්තා සපයා තිබිණි. එහෙත් ඒ වාර්තා අනුව පල ලබා­ගෙන ඇත්තේ ස්වල්ප දෙනෙකු පමණි.

මීට දශ­ක­ය­කට පමණ පෙර සිර­ගෙ­දර රැඳ­වි­යන් සම්බ­න්ධ­යෙන් එනම් මරණ දඬු­වම නියම වූ සිර­ක­රු­වන්ට ජීවිත සමාව ලබා­දීම හා ජීවි­තා­න්තය දක්වා සිර දඬු­වම් නියම වූවන්ට වසර විස්ස­කින් ගෙවී යන සේ සලසා තිබූ සහ­නය ඉවත් කරන ලදි. එසේ කරන ලද්දේ 1999 වස­රේ­දී­මය. සිර­ක­රු­වන්ට සිදු වූ බල­වත් අසා­ධා­ර­ණ­යක් යැයි කෙනෙ­කුට සිතෙ­න්නට පුළු­වන . එය එසේ සිතු­ණාට වර­දක් ද නැත. එහෙත් පසු ගිය දා සිර­ක­රු­වන් වහ­ල­යෙන් බැසී­ම­ටත් උප­වා­සය අත­හැ­රි­ම­ටත් තිර­ණය කරන ලද්දේ මේ කරුණ පිළි­බද ජනා­ධි­ප­ති­ව­ර­යාගේ අව­ධා­නය යොමු වී ඒ සම­බන්ධ තිර­ණ­යක් ගනු ඇතැයි යන විශ්වා­සය ඇති කිරී­මත් සම­ඟය.

රටක් හැදී­මට නම් රටට නිතී­යක් තිබිය යුතුය. එමෙන්ම ඒ නිතී ක්‍රියා­ත්මක වීමේදී සාධා­ර­ණ­ත්ව­යක් ද තිබිය යුතුය. යමෙක් යම් තීර­ණ­යක් ගැනී­මට පෙර ඒ සම්බ­න්ධ­යෙන් වැඩි දුර­ටත් කරුණු කාරණා විමසා බැලිම ඉදි­රි­යේදී ඇති වන බොහෝ අර්බුද අවම කර ගැනී­මට හේතු­වක් වේ.

රටේ මොන ප්‍රශ්න තිබුණ ද හිර­ගෙ­දර යම් ප්‍රශ්න­යක් පැන නැඟුණ විට ඒ ගැන මිනි­සුන්ගේ අව­ධා­නය යොමු වීම නම් වැළැ­ක්විය නොහැ­කිය.

“එළියේ ඉන්න මිනිස්සු කැම­තියි අපිව එල්ලලා මර­න­වාට. ඔය එළියේ ඉදන් කෑ ගහන අයට මේක ඇතුළේ ඉන්න අයගේ මාන­සි­ක­ත්වය තේරෙන්නේ නැහැ.“

එල්ලුම් ගහ ක්‍රියා­ත්මක කළ යුතු යැයි කවු­රුත් හඬ නඟන අව­ස්ථා­වක මරණ දඩු­වම නිය­මව සිටින රැද­වි­යෙකු පැවැ­සුවේ එලෙ­සිනි.

කෙසේ වුවත් නිරා­හා­රව තම විරෝ­ධය පෑ රැඳ­වි­යන්ට කරුණු පැහැ­දිලි කර­න්නට බොහෝ වෙහෙසෙ වන්නට සිදු විය.

“මේ වෙච්ච දෙය සාධා­ර­ණයි කියන්න අපට බෑ. සිර­ක­රු­වන්ගේ පැත්තෙන් බැලු­වාම ජනා­ධි­පති සමාව යටතේ කෙනෙක් නිද­හස් කිරීම අසා­ධා­ර­ණයි. ජනා­ධි­පති බල­තල යටතේ එසේ කරන්න පුළු­වන් වුණත් මේ සිදු වීම නම් අර්බු­ද­ය­කට හේතු­වක්. ඇතුළේ ඉන්න අය වහ­ලෙට නැග්ගා . නිරා­හා­රව සිටියා. එක අත­කට අපි කොහො­මද මේ මිනිස්සු නොස­ලකා හරින්නේ. මේ අයගේ ඉල්ලී­මත් සාධා­ර­ණයි.“

උසස් බන්ධ­නා­ගාර නිල­ධා­රි­යෙක් එසේ පව­ස­න්නට විය.

ගෙවුණ කාලය තුළ සිර­ග­තව සිට උසස් අධ්‍යා­පන කට­යු­තු­වල නියැළී රැඳ­වියෝ තවත් සිටිති. පශ්චාත් උපා­ධි­ලා­භි­යකු වන බමු­ණු­සිංහ ද එවැ­න්නෙකි. එමෙන්ම දහම් අධා­ප­නය ලැබු අය, වෙනත් විභාග කළ අය සුවි­ශේෂි කලා හැකියා ඇති අය මෙන්ම වසර ගණ­නක් මෙහි සිටී­මෙන් පුන­රු­ත්ථා­ප­නය වූ රැඳ­වියෝ ද සිටිති. ඉදින් මොවුන් ගැන අව­ධා­නය යොමු කරන්නේ කවු­රුන්ද?

මේ මිනි­සුන් සිටින්නේ කොත­රම් නම් පිඩා­ව­කින් දැයි යන්න දැන ගන්නට අවශ්‍ය නම් අප යා යුත්තේ චැපල් අංශ­ය­ටය. එහෙත් එතැ­නට යෑමට කෙනෙ­කුට අව­ස්ථා­වක් නොලැ­බෙන තරම්ය. කුමක් හෝ හේතු­වක් නිසා මීට වසර කිහි­ප­ය­කට පෙර චැපල් අංශයේ එල්ලුම් ගහ ඇති මැදි­රිය නර­ඹ­න්නට අව­ස්ථා­වක් ලැබිණි. දිය සීරා ගතිය නිසා තෙත් වූ එබිම ඇත්තේ පුස් ගඳකි. ප්‍රමා­ණ­ය­ටත් වඩා රැඳ­වි­යන් සිටින නිසා එක් වරම එහි තද­බ­ද­යක් ඇතැයි දැනෙයි. හිනා මුහු­ණක් නැති බලා­පො­රොත්තු සිඳී ගිය දෑස් දල්වා ඔවුහු අප දෙස බල­න්නට වුහ. ඒ දෑස් තුළ ඇත්තේ වෛර­යද , අහිං­සක බවද, යන්න අව­බෝධ කර ගැනීම අසී­රුය.

ඒ සන්ධ්‍යාවේ වාට්ටු සංකී­ර්ණයේ සිටියේ එක් ජේල­ර්ව­ර­යකු පමණි. ඒ අප හා ගිය ජේල­ර්ව­රයා පමණි. යකඩ දොර හැර අප ඇතු­ළට ගිය මොහොතේ මරණ දඬු­වම නිය­මව සිටි රැඳ­වියෝ අප වට­කර ගත්හ. යම් අන­තු­රක සේයා­වක් දැනි නොදැනී ගියේය. ඡායා­රූප ශිල්පියා ද මා අස­ලය. රැඳ­වියෝ ආවේ­ග­යෙන් මාධ්‍යට බණි­න්නට වුහ. අප සාව­ධා­නව සියල්ල අසා සිටි­යෙමු.

“අපි ඔබට ඇහු­ම්කන් දෙන්නම් ඔබේ කතාව කියන්න....“ සිය­ල්ල­න්ටම ඇසෙ­න්නට කීවෙමි. සියල්ලෝ අප වටා රවු­මට රැස් වූහ. දැන් එකි­නෙකා තම තමන්ගේ කතා කියයි. තමන්ගේ අතින් වැරදි සිදු වන්නට වූ හේතු ද කියයි. අපි සියල්ල අසා සිටි­යෙමු. වේලාව ගත වනු නොදැ­නිණි. අපට එළි­යට එන්නට ද නොහැ­කිය. හෝරා කිහි­ප­යක්ම ගෙවිණි. ඒ කතා සිය­ල්ලම පොතක සට­හන් විය. අව­සා­නයේ අප සමු­ගන්නා විට ඔවුහු අප හා මිතු­රුව සිටි­යහ.

අපට කිය­න්නට අවශ්‍ය වුයේ මොවුන්ට අද අව­ශ්‍යව ඇත්තේ ඔවුන්ගේ ප්‍රශ්න­ව­ලට සාව­ධා­නව ඇහු­ම්කන් දෙන්න­කුය. ඉන් පසු එහි හරි වැරදි තෝරා­ගෙන ඔවුන්ට හිමි වර­ප්‍ර­සාද ලබා දෙන්නෙ­කුය. ඉඳ­හිට බන්ධ­නා­ගාර නිල­ධා­රින්ම මොවුන්ගේ දුක අසා සිටි­නවා හැරෙ­න්නට මේ අයගේ දුක් ගැන සොයා බල­න්නට රාජ්‍ය තාන්ත්‍රි­කයෝ නොසි­ටිති.

ඊයේ පෙරේදා යළිත් සිර­ක­රුවෝ නිහඩ වර්ජ­න­ය­කට යොමු වුයේ රෝයල් පාර්ක් වර­ද­කරු නිද­හස් කිරී­මත් සමගය. එමෙන්ම ඊට පෙර මරණ දඩු­වම ලබා සිටි පාකි­ස්තාන ජාති­ක­යන් හතර දෙනෙ­කුට ජීවිත සමාව ලැබිණි. ඒ සම්බ­න්ධව කළ විම­සු­ම­කදී බන්ධ­නා­ගාර උසස් නිල­ධා­රි­යකු පැවැ­සුවේ එය රජ­යන් දෙක අතර ඇතිවු කතා­බ­හක ප්‍රති­ඵ­ල­යක් වෙන්නට ඇති බවය. කොහොම වුණත් පසුගියදා වූ සිද්ධිය පිළි­බද මර­ණීය දණ්ඩ­නය නියම වී සිටින රෑඳ­වි­යකු කරුණු දැක්වූවේ රිදුණු සිතිනි.

“ඒක හරිම අසා­ධා­රණයි. මාත් ඉන්නේ මිනී­මැ­රුම් නඩු­ව­කට. මම දැන් අවු­රුදු ගණ­නා­වක් තිස්සේ ඉන්නේ. ඇයි අපි ගැන සලකා බලන්නේ නැත්තේ. අවු­රුදු ගණ­නා­වක් තිස්සේ මේ හිර­ගෙයි ඉන්න අපිත් කැම­තියි එළි­යට යන්න . අපේ ගෑනු දරුවෝ බලන්න. මේ සිද්ධිය හරිම අසා­ධා­ර­ණයි. දැන් අපේ කවු­රු­වත් කෑම ගන්නේ නෑ. අවු­රුදු විස්ස­කට වැඩිය හිරේ ඉන්න අය මෙතැන ඉන්නවා. ඉස්සර විස්සක් හිටි­යාම ජීවිත සමාව ලැබුණා. ඊටත් කලින් ජීවි­තා­න්තය දක්වා සිර දඬු­වම් නියම කළාම අවු­රුදු විස්සෙන් එළි­යට ගියා. අපි මේක ඇතුළේ ඉදලා එළි­යට බැස්සා කියලා අප­රාධ කරන්න යන්නේ නැහැ. “

හිර­ගෙ­දර නීති රීති නීති­පොත ගැන කාටත් වඩා දන්නා රැඳ­වියෝ හඬ නඟ­න්නට වූහ.

අප තව­මත් සිටින්නේ සුද්දාගේ අණ­ප­න­ත්ව­ලට යට­ත්වය. රට­කට ස්වාධී­න­ත්ව­යක් අවශ්‍ය නම් ඒ රටේ නීතිය කාල­යට ගැළ­පෙන ලෙසින් ප්‍රායෝ­ගි­කව වෙනස් විය යුතුය. නමුදු අපේ රටේ තව­මත් එවැනි තත්ත්ව­යක් නැත.

ජනා­ධි­පති සමාව යටතේ රෝය­ල්පාර්ක් වර­ද­කරු නිද­හස් වුවාට කම් නැත. නමුදු සිර­ගෙ­දර මර­ණිය දණ්ඩ­නය නියම වී සිටින දීර්ඝ­කා­ල­යක් තිස්සේ දඬු­වම් ලබන අනෙක් රැඳ­වි­යන් ගැන ද නිතීයේ අව­ධා­නය යොමූ විම වැද­ගත් යැයි සිතේ. එයින් සිදු වන්නේ මිනි­සුන් මුළු සමා­ජ­ය­ටම , පව­තින සමාජ ක්‍රම­ය­ටම වෛර කර­නවා හැර වෙනත් දෙයක් නොවේ.

 

Comments