වසර 800කට පසු රාව­ගල පැවැත් වූ කඨින පිංකම | සිළුමිණ

වසර 800කට පසු රාව­ගල පැවැත් වූ කඨින පිංකම

 

කාලිංග මාඝ ත්‍රිකු­ණා­ම­ලය වරාය අස­ලින් මෙර­ටට පැමිණ බෞද්ධ වෙහෙර විහාර කඩා බිඳ දම­මින් මහා විනා­ශ­යක් සිදු කෙළේය. එයින් නැඟෙ­න­හිර පළාතේ බෞද්ධ අන­න්‍ය­තා­ව­යෙන් විශාල ප්‍රමා­ණ­යක් අපට අහිමි විය. ඒ ආක්‍ර­ම­ණ­යට පෙර ගෝකණ්ණ ඇතුළු බෞද්ධ සිද්ධ­ස්ථාන මුල් කර­ගෙන විශාල බෞද්ධ පුන­රු­ද­යක් නැඟෙ­න­හිර පළාතේ තිබුණු බවට බොහෝ සාධක ඇත. විශේ­ෂ­යෙන්ම බුදු රජා­ණන් වහ­න්සේගේ කේශ ධාතු නිධන් කොට තැනූ බව කියන තිරි­යාය (ගිරි­හඬු සෑය), කුච්ච­වේලි සමු­ද්‍රා­සන්න විහා­රය, සේරු­වා­විල, ලංකා­ප­ටුන, විල්ග­ම්වෙ­හෙර, පාෂාණ පබ්බත, කන්නියා හා රාව­ගල කේන්ද්‍ර කර­ගත් බෞද්ධ පුන­රු­දය මුළු­ම­නින්ම මෙන් විනාශ විය. වෙල්ග­ම්වෙ­හෙරේ පම­ණක් ඉපැ­රැණි නට­ඹුන් සැල­කිය යුතු ප්‍රමා­ණ­යක් ඉතිරි වූයේ එය හුද­ක­ලාව මෙන් අනු­රා­ධ­පුර මාර්ගයේ පිහිටා තිබූ නිසා වන්නට අත.

මෙසේ විනාශ වූ අපේ බෞද්ධ උරු­මය යළි ගොඩ ගන්නට පසු­ගිය වසර 100කට මෑත ඉති­හා­සයේ දැඩි සේ කැප­වී­මෙන් කට­යුතු කෙළේ වල් වැදුණු සේරු­විල චෛත්‍යය අපට වන්දනා මාන කර­න්නට අව­ස්ථාව සලසා දුන් දඹ­ග­ස්ආරේ සුමේ­ධං­කර නාහි­මි­යන්ය. උන් වහන්සේ විසින් කාලිංඝ මාඝගේ ආක්‍ර­ම­ණ­යෙන් වැළ­ලුණු බොහෝ බෞද්ධ ඉති­හා­ස­යන් අපට යළි සපයා දුන්හ.

සේරු­විල තර­ම­ටම ඇතැම් විට ඊටත් වඩා වැද­ගත් වන තවත් බෞද්ධ සිද්ධ­ස්ථා­න­යක් ත්‍රිකු­ණා­ම­ලය මඩ­ක­ළ­පුව මාර්ගය අද්ද­රම පිහිටා තිබුණි. පසු­ගිය දශක කිහි­පය තුළ ගල් කන්ද නමින් හැඳි­න්වු­වද එය බොහෝ ඓති­හා­සික කරුණු විදහා දැක්වෙන ස්ථාන­යකි. ‘රාව­ගල‘ නමින් අතී­ත­යේදී හඳුන්වා ඇති එහි ඉති­හා­සය ධාතු වංශයේ පැහැ­දි­ලිව දක්වා ඇත.

සේරු­වා­විල හෙවත් සේරු­විල විහා­ර­ස්ථා­නය ගැන කියැ­වෙන ධාතු වංශයේ දැක්වෙන ආකා­ර­යට එම චෛත්‍යයේ නිධන් කිරී­මට කේශ ධාතු ලබා ගැනීම පිණිස ශිව මහ රහ­තන් වහන්සේ නාග ලොවට වැඩම කරති. ජය­සේන නම් නාග­රා­ජයා ශිව මහ රහ­තන් වහන්සේ වැඩම කරනු දැක ඔවුන් සතුව තිබූ කේශ ධාතූන් ඇතු­ළත් කර­ඬුව ගිල දමයි. ඒ නාග­යින් ධාතූන්ට දැඩි කෑද­ර­ක­මක් ඇල්මක් දක්වන හෙයිනි.

‘‘ස්වාමීනි ඇයි නාග ලොවට වැඩම කෙළේ‘‘ ජය­සේන නා රජු ශිව මහ රහ­තන් වහ­න්සේ­ගෙන් විම­සීය.

‘‘අපි සේරු­විල වෛත්‍ය­යක් කරනා හෙයින් ඒ සඳහා කේශ ධාතූන් වැඩම කර­වනු පිණිස වැඩම කෙළෙමි‘‘ ශිව මහ රහ­තන් වහ­න්සේට පිළි­තුරු දෙන ජය­සේන නා රජු පව­සන්නේ කේශ ධාතූන් තමන් අත නොමැති බවත් හැකි­යා­වක් ඇත්නම් සොයා ගන්නා ලෙසත්ය. තමා අත නොමැති බව පැව­සු­වත් ධාතූන් ඇතු­ළත් කර­ඬුව නා රජු විසින් ගිල ඇති බව දිවැ­සින් දුටු රහ­තන් වහන්සේ නා රජුගේ උගු­රට අත දමා එය රැගෙන නා ලොවින් පැමි­ණෙ­න­වාත් සම­ඟම ජය­සේන නා රජු තම මස්සි­නාද කැටුව සෙසු නාග­යින් සමඟ ශිව මහ රහ­තන් වහන්සේ පසු­පස හඹා ආ බව ධාතු වංශයේ සඳ­හන්ය.

‘දෙව් මිනි­සුන් සහිත වූ ලොවට පිහිට වූ සම්මා සම්බුදු රජා­ණන් වහ­න්සේගේ ධාතු පරි­හ­ර­ණය කොට සතර අපා දුකින් මිදෙන්නා වූ අප නිශ්ශෝභ කොට ‘ධාතූන් වහන්සේ ගෙන ගිය මහණු‘ ලුහු බඳවා ගනුම්හ‘ යි දෙකෙ­ළත් පමණ වූ නයින් ගෙන තමාගේ බෑණා හා සමඟ ඔවුන් වහන්සේ පසු පස්සෙහි ලුහු බඳවා එන්නේ අහ­සට නැංගේය. එකි­ණෙ­හිම තෙරුන් වහන්සේ අහ­සින් බැස පොළව කිමිද යට වන් සේක ‘ඒ නයිදු පොළො­වට එන්නා­හුය. මෙසේ ඒ තෙරුන් වහන්සේ ඒ නයින් හා සමඟ නැඟෙ­මින් බසි­මින් පෙළ­හර දක්වා සේරු නුව­රට නුදුරු තෙන ගල් අත­ළ­කට නැගි සේක‘

‘ නයි තෙරුන් අල්වා ගන්ට නොහැ­කිව මහ හඬින් හඬා ඒ ගල් අතළ පිට හිඳ ඇම දෙනම එක්ව පින්වත්නි මෙයින් මත්තෙහි අපි ඇම නටුම්හ‘යි මහ හඬින් හැඬු­වා­හුය. එතැන් පටන් ඒ ගල් අතළ නයින් රැව් පිළි­රැව් දී හැඬූ බැවින් රාව­ගල් නම් වූයේය.‘

ඒ ධාතු වංශයේ දැක්වෙන පරිදි රාව­ගල් නම් ගල්ත­ලාවේ සිට නාග­යින් ශෝක වූ ගල්ප­ර්ව­තය රාව­ගල නම් වුවත් එහි ඉඳි­කර තිබූ ඉපැ­රැණි චෛත්‍යය ඇතුළු සියල්ල කාලිංඝ මාඝගේ ආක්‍ර­ම­ණ­යත් සමඟ විනා­ශ­යට පත් වූ බව අපේ ඉති­හා­සයේ දැක්වේ. එහෙත් කඳු මුදුණේ ඉඳි කර තිබූ චෛත්‍යය පම­ණක් නට­ඹුන් වූ තත්ත්ව­ය­කින් තව­මත් ඉති­රිව ඇත.

කාලිංඝ මාඝගේ ආක්‍ර­ම­ණය සිදු වන විට මේ ප්‍රදේ­ශ­යෙහි ආරාම කෝටි­යක් තිබුණු බවත් එම නිසා කෝටි­යක් ආරාම ඇති නිසා කෝටි­යා­රම හෙවත් කොට්ටි­යා­රම් වශ­යෙන් හඳුන්වා තිබේ. පසුව කොට්ටි­යා­රම් පත්තු වශ­යෙන් මේ ප්‍රදේ­ශය අද දක්වාම හඳුන්වා ඇත්තේද එහෙ­යිනි. ශ්‍රී මහා බෝධි­යට සම කාලීන බෝධීන් වහන්සේ නමක් මේ ආසන්යේ තිබු­ණද මෑත කාලයේ එක්තරා පිරි­සක් විසින් ඒ බොදු උරු­මය විනාශ කළ නිසා එය සිහි­වීම පිණිස රාව­ගල විහා­රය කොට්ටි­යා­රම මූල මහා විහා­රය නමින් අද හැදි­න්වී­මට වත්මන් විහා­රා­ධි­පති බලල්ලේ රත­න­සාර හිමි­යන් විසින් කට­යුතු කර තිබේ.

රාව­ගල ඉදි­රි­යේදී හෝ බෞද්ධ­යන්ට දැක බලා ගැන්මට අවශ්‍ය කට­යුතු සිදු කර­න්නට මේ වන විට රත­න­සාර හිමි­යන් ආර­ක්ෂක අංශ හා එක්ව කට­යුතු කර තිබීම ප්‍රශං­ස­නීය වේ.

කාව­න්තිස්ස රජු සමයේ ආරම්භ කරන ලදැයි සැල­කෙන මේ පූජා­භූ­මිය පසු­ක­ලෙක වළ­ගම්බා රජු විසින් වැඩි දියුණු කළ බවද සඳ­හන්ය.

එහෙත් කාලිංඝ මාඝගේ ආක්‍ර­ම­ණය නිසා වල්වැදී ජන­තා­ව­ගෙන් ඈත් වූ මේ පින් බිම හා ආසන්න බෞද්ධ සිද්ධ­ස්ථාන යළි ජන­තා­වට ලබා දීම පිණිස දඹ­ග­ස්ආරේ සුමේ­ධං­කර නාහි­මියෝ දැඩි වෙහෙ­සක් ගත්හ. උන් වහන්සේ සේරු­විල චෛත්‍යය ජන­තා­වට වන්දනා මාන පිණිස සොයා දුන් අතර එතැ­නින් පසුව අවට ඇති නීල­පොළ, විල්ගම් වෙහෙර, රාව­ගල වැනි සිද්ධ­ස්ථාන ගැන ද අව­ධා­නය යොමු කළහ.

නාහිමියෝ අප­වත් වීමෙන් පසුව සේරු­විල සර­ණ­කිත්ති නාහි­මි­යන් විසින් රාව­ගල බෞද්ධ­යන් උදෙසා ලබා දීමට කට­යුතු ආරම්භ කළද ත්‍රස්ත­වාදී තර්ජන ආරම්භ වීමත් සම­ඟම එම කට­යුතු යළි ඇණ හිටි­යේය.

රාව­ගල පුද බිම ගැන අද­හස් දැක්වූ රත­න­සාර හිමි­යන් පවසා සිටියේ කඳු මුදුනේ ආර­ක්ෂක මුර­පො­ළක් ඉඳි­කර තිබූ නිසා යම් පම­ණ­කට මේ භූමිය ආරක්ෂා වූ බවයි.

නැඟෙ­න­හිර පළාතේ හුද­කලා වූ එකම උසම කන්ද මෙයයි. මේ කන්දට ත්‍රිකු­ණා­ම­ලය වරාය දක්වාත්, අනෙක් පැත්තෙන් සේරු­විල හා ලංකා පටුන දක්වාත් සියල්ල පේනවා. බෞද්ධ උරු­ම­යක් මෙන්ම මෙය ආර­ක්ෂාව අතින් පවා වැද­ගත් ස්ථාන­යක්‘

නිසි සංඝා­වා­ස­යක් නොමැති නිසා උන් වහන්සේ වැඩ වාසය කර ඇත්තේ තහ­ඩු­ව­ලින් සම­න්විත වූ කුඩා කාම­ර­ය­කයි. දිවා කාලයේ අඹ ගස මුල පැදු­රක් එළා­ගෙන සැතපී මේ බෞද්ධ උරු­මය රැක ගන්නට උන් වහන්සේ කට­යුතු කෙළේ සූද­කු­ඩා­වට අත් වූ ඉර­ණම රාව­ග­ලට අත් ඉඩ නොදිය යුතු වූ හෙයිනි.

උන් වහ­න්සේගේ මූලික අර­මුණ අර­මුණ වී ඇත්තේ සති­යට දින දෙකක් හෝ දෙමළ බසින් ආග­මික වතා­වත් සිදු කිරී­ම­ටයි. අවට දෙමළ හා මුස්ලිම් ගම්මා­න­ව­ලින් වටවී තිබෙන හෙයින් සිංහල, දෙමළ, හා මුස්ලිම් ජන­තාව එකතු කර­ගෙන සංහි­දි­යාව ඇති කරනා අත­රම බෞද්ධ උරු­මය රැක දීම තම අර­මුණ බව රත­න­සාර හිමියෝ පව­සති.

වසර 800කට පසුව රාව­ගල මුදුණේ කඨින පිංක­මක් පැවැ­ත්වී­මට උන් වහන්සේ කට­යුතු කෙළේ එම නිසාය. එම පින්කම පසු­ගිය සතියේ මහත් උත්ක­ර්ෂ­වත් ලෙසින් පැවැ­ත්වුණි. මේ වසරේ වස් වාසය කිරී­මට උන් වහ­න්සේට 224 යුද හමුදා බල­සේ­නාවේ සිවිල් ආර­ක්ෂක නිල­ධාරි කර්නල් ඒ. සම­ර­සිංහ මහතා විසින් ආරා­ධනා කර තිබුණි.

එම කඨින පින්ක­මට නීල­පොළ, දෙහි­වත්ත, අලි­ඔ­ලුව, මූතූර්, සේරු­නු­වර වැනි දුර බැහැ­රින් බෞද්ධ ජන­තාව පැමිණ සහ­භාගි වූහ. පැමිණි පිරිස 500කට අධි­කය. මෙහි විශේ­ෂ­ත්වය වන්නේ අන්ත­වා­දීන් මේ පින්බි­මට අකුල් හෙළ­න්නට තැත් කළත් දෙමළ ජාති­ක­යින් පවා කඨින පිංක­මට සහ­භාගි වීමයි. ඔවුන් මේ බෞද්ධ උරු­මය වෙනු­වෙන් පෙනී සිටිති. එහෙත් අන්ත­වා­දීන්ට සිංහල, දෙමළ හෝ මුස්ලිම් කියා හෝ වෙන­සක් නැත.

224 බල සේනාවේ බල සේනා­ධි­පති කර්නල් සමන් එදි­රි­වීර මහතා විසින් මේ වන විට රාව­ගල භික්ෂූන් වහ­න්සේගේ ආරා­ම­යන් ඉදි කර දී ඇත. ‍එසේම සංඝා­වා­ස­යද නාවික හමු­දාව විසින් ඉදි කර දී තිබේ.

දෙමළ හා මුස්ලිම් ජන­තාව මේ වන­වි­ටත් විහා­ර­ස්ථා­න­යට පැමිණ භික්ෂූන් වහන්සේ හමුවී පිරිත් නූල් බැඳ ගනිති. උන් වහ­න්සේද දෙමළ දූ දරු­වන්ට පොත් පත් ලබා දෙති. විහා­ර­ස්ථා­නය එක් පසෙ­කින් මුස්ලිම් ජාති­ක­යින් ජීව­ත්වන ජබර් නගර්ය. අනෙක් පැත්තෙන් දෙමළ ජාති­ක­යින් ජීවත් වන පච්ච­නූර්ය. මේ නිසා ආර­ක්ෂක අංශ හැර කිසිදු සිංහල ජාති­ක­යෙක් ජීවත් නොවන සතියේ දින හතම දානය යුද හමු­දා­වෙන් හා නාවික හමු­දා­වෙන් සැප­යෙන පරි­ස­ර­යක් තුළ බෞද්ධ උරු­මය රැක දීම වෙනු­වෙන් රත­න­සාර හිමි­යන් දරණා මේ උත්සා­හය අගය කළ යුතුය. විහා­ර­ස්ථාන ඉඳි කිරීම වෙනු­වෙන් බෞද්ධ කට­යුතු දෙපා­ර්ත­මේ­න්තුව විසින් සප­යනු ලබන ආධාර හෝ ද්‍රව්‍ය­මය භාණ්ඩ හැකි ඉක්ම­නින් රාව­ග­ලට ලබා දිය යුතුය. එසේම පුරා විද්‍යා දෙපා­ර්ත­මේ­න්තු­වද මේ ඓති­හා­සික උරු­මය ගැන වහාම පරී­ක්ෂණ සිදු කළ යුතු වේ.

එසේ නොවු­ව­හොත් සුදා­කු­ඩා­ව­ලට සිදු වූ විනා­ශය රාව­ග­ල­ටද සිදු­වී­මට ඉඩ ඇත.

අපට වාර්තා වන ආකා­ර­යට මේ වන විටත් ප්‍රදේ­ශයේ එක්තරා රාජ්‍ය නිල­ධා­රි­යකු මේ බෞද්ධ උරු­ම­යට විරු­ද්ධව යම් නීති නොම­නා­කම් සිදු කර­න්නට උත්සාහ දරන බව වාර්තා වී ඇත.

මඩ­ක­ළ­පුව - ත්‍රිකු­ණා­ම­ලය මාර්ගයේ මූතූර් නග­ර­යට කිලෝ­මී­ටර් 12ක් පමණ දුරින් මාර්ගය අද්ද­රම සිංහ රුව සහිත සුදු පැහැති තොර­ණ­කින් හෙබි රාව­ගල ඓති­හා­සික පුද බිමේ වසර 800 කට පසුව මේ වසරේ සිදු කර­න්නට යෝජිත කඨින පිංක­මත් ඉදි­රි­යේදී සිදු කර­න්නට යෝජිත බෞද්ධ විහාර සංව­ර්ධ­නය ගැනත් බෞද්ධ­යින් මෙන්ම සියලු දෙනාම අව­ධා­නය යොමු කළ යුත්තේ ඒ ඉති­හා­සය බෞද්ධ­යන්ට පම­ණක් සීමා නොවන හෙයිනි.

Comments