පිස්තෝ­ලය එල්ල කර­ අනෙක් අතින් උල් පිහි­යක් ඇදලා අරන් ඇන්නා | සිළුමිණ

පිස්තෝ­ලය එල්ල කර­ අනෙක් අතින් උල් පිහි­යක් ඇදලා අරන් ඇන්නා

 

මැති­ව­ර­ණය ඉති­හා­සයේ ප්‍රචණ්ඩ ක්‍රියා අවම මැති­ව­ර­ණය ලෙස මේ ජන­ප­ති­ව­ර­ණය සැලකේ. සුළු සිදු වීම් කිහි­ප­යක් ඇරෙ­න්නට කතා කළ යුතු යමක් සිදු නොවූ­වත් පසු­ගිය 14 වැනි දා අලු­යම නිද­හස් මාධ්‍ය­වේ­දි­යෙ­කුට අමා­නු­ෂික ලෙස පහ­ර­දී­මක් සිදු වී තිබුණේ හබ­රා­දුව, මීපේ ප්‍රදේ­ශයේ සිය නිවෙසේ සිටි­ය­දීය.

එදින පහ­ර­කෑ­මට ලක් වී තිබුණේ නිද­හස් මාධ්‍ය­වේ­දි­යෙකු වන ලසන්ත විජ­ය­රත්න මහ­තායි. නිද­හස් මාධ්‍ය­වේ­දි­යෙ­කුට අම­ත­රව කොත­ලා­වල විශ්ව­වි­ද්‍යා­ල­යට අනු­බද්ධ ආය­ත­න­යක කථි­කා­චා­ර්ය­ව­ර­යකු මෙන්ම ‘ගුරු­ගෙ­දර’ අධ්‍යා­පන සඟ­රාවේ ප්‍රධාන කර්තෘ­ව­රයා ද වන ලස­න්තට පහ­ර­දී­මට ආස­න්න­තම හේතුව ලෙස ඔහු පව­සන්නෙ, තම පෑන මෙහෙ­ය­ව­මින් රචනා කළ පසු­ගිය ආණ්ඩු සමයේ සිදු කළ ව්‍යාපෘති ගැන විශ්ලේ­ෂ­ණා­ත්මක විග්‍ර­හ­යක් ඇතු­ළත් නාස්ති­කාර දූෂ­ණය සහ සංව­ර්ධ­නය යන ග්‍රන්ථය බවයි.

හත­ළිස් අට හැවි­රිදි ලසන්ත මේ වන විටත් පහ­ර­දී­මෙන් තුවාල ලබා කරා­පි­ටිය රෝහලේ පස්වැනි වාට්ටුවේ ප්‍රති­කාර ලබ­මින් සිටී. වයස මාස එකො­ළ­හක් වන දරු පැටි­යෙ­කුගේ පියෙකු වන ලසන්ත තමා මුහු­ණ­දුන් ඛේද­නීය සිදු වීම ගැන අපට මෙසේ පැවැ­සීය.

“එදා පාන්දර 2.45ට පමණ මට එළි­යෙන් ශබ්ද­යක් ඇහුණා. එළියේ ඇඳුම් රැක් එක තිබුණා. ගෙදර ඉන්න බල්ලා බැඳලා හිටියේ. බල්ලා කඩා­ගෙන ඇවිත් ඇඳුම් රැක් එක අදි­නවා කියලා හිතුවේ. වෙන­ද­ටත් එහෙම වෙනවා. එළියේ ලයිට් දාලා එළි­යට බහි­න­කො­ටම මගේ බෙල්ලට පිස්තෝ­ල­යක් තියලා කෙනෙක් මාව අල්ලා­ගත්තා. ඒත් එක්කම මාව ගේ ඇතු­ළට ඇදලා ගත්තා. ඒ අරන්... මගෙන් ඇහැව්වා සීසී­ටීවී තියෙ­න­වද කියා. නෑ කිව්වා. මේන් ස්විච් එක තියෙන තැන ඇහුවා. මේන් ස්විච් එක ළඟට ගිහින් මටම කියලා එය ඔෆ් කෙරෙව්වා. ආයෙත් එළි­යට එක්ක­ගෙන ගියා.

උඹ නාස්ති­කාර දූෂ­ණය සහ සංව­ර්ධ­නය කියලා පොතක් ලිව්වා නේද කියලා ඇහුවා. මම ඒ පොත ලිව්වෙ 2015 වස­රේදි. හැබැයි 2015 නිකුත් කළත් වැඩි වශ­යෙන් බෙදා­හ­රි­මින් ප්‍රචා­ර­ණය සිදු කෙරුණේ මෑතක සිටයි.

හැඩි­දැඩි සිවු­දෙ­නෙක් වගේ ඉන්නවා දැක්කා. ඔක්කොම අය ‍පුල්ෆේස් හෙල්මට් දාලා... අත්ව­ලට ග්ලවුස් දාලා හිටියේ. පස්සෙ ඒ අය මාව එළි­යට ගෙනි­හින් ඇහැව්වා. උඹ මේ පොතේ ගිය ආණ්ඩුවෙ ව්‍යාපෘති ගැනනේ සියල්ල කතා කරන්නෙ... උඹට මේව­යින් එක ව්‍යාපෘ­ති­ය­ක්වත් හම්බ වුණේ නැද්ද හොඳක් තියෙන කියා... මං කීවා නෑ මගේ මත විශ්ලේ­ෂ­ණා­ත්ම­කව ඉදි­රි­පත් කිරී­මක් පම­ණයි මේ පොතෙන් සිදු වුණේ. ඒ පොත ගැන රුහුණ සර­ස­වියේ සමාජ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථි­කා­චා­ර්ය­ව­ර­යෙකු පවා විශ්ව­වි­ද්‍යාල ළම­යින්ට දේශ­න­ව­ලදී පවා පවසා තිබුණා කියා මං කීවා. පොත් සාප්පු­වල තියෙන පොත් ටික උඹ නැවත රිටන් ගෙන්න­ගන්න ඕනෙ කිව්වා. මං කීවා ඒක එහෙම කරන්න බැහැ. ආ... එහෙ­මද උඹට අපි ඕවා ලියන්න ආයෙත් ඉඩ තියන්නෙ නෑ. ඔතැ­නින්ම ඔය දේවල් නතර කළ යුතුයි. මං කීවා, මං මාධ්‍ය­වේ­දි­යෙක් කියා. නෑ... අපිට ඒවා කිසිම දෙයක් අදාළ නෑ... උඹ කවුරු වුණත් අපිට ප්‍රශ්න­යක් නෑ... කියා නැව­තත් නිවෙස තුළට අරන් ගියා.

අන්ති­මට මගේ ගෙදර බඩු­මුට්ටු... වෙඩින්... උපාධි පොටෝ සිය­ල්ලම කුඩු­ප­ට්ටම් කරලා... මට හොඳ­ටම ගැහුවා. මගේ බිරි­ය­ටත් දරු­ව­ටත් පහර දෙන්න හැදුවේ... පිස්තෝ­ලෙත් අතේ තියන් මාව අල්ල­ගෙන හිටිය කෙනා පිස්තෝලෙ වම් අතට මාරු කරලා... ඉණෙන් උල් දිග පිහි­යක් ඇදලා ගත්තා. ඒකෙන් බෙල්ල... මූණ හරි­යට අනින්න හැදුවා. ඒත් එක්කම මගේ වම් අතින් පිහිය තිබුණ අත ඇල්ලුවා. ඒත් එක්කම මගේ අත කපලා ගියා. ඒ විදි­හට තව පාරක් ඇන්නා. හැබැයි වාස­නා­වට දෙපා­රම මගේ අත කැපිලා බේරුණේ... ඒ පිහි පාර­වල් හරි­යට ගියා­නම් මගේ බෙල්ල හරහා යන්නෙ. ඊට පස්සෙ පිටි­ප­ස්සෙන් හිටිය කෙනා පොල්ල­කින් මගේ ඔළුවට පාරක් ගැහුවා. ඒකට මාව සිහි නැතිව වැටුණා. ඒත් එක්කම ආපු එවුන් ටික පැනලා ගියා. පස්සෙ බිරිය කෑගැ­හැව්වා... ඒත් කවු­රුත්ම ආවේ නෑ... අන්ති­මට අවට ගෙව­ල්ව­ලට ගිහින් බිරිය කිව්වම තමයි ආවේ... 119ට කතා කරලා පොලි­සි­යට කිව්වා. සුව­සැ­රි­යෙන් මාව රෝහ­ලට අරන් ගියා. කොහො­ම­හරි ඒ පිරිස විනාඩි විස්සක් විතර හිටියා.

තිස්ස­ම­හා­රාම, රන්මි­ණි­තැන්න ටෙලි ගම්මා­නයේ කළ­ම­නා­කරු පාලන ලෙසද සේවය කොට ඇති ලසන්ත ගිය වසරේ එම රැකි­යා­වෙන් ඉවත් විය. ඔහු වැඩි­දු­ර­ටත් පව­සන්නෙ,

“ඇත්ත­ටම මං ඒ පොතෙන් කිසිම කෙනෙ­කුට මඩක් ගහලා නෑ... ගිය ආණ්ඩුව කාලේ කරපු ව්‍යාපෘ­ති­වල තිබෙන අඩු­පා­ඩු­කම් පිළි­බඳ විශ්ලේ­ෂ­ණා­ත්ම­කව පෙන්වා දීමක් පම­ණයි කරලා තියෙන්නෙ. අන්න ඒ නිසයි මට මේ අය පහර දුන්නෙ. මට මාස එකො­ළ­හක බබෙක් ඉන්නවා... මායි බිරි­යයි දාහ­ත්වැ­නිදා තියෙන දරු­වගේ උප­න්දිනේ සම­ර­න්නයි සූදා­නම් වෙමින් හිටියේ. ඒත් බලන්න බොහෝම අහිං­ස­කව ජීව­ත්වන මට මේ අය කළ දේ. පෑනෙන් ගෙනි­යන අපේ මත­වා­ද­යන්ට පෑනෙන් පිළි­තුරු දෙන්න... එහෙම නැතිව මැර­කම් අපි වැනි අහිං­සක මිනි­සුන්ට කරන්න එපා...“

හබ­රා­දුව පොලි­සිය ඇතුළු පොලිස් කණ්ඩා­යම් කීප­යක් ඒ පිළි­බඳ විම­ර්ශන සිදු කරන අතර පරීක්ෂණ සඳහා පොලිස් සුන­ඛ­යන්ද යොදවා ඇත. අවට සීසී­ටීවී දසුන් ඔස්සේ සිදු කරන පරී­ක්ෂණ අනුව පහ­ර­දී­මට පැමිණි සැක­ක­රු­වන් ඉතාම ඉක්ම­නින් අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකි­වෙ­තැයි උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැවැ­සීය.

මැති­ව­රණ ප්‍රච­ණ්ඩ­ක්‍රියා නිරී­ක්ෂණ මධ්‍ය­ස්ථා­නයේ ජාතික සම්බ­න්ධී­කා­රක මංජුල ගජ­නා­යක මහතා ඒ පිළි­බඳ අපට කීවේ ඉතාම පහත් ක්‍රියා­වක් වන මේ සිදු වීම තරයේ හෙළා දකින බවයි. එසේම මැති­ව­රණ සම­ය­කදී සිදු වූ මේ සිද්ධිය මැති­ව­රණ කොමි­ස­මට පැමි­ණිලි කළ බවද ඔහු කීවේය.

සහෝ­දර මාධ්‍ය­වේ­දි­යෙ­කුට වූ පහ­ර­දීම සම්බ­න්ධ­යෙන් නිද­හස් මාධ්‍ය ව්‍යාපා­රය හබ­රා­දු­වේදී සහ කොළ­ඹදී විරෝ­ධතා ව්‍යාපා­ර­යක්ද ක්‍රියා­ත්මක කළේය. අව­සා­නයේ ලසන්ත අපට කීවේ ඉතාම සාම­කා­මීව පැවැති මෙවර මැති­ව­ර­ණ­යේදී තමාට වූ පහ­ර­දීම සමස්ත මැති­ව­රණ ව්‍යාපා­ර­ය­ටම කැළ­ලක් බවත් මින් ඉදි­රි­යට කිසිම විටෙක මෙවැනි ක්‍රියා සිදු නොවීම සඳහා නීතිය සර්ව සාධා­ර­ණව සැම­ටම ක්‍රියා­ත්මක කරන ලෙස සියලු වග­කි­ව­යුතු පාර්ශ්ව­ව­ලින් ඉල්ලා සිටින බවයි.

Comments