
අද අපි දේශනා කරන්නට යෙදෙන්නේ අංගුත්තර නිපාතයේ නවක නිපාතයේ හැඳින්වෙන නන්දක සූත්‍ර දේශනාවයි. නන්දක කියන්නේ ස්වාමීන්වහන්සේ කෙනෙක්ගේ නමක්. මේ නන්දක සූත්‍ර දේශනාව කරන සමයේ
බුදුරජාණන් වහනසේ වැඩවාසය කළේ සැවැත් නුවර ජේතවනාරාමයේ. නන්දක ස්වාමීන් වහන්සේ උපස්ථායක ශාලාවට රැස්වෙලා හිටිය ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවක් දේශනාවක් කළා. උපස්ථායක ශාලාව කියලා කියන්නේ
ස්වාමීන්වහන්සේ දානය වළදන පැන් වළදන කරන තැනට.
බුදුන්වහන්සේ භාවනායෝගීව වැඩ සිට සමාධි ස්වයෙන් වැඩ සිට අවදිවෙලා මේ උපස්ථාන ශාලාවෙ දොර සමීපයට වැඩම කළා. ඉන්පසුව උන්වහන්සේට ඇසුණා මේ නන්දක ස්වාමීන්වහන්සේ ධර්මදේශනාවක් කරනවා. ඉතින් මේ ධර්ම දේශනාව අවසන් වෙනකල් උන්වහන්සේ ශාලාවේ දොරටුව අසල හිටියා. ධර්ම දේශනාව අවසන් වනවාත් සමඟ ම උන්වහන්සේ නිය පිටින් දොරට තට්ටු කළා; උගුර පෑදුවා; ඉන් පසු මේ ස්වාමීන්වහන්සේ දොර විවර කළා. උන් වහන්සේ දැක්කා බුදුන්වහන්සේ වැඩ සිටිනවා.
උන්වහන්සේ උපස්ථායක ශාලාවට වැඩම කරලා තථාගතයන්වහන්සේට පනවලා තියන ආසනයේ අසුන් ගත්තා. ඉන්පසු මේ නන්දක ස්වාමීන්වහන්සේගෙන් විමසනවා නන්දක ඔබ දීර්ඝ ධර්මදේශනාවක් කළා නේද කියලා; නන්දක මම ඒ දේශනාව සාගෙන සිටියා; දොර ළඟට වෙලා. හැබැයි නන්දක මගේ කොන්දේ වේදනාවක් ඇතිවුණා කියලා කියනවා . නන්දක පිළිතුරු දෙනවා ස්වාමීනි භාග්‍යවතුන්වහන්ස මම දැනෙගෙන හිටියේ නැහැ සර්වඥයන් වහන්සේ දොර සමීපෙ ඉන්නවා කියලා. එසේ දැනගෙන සිටියා නම් මේ වැනි දීර්ඝ සාකච්ජාවක් කරන්නේත් නැහැ කියලා කිව්වා . බුදුන්වහන්සේ දැනගත්තා උන්වහන්සේ බයට පත් වෙලා කියලා.
නන්දක ඉතා හොඳයි, නන්දක ඔබගේ දේශනාව ශ්‍රද්ධාවෙන් සසුන් ගත වූ කුල පුත්‍රයන්ට බොහෝම වටිනවා කියලා ප්‍රකාශ කළා. ඔබවහන්සේ රැස් වුණාට පස්සේ කතා කළ යුතු කරුණු දෙකක් තියනවා 'ධම්මීවා කතා' කියලා. පිරිසක් එකතු වුණාම ධර්ම කරුණු කතා කරන්නට ඕන.'අරියෝවා තුන් හී භාවෝ.... ආර්ය තුෂ්නිම්භූත භාවයෙන් සිටිය යුතුයි. ධර්මය සිහි කරමින් නිහඬව ම සිටිය යුතුයි කියලා කිව්වා. මේ ධර්ම දේශනාව එතරම් ගෞරවයෙන් යුතුවයි උන්වහන්සේ සිහිපත් කළේ. උන්වහන්සේ නන්දක ස්වාමීන්වහන්සේට ඉතා වටින දේශනාවක් කළා. සමහර අය ඉන්නවා සද්ධාවෙන් යුක්තයි; සමහර අය සීලයෙන් යුක්තයි; සමහරුන්ට ශ්‍රද්ධාව තියෙනවා, ඒවුණත් සීලවන්ත බව නැහැ.
ඒ තැනැත්තා අපරිපූර්ණයි. සීලය පරිපුර්ණ නැති නිසා සීල දුර්වලතා තියන අය උත්සහ කළ යුතුයි කියලා බුදුන් වහන්සේ දේශනා කළා. තවත් පැහැදිලි කළහොත් ගිහිපැවිදි අය බොහොම ශ්‍රද්ධාව ඇති අය ඉන්නවා; නන්දක ස්වාමින් වහන්සේ කිව්වා වගේ මේ බොහෝ අය ශ්‍රද්ධාවෙන් පරිපූර්ණ වුණාට සීලයෙන් පරිපූර්ණ නැහැ. ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කළහොත්; බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය විශ්වාස කිරීමට පාලියෙන් සබ්බ හතී තථාගතස්ස... බෝධින් බුදුරජාණන්වහන්සේගේ අවබෝධය සම්මා සම්බුද්ධත්වය අවබෝධය සර්වඥතා ඥානය විශ්වාස කිරීමයි. ශ්‍රද්ධාව කියන්නේ යම්කිසි කෙනෙක් බුදුන්වහන්සේ සර්වඥයි කියලා පිළිගැනීමයි.
උන් වහන්සේ අතීතයේ දේ දැනගැනීම, වර්තමානයේ පවතින දේවල් අවබෝධ කරගැනීම, අනාගතයේ ඇති දේවල් අවබෝධ කරගැනීම මේ තුන්කාලයට අයිති දේවල් සියල්ලම අතේ ඇති නෙල්ලිගෙඩියක් සේ අවබෝධ කරගත්තා. ඒ වගේ තමයි සර්වඥයන් වහන්සේ සියලු දේවල් පිළිබඳ අවබෝධයක් තිබුණා. සර්වඥන්වහන්සේ ගේ මේ සියල්ල දන්නා නුවණ ඇති කෙනෙක් කියල යම්කිසි කෙනෙක් අදහනවා නම්, විශ්වාස කරනවා නම්, පිළිගන්නවා නම් එයයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ඇති කෙනෙනා නිතර සිල්වතුන් දකින්න කැමැති ,' දස්සන කාමේ සීලවතං' සිල්වතුන් දකින්න කැමැති, ඒවගේම සද්ධම්මං සෝතු මිච්චතී සද්ධාව ඇති කෙනා ධර්ම ශ්‍රවණය කරන්න කැමැති, මසුරු මළකඩ දුරු කරලා දන්පැන් පූජා කරන කෙනෙක්. ශ්රද්ධාවන්ත කෙනාට ඒ ශ්රද්ධාවන්තයන් හඳුනා ගන්න කැමැතියි. ශ්‍රද්ධාවතුන් අතර අග්රකෙනා සලකන්නේ; අග්රකෙනා වන්නේ එයා කැමැති බුද්ධ දර්ශනයට. ඒ බුදුන් වහන්සේ ලෙස අද අපිට දකින්නට ලැබෙන්නේ උන්වහන්සේගේ ශරිරික චෛත්‍ය , පාරිභෝගික චෛත්‍ය උද්දේසික චෛත්‍ය වැනි දේවල්. ප්‍රතිමා වහන්සේ දකින්න වන්දානාම කරන්න කැමැති සද්ධාවන්ත අය යම් දේවල් පූජාකරන්න ත්‍රිවිධ චෛත්‍යක හිදගෙන සීලය දියුණු කරගන්නවා.
අනාථ පිණ්ඩික සිටු බුදුන් දැකලා බුදුගුණ මෙනෙහි කරමින් රාත්‍රී කාලයේ යන විට අලෝක ධාරාවක් ඇතිවුණා. ඔහුට හිතුණේ එළිවෙලා කියලයි. ගමන් කරන විට ගමන් කළේ සොහොනක් මැදිනුයි. මේ සිටු තුමාගේ කකුලෙ මළමිනියක් පැටලුණා. බය ඇතිවීමත් සමඟ ආලෝකය නැතිවෙලා ගියා. පරිසරය කළුවර වුණා. ඒ වේලාවෙදි ආපසු හැරෙන්නට පටන් ගනිද්දි සොහොනේ ඉන්නවා එක්තරා දෙවිකෙනෙක්.
ඒදෙවියන් සිටු වරයාට කතා කළා. කතා කරලා පුදුමාකාර ප්‍රකාශයක් කරනවා. ඒ දෙවියන් කියනවා සතන් හත්ති සතන් අස්වා සර්වාභරණයෙන් සරසන ලද ඇත්තු ලක්ෂයක් සිටිනවා; ඉන්පසුව සර්වාභරණයෙන් සරසන අස්වයන් ලක්ෂයක් ඉන්නවා; අස්වයන් යොදන ලද අස්ව කරත්ත ලක්ෂයක් ඉන්නවා; ඉන්පසුව සර්වාභරණින් වලින් සරසන රාජකන්යාවන් ලක්ෂයක් ඉන්නවා; මේ වටිනා වස්තූ හතරට වඩා වටිනවා; බුදුන්වහන්සේ බැහැදැකීමට යන පියවර සටහනක් තැබුවොතින් කියලා. ඒ පියවර සටහනින් සොලොස්කළාව එනම් පියවරක් මැනගන්නවා.
ඒ දිග ඉන්පසුව දාසයකට බෙදිමෙන් පසුව කොටස් දාසයක් එයින් කොටස් පහළොවක් අයින් කරනවා. එ් කොටසින් ආයෙත් සැරයක් දාසයෙන් බෙදනවා; දාසයෙන් දාසය සැරයක් බෙදීමෙන් මේ කුඩා ප්‍රමාණයට කියන්නේ සොලොස් කලාව කියලා කියනවා. එසොලොස් කලාව වටිනවා ඉහත කියපු වටිනා දේවල්වලට වඩා. ඒ වස්තු ටික දන්දිමේන් ලැබෙන පිනට වඩා කියන අදහස මෙහි අදහසයි. ඒ ඔක්කෝම මේ වස්තු වල වටිනා කමට වඩා වටිනවා. ඒ ඉදිරි පියවරක සොලොස් කලාව, එය කොතරම් දානමය පින්කමකට සමානද කියලා බලන්න. කොතරම් දානමය පින්කමකට සමානද බලන්න. සද්ධාවන්ත කෙනා මෙය හොදින් තේරුම් ගන්නට ඕන. ජීවමාන බුදුන්වහන්සේ අපේ ගෙදර වැඩ ඉන්නේ කියලා හිතන්න. උදේ ජලය ගිලන්පස දානය දවසට වතාවක් හරි මල්පහන් සුවඳ දුම් පූජාකරන්නට ඕන. ජීවමානව ඉන්නවා කියලා හිතන්න ඕන. නමුත් උන්වහන්සේ ජීවමානයි කියලා හිතන්නට ඕන. මූලික අවශ්‍ය දේ පූජා කරන්නට ඕන. පියවර සටහනක් කොතරම් වටිනවා ද බුද්ධ පුජාවට වඩා සාංගික දානය වටිනවා කියලා ඇතැමුන් වරදවා වටහාගෙන තියනවා. නමුත් මේ සාසනයේ කරන්නට පුළුවන් ඉහළම දානය ධර්ම දානයයි; ඉන්පසුව බුද්ධ පූජාව. මෙය සාංගික දානයට වඩා වටිනවා ශ්‍රද්ධාව උපදවා ගන්න සීලය සම්පුර්ණ කරගන්නත් ඕන.
ගිහි පින්වතුන්ට කියලාදෙන්නේ පංච සිලය ආරක්ෂා කරන්නට ඕන ප්‍රාණ ගාත කරලා නැහැ; පිරිසිදු අත් ඇති අයයි සිල්වතුන්. මදුරුවෙක් කූඹුයෙක් මරන්න එපා. අවංකවම හදවතෙන්ම සොරකම ප්‍රාණඝාතය අතහරින්න. දුරාචාරය අතහරින්න; හිතපාලනය කරගෙන සිල්වත්ව ජිවත්වෙන්න; කිසිම මත්ද්ර්යවයක් පානය කරන්න එපා; සිලයෙන් ම පරිපූර්ණත්වයට පත්වෙන්න. ඇඳුමින් බෞද්ධයෙක් ශ්රද්ධාවන්ත සිලවන්ත දැනුමින් සිලවන්තයි ශ්රද්ධාවන්ත විදිහට පෙනී සිටියාට මදි. කායික ශක්තිය අඩුවෙනකොට දුස්සීල කෙනාගේ සිහිකල්පනාව නැතිවෙනවා. ඒ කියන්නේ ස්නායු දුර්වල වෙලා නොවෙයි. එහෙනම් වයසට ගිය හැමෝම කල්පනා ශක්තිය නැතිවෙන්නේ නැහැ. සිලය නැතිනම් පමණයි වියපත් වුණ අයට සිහිකල්පනාව නැතිවෙන්නේ. සිලය ගුණය කාලයක් ප්‍රගුණ කළා නම් සිහිය නැතිවෙන්නේ නැහැ. ඒ නිසා ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ජිවත් නොවුණොත් ඊළඟ භවයේදිවත් එය නැතිවෙලා යනවා. එ් නිසා සිහියට ඉතා වැදගත්.
ඉන්පසු මේ සූත්‍රයේදි බුදුන්වහන්සේට කියනවා මේ නන්දක ස්වාමීන්වහන්සේට නන්දක ශ්‍රද්ධාව තියනවා; සිලවන්ත බව තියනවා ; නමුත් චේතෝ සමතයක් නැහැ කියලා කියනවා. ශ්‍රද්ධාව තියනවා; ශ්‍රද්ධාව සිලය තිබුණාට; සමාධියක් ඇති කරගෙන නැහැ කියලා කියනවා. ශ්‍රද්ධාව සීලය වගේ පමණක් නොවෙයි; සමත භාවනාවක් ගෞරවයෙන් යුතුව වෙහෙස මහන්සි වී සමාධියක් ඇති කරගන්නට ඕන. ගුරුඋපදෙස් සහිතව භාවනා කරන්නට ඕන; බුදු ගුණ වඩන්නට ඕන; බුදුගුණ නවයේම අර්ථසහිතව මෙනෙහි කරන්න නම්, දන්න බුදු ගුණයක් හෝ මෙනෙහි කළයුතුයි. භාග්යවතුන්වහන්ේ අරහං වන සේක කියලා එහි ගුණ මෙනෙහි කරන්න . එය ඉතා ඉවසිමෙන් විනාඩි විස්සක් පමණ කරන්නට ඕන. මේ අරහං බුදුගුණ දවසට දෙවතාවක් හිතන්න ඉන්පසුව වෙනත් භාවනාවක් හුරු වෙන්න. කෙසේ හෝ චිත්ත සමාධියක් ඇති කරගන්න ඕන; අපේ ජිවිතය පරිපූර්ණ නැහැ. කාලය බලබලා ඉන්න එපා ධර්මයේ හැසිරිය යුතුයි.
ඉන්පසු නන්දක ස්වාමීන්ට බුදුන්වහසේ දේශනා කරනවා නන්දක ශ්‍රද්ධාව තියනවා; සිලය තියනවා; සමථ භාවනාව වඩනවා; නමුත් නන්දක ඒ අයට අධිපඤ්ඥා ධර්ම විදර්ශනාව නැහැ.
ඒ කියන්නේ මොකක්ද? එනම් හේතුන්ගෙන් හටගත්ත දේවල් එනම් රූප වේදනා සඤ්ඥා සංස්කාරයන්ගේ සංස්කාරයන් තුළ පවතින අනිත්‍ය දුක්ඛ කියන ත්රිලක්ෂණය අවබෝධ කරගෙන නැහැ කියන කාරණාව. එසේ නම් ඒ අයගේ ජිවිතය අසම්පුර්ණයි කියලා කියනවා.එනම් ජිවිතය සම්පුර්ණ කිරීමට නම් විදර්ශනා වැඩිය යුතුයි; එනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටහෙන මට්ටමට පත්වෙනවා; සිව්පා සතකු ඉන්නවා ඒ සතාගේ එක කකුලක් නැහැ. එසේ නම් අසම්පුර්ණ සතෙක්. ඒ නිසා එකගුණ ධර්මයක් නැතිනම් ජිවිතය අසම්පූර්ණයි. මේ කාරණා හතරින් එකක් නැති නම් ජිවිතය අසම්පුර්ණයි. එක කකුලක් නැති සිව්පාවෙක් වගේ. මේ කියන ලද කාරණාවලින් අසම්පුර්ණ නම් ජිවිතය සම්පුර්ණ වෙන්නේනැහැ. ඒ දේ හොදින් තේරුම් අරගෙන මේ කියන ගුණ ධර්ම වලින් බෞද්ධයන් ලෙස ඔබත් පරිපූර්ණ කෙනෙක් බවට පත්වෙන්නට ඕන.