ජාතික අධ්‍යා­පන ආය­ත­න­යෙන් සැමට 13 වස­රක අඛණ්ඩ අධ්‍යා­ප­න­යක් | සිළුමිණ

ජාතික අධ්‍යා­පන ආය­ත­න­යෙන් සැමට 13 වස­රක අඛණ්ඩ අධ්‍යා­ප­න­යක්

රාජ්‍ය ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය ‘2025 දැක්ම’ (Vision 2025) අනුව ශ්‍රී ලංකා රජය දැඩි ලෙස තර­ග­කාරි වූ සමාජ වෙළෙ­ඳ­පොළ ආර්ථික ප්‍රති­ප­ත්ති­වල පිටු­බ­ලය ලබ­මින් අප රට දැනුම් ආර්ථික කේන්ද්‍ර­යක් බවට පරි­ව­ර්ත­නය කිරීමේ කර්ත­ව්‍ය­යට කැප වී සිටී. මෙම අනා­ග­ත­වාදී ප්‍රය­ත්න­යේදී ආර්ථි­ක­යට සක්‍රිය දාය­ක­ත්ව­යක් දැක්වීම උදෙසා තාරු­ණ්‍යය බල­ග­න්ව­මින් කුස­ලතා පූර්ණ අධ්‍යා­ප­න­ය­කට දිශා­නත කිරීමේ අව­ශ්‍ය­තාව එකී ලේඛ­න­යෙන් අව­ධා­ර­ණය කෙරේ. ඒ අනුව සැමට දහ­තුන් වස­රක අධ්‍යා­ප­නය ලැබී­මට පහ­සු­කම් සැප­යී­මත්, එම­ඟින් තෘතී­යික අධ්‍යා­පන ප්‍රවේ­ශය වැඩි කිරී­මත්, වෘත්තීය පුහු­ණුව සඳහා අවස්ථා පුළුල් කිරී­මත් ආරම්භ කර ඇත.

අධ්‍යා­ප­නය මඟින් සිදු විය යුත්තේ දරු­වාගේ සහජ දක්ෂතා මතු කර­ගැ­නී­මට ඉඩ­හ­සර සලසා දී ඒ සඳහා අවශ්‍ය පහ­සු­කම් සැප­යීම වුවද පවත්නා අධ්‍යා­පන ක්‍රමයේ දැඩි ව්‍යූහ­ගත ස්වභා­වය සිසු අව­ශ්‍ය­තා­ව­ලට නොගැ­ළ­පීම, ඉගෙ­නුම් ඉගැ­න්වීම් ක්‍රියා­ව­ලිය ආක­ර්ෂ­ණීය නොවීම, තක්සේ­රු­ක­රණ සහ ඇග­යීම් ක්‍රම­වේද ප්‍රායෝ­ගි­ක­ත්ව­යෙන් තොර වූ තාව­කා­ලි­කව දැනුම පම­ණක් මැන බැලෙන ආකා­ර­යෙන් පැවැ­තීම වැනි හේතු නිසා පළමු ශ්‍රේණි­යට ඇතු­ළත් වන ශ්‍රී ලාංකික දරු­ව­න්ගෙන් විශාල ප්‍රති­ශ­ත­යක් අපොස සාමාන්‍ය පෙළ විභා­ග­යෙන් පසු වැඩ ලෝක­යට පිවි­සී­මට අවැසි නිපු­ණතා ලබා­ගැ­නී­මෙන් තොරව අධ්‍යා­පන ප්‍රවා­හ­යෙන් ඇද­හැ­ළෙති.

ඒ අනුව විවිධ ක්ෂේත්‍ර­වල දක්ෂතා, කුස­ලතා, නිර්මා­ණා­ත්මක හැකියා සහිත සිසුන්ට ඒ ඒ ක්ෂේත්‍ර­ව­ලින් ඉදි­රි­යට යෑමේ මං අවුරා ශාස්ත්‍රීය නැඹු­රු­ව­කට තල්ලු කර දැමීමේ අව­සන් ප්‍රති­ඵ­ලය වී ඇත්තේ කිසිදු නිපු­ණ­තා­ව­කින් සහ අනා­ගත අපේ­ක්ෂා­ව­කින් තොර ව ඔවුන් සමා­ජ­යට එක්වී­මයි. මෙය ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික අර්බුද රැසක් නිර්මා­ණය කිරී­මට ද ඉව­හල් වී ඇත. නූතන තාක්ෂණ විද්‍යා­ත්මක ලෝකය තුළ කාලයේ වේගය අභි­භවා ගොඩ­නැ­ගෙන විවිධ දැනුම් ක්ෂේත්‍ර සමග ඉතා ඉහල වැටුප් තල සහිත රැකියා රැසක් නිර්මා­ණය වී තිබුණ ද ඒ සඳහා පුහුණු ශ්‍රමි­ක­යන් නොවී­මද රටක් ලෙස ශ්‍රී ලංකාව මුහුණ දෙන තවත් විශාල ගැට­ලු­වකි.

මෙම තත්ත්ව මනා සේ හඳුනා ගත් වර්ත­මාන රජය විවිධ දක්ෂතා, කුස­ලතා, හැකියා සහි­තව සිටි­යද එය මතු කර­ගැ­නී­මට ඉඩක් නොවීම නිසා ජ්‍යෙෂ්ඨ ද්විතී­යික අධ්‍යා­ප­න­යට පිවි­සී­මට වරම් නොලැබ වසර 11ක අධ්‍යා­ප­න­යෙන් පසු පාස­ලෙන් ඉවත් වීමට නිය­මිත දරු­වන් තවත් වසර දෙකක් පාසල තුළ රඳ­වා­ගෙන ඔවුන්ගේ දක්ෂතා, නිපු­ණතා ඔප­ම­ට්ටම් කර දේශීය හා ගෝලීය වශ­යෙන් විවර වී ඇති විවිධ වෘත්තීන් වෙත ළඟා වීම සඳහා මංපෙත් විවර කිරීමේ අර­මු­ණින් 13 වස­රක සහ­තික කරන ලද අඛණ්ඩ අධ්‍යා­පන වැඩ­ස­ට­හන හඳුන්වා දී ඇත.

මේ අනුව වර්ත­මාන රජයේ 13 අවු­රුදු අඛණ්ඩ අධ්‍යා­පන යෝජ­නාව යටතේ සෑම ඉගෙ­නු­ම්ලා­භි­ය­කුට ම අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභා­ග­යට පෙනී සිටී­මෙන් පසු පද්ධ­ති­යෙන් ගිලිහී යාමෙන් තොර ව තම අධ්‍ය­යන කට­යුතු 13 ශ්‍රේණියේ අව­සා­නය දක්වා ම අඛණ්ඩ ව කර­ගෙන යෑමට ඉඩ සැලසේ.

මෙම 13 වස­රක අඛණ්ඩ අධ්‍යා­පන වැඩ­ස­ට­හන ඉගෙ­නුම්-ඉගැ­න්වීම් ක්‍රියා­ව­ලිය ආක­ර්ෂ­ණීය වූත්, වැඩ-මිතුරු වූත්, වැඩ ලෝක­යට පිවි­සී­මට ඇවැසි නිපු­ණතා අත්පත් කර­ගත හැකි වූත් ව්‍යායා­ම­යක් බවට අනා­ග­ත­වාදී පර්යා­ලෝ­ක­ය­කින් යුතු ව පත් කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ ද්විතී­යික අධ්‍යා­පන මට්ට­මේදී ‘වෘත්තීය විෂය ධාරාව’ යනු­වෙන් හැඳි­න්වෙන නව විෂය ධාරා­වක් ජාතික අධ්‍යා­පන ආය­ත­නය විසින් හඳුන්වා දී ඇත. ව්‍යව­හා­රික විෂ­ය­යන් යනු­වෙන් හැඳි­න්වෙන භාවිත වැඩ-මිතුරු විෂ­ය­යන් ඊට සංග­තික ලෙස අන්ත­ර්ගත කර ඇත.

දැයේ දරු­වන්ගේ දක්ෂ­තා­ව­ලට ගැළ­පෙන විෂ­ය­මා­ලා­වක් මඟින් වැඩ ලෝක­යට උචිත පුහුණු ශ්‍රම බළ­කා­යක් බිහි කිරී­මත්, මානව ප්‍රාග්ධ­නය බල­ගැ­න්වී­මත් පර­මාර්ථ කර­ග­නි­මින් හඳුන්වා දෙන වෘත්තීය විෂය ධාරාව මඟින් පහත දැක්වෙන අර­මුණු ඉටු කර­ගැ­නී­මට බලා­පො­රොත්තු වේ:

* යාව­ජීව ඉගෙ­නු­මට හා ගෝලීය පුර­වැ­සි­භා­වයේ වග­කීම් දැරී­මට සිසුන් මනාව සූදා­නම් කිරීම

* වෘත්තීය ළැදියා වැඩ ලෝක­යට ගළ­පා­ග­නි­මින් වෘත්තීය ක්ෂේත්‍ර­ව­ලට සූදා­නම් කිරීමේ විධි­ක්‍රම ප්‍රව­ර්ධ­නය

* ඵල­දායි හා නිර්මාණ පාදක දැනුම් ආර්ථි­ක­ය­කට සක්‍රිය ලෙස දායක වනු පිණිස දේශීය ව්‍යංගිත දැනුම තරුණ ශක්‍යතා ශක්ති­මත් කිරීමේ උත්ප්‍රේ­ර­ක­යක් ලෙස භාවිත කිරීම

* පාරි­ස­රික වශ­යෙන් ප්‍රබල තිර­සර සංව­ර්ධන ප්‍රව­ර්ධ­න­යට උප­කාරි වීම

* දුප්ප­ත්කම පිටු­දැ­කීම සුසාධ්‍ය කිරීම

* ශාස්ත්‍රීය දැනුම හා ප්‍රයෝජ්‍ය යථාර්ථ අතර ඇති පර­ත­රය අඩු කර­මින්, ජීවි­තය සඳහා අධ්‍යා­ප­නය සම්බන්ධ ඉගෙ­නු­ම්ලා­භි­යාගේ දැනු­වත් බව වර්ධ­නය

වෘත්තීය විෂය ධාරාව පහත දැක්වෙන පරිදි ප්‍රධාන සංර­චක තුන­කින් සම­න්වි­තය:

1. සාමාන්‍ය සංර­ච­කය

2. ව්‍යව­හා­රික/ වෘත්තීය විෂය සංර­ච­කය සහ

3. කර්මාන්ත ඇසු­රෙන් ප්‍රායෝ­ගි ක ක්ෂේත්‍ර පුහු­ණුව

1. සාමාන්‍ය සංර­ච­කය

වසර 11ක් පුරා සාමාන්‍ය පොදු විෂ­ය­මා­ලා­වක් හදා­රන සිසුන් වෘත්තීය නිපු­ණතා අත්පත් කර­ගැ­නී­මට පෙර ඔවුන්ගේ මෘදු කුස­ලතා සංව­ර්ධ­නය කිරී­මත්, ව්‍යව­හා­රික/ වෘත්තීය විෂය හැදෑ­රීම සඳහා දිශා­භි­මුඛ කිරී­මත් අර­මුණු කර­ගෙන පහත දැක්වෙන ක්ෂේත්‍ර ඔස්සේ පොදු කුස­ලතා අත්පත් කර­ගැ­නීම සඳහා මොඩි­යුල ඇසු­රෙන් සාමාන්‍ය සංර­ච­කය ක්‍රියා­ත්මක කෙරේ.

* පළ­මු­වන බස: සිංහල/

දෙමළ සන්නි­වේ­දන කුස­ලතා

* ව්‍යාපාර ඉංග්‍රීසි හා සන්නි­වේ­දන කුස­ලතා

* සෞන්ද­ර්යා­ත්මක රස­වි­න්දන කුස­ලතා

* තොර­තුරු හා පරි­ග­ණක තාක්ෂණ කුස­ලතා

* පුර­වැ­සි­භා­වය ආශ්‍රිත කුස­ලතා

* සමාජ යහ­පැ­වැත්ම උදෙසා සෞඛ්‍ය හා

ජීවන කුස­ලතා

* ව්‍යව­සා­ය­කත්ව කුස­ලතා

* වෘත්තීය මාර්ගෝ­ප­දේ­ශය

* විෂය බාහිර: ක්‍රීඩා, සමිති/ සමා­ගම් ආදි

2. ව්‍යව­හා­රික වෘත්තීය විෂය සංර­ච­කය

විවිධ ක්ෂේත්‍ර ඔස්සේ වැඩ ලෝක­යට පිවි­සීම සඳහා අවශ්‍ය භාවා­ත්මක දැනුම හා නිපු­ණතා අත්පත් කර­ගත හැකි වන පරිදි පහත දැක්වෙන විෂය ක්ෂේත්‍ර 7ට අදා­ළව ව්‍යව­හා­රික විෂය 26ක් නිර්මා­ණය කර ඇත:

* සෞඛ්‍ය හා සමාජ සේවා:

1. ළමා මනෝ විද්‍යාව හා ආර­ක්ෂ­ණය

2. සෞඛ්‍යය හා සමාජ ආර­ක්ෂ­ණය

3. ශාරී­රික අධ්‍යා­ප­නය හා ක්‍රීඩා

* සමාජ-සංස්කෘ­තික අධ්‍ය­යන:

4. ප්‍රාසං­ගික කලා

5. කාර්ය­සිද්ධි කළ­ම­නා­ක­ර­ණය

6. ශිල්ප කලා

* නිර්මා­ණ­ක­ර­ණය:

7. අභ්‍ය­න්තර නිර්මා­ණ­ක­ර­ණය

8. විලා­සිතා නිර්මා­ණ­ක­ර­ණය

9. ග්‍රැෆික් නිර්මා­ණ­ක­ර­ණය

10. කලාව හා පිරි­සැ­ල­සු­ම්ක­ර­ණය

11. වෙබ් නිර්මා­ණ­ක­ර­ණය

12. භූ දර්ශන නිර්මා­ණ­ක­ර­ණය

කෘෂි හා ආහාර තාක්ෂ­ණ­වේ­දය:

13. ව්‍යව­හා­රික උද්‍යාන විද්‍යා තාක්ෂණ

අධ්‍ය­ය­නය

14. පශු සම්පත් නිෂ්පා­දන තාක්ෂණ අධ්‍ය­ය­නය

15. ආහාර නිෂ්පා­දන තාක්ෂණ අධ්‍ය­ය­නය

16. ජලජ සම්පත් තාක්ෂණ අධ්‍ය­ය­නය

17. වැවිලි භා්ෙග නිෂ්පා­දන තාක්ෂණ අධ්‍ය­ය­නය

* තාක්ෂ­ණික අධ්‍ය­යන:

18. ඉදි­කි­රීම් තාක්ෂණ අධ්‍ය­ය­නය

19. ස්වයං­චල තාක්ෂණ අධ්‍ය­ය­නය

20. විදු­ලිය හා ඉලෙ­ක්ට්‍රො­නික තාක්ෂණ

අධ්‍ය­ය­නය

21. පේෂ­කර්ම හා ඇඟ­ලුම් තාක්ෂණ

අධ්‍ය­ය­නය

22. ලෝහ පිරි­සැ­ක­සුම් තාක්ෂණ අධ්‍ය­ය­නය

23. ඇලු­මි­නි­යම් පිරි­සැ­ක­සුම් තාක්ෂණ

අධ්‍ය­ය­නය

24. මෘදු­කාංග සංව­ර්ධ­නය

* සංච­ර­ණය හා ආග­න්තුක සත්කා­රය:

25. සංච­ර­ණය හා ආග­න්තුක සත්කා­රය

* පරි­ස­රය ආශ්‍රිත අධ්‍ය­යන:

26. පාරි­ස­රික අධ්‍ය­යන

ඉහත සඳ­හන් කරන ලද ව්‍යව­හා­රික විෂය ක්‍රියා­ත්මක කරනු ලබන්නේ මොඩි­යුල තුනක් ඇසු­රෙනි. එනම්,

* හඳුන්වා දීමේ මොඩි­යු­ලය

* අත­ර­මැදි මොඩි­යු­ලය

* උසස් මොඩි­යු­ලය

3. කර්මාන්ත ඇසු­රෙන් ක්ෂේත්‍ර පුහු­ණුව

ශිෂ්‍ය­යන් විසින් තෝරා­ගනු ලබන ප්‍රධාන ව්‍යව­හා­රික විෂ­ය­යට අදා­ළව කර්මාන්ත ඇසු­රෙන් සිදු කෙරෙන කාර්යා­නු­බද්ධ පුහු­ණුව මේ සංර­ච­ක­යට ඇතු­ළත් වේ.

වෘත්තීය විෂ­ය­මා­ලාව ක්‍රියා­ත්මක කිරීම

- 12 ශ්‍රේණිය

12 ශ්‍රේණියේ පළ­මු­වන වාරය තුළ පොදු කුස­ලතා මොඩි­යුල ඇසු­රෙන් සාමාන්‍ය සංර­ච­කය ක්‍රියා­ත්මක කෙරෙන අතර ඒ සඳහා පැය 360ක කාල­යක් වෙන් කර ඇත. අන­තු­රුව හඳුන්වා දී ඇති ව්‍යව­හා­රික විෂය 26න් 3ක් තෝරා­ගෙන අවට ප්‍රදේ­ශ­වල පුහුණු, කුස­ලතා පූර්ණ මානව සම්පත් හා පාස­ලේදී ප්‍රයෝජ්‍ය දැනු­වත් බවද සමග ව්‍යව­හා­රික විෂ­ය­වල දැනුම හා ප්‍රායෝ­ගික පද­නම ඇති කිරීම සඳහා 12 ශ්‍රේණියේ දෙවන හා තුන්වන වාර­ව­ලදී පිළි­වෙ­ළින් හඳුන්වා දීමේ හා අත­ර­මැදි මොඩි­යුල ප්‍රායෝ­ගික ක්‍රියා­කා­ර­කම් ඇසු­රෙන් ක්‍රියා­ත්මක කෙරේ. මේ අනුව තනිව හෝ කණ්ඩා­ය­මක් ලෙස ප්‍රායෝ­ගික ක්‍රියා­කා­ර­ක­ම්වල යෙදී­මෙන් තම න්‍යායික දැනුම් පද­නම සැබෑ ජීවි­ත­යේදී භාවි­ත­යට ගැනීම සම්බන්ධ අත්දැ­කීම් ලැබී­මට සිසුන්ට ඉඩ සැලසේ.

වෘත්තීය විෂ­ය­මා­ලාව ක්‍රියා­ත්මක කිරීම -

13 ශ්‍රේණිය

13 ශ්‍රේණිය පළ­මු­වන සහ දෙවන වාර තුළ සිසුන් විසින් තෝරා­ගන්නා ලද විෂය තුනෙන් එක් විෂ­ය­ය­කට අදා­ළව උසස් මොඩි­යු­ලය ඉගෙ­නී­ම­ටත් කර්මාන්ත ආශ්‍රි­තව ක්ෂේත්‍ර පුහු­ණුව ලබා­ගැ­නී­ම­ටත් සිසුන්ට අව­ස්ථාව ලැබේ. මෙහිදී සිසුන් විසින් තමන් වාසය කරන ප්‍රදේ­ශයේ පවත්නා, තමන් විසින් තෝරා­ගන්නා ලද ප්‍රධාන ව්‍යව­හා­රික විෂ­ය­යට ගැළ­පෙන නවීන මෙන්ම සාම්ප්‍ර­දා­යික කර්මාන්ත, පාසලේ අනු­ග්‍ර­හය මත තෝරා­ගනු ඇත. 13 වසර තුන්වන වාර­යේදී කර්මාන්ත ඇසු­රෙන් ලබන ක්ෂේත්‍ර පුහු­ණු­වේදී තමන් විසින් අත්පත් කර­ගත් න්‍යායික දැනුම හා නිපු­ණතා ඇසු­රෙන් නිපැ­යුම් පද­නම් කර­ගත් ව්‍යාපෘති කාර්ය­යක් සමඟ වෘත්තීය නිපු­ණතා අත්පත් කර­ගැ­නී­මට අව­ස්ථාව සලසා ඇත.

තක්සේ­රු­ක­ර­ණය හා ඇග­යීම

ඉගෙ­නු­ම්ලා­භීන් පිළි­බඳ තක්සේ­රු­ක­ර­ණය හා ඇග­යීම සම්ප්‍ර­දා­යික රටා­ව­ලින් වෙනස් වූ වෘත්තීය අධ්‍යා­පන ප්‍රමි­ති­ව­ලට අනු­කූල ප්‍රායෝ­ගික සංර­චක අඩංගු නවීන ක්‍රම­වේද අනු­ග­ම­නය කර­මින් සිදු කෙරේ. ඒ අනුව එක් එක් ශිෂ්‍ය­යාගේ ප්‍රග­තිය අඛ­ණ්ඩව විම­සනු පිණිස වාර්තා­ක­රණ යන්ත්‍ර­ණ­යක් සහි­තව මනාව ව්‍යූහ­ගත කරන ලද කාර්ය­සා­ධන ගොනු ආශ්‍රි­තව පාසල් පාදක සහ කර්මා­න්ත­ශාලා පාදක වූ සම්භ­වන තක්සේ­රු­ක­රණ ක්‍රම­යක් ක්‍රියා­ත්මක කෙරෙන අතර, එය අව­සන් ඇග­යු­මට යොදා­ගැ­නීම සඳහා විධි­මත් පරිදි වාර්තා­ක­ර­ණය සිදු වේ.

දෙව­ස­රක අධ්‍යා­ප­නය අව­සා­නයේ 12 හා 13 ශ්‍රේණි­වල ප්‍රායෝ­ගික ඉගෙ­නු­මට අදා­ළව කර්මාන්ත ඇසු­රෙන් ලබා­ගත් වෘත්තීය පුහු­ණු­වේදී ලත් අත්දැ­කීම් මත ව්‍යාපෘති වාර්තා­වක් සකස් කිරීම සහ සම්පි­ණ්ඩිත ඇග­යී­ම­කට සිසුන් පෙනී සිටී­මට නිය­මිත අතර, කාර්ය­සා­ධන ගොනු ආශ්‍රිත සම්භ­වන තක්සේ­රු­ක­රණ වාර්තා සම්පි­ණ්ඩිත ඇග­යීම සමඟ ඒකා­බද්ධ කර සහ­ති­ක­ක­ර­ණ­යට යොමු කෙරේ.

වෘත්තීය විෂය ධාරා­වෙන් නිසි පරිදි සුදු­සු­කම් ලබන සිසුන්ට අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය විසින් උසස් වෘත්තීය අධ්‍යා­පන සහ­ති­කය ප්‍රදා­නය කෙරෙන අතර, වෘත්තීය නිපු­ණතා මට්ටම NVQ 4 මට්ටම ලබා­ගැ­නී­ම­ටද සිසුන් යොමු කරනු ඇත. වසර දෙක අව­සා­නයේ, රැකි­යා­ව­කට පිවි­සී­මට, ස්වයං රැකි­යා­වක නිරත වීමට හෝ තෘතී­යක අධ්‍යා­ප­නය හදාරා NVQ මට්ටම් ඔස්සේ උසස් වෘත්තීය සුදු­සු­කම් ලැබී­ම­ටද සිසුන්ට අව­ස්ථාව සැලසේ.

 

ආචාර්ය ටී. ඒ. ආර්. ජේ. ගුණ­සේ­කර අධ්‍යක්ෂ ජන­රාල් ජාතික අධ්‍යා­පන ආය­ත­නය

Comments