අප­රාධ අඩු වෙලා - විස­ඳීම් වැඩි වෙලා අපේ රට යහ­පත් රටක් බවට කෙමෙන් පත් වන ලකුණු | Page 2 | සිළුමිණ

අප­රාධ අඩු වෙලා - විස­ඳීම් වැඩි වෙලා අපේ රට යහ­පත් රටක් බවට කෙමෙන් පත් වන ලකුණු

 

ර්ථික සංව­ර්ධ­න­යට සම­ගා­මිව බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට හැකි නම් එකී රට සැම අතින්ම සංව­ර්ධිත රටක් බවට පත් වනු ඇත. එකී සංව­ර්ධන ඉල­ක්කය වෙත අපේ රට මේ වන විට ළං වෙමින් ඇත්තේ ඉතා ශීඝ්‍ර­යෙනි. දකුණු ආසි­යා­තික කලා­පයේ අඩු­වෙන්ම අප­රාධ දැන් සිදු වන්නේ අපේ රටේය. කොළඹ සහ ඒ අවට තදා­සන්න නගර කිහි­ප­යක් ආශ්‍රි­තව ක්‍රියා­ත්මක වන පාතා­ලයේ සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රු­වන් කිහි­ප­දෙ­නකු විසින් පතු­රු­වන ලබන භීෂ­ණය හැරුණු කොට දැන් අපේ රටේ අප­රාධ භීති­කා­වක් නැති තරම්ය. එකී සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රු­වන් කිහිප දෙනාගේ හැසි­රීම පවා අප­රා­ධ­වල ඉහළ වර්ධ­න­ය­කට බල­පෑ­මක් එල්ල කරන්නේ නැති තරම්ය. මෙවර ජනා­ධි­ප­ති­ව­රණ සම­යේදී එකී අප­රා­ධ­ක­රු­වන් ප්‍රධාන අපේ­ක්ෂ­ක­යන් වටා එක් වී මැති­ව­රණ භිෂ­ණ­යක් මව­ තැයි මුලින් අනු­මාන කළත් ප්‍රධාන අපේ­ක්ෂ­ක­යන් සියලු දෙනාම අප­රා­ධ­ක­රු­වන් ප්‍රති­කේ­ෂප කිරීම නිසා මෙවර ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී නිය­පො­ත්තක හානි­යක් වාර්තා නොවීය. ඉකුත් මැති­ව­ර­ණ­ව­ලදී නම් රටේ රජ කළේ අප­රා­ධ­ක­රු­වන්ය. මෙවර අප­රා­ධ­ක­රු­වන්ට සිදු වන්නේ සියලු දේශ­පා­ල­න­ඥ­යන් අප­රා­ධ­ක­රු­වන්ව ප්‍රති­ක්‍ෂේප කිරීම නිසාම මුලු­ගැන්වී සිටී­ම­ටය.

ජන­තා­වට අප­රාධ සදහා යම් බියක් ජනිත වන්නේ ඔවුන් ඒ අප­රාධ සිදු කරන බිහි­සුණු ක්‍රම නිසාය. එකී අප­රාධ ජන­මා­ධ්‍ය­යෙන් දිගින් දිග­ටම වාර්තා කිරීම් මඟින්ද ඒ බිය තීව්‍ර වනු ඇත. ඒ හැරුණු කොට සම­ස්ත­යක් ලෙස ගත් කල එදාට වඩා දැන් අපේ රටේ අප­රා­ධ­වල පැහැ­දිලි අඩු වීමක් පොලිස් සංඛ්‍යා දත්ත අධ්‍ය­ය­න­යේදී පෙනී යයි.

විවෘත ආර්ථි­කය මෙර­ටට හදු­න්වා­දී­මට පෙර 1975 වසරේ අපේ රටේ මිනිස් ඝාතන, මංකො­ල්ල­කෑම්, ස්ත්‍රී දූෂණ, පැහැර ගැනීම්, ගිනි තැබීම්, ඝාතන ප්‍රයත්න, බර­ප­තළ තුවාල කිරීම් වැනි දරුණු ගණයේ යැයි සැල­කෙන ග්‍රහණ අප­රාධ 62,548ක් රට තුළ සිදු වූ බවට වාර්තා වී තිබිණි. ඒ අතර ඇති මිනිස් ඝාතන ගණන පම­ණක් 996කි. ඝාතන ප්‍රයත්න ප්‍රමා­ණය 368කි. ඊට අම­ත­රව කොල්ල­කෑම් 5,041ක්ද, නිවෙස් බිඳ දේපොළ සොරා­ගැ­නීම් 13,252ක්ද, පැහැ­ර­ගැ­නීම් 123ක්ද, පහර දී බර­ප­තළ තුවාල කිරීම් 2,702ක්ද, කැපෙන ආයු­ධ­ව­ලින් පහ­ර­දීම් 7,230ක්ද ඇති බැව් සංඛ්‍යා දත්ත විශ්ලේ­ෂ­ණ­යේදී පෙනී යයි. එකී විශ්ලේ­ෂ­ණ­යේදී පෙනී යන වැද­ගත් කරු­ණක් වන්නේ දින­කට බර­ප­තළ ගණයේ අප­රාධ 171ක් එකල සිදු වූ බවය. එකල පැය­කට අප­රාධ 07ක් වත් රටේ සිදුව ඇතැ­යිද මෙහිදී පෙනී යන කරු­ණකි.

විවෘත ආර්ථි­කය හඳුන්වා දීමට පෙර තත්ත්වය එසේ වූවත් 1975න් වසර 10කට පසු -එනම්: 1985 වසර වන විට- එකී අප­රාධ සංඛ්‍යාව වාර්තා වන්නේ 51,489ක් ලෙසිනි. ඒ අනුව දින­කට සිදු වන අප­රාධ සංඛ්‍යාව 141කි. එය 1975 වසරේ පැවති තත්ත්ව­යට වඩා අඩු සංඛ්‍යා­වකි.

මේ තත්ත්වය 1995 වස­රේදී තවත් වෙන­ස­කට ලක් වන්නේ සංඛ්‍යා­ත්ම­කව අප­රාධ තර­මක වැඩි වීමක් පෙන්නුම් කර­මිනි. ඒ සංඛ්‍යාව 53,062කි. ඒ අනුව දින­කට සිදු වන අප­රාධ සංඛ්‍යාව 145කි.

රටේ අප­රා­ධ­වල හැසි­රීම 1975 වස­රින් පසු 1976ත් 1979ත් වසර අතර ගන්නේ ඉතා පහළ අග­යකි. මෙතෙක් ඉති­හා­සයේ අඩුම අප­රාධ සංඛ්‍යා­වක් වාර්තා වී ඇත්තේද එකී කාල­යේ­දීය. ඒ 1978 සහ 1979 යන වර්ෂ­ව­ලය. එහෙත් 2005 වස­රින් පසු වසර 8ක්ම එක දිගට රටේ අප­රා­ධ­වල හැසි­රීම වෙනත් වර්ෂ හා සැස­ඳී­මේදී ඇත්තේ තර­මක් ඉහළ අග­ය­කිනි. පොලිස් සංඛ්‍යා­ද­ත්ත­ව­ලට අනුව 2005 වසරේ අප­රාධ වාර්තා වී ඇත්තේ 59,391කි. එහෙත් 2015 වස­රින් පසු පෙන්නුම් කරන්නේ රටේ සමස්ත අප­රාධ සංඛ්‍යා­ත්ම­කව ඉතා පැහැ­දිලි ලෙස අඩු වීමකි. පැවති තත්ත්වය හා සාපේ­ක්ෂව සැස­ඳී­මේදී පෙනී යන්නේ 2015 වස­රින් පසු මේ වන විට සමස්ත අප­රාධ වාර්තා වීම් සිය­යට හත­ළි­කට වැඩි ප්‍රති­ශ­ත­ය­කින් අඩු වී ඇති බවයි.

එසේ රටේ සමස්ත අප­රාධ පැහැ­දිලි ලෙස අඩු වන විට ජන­තා­වට මරණ බියද පහව යමින් ඇත්තේ රටේ සිදු වන මිනිස් ඝාත­නද ඊට සම­ගා­මීව පතා පහළ අග­යක් ගන්නා බැවිනි. 1975 වස­රේදී 996ක් වූ මිනිස් ඝාතන ගණන 2009 වසර වන තුරුම පැවැ­තියේ දහසේ සීමාව ඉක්මවා ගොසිනි. 1999, 2000 සහ 2001 වස­ර­වල මිනිස් ඝාතන සංඛ්‍යාව පැව­තියේ දෙද­හසේ සීමා­වද ඉක්ම­ව­මිනි. යුද්ධ­මය කට­යු­තු­ව­ලදී සහ භීෂණ වක­වා­නු­වේදී සිදු වූ ඝාතන හැරුණු කොට ගෙවී ගිය දශක හත­රක කාලයේ වැඩි­යෙන්ම මිනිස් ඝාතන සිදු වූ කාල­ව­ක­වා­නුව ලෙස සැල­කෙන්නේ එම වර්ෂ තුනය. ඒ අත­රින්ද ඉහ­ළම මිනිස් ඝාතන සංඛ්‍යා­වක් වාර්තා වන්නේ 2000 වස­රේ­දීය. ඒ සංඛ්‍යාව 2,207කි.

මේ තත්ත්වය දැන් කණ­පිට පෙරළී හමා­රය. 2018 වසරේ අප­රාධ සංඛ්‍යා දත්ත­ව­ලට අනුව රටේ සිදුව ඇති සමස්ත මිනිස් ඝාතන ගණන 489කි. 2017 වසරේ ඒ සංඛ්‍යාව 486කි. 2016 වසරේ එය වාර්තා වන්නේ 530ක් වශ­යෙනි. මේ ආකා­ර­යට රටේ සිදු වන මිනිස් ඝාතන ඇතුළු විවි­ධා­කාර අප­රාධ සංඛ්‍යා­ත්ම­කව අඩු වන විට ගොඩ­නැ­ඟෙන්නේ බියෙන් සැකෙන් තොර සමා­ජ­යකි. මේ වන විට රටේ ගොඩ­නැ­ඟෙ­මින් ඇත්තේ ඒ සමා­ජ­යයි.

පොලිස් සංඛ්‍යා දත්ත විශ්ලේ­ෂ­ණ­යේදී පෙනී යන සුවි­ශේෂ කරු­ණක් වන්නේ 2010 වර්ෂ­යට පෙර වැඩිම මිනිස් ඝාතන සංඛ්‍යා­වක් සිදු වූයේ උතුරු සහ නැඟෙ­න­හිර පළාත් ආශ්‍රි­තව බවයි. රටේ සිදු වූ සමස්ත මිනිස් ඝාත­න­ව­ලින් සිය­යට 40ත්-50ත් අතර ප්‍රමා­ණ­යක් සිදු වූයේ උතුරු සහ නැඟෙ­න­හිර පළාත් ආශ්‍රි­ත­වය. 2006 වසරේ ඒ සංඛ්‍යාව 50%ද ඉක්මවා තිබිණි.

එහෙත් දැන් වැඩි­යෙන්ම මිනිස් ඝාතන සිදු වන්නේ බස්නා­හිර සහ වයඹ පළාත් ආශ්‍රි­ත­වය. බස්නා­හිර පළාතේ ගම්පහ දිස්ත්‍රි­ක්ක­යෙ­හිද, වයඹ පළාතේ පුත්ත­ලම දිස්ත්‍රි­ක්ක­යෙ­හිද මේ වන විට සංඛ්‍යා­ත්ම­කව මිනිස් ඝාත­න­වල වැඩි වීමක් දක්නට ඇත. ඒ සෙසු දිස්ත්‍රි­ක්ක­ව­ලට සාපේ­ක්ෂ­වය. සම­ස්ත­යක් ලෙස ගත් කල සෙසු පළාත් හා සාපේ­ක්ෂව සැස­ඳී­මේදී මේ පළාත් දෙකෙ­හිද මිනිස් ඝාතන ඇත්තේ පෙර වර්ෂ­ව­ලට වඩා ක්‍රමික අඩු වීමකි.

ගෙවී ගිය දශ­කයේ රටේ වූ සමස්ත මිනිස් ඝාතන සිදුව ඇති රටාව අධ්‍ය­ය­නය කිරී­මේදී ඉතා පැහැ­දි­ලි­වම හෙළි වන කරු­ණක් වන්නේ වැඩි­යෙන්ම ඝාත­න­යට ලක්ව ඇත්තේ රැකියා විර­හි­ත­යන් බවයි. ඒ සංඛ්‍යාව 2,252කි. ඊට පසු වැඩි­යෙන්ම ඝාත­නය වී ඇත්තේ ධීවර, සත්ත්ව පාලන, කෘෂි­ක­ර්මා­න්තයේ නිරත වූවෝය. ඒ ගණන 1,326කි. වැඩි­යෙන්ම ඝාත­නය වන වෘත්ති­ක­යන් වන්නේ රටේ නිෂ්පා­දන ක්‍රියා­ව­ලීන්ට සම්බන්ධ වෘත්තී­න්වල නිරත වන්නෝය. ඒ සංඛ්‍යාව 749කි. අන­තු­රුව වැඩි­යෙන්ම ඝාත­න­යට ලක්ව ඇත්තේ යුද හමුදා සාමා­ජි­ක­යෝය. ඒ සංඛ්‍යාව 618කි. ඊට අම­ත­රව නාවික හමු­දාවේ 45 දෙන­කුද, ගුවන් හමු­දාවේ 36 දෙන­කුද, පොලි­සියේ 195 දෙන­කුද ගෙවී ගිය දශ­ක­යේදී ඝාත­නය වී තිබේ. පෞද්ග­ලික ආර­ක්ෂක අංශ­ව­ලට සම්බන්ධ වූවන් 179 දෙන­කුද මේ කාල­යේදී ඝාත­නය වී ඇතැයි සංඛ්‍යා දත්ත විශ්ලේ­ෂ­ණ­යේදී පෙනී යයි.

එකී සංඛ්‍යා දත්ත­ව­ලට අනුව කාර්මික ක්ෂේත්‍ර­වල සේවයේ නිර­තව සිටි­න්නන් 242 දෙ‍නකුද, වෙළෙඳ සේව­ක­යන් 488 දෙන­කුද, පවි­ත්‍රතා වැනි සේවා සප­ය­න්නන් 214 දෙන­කුද, විවිධ විශ්‍රා­මි­ක­යන් 177 දෙන­කුද, ශිෂ්‍ය­යන් 219 දෙන­කුද ගෙවී ගිය දශ­ක­යේදී ඝාත­නය වී තිබේ.

මේ කාලය තුළ අඩු­වෙන්ම ඝාත­නය වී ඇත්තේ දේශ­පා­ල­ක­යෝය. ඒ ගණන 35කි. පරි­පා­ලන සහ විධා­යක නිල­ධා­රීන් ඊට පසු අඩු­වෙන්ම ඝාත­නය වී තිබේ. එම ගණන 56කි. ලිපි­ක­රු­වන් සහ ඒ ආශ්‍රිත රැකි­යා­ව­න්වල නිර­තව සිටි­න්නෝද අඩු­වෙන්ම ඝාත­නය වන වෘත්ති­ක­යන් අතර සිටිති. ගෙවී ගිය දස­කයේ එකී වෘත්ති­ක­යන් ඝාත­නය වී ඇත්තේ 92 දෙදෙ­නෙක් පමණි.

මේ කාලය තුළ වැඩිම මිනිස් ඝාතන සංඛ්‍යා­වක් සිදුව ඇත්තේ වෙඩි තැබී­ම්ව­ලිනි. ඒ ගණන 2366කි. ඝාතන 1269ක්ම කර ඇත්තේ ටී-56 වැනි ස්වයං­කීය ගිනි අවි­ව­ලින් වෙඩි තබාය. පිස්තෝ­ල­ව­ලින් වෙඩි තබා කර ඇති ඝාතන ගණන 673කි. ඊට අම­ත­රව උල් පිහි­ව­ල­පින් ඇන පුද්ගල ඝාතන 1258ක්ද, වෙනත් කැපෙන ආයු­ධ­ව­ලින් පහර දී ඝාතන 1,929ක්ද, පොලු­ව­ලින් පහ­රදී ඝාතන 1,104ක්ද මොට ආයු­ධ­ව­ලින් පහ­රදී ඝාතන 746ක්ද ගෙවී ගිය දස­කය තුළ සිදු වී තිබේ.

එකී සංඛ්‍යා දත්ත­යන්ට අනුව මේ කාලය තුළ අඩුම මිනිස් ඝාතන ගණ­නක් සිදුව ඇත්තේ බඳින තුව­ක්කු­ව­ලිනි. ඒ ගණන 91කි. ඊට අම­ත­රව පිලි­ස්සු­ම්කා­රක මඟින් ඝාතන 243ක්ද, පහර දී කළ ඝාතන 586ක්ද බෝම්බ ඇතුළු පුපු­රන ද්‍රව්‍ය­යොදා ගනි­මින් කළ මිනිස් ඝාතන 405ක්ද වේ.

මේ කාලය තුළ අඩු­වෙන්ම මිනිස් ඝාතන සිදුව ඇත්තේ කුල භේද මුල් කර­ග­නි­මිනි. කුල භේද හේතු­වෙන් මෙකී දස­කය තුළම ඝාත­නය වී ඇත්තේ එක් පුද්ග­ල­යෙක් පමණි. ඒ 2014 වස­රේ­දීය. ආග­මික ගැටුම් මුල් කර­ග­නි­මින්ද 2011 වස­රේදී දෙදෙ­නකු මිය­ගොස් ඇති අතර, ජාති­භේද හේතු­වෙන් තිදෙ­නකු මේ කාලයේ මිය­ගොස් තිබේ.

ජාති ආගම් කුල භේද­ව­ලට අම­ත­රව අඩු­වෙන්ම ඝාතන සිදුව ඇත්තේ ඊර්ෂ­යාව හේතු­වෙනි. ඒ ගණන 9කි. එසේම වැඩිම මිනිස් ඝාතන සංඛ්‍යා­ව­කට මුල් වී ඇත්තේ කාල­යක් තිස්සේ පව­තින කෝන්ත­ර­යන්ය. කොන්තර හේතු­වෙන් ඝාත­නය වූවන්ගේ ගණන 1,460කි. ඊළ­ඟට වැඩි­යෙන්ම ඝාතන සිදුව ඇත්තේ හදිසි කෝපය නිසාය. ඒ සංඛ්‍යාව 1,071කි. පවුල් ආර­වුල් හේතු­වෙන්ද අපේ රටේ සැල­කිය යුතු ඝාතන ගණ­නක් සිදු වන බව සංඛ්‍යා දත්ත­යන් විශ්ලේ­ෂ­ණ­යේදී පෙනී යයි. ගෙවී ගිය දස­කය තුළ පවුල් ආර­වුල් මුල් කර­ග­නි­මින් සිදු වුණු ඝාතන ගණන 1,003කි.

ගෙවී ගිය දස­කය තුළ සිදුව ඇති ඝාතන 6,109න් ඝාතන 13ක්ම වාර්තා වී ඇත්තේ සාධා­රණ හේතූන් මත සිදුවූ ඝාතන ලෙසිනි. ත්‍රිකෝ­ණ­මි­තික ප්‍රේම සම්බ­න්ධතා මුල් කර­ග­නි­මින් ඇති වන ඝාතන ගණන 172කි. දූෂ­ණය කර කාන්තා­වන් ඝාත­නය කිරීම් 132ක්ද ළමා ඝාතන 136ක්ද මේ කාලය තුළ සිදුව ඇත. කොල්ල­කෑම් අතර තුර සිදුවූ ඝාතන ගණන සට­හන් වන්නේ 306ක් ලෙසිනි. එසේම බීම­ත්කම නිසා ඝාතන 247ක්ද මත්ද්‍රව්‍ය මුල් කර­ග­නි­මින් ඝාතන 45ක්ද සිදුව තිබේ.

පොලිස් සංඛ්‍යා ලේඛන විශ්ලේ­ෂ­ණ­යේදී පෙනී යන තවත් සුවි­ශේෂ කරු­ණක් වන්නේ ඝාත­ක­යන් 117 දෙනකු ගෙවී ගිය දස­කය තුළ සිය­දිවි හානි කර­ගෙන ඇති බවයි. එසේම ඝාත­ක­යන් 59 දෙනකු හදිසි අන­තු­රු­ව­ලින් මිය ගොස් ඇති අතර, 31 දෙනකු උන්ම­න්ත­ක­යන් බවට පත්ව ඇත.

මිනිස් ඝාත­ක­යන්ට අධි­ක­ර­ණ­යෙන් හිමි වන දඬු­ව­ම්ව­ලට අම­ත­රව මේ ආකා­ර­යට ස්වභා­ව­ධ­ර්ම­යෙන්ද දඬු­වම් හිමි වන විට අපේ රටේ මිනිස් ඝාතන මෙන්ම සෙසු අප­රාධ විස­ඳීමේ ප්‍රති­ශ­ත­යද මේ වන විට 80%කටත් වඩා ඉහළ ගොස් හමා­රය. ඒ අප­රා­ධ­ක­රු­වන්ට අප­රා­ධ­යක් කර දැන් සැඟව සිටි­න්නට ඉඩක් නැති බව පසක් කර­මිනි.

Comments