ප්‍රදීප් බුලත්සිංහලගේ කුළුඳුල් සිනමාපටය ‘සකී’ මුහුරත් උලෙළ දා | සිළුමිණ

ප්‍රදීප් බුලත්සිංහලගේ කුළුඳුල් සිනමාපටය ‘සකී’ මුහුරත් උලෙළ දා

සම්මානනීය කැමරා අධ්‍යක්ෂ ප්‍රදීප් බුලත්සිංහලගේ ප්‍රථම සිනමාගමනය ‘සකී’ චිත්‍රපටයේ මුහුරත් උලෙළ පසුගියදා වැල්ලවත්තේ සැෆයාර් හෝටලයේදී පැවැත්විණි. ටෙලි නාට්‍ය ගණනාවක කැමරා අධ්‍යක්ෂණයෙන් දායක වූ ප්‍රදීප් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපට‍යේ නිෂ්පාදනය රුවන් කේ. ලියනපතිරණගෙනි. අමරසිරි පීරිස් සහ උරේෂා රවිහාරි ගායන කරන මෙම චිත්‍රපටයේ එකම ගීතයේ පද රචනයද රුවන් ගෙනි. මෙම උත්සව අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් පැමිණ සිටියහ.

ඕෂධී හේවාමද්දුමගේ කතා සංකල්පයකට ජනක මහල්වත්තේ තිර රචනයෙන් එක් වූ ‘සකී’ සිනමා පටයේ සනත් ගුණතිලක, දිල්හානි අශෝකමාලා, ඕෂධී හේවාමද්දුම, ගිරිරාජ් කෞශල්‍යය, මොරීන් චාරුණී, කුසුම් රේණු, නිලන්ති ඩයස්, තරුකා වන්නිආරච්චි, එෂිනි මින්දුලා ගුණසේකර, එස්.අයි. සමරක්කොඩි, නිර්මාණි කුලාංග සහ බුද්ධදාස විතානාච්චි ඇතුළු බො‍හෝ දෙනෙක් රංගනයෙන් දායක වෙති.

‘සකී’ චිත්‍රපටය master media 1 film production (pvt) Ltd.ඉදිරිපත් කිරීමකි.

සටහන සහ සේයාරූ

ටෙනිසන් එදිරිසිංහ

Comments