ආදරය... ජීවිතය... විවාහය... කුම්භ | සිළුමිණ

ආදරය... ජීවිතය... විවාහය... කුම්භ

කළයක් රැගත් කන්‍යාවකගේ චිත්‍රණයෙන් කුම්භ රාශිය නිරූපණය වේ. අජීවී භාණ්ඩයක් ලෙසද බැබිලෝනියානු ශිෂ්ටාචාරයේදී උත්තම ගණයට අයත් ලෝකෝත්තර රාශියක් ලෙස ද හැඳින්විණි.

මවු කුසේ සිටම ඉතාම සියුම් බුද්ධි පරාසයක් නතු කොටගෙන මෙලොව උපත ලබා කුම්භ රාශිය දායාද වේ. කුම්භ ලග්න හිමියා සුවිශේෂි දක්ෂතා ඇති දෙලොවම ජය ගන්නා පුද්ගල සම්පතකි. ව්‍යාපාර කටයුතුවලට දක්ෂ වූවත් පාරා ලෞකිකමය හැඟීම් බහුල නිසා මූල්‍ය පැත්තේ අඩුවක් සිදුවේ. දුටු පමණින්ම කෙනෙකු ඉවෙන් හඳුනා ගැනීමේ සහජ දැනුම් සම්භාරයකින් හෙබිය.

සෑම ක්‍රියාවකදීම මැනවින් සිතා බලන ක්‍රමවේදයකින් ද සන්නද්දය. අන්‍ය මානුෂික හදවත් මැනවින් ග්‍රහණය කරගනී. මනෝ විද්‍යාවට නැඹුරු වේ. ජ්‍යොතිෂය, ගුප්ත විද්‍යාව හා වෙදකමේ සහජ පිහිටීමක්ද ඇත්තේය. වංචාකරුවන් වහා පිටු දකී. ආත්ම ගෞරවය රැක ගනී. අන්‍යයන්ගේ ධනය බලයෙන් නොගනී. මුදලට වහල් නොවේ. වරෙක ඔහු යෝගී වරයෙක්ද වනු ඇත. මූලික තර්ක විද්‍යාව, ගීතය, වෛද්‍ය විද්‍යාව, භෞතික විද්‍යව, උද්භිත විද්‍යාව, කලා පර්යේෂණ අංශය වැනි දෑ මැනවින් ප්‍රගුණ කරන සුළුය. තනිව ගත කිරීමට කැමැතිය. හුදකලා පරිසරයට ප්‍රියකරන අතර වරෙක භාවනානුයෝගී ක්‍රමයන්ට ද බාහිරව නැඹුරු වන්නේය. යටි සිත රාගය තැවරී ඇත.

ලෞකික දිවිය නීරස බවද මැනවින් වටහා ගැනීම නිසා විවාහයේදී කුම්භ ලග්න හිමියාට මෙලොව ගැළපෙන අයෙකු තෝරා ගැනීම අනිවාර්යවේ. මහා ශ්‍රේෂ්ඨ චරිතයක් බව සනිටුහන් කරමු. තවද කුම්භ ලග්න හිමියන් ගැන ධනාත්මක පැතිකඩ හරහා කිවයුතු දේ අපමණය.

කුම්භ, මේෂ, සිංහ, ධනු, මිථුන, තුලා හිමියන් සමඟ පෙම් සබඳතා පවත්වාගෙන යාමට පහසු වේ.

කටක කන්‍යා මකර වෘෂභ මීන වෘශ්චික ලග්න හිමියන් සමඟ සබඳතා පැවැත්වීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු වේ. දාර්ශනික පැතිකඩ හරහා කරුණු ගවේෂණාත්මක කෝණයකින් බලන කුම්භ ලග්න හිමියා සමඟ සබඳතා ගොඩනගා ගැනීම තඹ නැතිව රත්‍රං නවා ගැනීමට නොහැකිවන සේ බැරෑරුම් කටයුත්තකි.

තපස් ගුණ සහිත වූවත් කුම්භ පිරිමියා ගුප්තමය රාගාන්විතයි. කාමයේ ඇති සියුම් තැන් ස්පර්ශ කරන්නෙකි. කපුටාගේ කුසගින්න වැනිය. විරුද්ධ ලිංගිකයා ආකර්ෂණය කර ගැනීම සුවිශේෂි උපක්‍රම භාවිත කරනු ඇත්තේ මිහිරි හා ව්‍යක්ත කතා ශෛලියෙනි. කෙසේ වෙතත් රසවතෙකි, පෙම්වතෙකි. ප්‍රබෝධවත් ලිංගිකව ආකර්ෂණීය සහකරුවෙකි.

මහා පෞරුෂයෙන් පිරිපුන් පිරිමින් කෙරෙහි කුම්භ ස්ත්‍රිහූ ආශක්ත වකි. දුබලයින් හෝ මුදුමොලොක් චරිත පිටු දකී. නම්‍යශීලිය. මනමෝහිනීය ඉරියව් ඇගෙන් පළ වේ.

 

කුම්භ + කුම්භ - ලග්නකරුවන් දෙදෙනාම සාමකාමී ප්‍රේමණීය විවාහ එකතුවකි. කායික මානසික ගැළපීම් සුබයි.

කුම්භ + මීන - ග්‍රහ ගැළපීම් අනුව යුග දිවියට පාතැබීම අගනේය.

කුම්භ + මේෂ - ගැළපීම් යහපත්ය. බිරිඳ කුම්භ නම් වඩාත් සුබයි.

කුම්භ + වෘෂභ - අන්‍යෝන්‍ය අවබෝධය අනිවාර්යය වේ.

කුම්භ + මිථුන - දෙදෙනාම එකිනෙකාට බැ‍ඳේ වශී වේ. යහපත් යුග දිවියක් ගෙවයි.

කුම්භ + කටක - ගැළපීම් දෙපැත්තෙන් ම සාමාන්‍ය‍ වේ. උසස් තලයේ නැත. ග්‍රහ ගැළපීම් මත විවාහ විය යුතුයි.

කුම්භ + සිංහ - ඉතාම සුබදායක වේ. දෙදෙනාම රස නිෂ්පත්තිය මැනවින් විඳිනු ඇත. සම්පත් ළඟාවේ.

කුම්භ + කන්‍යා - ගැළපීම් එතරම්ම සුබදායක නොවේ. ග්‍රහ ගැළපීම් යහපත් විය යුතුමය.

කුම්භ + තුලා - රාහි පිහිටීම යහපත්ය. ග්‍රහ ගැළපීම් ද අනිවාර්යය වේ.

කුම්භ + වෘශ්චික - කෙටි කාලයක් සබඳතා පවතී. සියුම් ලෙස දෙදෙනාම හඳුනාගැනී‍ම වැදගත්ය.

කුම්භ + ධනු - කායික ගැළපීම් සතුටුදායක වන අතර මානසික ගැළපීම් අවමයි. කෙසේ හෝ යුග දිවිය ගෙවයි.

කුම්භ + මකර - දෙහිඇට හැපෙන එක්වීමකි. පැති දෙකෙන්ම පීඩාවන්ට ගොදුරු විය හැක.

 

සුදු නිල් මැණික්, රතු කොරල් මැණික් - පුෂ්ප රාග කුම්භ ලග්න හිමියන්ට ශුභයි.

අන්තර්ජාතික තලයට පත් කුම්භ ලග්න හිමියෝ

චාල්ස් ඩාවින්, ඒබ්‍රහම් ලින්කන්, රොනල්ඩ් රේගන්, නෝමන් රොක්වෙල් වූහ.

Comments