ව්‍යාජ බුද්ධි වාර්තාව ගැන සීඅ­යිඩී පරී­ක්ෂණ | සිළුමිණ

ව්‍යාජ බුද්ධි වාර්තාව ගැන සීඅ­යිඩී පරී­ක්ෂණ

රාජ්‍ය බුද්ධි සේවය විසින් ජනා­ධි­ප­ති­ව­ර­ණය සම්බ­න්ධ­යෙන් සකස් කරන ලද බුද්ධි වාර්තා­වක් ලෙස හැඟ­වෙන ආකා­ර­යෙන් ව්‍යාජ ලිපි­යක් සමාජ මාධ්‍ය­වල සංස­ර­ණය වීම සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂ­ණ­යක් පව­ත්වන ලෙස පොලිස් මූල­ස්ථා­නය අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට දැනුම් දී තිබේ.

2019.11.05 දිනැ­තිව රාජ්‍ය බුද්ධි සේවය විසින් “ ජනා­ධි­ප­ති­ව­රයා වෙත පිළි­ග­න්වන විශේෂ රාජ්‍ය බුද්ධි වාර්තාව“ යන ශීර්ෂය යටතේ එම ව්‍යාජ ලිපිය සමාජ මාධ්‍ය ජාල මගින් ප්‍රසි­ද්ධ­කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී රුවන් ගුණ­සේ­කර මහතා පෙන්වා දෙයි.

එම ලිපි­යෙහි අපේ­ක්ෂ­ක­යන් විසින් ලබා­ගන්නා මනාප ප්‍රති­ශ­තය පවා සද­හන් කර තිබෙන අතර රුවන් ගුණ­සේ­කර මහතා සද­හන් කර­නුයේ එම ලිපි­යෙහි අඩංගු කරුණු අසත්‍ය බවය.

Comments