මහනුවර නව කාර්යාල දුම්රිය 25 වැනිදා සිට | සිළුමිණ

මහනුවර නව කාර්යාල දුම්රිය 25 වැනිදා සිට

සර 30කට ආසන්න කාල­ය­කට පසුව මහ­නු­වර හා කොළඹ කොටුව අතර නව කාර්යාල දුම්රි­යක් මේ මස 25 වැනිදා සිට ධාව­න­යට යෙද­වී­මට පිය­වර ගෙන ඇතැයි දුම්රිය නියෝජ්‍ය ගම­නා­ග­මන අධි­කාරි වී.එස්. පොල්ව­ත්තගේ මහතා සිළු­මි­ණට කීය.

ඒ අනුව අංක 38 දරන නව ශීඝ්‍ර­ගාමී දුම්රිය පෙර­වරු 4.35ට මහ­නු­ව­රින් පිටත්ව පෙර­වරු 7.16ට කොළඹ කොටු­වට ළඟා වන බවත් අංක 37 දරන ශීඝ්‍ර­ගාමී දුම්රිය පස්වරු 5.10ට කොළඹ කොටු­වෙන් ධාව­නය අරඹා මහ­නු­ව­රට පස්වරු 7.53ට ළඟා වන බවද පොල්ව­ත්තගේ මහතා පැව­සීය. මේ දුම්රිය කොළඹ කොටුව, මර­දාන, දෙම­ට­ගොඩ හා ඉන් පසුව රඹු­ක්කන දක්වා ශීඝ්‍ර­ගා­මීව ධාව­නය කෙරෙන අතර, එතැන් සිට මන්ද­ගා­මීව ධාව­නය කෙරේ. පැමි­ණී­මේ­දීද ඒ අයු­රින්ම දුම්රිය නව­ත්වනු ලබයි. මේ දුම්රිය යෙද­වී­මත් සමඟ කොළඹ කොටු­වෙන් පෙර­වරු 6.00ට මහ­නු­වර/ බදුල්ල බලා ධාව­නය වූ අංක 1005 පොඩි මැණිකේ දුම්රිය පෙර­වරු 6.15ට ගමන් අර­ඹන අතර, කොළ­ඹින් සිකු­රාදා පම­ණක් ධාව­නය වන මහ­නු­වර වායු සම­නය කළ දුම්රිය පස්වරු 5.35ට ධාව­නය කෙරේ. නව දුම්රියේ වායු­ස­ම­නය කළ මැදි­රි­යක්ද යොදවා ඇති අතර, එහි ආසන වෙන් කර­ගැ­නීමේ පහු­ස­කම්ද සලසා ඇත.

Comments