පිටි මිල වැඩි කතාව බොරු­වක්! | සිළුමිණ

පිටි මිල වැඩි කතාව බොරු­වක්!

වෙළෙ­ඳ­පොළේ තිරිඟු පිටි මිල වැඩි කර ඇතැයි ඇතැම් විද්යුත් මාධ්‍ය ඔස්සේ පළ වන වාර්තා අසත්‍ය බව ප්‍රීමා සිලෝන් ප්‍රයි­වට් ලිමි­ටඩ් සමා­ගමේ සමූහ සාමා­න්‍යා­ධි­කාරි ටැන් බෙන් චුවාන් මහතා තමා වෙත දුර­ක­ත­න­යෙන් දැනුම් දුන්නේ යැයි  ආර්ථික ප්‍රති­සං­ස්ක­රණ සහ පොදු සැප­යීම් අමා­ත්‍යාං­ශයේ ලේකම් චාන්දනී විජ­ය­ව­ර්ධන මහ­ත්මිය නිවේ­ද­න­යක් නිකුත් කර­මින් කියා සිටී. මේ සම්බ­න්ධ­යෙන් මුදල් අමා­ත්‍යාං­ශ­යෙන් නිකුත් කළ නිවේ­ද­න­යක දැක්වෙ­න්නේද පිටි මිල වැඩි කිරීම සඳහා කැබි­නට් මණ්ඩ­ලය විසින් පත් කරනා ලද ජීවන විය­දම් කමි­ටුවේ නිර්දේශ අවශ්‍ය බවයි. එමෙන්ම පාරි­භෝ­ගික අධි­කා­රියේ නිර්දේ­ශ­යද අවශ්‍ය බව එහි දක්වා ඇත.

Comments