දුම්රිය 51,000ක් ප්‍රමාද කළ ‘කොක්ක’ ගැසීම | සිළුමිණ

දුම්රිය 51,000ක් ප්‍රමාද කළ ‘කොක්ක’ ගැසීම

දුම්රිය ධාව­නය විධි­මත් කිරී­මට පසු­ගිය වසර කිහි­ප­යක සිට රජ­යෙන් විශාල ධන­ස්ක­න්ධ­යක් වැය කරන ලදි. ඒ විශේ­ෂ­යෙන්ම නව දුම්රිය මැදිරි එන්ජින් හා බල­වේග දුම්රිය ගෙන්වීම පිණි­සය. එසේම දුම්රිය මාර්ග හා සංඥා පද්ධ­තිය නවී­ක­ර­ණය කිරීම උදෙ­සාද විශාල මුද­ලක් මේ වන විට වෙන් කර ඇත. චීන­යෙන් එස්-9 බල­වේග දුම්රිය මිල දී ගත් මිල­ටම එස්-10 බල­වේග දුම්රිය මිල දී ගැනී­ම­ටද පසු­ගිය රජය සමත් විය. එසේම එස්-11 බල­වේග කට්ටල ඉන්දි­යා­වෙන් ආන­ය­නය කිරී­මත්, චීන­යෙන් එස්-12 බල­වේග කට්ටල උඩ­රට මාර්ග­යට ආන­ය­නය කිරී­මත් මේ සංව­ර්ධ­නයේ තවත් පිය­වර කිහි­ප­යකි. මේ වන විට දුර ධාව­න­ය­ටම නිෂ්පා­ද­නය කළ එස්-13 බල­වේග කට්ටල 12ක් ඉන්දි­යා­වෙන් ගෙන්වා ඇති අතර, චීන­යෙන් උඩ­රට මාර්ගය වෙනු­වෙන් එස්-14 බල­වේග දුම්රිය ගෙන්ව­මින් තිබේ. ඊට අම­ත­රව ඉන්දි­යා­වෙන් එම්-11 පන්තියේ නව අධි­බල දුම්රිය එන්ජින් හා තෙල් ප්‍රවා­හන ගැල් හා කන්ටේ­නර් ප්‍රවා­හ­න­යට අවශ්‍ය කන්ටේ­නර් ගැල්ද ආන­ය­නය කර ඇත.

බ්‍රසී­ල­යෙන් (ඇම­රි­කානු සමා­ගම් විසින් නිෂ්පා­දිත) දුම්රිය එන්ජින් හා මැලේ­සි­යා­වෙන් දුම්රිය මැදිරි 75ක්ද ඉන්දි­යා­වෙන් දුම්රිය මැදිරි 160ක්ද ගෙන්වී­මට පිය­වර ගෙන තිබේ.

අප මේ පැව­සුවේ දුම්රියේ දියු­ණු­වට ගෙන ඇති පිය­වර වන අතර, මේ වන විට ආසි­යානු බැංකු මූල්‍යා­ධාර යටතේ කොළඹ හා තදා­සන්න දුම්රිය මාර්ගය හා මහ­නු­වර කේන්ද්‍ර කර­ගත් දුම්රිය මාර්ගය නවී­ක­ර­ණය කර විධි­මත් දුම්රිය ධාව­න­යට පිය­වර ගෙන ඇත.

මේ බිලි­යන ගණ­නක් වන ආයෝ­ජ­න­යන් සියල්ල සිදු කරන්නේ රටේ ජන­තා­වට කඩි­නම් ප්‍රවා­හ­න­යක් ලබා දීම වෙනු­වෙනි. එහෙත් ඒ ආයෝ­ජ­නය කොත­රම් ඵල­දා­යක වීද යන්න ගැනද අපට දැන් සිතී­මට සිදුව ඇත. ඒ අපට දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව පැත්තෙන්ම අසන්න දකි­න්නට ලැබෙන තොර­තුරු වාර්තා වන තොර­තුරු නිසාය.

පසු­ගිය 2018 වසර තුළ ධාව­නය සඳහා නිය­මිත වූ මඟී දුම්රිය සංඛ්‍යාව 1,21,473කි. එයින් ධාව­නය කර ඇත්තේ මඟී දුම්රිය 1,17,189 ක් පම­ණකි. ඒ අනුව මගී දුම්රිය 4,284ක්ම අව­ලංගු කර තිබේ.

ඒ අනුව පසු­ගිය 2018 වසරේ පම­ණක් දුම්රිය 4,284ක් අව­ලංගු වී තිබෙන අතර, දුම්රිය 50,997ක් ප්‍රමාද වී ධාව­නය වී ඇත. එය සාමාන්‍ය වශ­යෙන් ගත් කල දින­කට දුම්රිය 12ක පමණ අව­ලංගු වීමකි.

ප්‍රමාද වූ දුම්රිය සාමාන්‍ය වශ­යෙන් ගත් කල දින­කට දුම්රිය 140ක්ම ප්‍රමාද වී ධාව­නය කෙරේ. ඒ ප්‍රමා­ද­යන් ගණ­නය කර ඇත්තේද විනාඩි 11ක් හෝ වැඩි­යෙන් ප්‍රමාද වූ ඒවා පම­ණක් සැල­කි­ල්ලට ගනි­මිනි. එසේ නොවූයේ නම් මේ සංඛ්‍යාව අති­වි­ශාල ලෙස ඉහළ යන්නට තිබිණි.

ධාව­නය කළ දුම්රිය අතු­රින් නිය­මිත වේලා­වට ධාව­නය කර ඇත්තේ මගී දුම්රිය 66,192ක් පම­ණකි. ඒ අනුව නිය­මිත වේලා­වට ධාව­නය කරන ලද දුම්රිය ප්‍රති­ශ­තය 56%ක් පමණි. ඒ වසරේ ධාව­නය වූ මඟී දුම්රිය සංඛ්‍යා­වෙන් 44%ක් හෙවත් 50,997ක්ම ධාව­නය කර ඇත්තේ ප්‍රමාද වූ දුම්රිය ලෙසය (විනාඩි 11ක් හෝ වැඩි­යෙන් ප්‍රමාද වීම්)

ප්‍රමාද වූ කාල­සීමා සලකා බලන කල මිනිත්තු 11-30 දක්වා ප්‍රමාද වූ මගී දුම්රිය සංඛ්‍යාව 34,386ක් වන අතර, මිනිත්තු 31-60 දක්වා ප්‍රමාද වී ඇති මගී දුම්රිය සංඛ්‍යාව 11,573කි. මේ අතර මඟී දුම්රිය 5,038ක් ධාව­නය වී ඇත්තේ මිනිත්තු 60කටත් වඩා -එනම් පැය­කට අධික කාල­යක්- ප්‍රමාද වීමෙනි.

එසේම 2018 වසරේ සැල­සුම් කර තිබූ භාණ්ඩ දුම්රිය 8,911ක් අතු­රින් ධාව­නය කර ඇත්තේ භාණ්ඩ දුම්රිය 6,845ක් පමණි. එනම් ධාව­නය කර ඇත්තේ 76%ක ප්‍රමා­ණ­යකි. 24%ක් අව­ලංගු කර ඇත.

මෙයින් අපේ දුම්රිය සේවාව පත්ව ඇති තත්ත්වය තේරුම් ගැනීම අප­හසු නොවනු ඇත.

ඒ අනුව බලන කල අපේ දුම්රිය සේවා­වට අලු­තින් දුම්රිය එක් වුවද ඒවා කලට වෙලා­වට ධාව­නය කර­ගැ­න්මට නොහැකි නම් ඇති වන ගැට­ලුව කුමක්ද යන්න විමසා බැලිය යුතුය.

දුම්රිය කලට වේලා­වට ධාව­නය කළ නොහැකි ප්‍රධාන හේතු 6ක් ප්‍රවා­හන විශේ­ෂ­ඥ­යන් පෙන්වා දී ඇත. එයින් පළ­මු­වැන්න දුම්රියේ හට ගන්නා තාක්ෂ­ණික දෝෂයි. දෙවැන්න දුම්රිය මාර්ගයේ පවත්වා දෝෂයි. තුන්වැන්න වන්නේ දුම්රිය සංඥා දෝෂයි. සිවු­වැන්න දුම්රිය කාල සට­හනේ දෝෂයි. දුම්රිය රියැ­දුරු/ නියා­මක/ පාලක/ දුම්රිය ස්ථානා­ධි­ප­ති­ව­රුන් ඇතුළු සේවක නොසැ­ල­කි­ලි­ම­ත්කම් හා වැරැදි දෝෂ පස්වැ­න්නයි. සවැන්න දුම්රිය සේවක හිඟ­යයි. මෙහි කරු­මය වන්නේ මේ ප්‍රමා­ද­ය­න්ගෙන් 40%කට වඩා ප්‍රමාද වාර්තා වන්නේ පස්වැනි කරුණ හෙවත් සේවක නොසැ­ල­කි­ලි­ම­ත්කම් හා වැරැදි නිසා වීමයි.

ඒ සියල්ල වළ­ක්වා­ගත හැකි හේතු බවට මේ වන විටත් අනා­ව­ර­ණය වී ඇත. අපි හිටපු දුම්රිය සාමා­න්‍යා­ධි­කා­රි­ව­රුන් කිහිප දෙනකු සමඟ මේ පිළි­බඳ කතා කළෙමු. ඔවුන් පව­ස­න්නේද දුම්රිය ප්‍රමා­ද­යන් අතු­රින් වැඩි ප්‍රමා­ණ­යක් වළ­ක්වා­ගත හැකි බවයි. දුම්රිය මාර්ගයේ හා සංඥා­වල දෝෂ එක්ව­රම අපට වෙනස් කිරීම හෝ වැළැ­ක්වීම කළ නොහැ­කිය. එසේම දුම්රිය තාක්ෂණ දෝෂද අපට එක්ව­රම වැළැ­ක්විය හැකි නොවේ.

එහෙත් වැළැ­ක්විය හැකි සේව­ක­යන්ගේ ප්‍රමාද අප තව දුර­ටත් සිදු වන්නට ඉඩ හරි­නවා නම් අපට දුම්රියේ පමාව වැළැ­ක්වීම සිහි­න­යක් වනු ඇත.

එසේම ඇතැම් දුම්රිය රියැ­දු­රන් හා නියා­ම­ක­ව­රුන් ස්වල්ප දෙනකු හිතා-මතාම දුම්රිය පමා කිරී­මද මෙහිලා පැව­සිය යුතු අවා­ස­නා­වන්ත සිදු­වී­මකි. ඒ පමා කිරීම් කරන්නේ අති­කාල වෙනු­වෙනි.

දුම්රිය රියැ­දුරු හා නියා­ම­ක­ව­රුන්ගේ සේවා­වල අති­කාල ක්‍රම­වේ­දය රඳා පව­තින්නේ ගම­නා­රම්භ හා ගම­නාන්ත සේවා­වල වේලා­වන් හා යළි ගම­නා­රම්භ කරනු ලබන වේලා­වන් අනු­වය.

එහිද ගම­නා­න්තයේ නවා­තැන් ගන්නා ස්ථානය අනුව එහි ක්‍රම­වේ­ද­යද වෙනස් වේ. උදා­හ­ර­ණ­යක් ලෙස: කොළඹ කොටුවේ සිට අනු­රා­ධ­පු­රය දක්වා ගමන් ගන්නා රියැ­දු­රන් රාත්‍රිය හෝ දිවා කාලය ගත කරන්නේ නවා­තැන් බංග­ලා­ව­කය.

එහි නිඳා­ගැ­නී­මට අවශ්‍ය පහ­සු­ක­ම්ව­ලට අම­ත­රව අවශ්‍ය විටෙක තේ පානය කර­ගැ­න්මට මෙන්ම ආහාර පිස දීමට අර­ක්කැ­මි­යෙක්ද සිටී. එවිට ඒ ගම­නා­න්තයේ පැය 9ක කාල­ය­කට පසු ඔහු යළි කොළඹ බලා ගමන් අර­ඹයි නම් ඔහුට එක දිගට අති­කාල හිමි නොවේ.

තමන් සේවය ආරම්භ කළ මොහොතේ සිට විවේක ගන්නා වේලා­ව­ල­ටද අති­කාල හිමි වන්නේ සේවා මුරය අව­සන්ව පැය 9කට විනා­ඩි­යක් හෝ පෙර යළි සේව­යට වාර්තා කළ හොත් පමණි.

එසේම පොල්ග­හ­වෙල, කුරු­ණෑ­ගල වැනි දුම්රිය ගම­නා­න්ත­වල එවැනි නවා­තැන් බංගලා නැත; ඇත්තේ නිඳා­ගත හැකි පහ­සු­කම් ඇති විවේ­කා­ගාර පමණි. එවන් ගම­නා­න්ත­ය­කට ළඟා වූ විට ආපසු ගම­නා­රම්භ කරන වේලාව පැය 9ට අඩු වුවත් වැඩි වුවත් කොළ­ඹින් ගම­නා­රම්භ කළ මොහොතේ පටන්ම එක දිග­ටම අති­කාල හිමි වේ.

ඒ තත්ත්වය ප්‍රයෝ­ජ­න­යට ගන්නා ඇතැම් රියැ­දු­රන් සිදු කරන්නේ එක දිග­ටම අති­කාල ගැනීම උදෙසා කොළ­ඹින් ගමන් ආරම්භ කරන දුම්රිය අත­ර­මඟ බඩ ගාමින් ප්‍රමාද කර, තමන් පසු දින සේව­යට පැමි­ණිය යුතු වේලාව පැය 9ට අඩු වේලා­වක් දක්වා සකස් කර­ගැ­නී­මයි.

දුම්රිය භාෂා­වෙන් එය හඳු­න්වන්නේ ‘කොක්ක’ කියාය. ‘කොක්ක ගැහුවා’ යන්න දුම්රියේ සියලු දෙනා පම­ණක් නොව මේ වන විට දුම්රිය ගැන දන්නා මඟීන්ද හොඳා­කා­ර­වම දන්නකි.

මේ කොක්ක ගසන හොඳම දුම්රිය දෙකක් ගැන දුම්රිය නිල­ධා­රීන් අතර නිතර කතා-බහට ලක් වේ.

එයින් පළමු දුම්රිය කොළඹ කොටුව සිට වවු­නි­යාව දක්වා ධාව­නය වූ අංක 4003 නග­රා­න්තර දුම්රි­යයි (එය දැන් යාප­නය දක්වා ධාව­නය කෙරේ).

ඒ දුම්රියේ ගමන් ගන්නා ඇතැම් රියැ­දුරෝ කොළඹ සිට අනු­රා­ධ­පු­රය දක්වා යන්නට පැය 5 ½ක් වේලාව ගත කරති. ඒ රියැ­දුරා විසින්ම පසු දින එම දුම්රි­යම එම එන්ජි­මම සහි­තව එම මාර්ග­යේම පැය 4ක් පමණ කාල­ය­කදී කොළ­ඹට ගෙනෙනු ලැබේ. මේ තිරි­සන් ක්‍රියාව සිදු කළ ගණේ­මුල්ල ප්‍රදේ­ශයේ රියැ­දු­රකු සම්බ­න්ධ­යෙන් ලද පැමි­ණි­ල්ලක් මත කාල­යක් ඔහුට ඒ දුම්රියේ ධාවන කට­යුතු පවා අත්හි­ටු­වන ලදි.

එමෙන්ම කාර්යාල මඟීන් නොද­න්නවා වුවත්, කොළ­ඹින් පස්වරු 4.35ට මහ­නු­වර බලා ධාව­නය වන අංක 1035 සෙංක­ඩ­ගල මැණිකේ දුම්රි­ය­ටද මේ අවා­ස­නා­වන්ත ඉර­ණ­මට මුහුණ දෙන්නට සිදුව තිබේ.

මේ පෙන්වා දුන්නේ උදා­හ­රණ දෙකක් පමණි. මෙවන් කොකු ගස­න්නන් ඕනෑ තරම් අපේ දුම්රියේ දක්නට ඇත. ඒ තත්ත්වය මත දුම්රිය පමාව සිදු වන්නාක් මෙන්ම ඒ තත්ත්ව­යට විස­ඳුම් දෙන්නට දුම්රිය ගම­නා­ග­මන අංශ­යෙන් පිය­වර ගෙන නැත.

එමෙන්ම දුම්රිය ස්ථානා­ධි­ප­ති­ව­රුන් හා පාලක මැදි­රි­යෙන්ද හිතා-මතාම හෝ නොසැ­ල­කි­ලි­ම­ත්ක­මින් සිදු වන පමා­වන්ද දක්නට ලැබේ.

එවන් එක් උදා­හ­ර­ණ­යක් පම­ණක් ලබා දෙමි.

බදුල්ලේ සිට කොළඹ කොටුව බලා එන උඩ­රට මැණිකේ දුම්රිය බොහෝ දින­වල රාගම දුම්රිය ස්ථාන­යට ආසන්න වන විට රඹු­ක්කන සිට පැමි­ණෙන අංක 1565 මන්ද­ගාමී දුම්රිය ඉදි­රි­යෙන් ධාව­නය කෙරේ. මන්ද­ගාමී දුම්රිය රාගම නවත්වා තබා උඩ­රට මැණිකේ දුම්රිය පළ­මුව ධාව­නය කිරීම සාමාන්‍ය සම්ප්‍ර­දා­යයි.

එනිසා පාලක මැදි­රිය සිදු කරන්නේ මන්ද­ගාමි දුම්රිය රාගම 1 වේදි­කා­වට ඇතුළු කර, එය නවත්වා තබා­ගැ­නී­මයි.

උඩ­රට මැණිකේ දුම්රිය 2 වේදි­කා­වෙන් ධාව­නය කිරී­මට මාර්ගය සකස් කරනු ලැබේ. එවිට රාග­මට පළ­මුව හමු වන ඇතුළු වීමේ පාලක සංඥා­වේත්, ඊට පෙර හමු වන ස්වයං­ක්‍රීය සංඥා­වේත් දෙකෙ­හිම දැල්වෙන්නේ කහ සංඥාව (ඉදි­රි­යෙන් අව­ධා­න­යට) නිසා දුම්රියේ වේගය අඩාළ වන අතර, පාලක සංඥාව පිහිටා ඇත්තේ තීව්‍ර වංගු­වක නිසා දුම්රිය පැයට කිලෝ මීටර් 5කටත් අඩු වේග­ය­කින් ගමන් කරයි.

දෙවන වේදි­කා­වට එය පැමි­ණෙන්නේ සාමාන්‍ය වේලා­වට වඩා විනාඩි 5ක් පමණ වැඩි­පුර ගත කර­මිනි. එයින් පසුව දුම්රිය දෙක­ටම ඉදි­රි­යට යෑමට අව­සර නැත. ඒ ඉදි­රි­යෙන් පොල්ග­හ­වෙල බලා යන 162 මන්ද­ගාමී දුම්රිය පැමි­ණෙන නිසාය.

පාලක මැදි­රිය කළ යුතුව තිබුණේ පළ­මුව ආ මන්ද­ගාමී දුම්රිය 2 වේදි­කා­වට යොමු කිරී­මයි. එසේ කළේ නම් උඩ­රට මැණිකේ ප්‍රමා­ද­යක් සිදු නොවන අතර පොල්ග­හ­වෙල දුම්රි­යට වුවද ඍජුව යෑමට අව­සර ලැබේ.

මෙවැනි සිදු­වීම් රාගම, වේය­න්ගොඩ, අඹේ­පුස්ස, පොල්ග­හ­වෙල දුම්රිය ස්ථාන­වල නිර­තු­රු­වම දක්නට ඇත. අපේ දුම්රිය සේවය වසර 150ක් ඉක්මවා ගොස් ඇතත් තව­මත් දුම්රිය කාල­ස­ට­හ­නක් නිසි පරිදි සක­සා­ගැ­නී­ටම අපට හැකි­යා­වක් ලැබී නැත. පොල්ග­හ­වෙල සිට මහ­වට යන රේල් බස් රථය පැමි­ණෙන තුරු පොළොන්න­රුවේ සිට පැමි­ණෙන පුල­තිසි නග­රා­න්තර දුම්රිය වැල්ලව විනාඩි 25ක් නවතා තබා­ගැ­නී­මට කාල­ස­ට­හන් සකසා ඇත.

සති අන්තයේ ධාව­නය වන මහ­නු­වර ඇල්ල දුම්රිය එන තුරු බදුල්ලේ සිට එන උඩ­රට මැණිකේ දුම්රිය තල­වා­කැලේ නවතා තබා­ගන්නා අතර සතියේ දින­වල මහ­නු­වර ඇල්ල දුම්රිය ධාව­නය නොවන බැවින් දුම්රිය විනාඩි 10ක් පමණ නිර­ප­රාදේ තබා­ගනී.

කන්ක­ස­න්තු­රයේ සිට එන යාල්දේවි දුම්රිය පොල්ග­හ­වෙල දක්වා උප-දුම්රිය ස්ථාන කිහි­ප­යක් හා දුම්රිය ස්ථාන 2ක් හැර සෙසු සියලු දුම්රිය ස්ථාන­වල නව­ත්වන්නේ තවත් දුම්රි­යක් (අංක 82) පැමි­ණෙද්දී මෙන්ම රේල් බස් රථ­යක් හා ‘බේබි දුම්රිය’ ද ධාව­නය වන අත­රේය. ඒවා ගැන සොයා බලා පිළි­යම් යොදන්න කිසි­වෙක් නැත. එය සැබැ­වින්ම කන­ගා­ටු­දා­ය­කය.

දුම්රියේ සේවක හිඟ­යද මේ වන විට දුම්රිය ප්‍රමා­ද­යට බල පා ඇති තවත් කරු­ණකි. මේ වන විට දුම්රිය සේවයේ 5,500ක සේවක හිඟ­යක් පවතී. එහිදී වැඩි පුර­ප්පාඩු සංඛ්‍යා­වක් ඇත්තේ ද්වීතී­යික කාර්ය මණ්ඩ­ල­යේය.

දුම්රිය දෙපා­ර්ත­මේන්තු­වේ විධා­යක ධුර 212ක අනු­මත අව­ශ්‍ය­තා­වක් ඇතත් සිටින්නේ 137 දෙනකු පමණි. ද්විතී­යික කාර්ය මණ්ඩ­ලයේ 11215ක් සිටිය යුතු නමුත් සිටින්නේ 6,385කි. තෘතී­යික ශ්‍රේණියේ 415ක් සිටිය යුතු නමුත් සිටින්නේ 146 දෙනෙකි.

කනිෂ්ඨ කාර්ය මණ්ඩ­ලයේ 8,601ක් සිටිය යුතු වුවත් සිටින්නේ 8,217කි. එයින් බහු­ත­ර­යක් කුමාර වෙල්ගම මහතා ප්‍රවා­හන ඇමැ­තිව සිටි සමයේ දෙපා­ර්ත­මේ­න්තු­වට කම්කරු සේව­ක­යන් ලෙස යොද­වන ලද කාන්තාෙවා්ය.

කම්කරු සේව­යට හිමි රාජ­කාරි අතර සිල්පර කොට එස­වීම, රේල් පීලි තල්ලු කර­ගෙන යෑම වැනි කාර්ය තිබෙන අතර, හාර­සිය ගණ­නක පුර­ප්පාඩු පෙන්නුම් කළත් සේව­ක­යන් 1,000ක පමණ පුර­ප්පාඩු ඇත. කෙසේ වෙතත් දුම්රියේ අනු­මත සේවක සංඛ්‍යාව වන කෙසේ වෙත් 20,443න් සේවයේ යෙදී සිටින්නේ 1,48,855ක පිරි­සකි. එනම් රාජ­කා­රියේ යෙදෙන්නේ අනු­මත සේවක සංඛ්‍යා­වෙන් 72%ක ප්‍රමා­ණ­යකි.

එයද විශාල ගැට­ලු­වකි.

දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව විසින් 2018 වසරේ සිය දැක්ම සහ මෙහෙ­වර සාක්ෂාත් කර­ගැ­නී­මට ප්‍රමා­ණ­වත් කාර්ය මණ්ඩ­ල­යක් නැති බව 2018 කාර්ය සාධන වාර්තාව මඟින්ද පෙන්වා දී තිබේ.

මේ අතර දුම්රියේ මාසික වැටුප් සඳහා පම­ණක් කෝටි 100ක මුද­ලක් වැය වන බව ගණන් බලා ඇත.

එවැනි තත්ත්ව­යක් යටතේ වළ­ක්වා­ගත හැකි දුම්රිය ප්‍රමාද පවා වළ­ක්වා­ගැ­නී­මට බැරි නම් දුම්රිය සේවය සේවා­වක් නොව, තවත් අසා­ර්ථක රාජ්‍ය සේව­යක් ලෙස පිළි­ගැ­නීම තවත් කාල­යක් වන තුරු ජනතා මන­සින් මෙන්ම වාර්තා­ව­ලින් ඉවත් කරන්න නොහැකි වනු ඇත.

Comments