ජන­ප­තිට ත්‍රිවිධ හමු­දා­වෙන් උප­හාර | Page 2 | සිළුමිණ

ජන­ප­තිට ත්‍රිවිධ හමු­දා­වෙන් උප­හාර

ත්‍රිවිධ හමු­දාව, පොලී­සිය සහ විශ්ව­වි­ද්‍යා­ල­යීය උප­කු­ල­ප­ති­ව­රුන් විසින් පසු­ගිය බ්‍රහ­ස්ප­තින්දා හා සිකු­රාදා ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා වෙත උප­හාර පුද දෙනු ලැබීය. ජනා­ධි­පති සහ සේනා­ධි­නා­යක ලෙස යුද, නාවික, ගුවන් ත්‍රිවිධ හමුදා ශක්ති­මත් කර­මින් රටේ ජාතික ආර­ක්ෂාව තහ­වුරු කිරීම වෙනු­වෙන් හා ශ්‍රී ලාංකේය ත්‍රිවිධ හමු­දා­වන්ගේ අභි­මා­නය සුරැ­කීම උදෙසා ඉකුත් පස් වසර පුරා ජන­පති ගත් පිය­වර අග­ය­මින් මෙහිදී උප­හාර පිළි­ගැ­න්විණි.

ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේකම්, ආර­ක්ෂක මාණ්ඩ­ලික ප්‍රධානී, ත්‍රිවිධ හමු­දා­ප­ති­ව­රුන් ප්‍රමුඛ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිල­ධා­රිහු මේ අව­ස්ථා­ව­ලට එක්ව සිටි­යහ.

එමෙන් ම සියලු විශ්ව­වි­ද්‍යා­ල­යීය උප­කු­ල­ප­ති­ව­රුද ජනා­ධි­පති කාර්යා­ල­යේදී ජනා­ධි­ප­ති­තුමා හමු වූහ. විශ්ව­වි­ද්‍යා­ලය පද්ධ­ති­යට නව අරු­තක් දෙමින් එහි උන්න­තිය උදෙසා මෙන්ම විශ්ව­වි­ද්‍යා­ල­යීය සිසුන්ගේ ශුභ­සා­ධ­නය වෙනු­වෙන්ද, මෙරට උසස් අධ්‍යා­ප­නයේ ගුණා­ත්ම­ක­භා­වය ඉහළ නැංවීම වෙනු­වෙන්ද ඉකුත් පස් වසර පුරා ජන­පති ගත් තීන්දු තීරණ ඇග­යී­මට ලක් කර­මින් ස්තුතිය පළ කිරීම එහිදී සිදු විය.

Comments