කතා ක­රන්න බැරි අම්මා | සිළුමිණ

කතා ක­රන්න බැරි අම්මා

 

ඇසීම ද නැති මගේ මවු විත්
දෙගුරු හමු­වක පාසලේ
ඔහේ උන්නා බලා ගත් අත
කියන කිසි­වක් නොඇ­සෙනා තැන...

සිනහ වන විට යහළු කැල මට
මගේ මවු ගොළු කතක් කිය­මින
කඳුළු කැට වැටුණා දෙපා මුල
මගේ හද පෙළු වේද­නා­වට...

මගේ මවු වුව; ඔබේ මවු වුව
සෙනෙ­හසේ නැත අඩු­පාඩු දැක්මට
සසර පෙර පව් කරපු වර­දට
ඇහී­මෙහි පින ඈට හිමි නැත....

පෙර කරපු පව් මේ භවය තුළ
ගෙවා නිම වී ඉ‍වර වේවා
මතු සස­රෙ­දිත් මගේ මවු වී
යළි මෙලො­වදී මුණ ගැසේවා...

සුලෝ­චනා මද්දු­මගේ

***************************

ටීචර්ට ඇහෙ­න­වලු කෑග­සනු නිහඬ මම

කහ ගැහුණු සුදු ගවුම ඇඳ
පන්තියේ කෙළ­වරේ මුල්ලක
මේස­යට හිස තියා­ගෙන මම
හිඳින්නේ හිස් බයෝ වරු­වක
ඇසෙයි කොරි­ඩෝවෙ එන ලොකු
ගුරු­තු­මීගේ පාව­හන් හඬ

ඈ ඇවිත්, අද බයෝ නෑ
කෑ නොගා ඉන්නයි කියා
මොහො­තින් ගියා ගුරු විවේ­කය වෙත
ඉස්ස­රහ පේළියේ සරෝජා නි­ර්මලී
මර හඩ තළයි ගී පද කියයි

මොකෝ මේ මර­ ළ­තෝ­නිය අසා යළි
මතුවී කොනින් ගුරු­තු­මීගේ රුව
නැගි­ටුවා හිස තබා උන් මම
බැණ වදී මොකදෑ කටේ සැර
ඇති හැකි ළම­යි­ නම් ඔහොම නෑ

නැති බැරි එවුන් කවු­දත් මෙලෙස බව
නොදැ­නු­ව­ත්වම කෑ ගැසු­වද මම
තවම මත­කය පීර­නව
නැගි­ටලා සිට­ගෙන

කසු­කුසු කතා මැද්දෙන් සිනා හඬ
ඉස්ස­රහ කෑගැසූ උද­විය

නාමල් මදු­කු­මාර

Comments