හඬ නිහඬ යෝගා සර් | සිළුමිණ

හඬ නිහඬ යෝගා සර්

ර්, කිය­ද්දිම දුර­ක­ත­නයේ අනෙක් පසෙන් කොහො­මද ඉතින්? මොන­වද ‍මේ දව­ස්වල කරන්නේ?

යෝගා සර්ට කීයට කතා කළත් වර­දින්නේ නැති එකී ප්‍රශ්න දෙක අද­ටත් මගේ මත­කයේ දෝංකාර දෙයි. ඒත් යෝග සර් ජීවන කර­ළි­යෙන් ම මේ වන විට නික්ම ගොස්ය. යෝගා සර් සමඟ ගෙවා දැමූ දශක දෙක­කට අධික කාලය තුළ අප කතා­බහ කළ මත­ක­යන් නම් කිසි දිනෙක අම­තක නොවනු ඇත.

ලාංකේය මලල ක්‍රීඩාවේ දිසා­පා­මො­ක්ව­රයා යැයි වච­නයේ පරි­ස­මා­ර්ථ­යෙන් ම පැවැ­සිය හැකි යෝගා සර්ගේ මලල ක්‍රීඩාවේ දැනුම, අල­ගිය මුල ගිය තැන්වල මත­කය විශ්මි­තය. යෝගා සර් දක්ෂ මලල ක්‍රීඩා පුහු­ණු­ක­රු­වකු පම­ණක් නොවේ.

හෙතෙම ඇවි­දින පුස්ත­කා­ල­යකි. නොදන්නා දෙයක් නැත. යමක් ලියා ගෙන යන විට සිර­වන තැන­කදි යෝගා සර්ට කතා කිරීම පුරු­ද්දක් බවට පත් වූයේ නිරා­යා­ස­යෙනි.

මට රෑ නම­යෙන් පස්සේ කතා කර­නවා නම්, ටිකක් කලින් කියලා තියන්න. මම සාමා­න්‍ය­යෙන් රෑ නවය වන කොට නිදා ගන්නවා. ඔයා කියලා තිබ්බොත් මට ඇහැ­රලා ඉන්න පුළු­වන්.

ඒක යෝගා සර්ගේ පුරු­ද්දක් කියලා සර් එක්ක ගනු­දෙනු කරන කොට තේරුණා.

මේක මගේ පුරු­ද්දක්. හොඳ පුරුදු ජීවිත කාල­ය­ට­මයි. මේකට හුරු වෙන්න ටිකක් අමා­රුයි. හැබැයි හුරු වුණාම හරි ලේසියි. අද ඒ හොඳ පුරුදු සිය­ල්ල­ටම හිත තබා යෝගා සර් නිහ­ඬය.

හැටේ දශ­කයේ ඇහැ­ලි­ය­ගොඩ මැදි මහා විද්‍යා­ල­යෙන් බිහි වූ දක්ෂ වොලි­බෝල් ක්‍රීඩ­ක­යකු වූ යෝගා­නන්ද විජේ­සු­න්දර පසු කලෙක වොලි­බෝ­ලය අත හැර මලල ක්‍රීඩා­වට යොමු විය. ඒ යාර 110 කඩුලු තරණ ඉස­ව්ව­ටය.

එකී ඉසව්වේ ජාතික ශූරයා වූ යෝගා­නන්ද හැට දශ­කයේ බණ්ඩා­ර­වෙල ක්‍රීඩා නිල­ධා­රියා වශ­යෙන් ක්‍රීඩා අමා­ත්‍යාං­ශ­යට එක්විය.

මීට වසර දශක හත­ර­කට පමණ පෙර ක්‍රීඩා අමා­ත්‍යාං­ශය යටතේ ආරම්භ කළ වර්ත­මා­නයේ වස­ර­කට ක්‍රීඩා ඩිප්ලෝ­මා­ධා­රින් රැසක් දැයට දායාද කරන ජාතික ක්‍රීඩා විද්‍යා­ය­ත­නයේ ආර­ම්භක අධ්‍ය­ක්ෂ­ව­රයා ද වෙයි.

දශක හත­ර­කට අධික කාල­යක් ක්‍රීඩා අමා­ත්‍යාං­ශයේ, ජාතික ක්‍රීඩා විද්‍යා­ය­ත­නයේ සේව­ය­කළ යෝගා සර් යටතේ පුහු­ණුව ලබා ජාතික තලයේ සහ අන්ත­ර්ජා­තික තලයේ දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් ප්‍රමා­ණය ද විශා­ලය.

අද ලෝකයේ සෑම ක්‍රීඩා ජය­ග්‍ර­හ­ණ­යක් ම මුදල් මතම දිව­යන නිසා ක්‍රීඩක - ක්‍රීඩි­කා­වන් මෙන් ම පුහු­ණු­ක­රු­වන් ද කෙටි මං ඔස්සේ හරි අනි­ය­මින් හරි ජය­ග්‍ර­හණ සොයා යන බව පැවසූ යෝගා සර් ඔවුන් කොත­රම් දක්ෂ­යන් වුවද ගමන කෙටි බව පැවැ­සුවේ වරක් දෙව­රක් නොවේ.

සර් නැති දව­සක තමයි තේරෙන්නේ සර්ගේ දැනුමේ තරම යැයි වරක් පැවැසූ විට යෝගා සර් මහා හඬින් සිනා­සෙ­මින් පැවැ­සුවේ, ඒ හින්දා මම කිය­පුවා ලියලා තියා ගන්න, එත­කොට ඔය අඩුව දැනෙන එකක් නැති­වෙයි. එසේ පැවැසූ යෝගා සර් නික්ම ගොස්ය.

අසේල දස­නා­යක යෝගා සර් ගැන මුහුණු පොතේ තබා තිබුණේ මෙවන් සට­හ­නකි.

අසේල කොල්ලෝ, කෙල්ලෝ ටිකත් එක්කන් අපේ ගෙදර ගිහින් මොනවා හරි හදන් කාලා හව­සත් ට්‍රේනින් කර­ලම යමු. අර ඔයා හදන චිකන් කරි­යත් එක්ක ඔය තව මොනවා හරි හදා ගන්න බැරියැ නේද.

තව දව­සක අපි සර­සවි උයන ස්ටේෂන් එකෙන් කෝච්චි­යෙන් බැහැලා එන­කම් එතැන තිබෙන කඩේට වෙලා ලොකු කුඩ­ය­කුත් අතින් අරන් උදේට තේ එක බීලා කැම්පස් පිට්ට­නි­යට යන්න බලන් ඉන්නවා.

එහෙම කියපු යෝගා සර් අද හැමෝ ම දාලා ගිහින්.

ඔබ නිකම්ම නිකම් මනු­ස්ස­යෙක් නෙවෙයි. දැනුම් ගබ­ඩා­වක් හැම විෂ­යක් ගැනම.

අපි නොහි­තන පැත්ත­කින් කතා කරන්න පුළු­වන් අති දක්ෂ­යෙක්. රටට විශාල සේව­යක් කළ, විශාල ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් ප්‍රමා­ණ­යක් බිහි කළ පුහු­ණු­ක­රු­වෙක්. දක්ෂ දේශ­ක­යෙක්. හිත හොඳ මනු­ස්ස­යෙක්.

ඔබට නිවන් සුව යෝගා සර්.

Comments