තණතිල්ලේ දඟ කැවෙන ශංකර්ගේ පන්දුව | සිළුමිණ

තණතිල්ලේ දඟ කැවෙන ශංකර්ගේ පන්දුව

 

ලෝකයේ ඕනෑම දෙයක් මාන­ව­යාට වෙනස් කළ හැකි බව දිනෙන් දින ලෝකය පුරා­ව­ටම බිහි­වෙන නව නිර්මාණ සහ මිනි­සුන්ගේ අසා­මාන්‍ය ක්‍රියා­ව­ලින් ගෙන් දැක­ගත හැකියි.

අතී­ත­යේදී අසා­මාන්‍ය ශරීර ලක්ෂණ මෙන් ම නොයෙක් ආබා­ධිත සහි­තව මෙලො­වට බිහි­වුන් සමා­ජයේ මුලු ගැන්වී නමුත්, වර්ත­මා­නයේ එය බොහෝ දුරට වෙනස්ව ඇති ආකා­ර­යක් ද දැන් දැන් සුල­බව දැක ගන්නට ලැබේ.

අද සමා­ජයේ එබඳු සුවි­ශේෂ පුද්ග­ල­යන්ට විශේෂ පිළි­ගැ­නී­මක් ලැබී ඇති අතර ඔවුන් වෙනු­වෙන් සෑම රටක් ම ජන සමා­ජ­යක් ම පෙනී සිටීම ඉතා සතු­ටට කරු­ණකි.

මුහුණු පොත ඇතුළු සමාජ ජාලා ඔස්සේ මෙවැනි පුද්ග­ල­යන්ට ඇති දක්ෂ­තාව දැක්වෙන වීඩියෝ පට මුදා හැරීම සහ ඒවා ලෝකය පු‍රා සංස­ර­ණය වීමත් සමඟ දැඩි අව­ධා­න­යක් යොමු වී ඔවුන්ට තම දක්ෂ­තා­වය තව­දු­ර­ටත් වර්ධ­නය කර ගනි­මින් ඉස්මතු වීමේ අව­ස්ථාව ලැබීම සමාජ මාධ්‍ය මගින් ඉටු වන වැද­ගත් සේවා­වකි.

එහිදී මෙවැනි පුද්ග­ල­යන් නිර­න්ත­ර­යෙන් හමු­වන රටක් හැටි­යට ඉන්දි­යාව පෙන්වා­දිය හැකිය. එරට ඉහළ ජන­ග­හ­නය ඇතැම් විට මීට හේතු විය හැකි ය.

ක්‍රිකට් ක්‍රීඩාව උම­තු­වක් ලෙස වැලඳ සිටින ඉන්දි­යාවේ ක්‍රිකට් ක්‍රීඩා­වට අති­දක්ෂ අසා­මාන්‍ය තරු­ණ­යෙකු පිළි­බ­ඳව ඉකුත් සතියේ සමාජ ජාලා­වල වි‍ඩියෝ­වක් සැරි සැරූ අතර එය මිලි­යන දහ­ය­කට වැඩි පිරි­සක් නරඹා තිබිණ.

බැංග­ලෝර් නග­රයේ වීදි­යක උපන් ‘ශන්කර් සජ්ජාන්’ ශාරී­රික වෙන­සක් සහි­තව සිටිති. ඔහුගේ දෑතම අසා­මාන්‍ය ලෙස කුඩා වී ඇඹරී ඇති නමුත් ඔහු පන්දු යැවී­මට අති­ද­ක්ෂ‍ෙ­යකි‍.

හය දෙනෙ­කු­ගෙන් යුත් පවුලේ බාලයා වන ශංකර් කුසට හරි හමන් ආහා­ර­ය­ක්වත් නැතිව ජීව­ත්වන තරු­ණ­යෙකි.

නග­රයේ පිහිටි වසා දමා ඇතකි පාළු ගොඩ­නැ­ගි­ල්ලක බිත්ති­ය­කට රබර් සහ ටෙනිස් බෝල මඟින් පන්දු යව­මින් තම දක්ෂ­තාව මුව­හත් කළ ‘ශන්කර්’ තව­මත් විසි­තුන් වන වියේ පසු­වන බව කියති. කෙසේ වෙතත් වය­ස­වත් ඔහු පිළි­බ­ඳව ඉති­හා­ස­ය­වත් කීමට ශංකර් නොදන්නා නමුත් ලෝක ප්‍රවීණ දඟ පන්දු යව­න්නන් මෙන් ම ක්‍රිකට් ක්‍රීඩ­ක­යන් පිළි­බ­ඳව ඔහුට හොඳ මත­ක­යක් ගොඩ­නගා ගැනී­මට හැකි වී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩා­වට ඇති අසී­මිත උන­න්දුව මෙන් ම කැමැත්ත නිසා­මය.

දැනට වසර කිහි­ප­ය­කට පෙර එනම් 2015 වස­රේදී ‘ශංකර්’ ට වාස­නා­වක් උරගා බැලී­මට අව­ස්ථා­වක් හිමි වූයේ ය. ඒ ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩ­ක­යෙකු මෙන් ම දක්ෂ දඟ පන්දු යව­න්නෙකු වූ අනිල් කුම්ලේ විසින් ඔහුගේ ක්‍රිකට් ඇක­ඩ­මිය වෙත තරුණ දඟ පන්දු යව­න්නන් 3000 ක් කැඳ­වී­මයි. එයින් 20 කට දීර්ඝ පුහු­ණු­වක් ලබා­දී­මට ද, ජාතික තලයේ ක්‍රීඩ­ක­යෙකු කිරීම ද එහි අර­මුණ බව කුම්ලේ පවසා තිබිණ. ශංකර් ද මේ සඳහා ඉදි­රි­පත් වන අතර ඔහු ද දක්ෂ පන්දු යව­න්නන් අත­රට තේරී පත්වන්නේ 21 වැනියා වශ­යෙනි. ඔහු වසර ගණ­නක් මෙහි පුහු­ණුව ලබන අතර ඔහුට අවශ්‍ය ආහාර පාන අනෙක් පහ­සු­කම් ලබා­දී­මට ද අනිල් කුම්ලේ මහතා ක්‍රියා කරයි.

මේ අත­ර­තුර ශංකර්ට බැංග­ලෝර් ක්‍රිකට් ලීග­යට සහ ප්‍රථම පෙළ තර­ග­ව­ලට සහ­භාගි වීමට අව­ස්ථාව ලැබෙන අතර ඔහු මෙහිදී කඩුලු ලබා ගැනී­මට ද සමත් වේ.

මේ අසා­මාන්‍ය ක්‍රීඩ­ක­යාට කර්නා­ටක ප්‍රාන්ත ක්‍රිකට් තර­ගා­ව­ලි­යට ඇරි­යුම් ලැබෙන්නේ මේ අතර තුරදී ය. එහි අව­සන් තර­ග­මා­ලාවේ ටෙස්ට් තරග පහ­කදී කඩුලු 19 ලබා ගැනී­මට සම­ත්වීම ශංකර් ගේ දිවියේ ස්වර්ණ­මය අව­ස්ථාව බව ඔහු කියයි.

එහිදී කර්නා­ටක ප්‍රාන්තයේ ප්‍රබ­ල­තම ක්‍රිකට් ඇක­ඩ­මි­යක් වන ‘ප‍ෙටල් ක්‍රිකට් ඇක­ඩ­මි­යට බැදෙන ශංකර් වර්ත­මා­නයේ එහි හොඳම ‘නෙට්බෝ­ලර්’ වශ­යෙන් ක්‍ර‍ීඩාවේ යෙදී සිටිති. ඕනෑම පිති­ක­රු­වෙකු දඟ­ප­න්දු­වෙන් අස­රණ කිරී­මට ඔහුට හැකි අතර ඉන්දීය ජාතික කණ්ඩා­යමේ ක්‍රීඩ­ක­යන්ට මෙන් ම රට­වල් රැස­කම ක්‍රීඩ­ක­යින්ට ‘නෙට්බෝ­ලර්’ හැටි­යට පන්දු යැවී­මට තමන්ට හැකිවූ බව ශංකර් සිනහ මුසු මුහු­ණින් පව­සන්නේ මුළු ලෝක­යම තමන් ජය­ග්‍ර­හ­ණය කළ බව කියා­පා­මින් ය.

“මේ ක්‍රීඩ­ක­යාට අසා­මාන්‍ය දක්ෂ­තා­වක් තිබෙ­නවා. ඔහු කඩුල්ල වෙතම පන්දුව එල්ල කරන අවස්ථා ගණන වැඩියි. විශේ­ෂ­යෙන් පිට දඟ පන්දු යව­න්නෙ­කුගේ සුවි­ශේෂී ලක්ෂ­ණ­යක් වන ‘දුස්රාව’ යැවී­මට ශන්කර්ට හැකියි. මොහු දිනක ක්‍රිකට් ලෝක­යට අලුත් දෙයක් කරාවී යැයි මට හිතෙ­නවා යැයි” ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අනිල් කුම්ලේ මහතා වරක් මාධ්‍ය වෙත අද­හස් ප්‍රකාශ කර­මින් සඳ­හන් කර තිබුණි.

මොහුගේ පන්දු යැවීමේ විලා­සය අන් අයට නැහැ. එලෙ­සම අපිට මොහුගේ හදන්න කියලා අලුත් දෙයක් තිබුණේ නෑ. පන්දු යැවීමේ මූලික කරුණු ටිකක් විත­ර­යයි පුහුණු කිරී­මට අවශ්‍ය වුණේ යැයි ද අනිල් කුම්ලේ සඳ­හන් කළේ ය.

ඉකුත් සතියේ ශංකර්ට තමා නොසිතූ බලා­පො­රොත්තු නොවූ අව­ස්ථා­වක් ලබා ගැනී­මට හැකි විය. එය ඇසූ සැණින් ශංකර් සතුටු කඳුළු වගු­ර­ව­මින් දෙවි­යන් සිහි කළේ ය. ඒ එක්සත් අරාබි රාජ්‍යයේ අබු­ඩාබි නුවර පැවැ­ත්වෙන T10 ක්‍රිකට් තර­ග­මා­ලා­වට ‘නෙට්බෝල’ කෙනෙකු වශ­යෙන් සහ­භාගි වීමට අව­ස්ථාව ලැබී­මයි.

ඉකුත් වසරේ ආරම්භ කෙරෙනු T10 ක්‍රිකට් තර­ග­මා­ලාව මේ වන­විට ලෝකය පුරා ජන­ප්‍රිය වී ඇත්තේ ලෝක පූජිත ක්‍රිකට් තරු රැසක් මේ ක්‍රිකට් ලීග­යට සහ­භාගි වන නිසා­වෙනි.

මෙම තර­ගා­ව­ලිය සංවි­ධා­නය කරන ලද සංවි­ධා­ය­ක­ව­රුන් විසින් මේ බැව් ශංකර්ට දන්වා තිබුණේ තර­ගා­ව­ලිය ආරම්භ කිරී­මට දින හත­ර­කට පෙර ය. ඒ වන­විට විදෙස් ගමන් බල­ප­ත්‍ර­ය­ක්වත් ලබා නොගෙන සිටි ශංකර් අදාළ ලිපි­ගොනු සකස් කර ගම­නට සූදා­නම් වූයේ නිදි­ව­ර්ජි­ත­වය. මේ සම්බ­න්ධ­යෙන් සුවි­ශේෂී ක්‍රිකට් ක්‍රීඩ­කයා මාධ්‍ය වෙත අද­හස් දැක්වීය.

මට මේ පණි­වි­ඩය ලැබුණු ගමන් ගොඩක් සතුටු වෙන්න පුළු­වන් වුණා. හැබැයි මම මුලින් ම කළේ කොට්ට­යක් බදා­ගෙන අඩපු එක. පස්සේ මම දෙවි­ය­න්ටයි මගේ හද­ව­ත­ටයි ස්තුති කළා.

පිති­ක­රු­වන්ට පුහු­ණු­වීම සඳහා පන්දු යව­න්නෙකු වශ­යෙන් හෝ මෙම තර­ගා­ව­ලි­යට සහ­භාගි වීම මා ලද ජය­ග්‍ර­හ­ණ­යක්. මේ නිසා මෙම සංචා­ර­යේදී මට අත්දැ­කීම් විශාල ප්‍රමා­ණ­යක් ලබා ගැනී­මට හැකි වේවි.

“මම බලා­පො­රොත්තු උනේ නැහැ මේ වගේ අව­ස්ථා­වක්. නමුත් හදි­සි­යේම එය සිදු වුණා. මට දැන් විදෙස් ගමන් බල­ප­ත්‍ර­ය­කුත් තිබෙ­නවා. ඒ ගැන සතු­ටුයි. මේ සංචා­රය තුළදී අලුත් අත්දැ­කීම් රැසක් ලැබෙ­නවා. ඒ සිය­ල්ලම මම මගේ ජීවි­තය ඉදි­රි­යට ගෙන යන්න ශක්ති­යක් කර ගන්නවා. සෑම අභි­යෝ­ග­යක්ම භාර ගැනී­මට සූදා­න­මින් සිටින මේ යෞව­නයා තමන් ලැබූ අස­ම්පූර්ණ පෙනුම ගැන කිසි විට­ක­වත් පසු­තැ­විලි නොවෙති. ඔහු පව­සන අන්ද­ම­ටත් ඉන්දි­යානු මාධ්‍ය වාර්තා අනු­වත් ‘ශංකර්’ දැන­ට­මත් කර්ණා­ටක ප්‍රාන්තයේ ක්‍රිකට් තරු­වක් බවට පත්ව තිබේ‍.සිය ජීවි­තයේ එකම බලා­පො­රො­ත්තුව ඉන්දීය ජාතික කණ්ඩා­යම නියෝ­ජ­නය කිරීම බව පව­සන ‘ශංකර්’ ට එම බලා­පො­රො­ත්තුව කරා ගමන් කිරී­මට හැකි­යාව ලැබේ­වායි අප සියලු දෙනාගේ ප්‍රාර්ථ­නා­වයි.

Comments