පරිසරය රකිමුද? නැත්නම් අපි වැනසෙමුද? | සිළුමිණ

පරිසරය රකිමුද? නැත්නම් අපි වැනසෙමුද?

මිහිකත මාතාවගේන් අපට ලැබී ඇති වටිනාම දායාදයක් වන්නේ මේ සුන්දර පරිසරයයි. ගහකොළ, සතුන්, ඇළ දොළ, ගංඟා, දිය ඇලි, වනාන්තර වැනි ස්වභාවධර්මය තුළම නිර්මාණ වූ දේවල් මේ පරිසරයට අයත් වේ.

එමෙන්ම මේ පරිසරයෙන් අපට ලැබෙන දායාද ද බොහෝය. අපට ආශ්වාස ප්‍රාශ්වාස කිරීමට අවශ්‍ය වාතය, එදිනෙදා ජීවිතය තුළ අපි ආහාරයට ගන්නා එළවළු පලතුරු, ඖෂධ සෑදීමට ගන්නා පෑළෑටි වර්ග, පානය කිරීමට අවශ්‍ය ජලය, ගෘහ භාණ්ඩ සෑදීමට ගන්නා දැව දඬු මේ සියලුම දේ අපට ලැබෙන්නේ පරිසරයෙනි.

එහෙත් අවාසනාවකට මෙන් නූතන තාක්ෂණික දියුණුවත් බල අරගලයත් නිසා පරිසර විනාශය උග්‍ර වී ඇත. මේ සමාජයේ වෙසෙන අකාරුණික මිනිසා අධික ලෙස ගස්වැල් කපා දමා විනාශ කරයි. මෙයද වර්තමානයේදී පරිසර විනාශයට මූලිකම හේතුවක් වී තිබේ. එමෙන්ම පොලිතින් ප්ලාස්ටික් වැනි දේවල් භාවිතා කිරීම නිසාත් පරිසර විනාශය අධික ලෙස සිදුවෙයි.

මේ ආකාරයට පරිසරය විනාශය සිදු වුවහොත් පෘථිවියට කුමන ඉරණමකට මුහුණ දීමට සිදු වේවිද?

එම නිසා අපි පරිසරය රැකීමට එක්රොක් වෙමු.

ආර්.ජී.ඒ. ෂෙහානි නවෝද්‍යා 
7 ශ්‍රේණිය ‘ඊ,’ 
පොරමඩුල්ල 
මධ්‍ය මහා විදුහල, 
පොරමඩුල්ල

Comments