Emar Pharma ශ්‍රවණ විද්‍යා ක්ෂේත්‍ර­යට | සිළුමිණ

Emar Pharma ශ්‍රවණ විද්‍යා ක්ෂේත්‍ර­යට

ශ්‍රී ලංකා­වට නවීන සෞඛ්‍ය නිෂ්පා­ද­න­යන් සහ විස­ඳුම් හඳු­න්වා­දීමේ ප්‍රමු­ඛයා වන Emar Pharma ආය­ත­නය, ලෝක ප්‍රකට ශ්‍රව­ණා­ධාර සන්නා­ම­යක් වන Earnet, මෙරට දී පළ­මු­ව­රට දියත් කිරී­මෙන් නැව­තත් ක්ෂේත්‍රයේ විප්ල­වීය වෙන­සක් සිදු කිරී­මට සමත් වී තිබේ. කළු­බෝ­විල ඇන්ඩ­ර්සන් පාරේ Emar Pharma ආය­ත­නයේ ප්‍රථම ශ්‍රවණ විද්‍යා සහ පුනු­රු­ත්ථා­පන සාය­නය අභි­න­ව­යෙන් විවෘත කිරී­මට සම­ගා­මීව මෙම Earnet ශ්‍රවණ පද්ධති දියත් කිරී­මද සිදු විය.

Earnet යනු Eartechnic හි වඩාත් ප්‍රකට වූ වෙළඳ සන්නා­මය වේ. 1972 දී ජර්ම­නියේ ආරම්භ කරන ලද Eartechnic 2001 දී තුර්කියේ ශ්‍රවණ උප­ක­රණ නිෂ්පා­දන කර්මාන්ත ශාලා­වක් ඉදි­ක­ර­මින් තම සේවා­වන් තව­දු­ර­ටත් පුළුල් කරන ලදි. අද වන විට Earnet ශ්‍රවණ විද්‍යා ක්ෂේත්‍රයේ ලොව ප්‍රමු­ඛ­තම නිය­මු­වෙකි. අන්ත­ර්ජා­තික ප්‍රමි­තීන්ට අනු­කූ­ලව නිප­ද­වන ලද, පුළුල් පරා­ස­ය­කින් යුත් Earnet ශ්‍රවණ උප­ක­රණ, විවිධ ශ්‍රවණ ආබාධ සහිත පුද්ග­ල­යින් සඳහා විස­ඳුම් ලබා දේ. Earnet HP + ශ්‍රේණිය අධි ශ්‍රවණ ආබාධ සඳහා නිප­දවා ඇති අතර එය බාහි­රව පැළ­ඳිය යුතු වේ.

Comments