DFCC බැංකුවේ නව­ ශාඛාව කුරු­වි­ට ­ට | සිළුමිණ

DFCC බැංකුවේ නව­ ශාඛාව කුරු­වි­ට ­ට

DFCC බැංකුවේ නව­තම ශාඛාව කුරු­වි­ටදී විවෘත කිරීම පසු­ගි­යදා සිදු­විය. මෙම ශාඛාව අංක 108 ක්‍, මහ වීදිය, කුරු­විට යන ස්ථානයේ පිහිටා තිබේ.

මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමු­ඛ­තම බැංකු­වක් වන DFCC බැංකුව, සෑම විටම ගනු­දෙ­නු­ක­රු­වන්ගේ අව­ශ්‍යතා හොඳින් හඳු­නා­ගෙන, කාලෝ­චිත ලෙස තම සේවා­වන් වැඩි­දි­යුණු කිරී­මට පසු­බට නොවන බැංකු­වකි. සංව­ර්ධන බැංකු­ක­ර­ණය සම්බ­න්ධ­යෙන් තමන් සතු අත්දැ­කීම් වලින් සහ නවී­න­තම ජාත්‍ය­න්තර තාක්ෂ­ණ­ය­න්ගෙන් පන්න­රය ලබන එම බැංකුව බාල, තරුණ, මහ­ලු‍ ­කා­ටත් ගැළ­පෙන බැංකු සේවා­වන් රාශි­යක් මේ වන­විට හඳුන්වා දී ඇත. එමෙන්ම ඩිජි­ටල් තාක්ෂ­ණය භාවිතා කර­මින්DFCC Virtual WalletÓ අගය එක­තු­කළ අන්ත­ර්ජාල බැංකු­ක­රණ සේවා, විද්‍යුත් ගිණුම් ප්‍රකාශ සහDFCC SMS Alerts සේවාව වැනි ක්‍රම ඔස්සේද DFCC බැංකුව සිය සේවා­වන් ව්‍යාප්ත කර තිබේ.

Comments