‘ඇන්කර් ෆුඩ් ප්‍රොෆෙ­ෂ­නල්ස්’ විශේෂ මෙහෙ­ව­රක | Page 2 | සිළුමිණ

‘ඇන්කර් ෆුඩ් ප්‍රොෆෙ­ෂ­නල්ස්’ විශේෂ මෙහෙ­ව­රක

ලොව පුරා බොහෝ රට­වල සිදු­වෙ­මින් පව­තින ආකා­ර­ය­ටම ශ්‍රී ලංකාවේ ආහා­ර­පාන කර්මා­න්ත­යද වේග­යෙන් පුළුල් වීමට පට­න්ගෙන තිබේ. ජාත්‍ය­න්තර ආහා­ර­පාන සමා­ගම්, දේශීය ආප­න­ශාලා, බේකරි ඇතුළු බොහෝ ව්‍යාපාර රට තුළ තම ව්‍යාපාර කට­යුතු ව්‍යාප්ත කර­මින් සිටී.

මේ ආකා­ර­යට ආහා­ර­පාන කර්මාන්ත හා සේවා­වන් පුළුල් වීම නිසා මේ වන­විට බොහෝ දෙනෙකු ආප­න­ශා­ලා­ව­ලින් ආහාර ගැනී­මට මෙන්ම ඇන­වුම් කර පිට­තින් ආහාර ගෙන්වා ගැනී­මට පෙළඹී ඇත. මෙවැනි පසු­බි­ම­කදී, පාරි­භෝ­ගි­ක­යන්ට විශ්වා­ස­යෙන් යුතුව ආහා­ර­පාන පරි­භෝ­ජ­නය කළ හැකි­වන ආකා­ර­යට මෙම කර්මා­න්තයේ සුර­ක්ෂි­තතා හා ප්‍රමිති මට්ටම් වැඩි­දි­යුණු විය යුතු වේ.

2020 වසරේ ජන­වාරි 01 දින සිට ක්‍රියා­ත්මක වීමට නිය­මිත මෙම රෙගු­ලාසි අනුව, තම ආහා­ර­පාන ව්‍යාපාර ලියා­ප­දිංචි කිරී­මට නම් එම ව්‍යාපා­රි­ක­යන් තම ව්‍යාපාර නව රෙගු­ලා­සි­ව­ලට අනු­කූල බව 2020 ජූනි මාස­යට ප්‍රථ­ම­යෙන් සනාථ කළ යුතු ය. දැන­ට­මත් ISO සහ­ති­ක­ක­ර­ණය වැනි ජාත්‍ය­න්තර තලයේ ප්‍රමිති සහ­ති­ක­ය­කට හිමි­කම් කියන ව්‍යාපාර වලට මෙය අදාළ නොවේ.

Comments