ශ්‍රී ලංකා - මෙකොං 08 වැනි වාර්ෂික මහා සභා රැස්වීම | සිළුමිණ

ශ්‍රී ලංකා - මෙකොං 08 වැනි වාර්ෂික මහා සභා රැස්වීම

ශ්‍රී ලංකා - මෙකොං මහා ව්‍යාපාර කවු­න්සි­ලයේ 08 වැනි වාර්ෂික මහා සභා රැස්වීම පසු­ගි­යදා කොළඹ සමාජ ශාලා­වේදී පැවැ­ත්විණි. මෙම අව­ස්ථා­වට ප්‍රධාන ආරා­ධිත අමු­ත්තන් ලෙස විය­ට්නා­මයේ තානා­පති ගරු පැම් තී බික් නොක්, තායි­ලන්ත තානා­පති ගරු චූලා­මනී චාර්ට්සු­වන් සහ මිය­න්මාර තානා­පති ගරු හැන් තු යන මහ­ත්වරු සහ­භාගී වූහ. සීමා­ස­හිත රන්ෆර් තේ (පුද්ග­ලික) සමා­ගමේ අධ්‍යක්ෂ රනිල් සෙනෙ­වි­රත්න මහතා 2019 -2020 වර්ෂ සඳහා සාමා­ජි­ක­යන් විසින් සභා­ප­ති­ව­රයා ලෙස තෝරා ගන්නා ලදී. එයි­ට්කන් ස්පෙන්ස් ට්‍රැවල්ස් (පුද්ග­ලික) සමා­ගමේ සාමා­න්‍යා­ධි­කාරී නිෂාන් සෙනෙ­වි­රත්න මහතා, ට්‍රැවල් 7 (පුද්ග­ලික) සමා­ගමේ විධා­යක අධ්‍යක්ෂ ට්‍රෙවෝ රාජ­ර­ත්නම් සහ සීමා­ස­හිත සියම් සිටි සිමෙන්ති (ලංකා) හි විදේශ කට­යුතු හා ව්‍යාපාර සංව­ර්ධන අංශ ප්‍රධානී වෙනුර ප්‍රනාන්දු මහතා යන මහ­ත්වරු උප සභා­ප­ති­ව­රුන් ලෙස තේරී පත් වූහ. සාමා­ජික සමා­ගම් ලෙස කැපි­ටල් ඩිවෙ­ලො­පර්ස් ලිමි­ටඩ්, සිලෝන් බිස්කට් ලිමි­ටඩ්, ලංකා හොස්පිට්ල්ස් කෝප­රේ­ෂන් පීඑල්සී, මැක් හෝල්ඩින්ග්ස් (පුද්ග­ලික) සමා­ගම සහ මැලි­බන් බිස්කට් නිෂ්පා­දන (පුද්ග­ලික) සාමා­ගම මෙම කමි­ටු­වට තේරී පත්විය.

Comments