මුලින් මං අනන්තවාරයක් ප්‍රතික්ෂේප වුණා | Page 2 | සිළුමිණ

මුලින් මං අනන්තවාරයක් ප්‍රතික්ෂේප වුණා

• මොකක්ද මේ ව්‍යාපා­ර­යෙන් කෙරෙන්නේ....

පොලි­තීන් ඇට අමු­ද්‍රව්‍ය වශ­යෙන් ගෙනැ­විත්, ‘පොලි­බෑග්’ නිෂ්පා­ද­න­ය­කොට අප­න­ය­නය කිරීම. ලංකාවේ ප්‍රධාන තේ අප­න­ය­න­ක­රු­වන්, තේ කොළ ඇසු­රුම් කරන ‘බල්ක් තේ’ බෑගය තමයි අපි නිප­ද­වන්නේ.

• පොලි­තින් භාවි­ත­යෙන් ලොවම ඉවත් වෙමින් සිටින කාල­යක ඔබ ඇයි මෙහෙම ව්‍යාපා­ර­යක් තෝරා ගත්තේ...

ආහාර ඇසු­රු­ම්ක­ර­ණය සඳහා, මිනිස් සිරු­රට අහි­ත­කර නොවන පොලි­තීන් ඇසු­රුම් ලෝකෙට තවම අව­ශ්‍යයි. ‘ලොට්‍රින්’ සහ ‘සැබික්’ කියන්නෙ එහෙම නිපැ­යුම් සඳහා භාවිත වන ලොව හොඳම අමු­ද්‍රව්‍ය. සන්නාම හදන්නෙ කටාර් රාජ්‍යයේ. අපි ගෙන්වන්නෙ ඒ අමු­ද්‍රව්‍ය පම­ණයි. අනික, මං මේ ව්‍යාපා­රය මත පම­ණක්ම රැඳී නැහැ. චීන හවුල් පාර්ශ්ව‍යක් සමඟ එක්ව මෙරට, ඕනෑම කර්මා­න්ත­යක් සඳහා අවශ්‍ය කරන මැෂින් ලංකා­වට ගෙන්වා අලෙවි කර­නවා.

• මොන තරම් රට­වල් ප්‍රමා­ණ­ය­කට ඔබේ නිෂ්පා­දන යන­වද...

ඇත්ත­ටම මේක වක්‍ර අප­න­ය­න­යක්. කොම්පැනි අසූ­වක් හරහා, ඔවුන්ගේ තේ ඇසු­රුම් විදි­යට ප්‍රංශය, චීනය, රුසි­යාව, තුර්කිය, ඉරා­නය, ඉරා­කය ඇතුළු රට­වල් තිහ­කට පමණ අපේ නිෂ්පා­දන යැවෙ­නවා. අපේ මාසික නිෂ්පා­ද­නය ටොන් 45 – 50 ක් අතර ප්‍රමා­ණ­යක්.

• මේ පරි­සර හානි­ක­රන ව්‍යාපා­ර­යක් නෙවෙ­යිද....

ඕනෑම දෙයක්, පරි­ස­ර­යට හානි වෙන්නෙ මිනිස්සු ක්‍රියා කරන ආකා­රය අනු­වයි. මේ හැම දෙයක්ම ප්‍රති­ච­ක්‍රි­ය­ක­ර­ණය කරන්න පුළු­වන් දේ. එහෙම නොකර පරි­ස­ර­යට මුදා හැරි­යම පරි­ස­රය විනා­ශයි තමයි. අපි ව්‍යාපා­ර­යක් විදි­යට අපේ අප­ද්‍රව්‍ය ප්‍රති­ච­ක්‍රී­ය­ක­ර­ණය කර­නවා. දැන් තාක්ෂ­ණය මොන තරම් දියුණු ද... අපි පාවිච්චි කරන පොලි­තීන් ඇට, ඇතු­ළෙදී රත්වෙලා දිය­ර­යක් බවට පත්වෙ­නවා.

ඒ දිය­රය එළි­යට එන්නෙ වාතය පිරුණු බට­යක් විදි­යට. ඒ කියන්නේ රත්වී­මත් එක්ක ප්‍රසා­ර­ණය වෙනවා. ඊළ­ඟට අවශ්‍ය ඝණ­ත්ව­යට අනුව කැපෙ­නවා. මේකෙ දුමක් නැහැ. ඒ නිසා වාත­යට කාබන් මුසු­වී­මක් නැහැ. කැපිලා වුණත් අපේ පොලි­තින් කොටස් ඉතිරි වෙන්නේ ඉතාම සුළු ප්‍රමා­ණ­යක්. ඒ ටික ප්‍රති­ච­ක්‍රි­ය­ක­ර­ණ­යට අරන් යන්න බලා­ගෙ­නම වෙනම පිරි­සක් ඉන්නවා. මධ්‍යම පරි­සර අධි­කා­රි­යෙන් පිරි­නැ­මෙන EPL සහ­ති­ක­යට අනු­කූ­ල­වයි මේ හැම ක්‍රියා­කා­ර­ක­මක්ම අපි කරන්නේ.

• මෙහෙම ව්‍යාපා­ර­යක් තෝරා ගන්න බලපෑ පසු­බි­මක් තිබු­ණාද...

ඔව්. කොරි­යන් ස්පා, කියන්නෙ මං මුලින්ම වැඩ­කළ ආය­ත­නය. 1997 අවු­රුද්දේ ‘සේල්ස් රෙප්’ කෙනෙක් විදි­යට ඒ ආය­ත­න­යට ගිය මං අවු­රුදු 16කට පස්සෙ එතැ­නින් අයින් වුණේ, ‘මාක­ටින් මැනේ­ජර්’ වෙලා. ඒ කාලය තුළ මං හදා ගත් වෙළෙඳ ජාලය, හදා­ගත් සබ­ඳතා අති විශා­ලයි. මං අලෙවි කළේ කාඩ් බෝඩ් ඇසු­රුම් පෙට්ටි සහ පොලි­තීන් බෑග්. ෆීල්ඩ් එකේ මං හොඳ ඉල්ලු­මක් හදා ගත්තා. ‘ඔයා තනි­යම පටන් ගන්න... අපි උදව් කර­න්නම්...’ මගේ ගැණු­ම්ක­රුවෝ කියන තැනට ඒ සබ­ඳතා ජාලය ගොඩ නැඟුණා. මට උත්තේ­ජ­න­යක් ලැබුණේ එතැ­නින්.

• තම­න්ගෙම ව්‍යාපා­ර­යක් අර­ඹන්න, සබ­ඳතා .. කියන කාර­ණය විත­රක් සෑහෙ­න­වද....

නැහැ. ඒ සඳහා තමන්ගෙ ක්ෂේත්‍රය පිළි­බඳ හොඳ ගැඹුරු තියෙන්න අව­බෝ­ධ­යක් ඕ‍ෙන. මං ඒ අව­බෝ­ධය ලබා ගත්තේ කොරි­යන් ස්පා ආය­ත­නයේ හැම අංශ­ය­කම වැඩ කරලා. හැම අහු­මු­ල්ලක්ම අධ්‍ය­ය­නය කරලා. වෙන මැනේ­ජර්ස්ලා ඕෆ් වෙලා ගෙදර යද්දී, මං ගියේ ෆැක්ට­රි­යට. ඕඩර්ස් ගන්න එළි­යට ගෙන යා යුතු මගේ සාම්පල් වැඩ­ක­රන අය එක්ක එකතු වෙලා මමම හදා­ගත්තා. ෆෝක් ලිෆ්ට් එකෙන් බඩු එහා මෙහා අරන් ගියා. මට අදාළ වන හෝ නොවන හැම දේම අත්හදා බැලුවා. ඉගෙන ගත්තා.

• ව්‍යාපාර, ඔබට පවුල් පසු­බි­මෙන් ආ දෙයක් ද...

මගේ තාත්තට පොලී­සියේ රස්සාව නැති කාලේ, තාත්තා ගල් වලක් අරන් කළා. ගෙදර ගල් ගොඩ­වල් ගොඩ ගැහිලා. ලොරි­ව­ලින් පට­වා­ගෙන අරන් යද්දී, පොඩි වුණාට මමත් පැටෙව්වා. ලොරි­ව­ලට ගල් හැබැයි තාත්තා හැම වෙලා­වෙම කිව්වෙ, ‘ මේවා මෙහෙම කරන්න බැහැ. හරි අමා­රුයි...’ කියලා. මොන­ත­රම් අමාරු ව්‍යාපා­ර­යක් වුණත් තාත්තා අත්හැ­රි­යෙත් නැහැ. අවු­රුදු පහ­ළොව දහ­සය වෙද්දි මටත් ආසා හිතුණා මගේම දෙයක් කරන්න. කොටින්ම ගල් වලක අයි­ති­කා­ර­යෙක් වෙන්න.

• ඉතින් ඒ වෙනු­වෙන් ක්‍රියා­ත්මක වුණාද...

ආසාව තිබු­ණාට ගල් වලක් අරන් කරන්න පුළු­වන් කමක් තිබුණේ නැහැ. තාත්තා කැමැති වුණෙත් නැහැ. ඒ වුණත් මං සිමෙන්ති වැඩ කළා. මල් පෝච්චි හැදුවා. ඒවා විකු­ණලා පොකට් මනි සොයා­ගත්තා. මං ඉගෙන ගත්තේ පානදුර සුමංගලයේ. ගණිතය මගේ ප්‍රියතම විෂය. මොන දේ කළත් මං විභාග සමත් වුණා.

• ජීවිතේ පදං වෙන්නෙ ප්‍රති­ක්ෂේප වීම් වැඩි තර­මට ඔබ­ටත් එහෙ­මද...

ඔව්. උසස් පෙළ ලියලා අනු­රුද්ධ අබේ­රත්න මහ­ත්ම­යාගේ කොරි­යන් ස්පා ආය­ත­න­යට මං ගියේ, සේල්ස් රෙප් කෙනෙක් විදි­යට. බිය­ගම වෙළෙඳ කලා­පය තමයි මගේ ප්‍රදේ­ශය වුණේ. මං ගිහින් ඕඩර්ස් ගන්න ඕනෙ. ලොරිය කලා­පය ඇතු­ළට ගන්න දෙන්නෙ නැහැ. ඉතින්, ගේට්ටුව ළඟ ඉඳන් අක්කර ගාණක් දිග කලා­ප­යට ඇවිද ගෙන යන්න ඕනෙ.

ඒ ගිහින් ආය­ත­න­ව­ලට ඇතුළු වෙන්න දෙන්නෙ නැහැ. ඒ නිසා, සෙකි­යු­රිටි එකෙන් නොම්මරේ ඉල්ලා ගන්නවා. ඒ අර­ගෙන ඇවිත් ආයෙ කෝල් කරලා, වෙලා­වක් ඉල්ල­නවා. ඒ ගියත් වරු ගණන් රස්ති­යාදු වෙනවා. සම­හර වෙලා­වට එකම කොම්පැ­නි­යට දහ­පා­රක් යන්න වුණ අවස්ථා තිබුණා. ඒත් මං අත්හැ­රියෙ නැහැ. මොන තරම් රස්ති­යාදු වෙලා, කට්ට අව්වෙ හැරිලා එන්න වුණත්, මං ආපහු ගියා. අවශ්‍ය නිල­ධා­රියා මුණ ගැහෙ­න­කල්ම ගියා. අවු­රුදු දෙකක් යද්දි, මුළු බිය­ගම කලා­පෙම තිබුණේ අපේ කොරි­යන් ස්පා ලොරි . මං හැම කර්මාන්ත ශාලා­වක්ම අල්ලා ගත්තා. සිය­යට අසූ­වක්ම මං කලාපෙ සැප­යු­ම්කරු වුණා. මේ අත්නො­හ­රින ගතිය මං මගේ මුළු ජීවි­ත­ය­ටම කා වද්දා ගත්තා. මගේම බිස්නස් එකක් පටන් ගනි­ද්දීත් දියුණු කර­ද්දීත් මේ පදං­විල්ල බොහොම සාධ­නී­යව බල­පෑවා.

• අද ඔබේ ව්‍යාපා­රයට තිබෙන තැන කුමක්ද...

කේ.එන්. ඩී. පැකේ­ජින් කියලා පටන් ගත්තු පළමු ව්‍යාපා­ර­යට අම­ත­රව, කේ. එන්. ඩී. හෝල්ඩිංග්ස් කියන අලුත් ව්‍යාපා­ර­ය­ටත් මං අත ගැහුවා. ඉතා ඉහළ තත්ත්වයේ ප්‍රින්ටඩ් පොලි බෑග්ස් සහ පොලි­තින් අප­න­ය­නය කරන ගමන්, ලෝ ප්‍රකට පොලි­තින් මැෂින් සහ උපාංග චීන­යෙන් ලංකා­වට ගෙන්වන්න ගත්තා. ලංකාවේ තේ අප­න­යන වෙළෙ­ඳ­පො­ළට අවශ්‍ය කරන පොලි­තින් බෑග් සැප­යු­ම්ක­රු­වන් අතර ලොකු ගම­නක් එන්න මට හැකි­යාව ලැබුණේ. ව්‍යාපාර ආය­තන අසූ­ව­කට වඩා වැඩි ප්‍රමා­ණ­යක් අද මගේ නිෂ්පා­දන මිලදී ගන්න එකම තමයි, මට තිබෙන තැන.

• ජීවි­තයේ ගත් ලොකුම අව­දා­නම කුමක්ද...

2011 අවු­රුද්දේ මං රස්සා­වෙන් අයින් වුණේ අලෙවි කළ­ම­නා­කරු විදි­යට පඩිය ලක්ෂ දෙක­හ­මා­රක් ගනිද්දී. වාහ­න­යට අන්ලි­මි­ටඩ් පෙට්‍රල් ලැබෙද්දී. මගේ අම්මා, තාත්තා, මගේ බිරිඳ හැමෝම අයින් වෙන්න එපා කියද්දි. මං මේ බිස්නස් එක පටන් ගත්තෙ රුපි­යල් ලක්ෂ දහ­යක ප්‍රාග්ධ­න­ය­කින්. සේව­කයො දෙන්නෙ­කු­ගෙන්. ඒ වෙලාවෙ මට තිබුණේ ඉල­ක්කය හඹා යෑමේ උව­ම­නාව විත­රයි.

• පුංචි ක‍ාලෙන් ඔබ එහෙම චරි­ත­යක්ද...

මගේ තාත්තා පොලිස් නිලධාරියෙක්. උදේ වැඩට යද්දි තාත්තා මට ඉස්කෝලෙ ඇරිලා ඇවිත් කරන්න වැඩ පව­රලා යනවා. ඒ කාලෙ අපේ ගේ වටේ ලොකු තාප්ප­යක් ගහන්න තාත්තට ඕනෙ වුණා. තාත්තා මට ලී අච්චු­වක් හදා දීලා. ‘අද ඔයා ඉස්කෝලෙ ඇරිලා ඇවිත් සිමෙන්ති ගල් මෙච්ච­රක් ගහන්න ඕනෙ..’ කියලා පව­රලා යනවා. මං කරන්නෙ සෙල්ලම් කරන්න බලා­ගෙන ඉන්න යාළුවො ටිකක් අල්ලා­ගෙන ඉක්ම­නට ගල් ටික ගහලා ඉවර කරන එක. කොහොම හරි තාත්තා හිතු­ව­ටත් වඩා ඉක්ම­නට මුළු තාප්පෙම හදන්න ඕනෙ කරන ගල් ටික මමයි යාළු­වොයි එකතු වෙලා හැදුවා. අපි පොඩි වුණාට ඒ වෙලාවෙ වැඩ­ක­ළෙත් ඉල­ක්ක­යක් හදා­ගෙන ඒ වගේම, කොහොම හරි අපි ඒ ඉල­ක්ක­යට ගියා. ඇත්ත­ටම තාත්තා තමයි මගේ ලෝකයේ වීරයා. ‘වැඩක් පටන් ගත්තොත් ඉවර කර­න්නම ඕනෙ...’ තාත්තා කිව්වෙ එහෙ­මයි.

• අම්මා තාත්තා­ගෙන් ජීවි­ත­යට ලැබුණු ලොකුම දේ කුමක්ද...

ආද­ර­ණීය ජීවි­ත­යක්. එකම පුතා වුණත් තාත්තා­ගෙන් මං ගුටි කාලත් ඇති. ඒ වුණත්, තාත්තා හවස ගෙදර ආවම, එයාගෙ මේස් දෙක ගල­වන්න අක්කයි මායි පොර කාපු දව­සුත් තිබුණා. ඉස්සර තාත්තා පඩි ගන්න කල් අපි දෙන්නා බලා­ගෙන ඉන්නවා. මොකද, පඩි අරන් එන­කොට තාත්තා හැම­දාම ගේන නිකම් පාන් වෙනු­වට සැන්ඩ්විච් පාන් ගෙඩි­ය­කුයි, ඇන්කර් බටර් කාල­කුයි අරන් එනවා.

ඒක ගේන පර­ක්කු­වෙන් පෙති කපලා බටර් ගාලා අම්මයි තාත්තයි අක්කයි මායි හරි සතු­ටින් බෙදා­ගෙන කනවා. හිතන්න අද අපේ ළමයි කන බොන දේත් එක්ක, බට­රුයි පානුයි කියන්නෙ මොන කෑමක්ද... ඒත් ඒ තමයි මගේ ළමා කාලෙ මට ලැබුණු රසම කෑම. ඒ සතුට මතක් කරන්න මං අදත් ආසයි. මොකද, අපි හතර දෙනාම ඒක විඳපු විදිය, ඒ ආද­රය මට කව­දා­වත් අම­තක කරන්න බැහැ.

• ඔබේ ජීවි­ත­යට බල­පෑම් කළ පුද්ග­ල­යින් කවුද....

ප්‍රධා­න­කොට, මගේ අම්මා සහ තාත්තා. ඊළ­ඟට, කොරි­යන් ස්පා හිමි­කරු, අනු­රුද්ධ අබේ­රත්න මහත්මා. අවු­රුදු16ක් ඔහු විත­රයි, මගේ එකම බොස්. මං වෙන කා යටතේ වත් වැඩ කරලා නැහැ. ඔහු­ගෙන් මගේ ජීවි­ත­යට ගත් හොඳම දේ තමයි, ඕනෑම ප්‍රශ්න­ය­කට උත්තර, ඒ ප්‍රශ්නෙ ඇතු­ළෙම තියෙ­නවා අපිම ඒක සොයා­ගත යුතුයි. කියන, ජීවිත පාඩම. අපි ප්‍රශ්න­යක් අරන් ඔහු වෙත ගියාම අපිට ඔහු­ගෙන් උත්ත­ර­යක් ලැබුණේ නැහැ. හැබැයි අපි­ටම ඒ උත්ත­රය සොයා ගත හැකි මඟක් ඔහු අපිට පෙන්වා දුන්නා. එච්ච­රයි. මං ඔහුගෙ ඒ ගති­යට කැමැ­තියි.

• පොලි­තීන්, සද­හ­ටම තුරන් කළොත්, ඔබ මොන­වද කරන්නේ...

මං කඩ­දාසි බෑග් හද­නවා. දැන­ට­මත් මං ඒ සඳහා වැඩ­පි­ළි­වෙ­ළක් හද­මින් ඉන්නේ. ඒ වගේම, නගර සභා­ව­ලින් එකතු කරන කුණු ප්‍රති­ච­ක්‍රී­ය­ක­ර­ණය කරලා නැවත භාවි­ත­යට ගත හැකි වැඩ­පි­ළි­වෙ­ළක් හදන්න, සෑම ප්‍රාදේ­ශීය සභා­ව­ක­ටම අපෙන් රී සයි­කල් මැෂින් මිලදී ගත හැකි යෝජ­නා­වක් ඉදි­රි­පත් කර­මින් සිටි­නවා. රජය ඒ සඳහා ක්‍රියා­ත්මක වුණොත් හැම ප්‍රදේ­ශීය සභා­ව­ක­ටම පොලි­තින් ප්‍රති­ච­ක්‍රී­ය­ක­ර­ණ­යෙන් අම­තර මුද­ලක් උපයා ගත හැකි වේවි.

මොකද ලෝකෙ තවම අපේ පොලි­තින් නිෂ්පා­ද­නය සඳහා වික­ල්ප­යක් නැහැ. ඒ නිසා අපේ නිෂ්පා­ද­නය සඳහා තවම තිබෙන්නේ ඉහළ ඉල්ලු­මක්. එහෙම පසු­බි­මක වුණත් මං කඩ­දාසි බෑග් ව්‍යාපෘ­ති­යට අත ගැහුවේ අනා­ග­තය ගැන හිත­ලම තමයි.

• මේ පවුලේ ව්‍යාපා­ර­යක්ද...

ඔව්, මගේ බිරිය නිසං­ස­ලාත් මේ ව්‍යාපා­රයේ අධ්‍ය­ක්ෂ­ව­රි­යක්. ආය­ත­නයේ නමට KND තියෙන්නෙ, කිසල්, නිසං­සලා, දුල්වන්... කියන මගේ පුතාලා දෙන්න­ගෙත් බිරි­ය­ගේත් නම් වල ඉංග්‍රීසි මුල­කුරු වලින්.

• ඔ‍බේ ජීවි­ත­යෙන් කෙනෙක් ගන්න­වට කැමැති හොඳම දේ කුමක්ද..

මං අද කරන්න තියෙන දේ අදම කරන කෙනෙක්. ඒ වගේම, පටන් ගත්තු දේ අව­සන් කරන තෙක්ම අත් නොහ­රින කෙනෙක්. ලබන මාර්තු වෙන­කොට මිල්ලෑව කර්මාන්ත පුරයේ මං මගේ අලුත් කර්මා­න්ත­ශා­ලාව විවෘත කර­නවා. එත­කොට මට තවත් දෙසී­ය­කට විතර රස්සා දෙන්න පුළු­වන්. අධි­ෂ්ඨා­න­යෙන්. යුතුව මේ ඉලක්ක සපු­රා­ගත්තා වගේ, මං ඒ ඊළඟ ඉල­ක්ක­ය­ටත් යනවා. කවුරු හරි මගේ ජීවි­තය දිහා බලලා මේ නොසැ­ලෙන ගුණය ඉගෙන ගන්නවා නම් මං හරි කැමැ­තියි.

• එච්ච­රද....

නැහැ. සේව­කයො දෙන්නෙ­කු­ගෙන්, මගේම ඉඩ­මක පට­න්ගත්තු මේ ව්‍යාපා­රය අද වෙන කොට පවුල් තිහ හත­ළි­හක් ජීවත් කර­වන කර්මා­න්ත­ශා­ලා­වක් දක්වා ව්‍යාප්ත කරන්න මට පුළු­වන් වුණා. ඒ වෙනු­වෙන් මං හුඟක් දුක් වින්දා. සම­හර දව­ස්වල පැය 24 ම මං ගත කළේ ෆැක්ට­රියේ. මැෂින් එක්ක ඔට්ටු වෙමින්, සේව­ක­යන් එක්ක හරි හරි­යට වැඩ කර­මින් මං මගේ හොඳම තරුණ කාලෙ හුඟක් කැප­වීම් කළා. ලබන මාර්තුවේ මිල්ලෑව කර්මාන්ත පුරයේ මං මගේ අලුත් කර්මා­න්ත­ශා­ලාව විවෘත කර­න්නෙත් එහි ප්‍රති­ඵ­ල­යක් විදි­යට.

මේ කැප­වීම සහ දරා­ගැ­නීම තමයි මාව මේ තැනට ගෙනාවේ. තරුණ කාලෙම අනා­ග­තය වෙනු­වෙන් කැප­වෙන්න. ඒක තමයි මං කාට­හරි කියන්න කැමැ­තිම දේ.

 

 

ඡායා­රූප - සුදත් නිශාන්ත

Comments